08/06/2026
මොකක්ද මේ Othello Syndrome/Morbid jealousy
ඔතෙලෝ සින්ඩ්‍රෝමය(Othello syndrome) යනුවෙන් හදුන්වනනේ එක්තරා මානසික රෝගයකි මෙම රෝගය Morbid jealousy යනුවෙන්ද හදුන්වයි. මේ අතුරින් ප්‍රබලම හැඟීම තමයි ලිංගික ඊර්ෂ්‍යාව. අප සෑම කෙනෙකුටම ඊර්ෂ්‍යාව තියෙනවා නමුත් ඩෙලුෂනල් ජෙලසි (Delusianal jealousy), කියන තත්ත්වය අසනීප තත්ත්වයක් ලෙස හඳුනා ගැනෙනවා. තමන්ගේ සහකරු හෝ සහකාරිය පිළිබඳව ඇතිවෙන දරුණු ඊර්ෂ්‍යාව, ඩෙලුෂනල් ජෙලසි (Delusianal jealousy), මායාකාරි ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් සිතට වද දෙන පීඩනයක් ලෙස හඳුන්වනු ලබනවා.මෙම රෝගයේදී රෝගියා විසින් තම පෙම්වතා/පෙම්වතිය/සැමියා බිරිද එසෙත් නැතිනම් තම ලිංගික සහකරු අහේතුකව සැකකරයි. මෙය ලිංගික ඊර්ෂියාවක් ලෙසද හදුන්වයි.
මෙම රෝගයේ රෝග ලක්ෂණ කිහිපයක් මෙසේය,
# තම සහකරු/සහකාරිය අනෙත් පුද්ගලයන් දෙස බැලීම හා අවධානය යොමු කිරීම ගැන දෝෂාරෝපණ එල්ලකරයි.
# තම සහකරු/සහකාරියගේ හැසිරීම ගැන නිතර ප්‍රශ්න කරයි.
# සහකරු/සහකාරියට ලැබෙන දුරකතන ඇමතුම් නිර්නාමික දුරකතන ඇමතුම් හදිසි ඇමතුම් ගැන සැක උපදවයි.
# ෆේස්බුක්, ට්විට්ටර් වැනි සමාජ මාධය භාවිතා කිරීමට නොදෙයි.
# නිතර නිතර තම සහකරු/සහකාරිය සිටින ස්ථානය හා කා සමග සිටීද යන්න සොයා බලයි.
# පවුලේ සමාජිකයන් හා මිතුරන් සමග ඇසුරු කිරීම පවා වරදක් සේ දකියි.
# නිවසින් පරිබාහිරව විනෝදංශ වලට යාම මිතුරු ඇසුරට තහංචි දමයි.
# සමාජමය ක්‍රියාකාරීත්වය නිතර පාලනය කරයි කාලත්‍රයා හුදෙකලා වන තරමට කැමතිය.
# පෙර පැවති පෙම් සබඳතා යළි මතකයට නඟමින් ඔහු/ඇය සමග රණ්ඩු ඇතිකර ගනී.
# දැනටත් පෙම් සබදතාවක් හෝ රහස් ලිංගික සබඳතාවක් ඇතැයි කියමින් එය නවතා දමන ලෙස බල කරයි.
# දෝෂාරෝපණය කිරිම තර්ජනය කිරීම මෙන්ම පහරදීම් සිදුකරයි ඇතැම්විට අමානුෂික ලෙස පහරදෙයි.
# තමාටද හානි කරගැනීම මෙන්ම තුන්වන පාර්ෂවයකට වුවද පහරදීම් තර්ජනය කිරීම් සිදු කරයි.මෙම රෝගය ඇතිවීම කෙරෙහි විවිධ සාධක බලපානබව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙයි
1.ජානමය සාධක.
2.මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය.
3.ලිංගික බෙලහීනතාවයන්.
4.ඇතැම් ස්නායු ආබාධ.
5.පැරණි පෙම් බැදුම් නිසා ඇතිවූ විරහ වේදනාවන් හා අමිහිරි අද්දැකීම්.
ආදිය බලපානු ලබයි.
මෙම රෝග තත්වය මායා රෝගයක් ලෙස සැළකේ.කෙසේ වෙතත් අනෙකුත් මායා රෝගයන්ට වඩා තරමක් වෙනස්ය.මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් තම කාලත්‍රයාම අසීමිතව ආදරය කරන අතරම ඉහවහ ගිය වෛරයක් පවතී.මෙම පරස්පර මනෝභාවය මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස මනෝ විද්‍යාඥයන් පවසයි.
ඔහු හෝ ඇය ඔබව නිරන්තරයෙන්ම සැක කරනව නම් එය පදනම් විරහිත සැකයක් බව ඉතා පැහැදිලි කරුණක්. එහෙත් ඔහු හෝ ඇය තුළ පවතින මෙම හේතු විරහිත සැකය බිඳ දැමීම ඉතා අපහසු කාර්යයක් වෙනවා සේම, මෙම රෝග ලක්ෂණය සහිත තැනැත්තා හෝ තැනැත්තිය සිය සැකය නිවැරදි බව ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු නිරන්තරයෙන්ම සෙවීමට උත්සුක වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත්, නිතර සිය සහකරුගේ හෝ සහකාරියගේ දුරකථනය, සමාජ මාධ්‍ය ගිණුම්, විද්‍යුත් ලිපි (emails) ආදිය පරීක්ෂා කර බැලීම දක්වන්නට පුළුවන්. ඒ පිළිබඳ නිතර ගැටුම් ඇතිකර ගන්නත් පුළුවන්. මෙය අඹුසැමියන් අතරට වඩා සමලිංගික ප්‍රේමය තුළ ඔහු හෝ ඇය ඔබව ඔහුගේ හෝ ඇයගේ අවධානයේ පමණක් රඳවා ගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අතර වෛරී සහගත හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්.’’ ලංකාව වගේ ආසියාතික රටවල කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට මෙය සුලභ වේ.
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු රෝගී තත්වයෙන් පෙළෙනවා නම්, චිකිත්සකයෙකුගෙන් හෝ උපදේශකයෙකුගෙන් වෘත්තීය උපකාර පැතීම ප්‍රයෝජනවත් විය හැකිය. තවද විශේෂඥ මනොවෛද්‍යවරයකු මුන ගැසී ඖෂධ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ හැක.
මේ සඳහා ඵලදායී ප්‍රතිකාර ප්‍රවේශයන් කිහිපයක් පහත වේ:
1. සංජානන-චර්යාත්මක චිකිත්සාව (CBT): පුද්ගලයන්ට සෘණ චින්තන රටා හඳුනා ගැනීමට සහ අභියෝග කිරීමට උපකාරී වේ.
2. අපෝහක හැසිරීම් චිකිත්සාව (DBT): චිත්තවේගීය නියාමනය සහ ඒවාට මුහුණ දීමේ කුසලතා කෙරෙහි අවධානය යොමු කරයි.
3. මනෝ ගතික චිකිත්සාව ( Psychodynamic therapy): යටින් පවතින හේතු සහ අවිඥානික අභිප්‍රේරණ ගවේෂණය කරයි.
4. ජෝඩු චිකිත්සාව(Family therapy): විශ්වාසය, සන්නිවේදනය සහ සමීපභාවය ගොඩනැගීම සඳහා ක්‍රියා කරයි.
මෙවැනි මානසික සෞඛ්‍යය පිළිබඳ තොරතුරු දැන ගන්න අපව Follow කරන්න.