Miura medical & physiotherapy center

Miura medical & physiotherapy center We are a Japanese entity who are in business for almost twenty years in Sri Lanka. We have set our f

01/02/2025

📍 ඔබ එදිනෙදා කටයුතු සිදු කිරීමේදී වේදනාකාරී මස්පිඬු, පටක හෝ සන්දි (කොන්ද, ගෙල, උරහිස, දණහිස්, විලුඹ, වළලුකර හෝ අතැගිලි ආශ්‍රිත වේදනා) නිසා අපහසුතා වලින් පෙළෙන අයෙක්ද?
(Muscles, Bones and joint disorders)
📍 ක්‍රීඩා අනතුරකින් හෝ ශල්‍ය කර්මයකින් පසුව සම්පුර්ණ සුවය නොලැබූ අයෙක්ද? (post operative / sports physiotherapy )
📍ඔබ අංශබාගය , ගිලන් බාරේ, සයිටිකා හෝ වෙනත් ස්නායු රෝගයකින් පීඩා විඳිනවාද?( neurological conditions)
📍ආතරයිටිස් යන රෝගයන්ට ගොදුරු වී සිටින අයෙක්ද? ( Arthritis )
📍වෙනත් කල් ගත වූ ආබාධ හෝ උපතින්ම සිදු වූ ආබාධ වලින් පෙලෙනවාද? ( congenital disorders)
⭕️⭕️එසේ නම් මෙය ඔබ වෙනුවෙන්මයි ..........
තව දුරටත් පීඩා විදින්න එපා.
අපට කතා කරන්න ...........
⭕️0112-838-513 (සතියේ දින වල උදේ 8.30 - 4.30 දක්වා අමතන්න)
Whatspp - 071 149 7355

යටිපතුල් කැක්කුම (Plantafacitis )🔴ඔබටත් උදෑසනට නැගිටීමෙන් පසු කකුල බිම තැබීමට අපහසුද??🤔🔴යටි පතුලේ කැක්කුමක් නිතර එනවාද??...
13/12/2024

යටිපතුල් කැක්කුම (Plantafacitis )

🔴ඔබටත් උදෑසනට නැගිටීමෙන් පසු කකුල බිම තැබීමට අපහසුද??🤔
🔴යටි පතුලේ කැක්කුමක් නිතර එනවාද??🤔
🔴විලුඹේ යට කොටස, යටි පතුලේ මැද හා ඇඟිලි ඉදිමීමකට ලක් වෙලාද??🤔

❌එසේ නම් ඔබත් plantafacitis රෝගියකු විය හැකිය😲

අපගේ යටි පතුලේ සමට යටින් plantarfacia නම් පටක ස්ථරයක් (Soft tissue) පවතී. මෙම ස්ථරය පාදයේ කැල්කේනියස් (Calcaneus bone) නම් අස්ථියෙන් ආරම්භ වී පාදකුර්චාස්ථි 5 (Metatarsal bone) දක්වාම විහිඳ පවතින අතර එම පටක ස්ථරය මගින් පීඩනය අවශෝෂණය කර පාදයේ අනෙකුත් පටක ආරක්ෂා කිරීම සිදු කරයි. නමුත් මෙම පටක ස්ථරය අධික ලෙස පීඩනයට ලක්වීම මගින් ඉතා කුඩා තන්තු ඉරී යාමට ලක්වෙයි( micro injury ). මේ වැනි ඉරීයාම් දීර්ඝ කාලයක් පුරාවට සිදුවීම නිස මෙම පටක ස්ථරය පරිහානියට (Degeneration ) ලක්වී ඉදිමීම (inflammation ) plantafacitis රෝගී තත්වය ලෙස හදුන්වයි.. බොහෝ විට මෙම රෝගය එක් පාදයකට සිමා වන අතර ඇතැම් අවස්ථා වල පාද දෙකම මෙම රෝගයට ගොදුරු වෙයි .ඉතා වේදනාකාරී අද්දැකීමක්ද💔 වන මෙය ඔබගේ එදිනෙදා වැඩ කටයුතු සිමා කිරීමට ද සමත් වෙයි..

