Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center

Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center psychology counseling, education therapy , behavior therapy services

11/05/2026
මේ දිනවල බොහෝ විට එන්නේ පෞරෂ ආබාධ සහිත ගැටළුය.⁣පියාගේ අධික බීමත්කම නිසා දරුවන්ට අඩු වැඩියෙන් දැවන්ත හානි සිදු වී ඇත. මෙම...
11/05/2026

මේ දිනවල බොහෝ විට එන්නේ පෞරෂ ආබාධ සහිත ගැටළුය.⁣පියාගේ අධික බීමත්කම නිසා දරුවන්ට අඩු වැඩියෙන් දැවන්ත හානි සිදු වී ඇත. මෙම මාස තුනට ළමුන් ,අවු 40 ට විවාහක ස්ත්‍රී පුරුෂ පාර්ශවයන් බොහෝ පිරිසක් පැමිනෙත්.

ඒ අතර විශේෂ වන්නේ ආය තනවල වැඩ කරන නිලධාරීන් ගුරුවරුන්,හමුදා නිලධාරීන් පැමිනීමයි.මව්වරුන් දරුනු බෝනොවන රෝග වැළඳගෙන ඇත. සිතේ සතුටක් ඇත්තේම නැත. මා දුටු විශේෂත්වය මොන ප්‍රශ්න තිබුනත් මේ පුද්ගලයන් හොඳට විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනයන් හදාරා තිබීමයි.කුඩා කාලයේ අමිහිරි අත්දැකීම් මතුවීම ආදර සම්බන්ධතාවලින් පසුව හෝ විවාහයෙන් පසුව ඇති වී තිබීමයි. ඒ අනුව බිය ආතතිය විශාදය වැනි රෝග ලක්ෂණ ජනතාව වෙලා ගෙන ඇත

කුඩා කාලයේ මානසික අව පීඩනයෙන් හැදෙන දරුවන් වයසින් වැඩෙත්ම ඉච්ඡාභංගත්වයට පැමිනේ.අධික තරහක්, නොරිස්සුම් ගතියක් සමග දෛනික කටයුතුවල යෙදේ.එය ඔහු සමග සිටින අන් අයට මහත් කරදරයකි.අඹු සැමියන් නම් දෙදෙනාට දෙදෙනා එකට එක යති.ගිය සතියේ ජීවිතය නැති කර ගැනීමට තම සිරුරට පෙට්ට්‍රල් හලා ගත් මහතෙක් ආවේය නෝනා ගුරුවරි යකි ඇය තදබල විශාදයෙනි කුඩා දරුවෙක් සිටි ඇයද සිය දිවි හානි කර ගැනීමට සුදානමෙනි ගෙදර මාසික ආදායම ලක්ෂ එකහාමාර පන්නයි .ඒත් සතුටක් නැත.ඔහු ගේ පියා ගේ බීමත්කම කුණුහරුප රන්ඩු සමග ඇති දැඩි වැඩී වී විශ්ව විද්‍යාලයට පවා ගොස්ය. අද පියා මහලුය මව පිලිකා ලෙඩෙකි.මොහුට සැකය වැඩිය.හැම විටම ආක්‍රෝශ පරිභවයෙන් ගෙදර හැසිරෙයි ඔහු මට කීවේ මට තාත්තා ඕනාවටත් වඩා කුනුහරුප ඉගැන්නු බවය .ඒවා සමග අඩ දබර සමග සිට පසුදා බැංකු රාජකාරි කර ගෙදර පැමිණ නරක විදිවට හැසිරී නැවත රාජකාරියටද යයි.පසුව ඒ ගැටළුව මනෝ වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශනයෙන් ඉතා හොඳින් විසඳුනි ඔවුන්ගේ සතුට මගේ නිරාමිස සතුටයි ඒ මහතාටද අවශ්‍යව තිබුනේ කරදරකාරී ජීවිතයෙන් මිදීමය. එය සාර්ථක විය.

එසේම උපාධිධාරි ගුරු මහතෙක්ද පැමිණියේ ලිංගික ගැටළුවක් මුල් කරගෙනය. ඇය හෙදියකි. දැඩි අහංකාර ගතියකි.දෙදෙනාම කුඩා කාලයේ සිට අමිහිරි පීඩාවන් විඳ ඇත. පැය හතරක් පමණ කාලයකින් පසු ප්‍රශ්ණයට විසඳුනි.මාස නවයක් යුග ජීවිතය නෝනා වර්ජනය කර තිබු අතර ඔහු පැමිණියේ දික් කසාදයකටය. මුල්ම ඉදිරිපත් කිරීම දරුවාය.තමනට මදිකමක් නිසා දරුවා ඉදිරිපත් කලද බීජය පැලව තිබුනේ වෙන තැනකය පසුව මාස තුනකට පසු පැමිණ සාර්ථක්වය පිලිබඳ ස්තුති කර ගියේය

මේ මා කරන්නේ මනෝ විද්‍යත්මක පදනමේ වැදගත් කම හුවා දක්වා අපේ ආදරණිය සමාජය ට දැනුම ලබා දීමය.බොහෝ දෙනා යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර තුල රැඳී සිටිමින් කාලය ධනය මානසික සතුට අහිමි කර ගනි. ජීවිතයක අමිල වටිනාකම දැනගෙන මේ ජීවන යාතුාව පැදිය යුතුය. බුද්ධිය දැනුම සමග ගලපා ප්‍රඥාව වැඩි කර යුතුය.මා වෙත ගෙන දරුවන් ගැන වෙනම කතා කල හැකිය.

පෙර ලිව් පෞරුෂ ආබාධ ලිපියේ කරුණුවලට ලිංගික ගැටළු ඉතා සමීපව ගමන් කරයි. ඒවා අනිවාර්යෙන් විසදා ගතහොත් අනාගත පරම්පරාවට මහත් වු සැනසීමනක් උදාවනු නොඅනුමානය.
දරුවන් ගේ ගැටළු ඉතාම සංකීර්ණය.එසේම තරුණ දරුවන් ගේ ගේම් ගැසීම, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස්ය.පාසල් අත් හැරීම ප්‍රබල සමාජ ප්‍රශ්නයකි. එසේ වීමට හේතුව සොයා ගැනීම අප සිදු කරන්නෙමු.එය අපහසු කාර්යයකි.පුධාන හේතු සාධකය ඇස් බැල්ම දෙමාපියන් ගේ හීන වීම හෝ නොමැතිකමය.

හැමදාම වෛද්‍යවරුන් හඹා යාමත් මනෝඋපදේශයන් සො යාමත් කල නොහැකිය. පුශ්ණය සොයා ඊට විසඳුම දීම කලමනාය.එවිට පවුලකට සතුටින් දිවි ගෙවිය හැකි යනු මගේ හැගීමයි.

භදු ජී. කිරින්ගොඩ 0775736446.

Address

විජයබා මාවත
Kurunegala

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94783524962

Website

Alerts

Be the first to know and let us send you an email when Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center:

Shortcuts

Share

Category