05/10/2026
❤️🎯🌟 ඔබ ගුරුවරයෙක්, mentor කෙනෙක්, coach කෙනෙක් වේවා මේ මොන විදියට හරි, අනිත් පුද්ගලයාගේ, විශේෂයෙන් තරුණ, තරුණියන්ගේ, තමන් ව ජීවිතයේ බොහෝ විට role model එකක් කරගන්න ඉඩ ඇති පිරිසකගේ ජීවිතය වඩා හොඳ තැනකට හරවන්න, හොඳ අතට වෙනස් කරන්න, මඟ පෙන්වන්න, අලුත් යමක් කියා දෙන්න, තමන් තුළ ම ඇති ශක්තිය ඔවුන්ට ම තේරුම් කර දෙන්න හැකියාව තියෙන්නෙ ඔබටයි!
❤️✨🎯ඔබේ භූමිකාව - වගකීම - කාර්යභාරය ඔබේ ආකල්ප නිසා ම හොඳින් ම සිදු වෙනවා, ඔබේ හිතට එකඟ ව හැකි උපරිමයෙන් ඉටු වෙනවා කියන එක ම මේ වෘත්තියේ දී ආත්ම තෘප්තියක්. එය දිනෙන් දින - මොහොතින් මොහොත දැනෙද්දී, එය වෙන ම දෙයක්. විඳලා ම බලන්න වටින දෙයක්.
❤️🎯🎓 මේ කාරණාවේ දී අපි බොහෝ දෙනෙකුට එයට අවශ්‍ය දැනුම - කුසලතා - අධ්‍යාපනික සුදුසුකම් - අවශ්‍ය පසුබිම ඕනෑවටත් වඩා තියෙනවා. හැබැයි බොහෝ විට අපි දකින මෙහි දී අපේ අඩුපාඩුව තමයි අපේ ආකල්ප! එතන දී තමයි බොහෝ විට අපි fail වෙන්නේ. අපිට අපි ගැන ම තෘප්තියක් නැති වෙන්නෙ. කොච්චර කරත් අපට අපි ගැන ඉහළ ආත්ම සාක්ෂාත්කරණයක් නැත්තෙ! ඔබෙන් හරි දේ වෙනවා, ඔබ හරි දේ කරනවා සහ ඔබ ඒ දේ හරියට දකිනවා කියන්නෙ ම ඔබ Self actualization කියන තැනට ඇවිත්.
❤️🌟💐 අපිට අපේ ආකල්ප හරියට හදාගන්න පුළුවන් නම්, අපිට ඔතන දී අනිත් කෙනාගෙ ජීවිතය අවංක ව ම හොඳ අතට, ප්‍රතිඵලදායක අතට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මනුස්සයාගේ ජීවිතය හොඳ අදට හරවන්න හැකියාව තියෙනවා. හොඳ ම සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමේ හැකියාව තියෙනවා. එය ම තමයි ගුරු භූමිකාවක ප්‍රධාන සාර්ථකත්වය. අපි තුළ අඩු ඒකයි. ආකල්පයයි තියෙන්න ඕනේ.
❤️💐✨ නමුත් අපි තුළ සමහර විට තියෙන්නෙ (අමනාප වෙන එකක් නෑ හිතනවා මං එක්ක) “ මට දුන්න දේ මම ටිකක් තියාගෙන තව කෙනෙකුට දෙනවා, එහෙම නැත්නම් මට වඩා අඩුවෙන් දෙනවා, මේ අය මට වඩා දක්ෂයි - පුළුවන් තැන ක.ප.න්.න ඕන, නැත්නම් මගේ තැනට එයි, මට තැන නැති වෙයි” වගේ බොහෝ පටු ආකල්ප එක්ක බැඳුණු අදහස්. ඒකට හේතුව නම් අපි තුළ අපි ගැන හරි විශ්වාසයක් නොමැතිකම! නැත්නම් අපේ ම දුර්වලකම!
❤️💐✨ තව දක්ෂ කී දෙනෙක් ඉදිරියට ආවත්, ඔබ සැබෑවට ම දක්ෂ නම් ඒ සියල්ල ඔබට සතුටු ආශීර්වාදයන් මිසක් කිසිවක් තර්ජන නම් නොවෙයි! එවන් ශ්‍රේෂ්ට භූමිකාවක දී අපි අපිට දෙන්න පුළුවන් දේ අත දිග හැරලා ම දෙනවා නම්, හොඳ ම කෙනෙක් හදන්න හදවතින් ම කැප වෙනවා නම්, ඒ යන දිහා බලලා සතුටු වෙනවා නම්, ඒ සතුට මම හිතන්නේ අපි සමස්ත ජීවිත කාලය ම වැඩ කරලා ලබන සතුටට, හම්බ කරන මුදලට වඩා වටිනාකමක්, තෘප්තියක් දෙන දෙයක්!
❤️✨🎊 ඒ සතුට ඔවුන්ටත් වඩා නිහඬව ම ඔබේ ද මන්දා. එය ඒ තරම්! විඳලා ම බලන්න ඒ ප්‍රහර්ෂය! ඔබට එක්කෙනෙක්ට හරියට වැඩක් කළොත් ඇති. ගුරුවරයෙක් නම් ඔබ ළඟට ඇවිත් ඔබට ඒ වටිනාකම දෙනවාට ඔබයි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු!
❤️💐✨ ඔබත් ජීවිතයේ ආත්ම සාක්ෂාත්කරණයට පත් අයෙකු වන්න. සාමාන්‍යයෙන් තරුණ වයසක දී ම ඒ තැනට පත් වීමෙන් ලද සතුට, මොහොතින් මොහොත උපරිමයෙන් විඳින කෙනෙක් මම. සරල ව කිව්වට මේක ගැඹුරු කරුණක්. ජීවිතේ අපි ව හොයා යන ගමනේ අතරමන් උණු තැනක් මෙය. මේ ඔබට පහසුවෙන් ම එය ළඟා කර දෙන වෘත්තීයක්. සේවයක්!
සදාදරණීය ඔබට සුබ ගුරු දිනයක් වේවා!
💐 ඉතින් ඊයෙත් අදත් හෙටත් ස්තුතියි.
❤️ අපිවත් හැදුවාට ඔබට ස්තුතියි!
ආදරෙන්,
Mihiri Jayawardhane -
Academy Of Human Potential
Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education