Dr. Athukorala

Dr. Athukorala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Athukorala, Doctor, kadigamuwa, Kuliyapitiya.

14/08/2024

Leech Treatment

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ 🩺🪴🌴රෝග සුවකිරිමට කුඩැල්ලා 🪱 නොහොත් පූඩාවන් යොදාගැනිම පිළිබදව අවුරුදු 1000 කට එපිට ඉතිහාසයක් ඇත.ඇ...
14/08/2024

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ 🩺🪴🌴රෝග සුවකිරිමට කුඩැල්ලා 🪱 නොහොත් පූඩාවන් යොදාගැනිම පිළිබදව අවුරුදු 1000 කට එපිට ඉතිහාසයක් ඇත.ඇස👁️, කන👂 යනාදි ස්ථානවල පමනක් නොව ශරීරයේ මතුපිට🦵🦶💪 හිරවි ඇති ලේ කැටි ඉවත්කිරිමටද හෘදය,🫀 පෙනහඵ🫁, මොළය🧠 යනාදි ශරීරයේ විවිධවු ස්ථානයන්හි රෝගාබාධයන් සදහාද කුඩැල්ලන් යොදා ගනි. තවද දියවැඩියාව නිසා ඇසෙහි ඇතිවන ග්ලුකෝමා 👁️‍🗨️නම් තත්වය සුවකිරිම සදහාද විවිධවු චර්ම රෝග (පොතු කබර රෝගය ) සුවකිරිම සදහාද, රූපලාවන්‍ය කටයුතු සදහාද කූඩැල්ලන් යොදාගත හැක.

"හිරුඩෝ" යන සත්ව පවුලට අයත්වන කුඩැල්ලා නොහොත් පූඩාවන්Hirudo medicinalis යන සත්ව විද්‍යා නාමයෙන් හදුන්වයි.
සමිපුර්ණයෙන් වැඩුණු කුඩැල්ලෙකු (Leech) දිගින් 20 cm පමණ වේ.කොළ ,දුඹුරු හෝ කොළපැහැයට හුරු දුඹුරු පැහැ මෙන්ම ඉදිරිපස මුඛයේ හනු සහ දත් දැකිය හැක.හනු 3ක් දැකිය හැකි අතර එහි තියුණු දත් 100ක් පමණ දැකිය හැක.එම දත් උපයෝගි කරගෙන ධාරකයාගේ සමෙහි කැපුමක් යොදා ලේ උරා බිම 🩸සිදුකරන අතර එම කැපුම "Y" හැඩයට දිස් වේ .
මෙම හනු තුනෙන්ම ලේ උරාබොන ස්ථානය තදින් අල්ලා ගනි. මේ සමඟ රසායනික වර්ග තුනක් ධාරකයාගේ කැපුමි ස්ථානයට මුදා හරිනු ලබය.

1. එම එක් රසායනික ද්‍රව්‍යයක් නිර්වින්දකයක් වේ . එවිට සපාකෑම හා ලේ උරාබිම නිසා ඇතිවන වේදනාව නොදැනේ.
2. දෙවන රසායනය රුධිර නාල විශාල කරන්නකි. එවිට කූඩැල්ලාගේ මුඛය තුලට වේගයෙන් ලේ ගලා ඒම සිදු වේ .
3. තෙවන රසායනය ලේ කැටිගැසිම වලක්වන හිරුඩින් නමි රසායනික ද්‍රව්‍යයයි.

කූඩැල්ලන් සමග කරන ලද පර්යේෂණ අනුව මොවුන්ගේ මෙම ඛෙිටයේ අඩංගු රසායනික සංයෝග අධිරුධිර පීඩනයෙන් පෙලෙන රෝගින් සදහාද, හිතකර බව අනාවරණය වි ඇත.⛑️

නහර ගැටගැසිම, සුව නොවන තුවාල, මස් පෙරලිම,නහරයක ලේ කැටිගැසිම, පොතු කබර රෝගය, සන්ධි ඉදිමිම යනාදි රෝග සදහාද වර්තමානයේ කුඩැල්ලන් යොදා ගනි.
🪴 ඔබත් ඉහත කිසියම් රෝගයකින් පෙලෙන්නෙක්නම් අප ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබාගත හැක.🙏

06/08/2024

Address

Kadigamuwa
Kuliyapitiya

Opening Hours

Monday 18:00 - 21:00
Wednesday 18:00 - 21:00
Thursday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 18:00 - 21:00
Sunday 18:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Athukorala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category