Leucopyrus Willd - කටුපිල

Leucopyrus Willd - කටුපිල බෝනොවන රෝග සඳහා කටුපිල පානය

Happy Customer 😊
24/04/2023

Happy Customer 😊

අද වෙද්දී හෘද රෝග බොහෝ දෙනකුගේ ජීවිතය උදුරාගන්නට තරම් දරුණු වූ මාරකයකි. හෘද රෝග සඳහා ඉතා සාර්ථක වූ විසඳුම් ආයුර්වේද වෛද්...
14/02/2023

අද වෙද්දී හෘද රෝග බොහෝ දෙනකුගේ ජීවිතය උදුරාගන්නට තරම් දරුණු වූ මාරකයකි. හෘද රෝග සඳහා ඉතා සාර්ථක වූ විසඳුම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතයයි. හෘදයාබාධ හේතුවෙන් දිනකට රෝගීන් 15 දෙනකු පමණ මියයන බව සොයාගෙන තිබේ.

ලංකාව වැනි ආසියාතික රටවල ජනතාවට හෘදයාබාධවලට බලපාන ප්‍රධාන හේතු පහක් ඇත. එනම්,
1. රුධිරයෙහි කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම.
2. ශරීරය තුළ Homocystine නම් ඇමයිනෝ අම්ල මට්ටම ඉහළ යාම.
3. ශරීරයේ අධි සංවේදී c-reative ප්‍රෝටීන් සංයුතිය ඉහළ යාම.
4. පරිවෘත්තීය රෝග තත්ත්වයට (metabolic syndrome) ශරීරය පත්වීම.
5. උදර ස්ථූලතාවය (Abdominal obesity)

බොහෝ විට හෘදයාබාධ ඇතිවීමට ගනු ලබන ආහාරපාන ද හේතු වේ. හෘදයාබාධ යනු හෘද ක්‍රියාකාරීත්වය නැවතීමයි. හෘද රෝග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.

01. උපතින්ම ඇතිවන හෘදයාබාධ
මෙහිදී සිදුවන්නේ ශරීරයට අවශ්‍ය ආකාරයට රුධිරය සංසරණය කිරීම සඳහා රුධිරය පොම්ප කිරීමට හෘදයට නොහැකි වීමයි. දරුවාගේ හෘදයේ මාංශපේශි දුර්වල වීම සහ හෘද කපාට අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම මෙයට හේතු වේ. ඇතැම් විට මෙම කපාට කුඩාවට පිහිටයි. එවිට එම කපාට තුළින් අවශ්‍ය තරම් රුධිරය පොම්ප නොවේ. ඇතැම් විට මෙම කපාට තුළ කුඩා කාන්දු වීමක් ද ඇතිවිය හැක. එවිට රුධිරය හදවත තුළට වැරදි ලෙස ගලායාම, හදවතේ වැරදි දිශාවක් තුළට රුධිරය ගලායාම නිසා ගැටලු ඇතිවිය හැක. හෘද කපාට නිසියාකාරව ක්‍රියා නොකිරීමෙන් හෘද මාංශපේශීවලටද වැඩිපුර ක්‍රියාකිරීමට සිදුවේ. එමගින් එම පේශීන් වැඩිපුර මහන්සි වේ.

02. පසුකාලයේ දී ඇතිවන හෘද රෝග
බොහෝ විට මෙවැනි තත්ත්වයක් තුළදී ඇතිවන්නේ කිරීටක ධමනි රෝගයයි. (Coronary Artery Disease) හෘද පේශීන්ට රුධිරය සපයන ධමනිවල හටගන්නා රෝගයක් ලෙසින් මෙය හැඳින්වේ. මේ සඳහා පොදු වූ ප්‍රධාන හේතුව වන්නේ හෘද පේශීන්ට රුධිරය සපයන නහර ක්‍රමයෙන් කුඩා වීමයි. ඇතැම් විට මෙම නහර අවහිර වේ. එනම් මෙහි කොලෙස්ටරෝල් බැඳීම මෙන්ම කැල්සියම් බැඳීමත් සිදුවිය හැක. මෙමගින් හෘද පේශීන්ට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. එවිට හෘද පේශීන් දුර්වල වේ.රුධිර සැපයුම අක්‍රමවත් වුවහොත් හෘද පේශීන් මියයාමටද ඉඩ තිබේ. හෘදයට රුධිරය සපයන නාළ මෙසේ අවහිර වන්නේ දුම්පානය, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ මව්පියන්ගෙන් උරුම වන ශාරීරික තත්ත්වයන් නිසාවෙනි.

