13/03/2026
ලිපි මාලා අංක 02
අපගේ දෙවන ලිපිය විදිහට ඔබට ගෙන එන්නෙ * සෙනවිරත්න මුල් කඩවර කියන ශක්තී මාලාව ගැන තොරතුරු කිහිපයක්.
ලක්දිව කියන්නෙ පැරණි ඉතිහාසයට අනුව අපි ඉන්දියාව හා මිශ්‍ර වීමට කලියෙන් යක්ෂ හා නාග වන්දනය අදහපු ගෝත්‍රයන් හිටපු රාජ්‍යක්.ඒ අතර කුවේණීය හා අශ්‍රිත තොරතුරු ගොඩක් අය දන්නවා.ඉන් පසුවත් ඒ කියන්නේ ලංකාවේ පලවෙනි අගනගරය විදිහට හදුන්වන අනුරාධපුරයේ පලමු රජතුමා විදිහට හදුන්වන පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාලයේ තිබුණු ප්‍රධානතම ඇදහිල්ලක් විදිහට යක්ෂ වන්දනය හදුන්වන්නට පුලුවන්.
* පණ්ඩුකාභය රජතුමා උදව් කලා යැයි කියන,තමා ව අරක්ෂා කලා යැයි කියන චිත්තරාජ,කාලවේල කියන ප්‍රධාන යක්ෂ ගෝත්‍රිකයින් දෙදෙනා වන්දනා මාන කරන්න දොවොල් ඉදිකිරිම.
* වාලවාමුකී කියන යක්ෂණියට රාජකීය උයනේ දෙවොල් ඉදි කිරිම.
* ව්‍යාධි,කම්මාර,වෛශණ යන යක්ෂ දේවතාවුන් ඇදහීම.
යන සාධක මත ලක්දිව යක්ෂ ඇදහීම පැරැන්නන්ගේ කාලයේ පටන් තිබුන දෙයක් විදිහට හදුනා ගන්නට පුලුවන්.( මා ලියා ඇත්තේ සාධක කිහිපයක් පමණී) තවද රාවණා කියන නාමය අශ්‍රයෙන් ද මා මේ කියු කාලයටත් කලියෙන් තිබුණ යුගයන් පිලිබදත් තොරතුරු ඇතැමුන් අනුගමනය,ගවේෂණය කරමින් යනවා.ඒ වගේම මේ රිටිගල කන්දත් සමග ඇරඹුනු මහාසොන් කියන යක්ෂ සංකල්පයත් පැරැනී කාලයේ පටන් අද දක්වා වන්දනාමාන කරන යක්ෂ සංකල්පයක්.එසේම තවත් ලක්දිව විවිධ ප්‍රදේශයන්ට අදාල යක්ෂ වන්දනා දකින්නට පුලුවන්.
මං ඒ කඩවර කියන සංකල්පයට ගැන කෙලින්ම ප්‍රකාශ නොකර සිටියේ මේවා ගැන තවමත් නිසි අවබෝධයක් නැති කෙනෙකුට පුංචි හෝ අදහසක් ලබා ගන්නා අදහසකින්.
කඩවර කියන වචනයේ තේරුම ගැන අපි සොයා බැලුවොත්.* අවසන් කියන අරුත එහි ගැඹුරු අර්ථයයි.ඒ ගැන අවබෝධයක් තියෙන අය දන්නවා * ආ කඩවර අවොත් ඉවරයක් කරලාම තමා යන්නේ කියලා.මං ඉහතින් සදහන් කලා වගේම කඩවර කියන සංකල්පයත් අයිති වෙන්නෙ යක්ෂ කියන කොට්ඨාසයට.නමුත් ඒ අතර යම් යම් සුවිශේෂිතා තියෙනවා.මා එය මේ ලිපියේ අවසානයේ සදහන් කරන්නම් ඇයි එය සුවිශේෂි කියලා.
* වර්ථමානය වෙන විට ලක්දිව බොහෝ ස්ථානයන් හී කඩවර කියන නාමය වන්දනාමානයට ලක් වෙන,කියැවෙන නාමයක් වෙලා තියෙනවා.
* කඩවරට.කඩවර අප්පච්චි,කඩවර දෙවියන්,කඩවර යක්ෂයා කියන තුන් ආකාරයෙන්ම වැද නමස්කාර කරනවා.
* නුවර කලාවීයට පමණක් සීමා නොවි අද වන විට කඩවර නාමය ලක්දිව සෑම දෙවෝලකම පාහේ ගරු බුහුමනට පත්‍ර වෙනවා.