🔴මෙම රෝගයට බලපාන හේතු
📌️මේ සදහා ප්‍රධාන හේතුව වන්නේ ඔබගේ යටි පතුලට අධික පීඩනයක් ලැබෙන වැඩ කටයුතුවල ඔබ නිරත වීමයි. එනම් ඔබ දවසේ වැඩි කලයක් හිටගෙන සිටීමේ රැකියාවක (උදා-ඇඟලුම් ) නිරතව සිටීනම් මෙම රෝගයට ගොදුරු වීමේ ඉහල අවදානමක් ඇත...
මීට අමතරව
📌️ ඔබගේ පාදයේ නිසි අකාරව වක්‍ර (Foot arches ) නොපිහිටීම
📌️වළලු කර සංධියේ (ankle joint) චලන නිසි ලෙස සිදු නොවීම
📌️අධික ලෙස බර එසවීම (Weight lifting)
📌️දියවැඩියාව (Diabetics)
📌️පාද 2හි දිග අතර වෙනසක් පැවතීම (limb length discrepancy)
📌️පාදයේ මාංශපේශීහි ශක්තිය අඩු වීම
📌️අහිතකර පාවහන් පැලදීම
දැක්විය හැකිය.....

🔴මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ???🤔🤔
📌️මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ යටි පතුල් ප්‍රදේශයේ අධික කැක්කුමයි( heel pain)... මෙම කැක්කුම ඔබට දවසේ විවිධ වේලාවන් තුල පැමිනිය හැකිය.. එනම් ඔබ උදෑසන නැගිට පලමු පියවර තබන විට යටි පතුලේ කැක්කුමක් ඇතිවන අතර වේහෙසකර වැඩ කටයුත්තකට පසුවද අධික වේදනාවක් දැනෙයි...

📌️වළලු කර සංධියේ (ankle joint) චලන පරාසය (ROM) අඩුවීම එමෙන්ම ඒවා වේදනාවකින් යුක්ත වීම
📌️විලුඹේ (heel) යටි පැත්තේ තද ගතියක්(tenderness) දැනීම
📌️ඇවිදීමේ රටාව( gait pattern) වෙනස් වීම බොහෝ විට කුන්දුවක් (limp) සහිත වීම
📌️පඬි පෙල් නගින( Stairs climbing) විට සහ ඝන මතුපිට ( hard surface) ඇවිදින විට අධික වේදනාවක් දෑනීම

🔴මොනවද මේ සදහා ඇති ප්‍රතිකාර ...🤔🤔
මේ සදහා ප්‍රධාන වෛද්‍ය ප්‍රතිකාර ලෙස , විවේකය, වේදනා නාශක භාවිත හා වේදනා නාශක ඉන්ජෙක් කිරීම(NSAID) , දැක්විය හැකි අතර දීර්ඝ කලයක් පුරාවට සුව නොවීම නිසා සැත්කම් සිදු කිරීම පවා සිදු විය හැක...

🔴මොනවාද මේ සදහා ඇති භෞතචිකිත්සක ප්‍රතිකාර ....🤔🤔🤔

මෙම රෝගය කිසිදු ඖෂධක් භාවිතා නොකර භෞතචිකිත්සාව ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කර ගත හැකිය.. ඒ සදහා භෞතචිකිත්සක වරුන් විසින් නවීන ප්‍රතිකාර ක්‍රම රැසක්ම භාවිත කරයි... . ඒවා නම්
📌️ තාප ප‍්‍රතිකාර (Heat therapy )
📌️ විද්‍යුත් ප්‍රතිකාර (elecro therapy )
📌️ ධ්වනි තරංග ප්‍රතිකාර (ultrasound )
📌️ මාංශ පේශී ශක්තිමත් කිරිමේල් ව්‍යායාම (strengthening exercises )
📌️ මාංශ පේශී ඇදීමේ ව්‍යායාම ( streching exercises )
ඉන් කිහිපයකි . මෙහිදි අපි ඖෂධ භවිතයක් සිදු නොකරන අතර සියලුම ප්‍රතිකාර ක්‍රම භෞතික ප්‍රතිකාර ක්‍රම වෙයි. ඒම නිස කිසිදු අතුරු ආබාධක් ඔබට සිදු නොවෙයි. ඔබ මෙම රෝගයේ කුමන අවස්ථාවක සිටියත් අපි ඔබව සුව කරන්නෙමු.ඔබත් මෙම රෝගයෙන් දීර්ඝ කාලයක් පුරාවට පීඩා විඳිනවා නම් අදම ඔබගේ භෞතචිකිත්සක වරයා මුන ගැසි ප්‍රතිකාර වෙත යොමු වන්න....

Address

No 194/1/1, High Level Road , Wattegedara Junction
Maharagama

Opening Hours

Monday 08:00 - 16:00
Wednesday 08:00 - 16:03
Friday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94112838513

Alerts

Be the first to know and let us send you an email when Miura medical & physiotherapy center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share