3. අක්‍රමවත් හෘද ස්පන්දනය
හෘදයේ එක්තරා ආකාරයක විද්‍යුත් ක්‍රියාවලියක් පවතී. ස්පන්දනය වේගවත් කරන්නට හෝ වේගවත් නොකරන්නට හැකියාව ඇත්තේ එම විද්‍යුත් ක්‍රියාවලියෙනි. අක්‍රමවත් හෘද ස්පන්දනය හෘදයට රුධිරය පොම්ප කිරීම අඩාල කිරීමට හෝ එය නවතා දමන්නට හැකියාව ඇත.

හෘදයාබාධයක් සෑදීමට පෙර දැනගත හැකි ක්‍රම
1. පපුවේ වේදනාව - හෘද පේශීන් නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් රුධිර සැපයුම අඩාල වී පපුවේ වේදනාව ඇතිවේ.
2. ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අපහසුව - රුධිරය පෙනහලු තුළ රොක් වේ.
3. Palpitation හෙවත් අභිස්පන්දනය - හදවත නිසි ලෙස ස්පන්දනය නොවන බව ඇඟට දැනේ.
4. ඉදිමීම - මෙය රුධිරය ශරීරයේ පහළ කොටසට එකතු වීම නිසා ඇතිවේ. බොහෝවිට හෘදයාබාධ රෝගීන්ගේ පාද ඉදිමීම බහුලව දැකගත හැකිවේ.
5. සිරුරේ සම නිල් පැහැයට ගැනීම - රුධිරයට නිසියාකාරව ඔක්සිජන් සැපයීම සිදුනොවීමෙන් මේ තත්ත්වය ඇතිවේ.

මෙවැනි රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ. ආයුර්වේද අත්බෙහෙත් වලින් හෘදයාබාධ සුවකර ගත හැකි වන්නේ රෝගය මූලිකම අවස්ථාවක ඇත්නම් පමණි. රෝගය කල්ගතව ඇත්නම් අත්බෙහෙත් වලින්ම සහනයක් නොපතා ඉතා ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න. හෘද රෝගීන් ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇතිවිට දී මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දුම්පානය කරන රෝගීන්ට ඉතා ඉක්මනින් හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. රුධිරයට එක්වන නිකොටින් නහර මත තැන්පත් වේ. එයින් නහරවල අවහිරතාවයක් ද ඇතිවේ.

හෘද රෝග ඇති රෝගීන් තෙල් සහිත මස් ආහාරයට ගැනීම, තෙල් කෑම, පොල්තෙල්වලින් පිසූ ආහාර වැඩිපුර ගැනීම සීමා කරන්න.

මීට අමතරව,
රුධිර කොලෙස්ටරෝල් සහ මේදය අඩුකර ගැනීමට උළුහාල් මේස හැන්දක් රැයක් එළිවන තුරු වතුර වීදුරුවක පොඟවා පසු දා උදෑසන හොඳින් අඹරා හිස්බඩට කෑමට ගන්න. රුධිර කොලෙස්ටරෝල් ඉතා ඉක්මනින් අඩු වේ.

► ආයුර්වේද වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි

ඔබත් හෘදයාබාද වලින් මිදී ඒ සඳහා ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? ඔබත් අදම භාවිතා කරන්න කටුපිල පානය ඔබටත් එය නිවසටම ගෙන්වාගත හැකියි.
Rs.2500/- ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
Angina pectoris,Angiogram

පිළිකාවෙන් මිදෙමු ,නිරෝගිමත් වෙමු. 😊                                                                        Images Credi...
29/12/2022

පිළිකාවෙන් මිදෙමු ,නිරෝගිමත් වෙමු. 😊 Images Credit :- Wishva Danuma 🙏

Address

Maharagama
10230

Alerts

Be the first to know and let us send you an email when Leucopyrus Willd - කටුපිල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share