කඩවර කියන ශක්ති ධාරයේ මුල් ස්ථානය ලෙස හදුන්වන්නේ * කලා වැවේ මහා කඩවර දේවාලය.උදේ පටන් හවස් වන තුරු එතන තේවාව සිද්ධ වෙනවා.ලංකාවෙ හතර දිග් බාගයෙන් පුද්ගලයන් ඒ ස්ථානයට පැමිණ පුජා,බාර හාර කටයුතු කරනවා වාගේම උන් වහන්සේගේ අශිර්වාදය පතනවා.
_________________________________
කඩවර ශක්ති මණ්ඩලයෙන් මනුෂ්‍යයන්ට වරම් ප්‍රධානය වෙනවා ද ?
* ඔවු වරම ප්‍රදානය වෙනවා.
* නමුත් මුල් කඩවර හරහා එන වරම් අඩුයි.
මං මේ ඔබට සදහන් කරන්නේ යන්නේ කඩවරයන් විසින් පිට කල වෙනත් ශක්තීන් ගැන නොවේ මුල් ශක්තිය පිලිබදවයි.
* අද වෙනකොට බොහෝ දෙනෙකුට මුල් කඩවර ශක්තීය පිහිටන්නෙ නැ.බොහෝ දෙනෙකුට පැමිණෙන්නේ.සොහොන් කඩවර,ගිණි කඩවර,ගොපළු කඩවර කියන ශක්ති මාලා
* ඒ අතර තිබෙන්නා වු දළ කඩවර,මල් කඩවර කියන ශක්තී මාලාද පිහිටන අවස්ථා දුර්ලභයි.
සෙනෙවිරත්න මුල් කඩවර ලක්ෂණ..
01. සෙනවිරත්න කඩවර ප්‍රබල කැපුම් බල වරම් ලබා දෙනවා.වරම් හිමියාගේ ශරිර ගත වීමක් වන අතර එය කියු සැනෙන් එන්නෙ නෑ.ක්‍රමානුකූලව ශරිරයට පැමිණේ.දිෂ්ටි දර්ශන නොමෑත.කොල් මුර,බෙර ශබ්ද අවශය වන්නේ නෑ.නටන්නෙ කරන්නෙ නැත.නමුත් දෝෂයක් කපන වෙලාවට රද්‍රව පැමිණේ.කිප වතාවක් ඔලුව කරකවයි.
02. සෙනවිරත්න මුල් කඩවර පුලුටු ගන්නෙ නැත.නමුත් මුරුක්කු වැනී දේට බොහෝ ප්‍රිය කරයි.ඒ වගේම උන් වහන්සේ ද පලතුරු පුජා කෑප ගනී.සත්ව බිල පුජා සෙනවිරත්න මුල් කඩවර ඉල්ලන්නෙ නැත.ලේ ඉල්ලන්නෙ නැත.
03. ඒ වගේම උන් වහන්සේගේ හරහා පැමිණෙන් ශක්තියක් ශරිර ගත වුනු විට වමතට ගිනි පන්දමක් ද,දකුණතට කඩුවක් ද ඉල්ලයි.ඒ අයුධ අතරේ උදැල්ලත් නිවැරදි මුල් කඩවර වරම් දරුවෙක් නම් එවෙලෙට සිහි වේ.
04. සෙනවිරත්න කඩවර ශරිර ගතවීමේදි සුළු ගැස්මක් පමණක් ඇති වෙන අතර පොල් මල් ගසා ගැනීම්,තැඹිලි ගසා ගැනිම් සිදු කරන්න කියන්නෙ නැත.
05.ශාන්තිකර්මයක දී උන් වහන්සේට වෙනම පහන් පැළක් අවශය වේ.උන් වහන්සේ එයින් ඉතා සතුටට පත් වන් අතර. එහි ගිනි පන්දමක් රැදවීම කල යුතු වෙයි.රතු මල් වලට බොහෝ ප්‍රිය කරයි.ඒ වගේම රතු පලතුරු වර්ග,තැඹිලි,මුරුක්කු වැනි දෑට බොහෝ ප්‍රිය කරයි.
06.එතුමා ඉතා විශ්වාසවන්ත ආත්මයකී.කිවොත් කීවාය.වචනේ නම් ඒ වචනේය.තීන්දුයි කිවොත් එය නියමිත දිනට නිසැකවම කල යුතුය.ඒ තරම් එතුමාගේ වචනය තනී වචනයකී.යකුන්,ප්‍රේතයන්ට පවා ඇතැම් අවස්ථා වල කරුණාවෙන් කතා බහා කරයි.නමුත් ඒ කරුණාව ඇතුලේ උන් වහන්සෙගේ රුදුරු බව අන්තර්ගත වේ.
07. සෙනවිරත්න මුල් කඩවර වරමක් හිමි කෙනෙකුට උන් වහන්සෙගේ අනෙක් ඕනෑම අවතාරකින් පවා වැඩකටයුතු කල හැකිය.නමුත් එය එසේ සිදු වන අවස්ථා දුර්ලභයි.
08. සෙනවිරත්න මුල් කඩවරට බොහෝ ප්‍රේතයන්,දෝශ බලවේග දැඩි බියක් දක්වයි.උන් වහන්සේට බලවේගයන්ට අණ කරන්නට අණ වරම් තිබේ.
09. දුර්ලභ ගුරු වරම් මාලා වල කැපුම් අවසර බොහෝ විට සෙනවිරත්න කඩවරට හිමි වේ.ඒ කඩවර වරමට ද අනෙක් කඩවර අවතාර වල බලයද හිමිකමක් ලෙස ලැබේ.ඒ වගේම කතරගම දෙවියන්ගේ බලයක් ගැන කියවෙන ඕනෑම අවස්ථාවක සෙනවිරත්න කඩවර ගැන කියැවේ.
10. ශාන්තීකර්මයක් අවස්ථාවක අවශ්‍ය නම් මල සොහොක දිෂ්ටියක් පවා ගෙන්වන්නට උන් වහන්සේට හැකිය.එයින් පොලොවේ වල දමා ඇති දේවල් හදුනා ගන්නට,ගොඩ ගන්නට හා ඒ අයහපත් ක්‍රියාවන් සිදු කල උන්ව දාපනේ දා ගෙන්වා ගැනීමට පවා එයින් හැකියාව ලැබේ.ඒවා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධියෙන්ම කල යුතු ක්‍රියාවන් ය.
11.උන් වහන්සේගේ සත්‍ය වරමක් නම් වැඩ කටයුතු සාර්ථක වු තැන දිෂ්ටිය ඉක්මනින් අවසන් වේ.වරම් දරුවාට එවිට ඇගට සනීපයක් හා දිව්‍ය සිතුවිලි දැනේ.ශරිරයට කිසිදු අමාරුවක් දැනෙන්නෙ නැත.
12. එසේම යම් කෙනෙක් තව කෙනෙකුට වින කරනවා නම් වරමකින් හෝ වේවා ඒ කෙනා ගැන සිහිකොට උන් වහන්සේට බාර කල හොත් ඒ කරන්නා වු ක්‍රියාවන් උන් වහන්සේ ඉදිරියේ වැරදි බවට ඔප්පු උනහොත් ඒ අයවළුන්ට නිසැකයෙන්ම දඩුවම් දීම සිද්ධ කරනවා.උන් වහන්සේ සිහිකොට කරන ප්‍රාර්ථනාවකින් පවා එය සිදු කරන්නට පුලුවන්.නමුත් එය ඉෂ්ට වෙන්නෙ ඔබ සාධාරණ නම්,ඔබ යහපත් ක්‍රියාවේ,යහපත් සිතුවිලි වල ජිවත් වෙන කෙනෙක් නම් පමණයි.
මම මෙලෙස කතා කලේ සෙනවිරත්න මුල් කඩවර ශක්තියේ ලක්ෂණ කිහිපයක් ගැන.එහි තව බොහෝ කතා කල යුතු තරමේ ශ්‍රාස්ත්‍රිය දේවල් තිබේ.සෙනවිරත්න මුල් කඩවරද සිද්ධ සුනීයම්,ගම්බාර දෙවියන්,දැඩිමුණ්ඩ දෙවියන් වාගේ ශ්‍රාස්ත්‍රිය බලයකට හිමි ශක්තී අවතාරයකී.ඒ වගේම මම මෙහි අවසානයට සදහන් කරන්නේ
"යක්ෂයා යැයි කියු කඩවර ද දේවත්වයේ ලා වැදුම් පිදුම් ලබා මේ වන විට දෙවියන්ට සමීප ශුද්ධ ශක්තීයකින් පෙනි සිටී.ඉතින් උන් වහන්සේගේ ඒ නාමයට යහපත් වචනම,යහපත් ක්‍රියාවන්ම ඔප්පු,තීන්දු කරන්න.මොකද යහපතට උන් වහන්සේ බොහෝ කෑමතිය.තනි වචනේට උන් වහන්සේ කෑමතිය."
මා කියු මේ දේවල් වලින් සෙනවිරත්න මුල් කඩවර සහ අනෙක් කඩවර අවතාර අතර දේවල් පටලවා ගන්නට එපා.මේ සෙනවිරත්න මුල් කඩවර ශක්තී මාලාව ගැන පමණයි.
🙏