Synergy Health

Synergy Health Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Synergy Health, 399/2A, Temple Road, Malabe.

It's world PHYSIOTHERAPY day 2023❤️This year theme- Exercising with Arthritis 🤸‍♀️🤾⛹️🏌️‍♂️🏊🚴Arthritis is manageable!If y...
08/09/2023

It's world PHYSIOTHERAPY day 2023❤️

This year theme- Exercising with Arthritis 🤸‍♀️🤾⛹️🏌️‍♂️🏊🚴

Arthritis is manageable!
If you are in a reversible stage then definitely it is cureble🤟

Call for appointments :
☎️ 0715266572/ 0726743901

🦠🧬🩺ඔබත් ශරීරයේ විවිධ අපහසුතාවලින් පීඩා විදින්නෙක්ද? ඒ හේතුවෙන් රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට මුහුණ දෙනවාද⁉️🛑මෙම වේදනාවන්...
04/08/2023

🦠🧬🩺

ඔබත් ශරීරයේ විවිධ අපහසුතාවලින් පීඩා විදින්නෙක්ද? ඒ හේතුවෙන් රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට මුහුණ දෙනවාද⁉️

🛑මෙම වේදනාවන් ඔබව අතිශයින් පීඩාවකට ලක් කරන අතර ක්‍රමයෙන් දුර්වල වීමටද ලක්කෙරේ. මෙහි අතුරු ඵලයක් ලෙස ඔබගේ මානසික සෞඛ්‍යයද පිරිහීමට ලක් වේ.

අස්ථි හා මාංශපේශී (musculoskeletal conditions) ආශ්‍රිතව බහුලව ඇති වන්නා වූ රෝගී තත්ත්වයන් කීපයක් ගැන අපි දැන් සොයා බලමු❗️

❇️ වර්තමානය වනවිට වැඩිහිටි කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස ආතරයිටිස් සැලකිය හැක. ආතරයිටිස් වර්ග කීපයක්ම ඇතිමුත් ඉන් වඩාත් සුලභ වනුයේ ඔස්ටියෝආතරයිටිස් (osteoarthritis)ය. මෙහිදී සිදු වන්නේ අස්ථි ආශ්‍රිතව පවතින කාටිලේජ ආවරණය බිඳවැටීමකට ලක් වී සන්ධියේ චලන පරාසය අඩුවී ඉන් අධික වේදනාවක් හටගැනීමයි.
ඒ ආශ්‍රිතව ඇතිවන වේදනාව ඉදිමුම හා තද ගතිය මෙහි මූලික ලක්ෂණ ලෙස සැලකිය හැක.(මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක)

❇️ සන්ධි හා මාංශපේෂි ආශ්‍රිතව හටගන්නා වූ වේදනාවන්

1. යටි කොන්දේ වේදනාව
මෙය තුනටිය හා කොන්දේ පහල අන්තයේ ඇතිවන ඇවිලිල්ලක් ලෙසින් පෙන්නුම් කරන අතර, බොහොවිට තට්ටම් තුලින් එක් කකුලක් හෝ කකුල් දෙකට ඔස්සේ පහලට ගමන් කරයි.ඇතැම් අවස්ථාවල යම්කිසි "හිරි ගතියක්" ද ඇත.

2. උරහිස් වේදනාව
බොහෝවිට Upper trapezius මාංශපේෂිය තුල හටගන්නා Trigger points මීට බලපාන අතර එවිට රෝගියාටද ඒ ආශ්‍රිතව ගැට වැනි ස්වාභාවයක් ඇල්ලීමේදී අත්විදිය හැක.

3. දණහිස් වේදනාව

4. යටිපතුල් වේදනාව
පාදයේ පතුල ආශ්‍රිත ඇතිවන සුලභ රෝගයකි.දිගුවේලාවක් සිටගනිමින් නිරත වෙන වෘත්තීන්වල නියැලෙන්නන් හට හා අඩිඋස පාවහන් පලදින් කාන්තාවන් අතර සුලභය. හිරිගතිය, සංවේදන මදකම, ඉදිකටු අනින්නාක් මෙන් ඇතිවන තියුණු කැක්කුම මෙහි ලක්ෂණයි.
පොදුවේ මෙය "Plantarfascitis" ලෙසින් විනිශ්චය කෙරුනද පාදයේ අස්ථි හා මෘදු පටක කොටස් ආශ්‍රිතව ඇතිවන වෙනත් සංකූලතාද මෙයට බලපෑ හැක.එබැවින් නිවැරදි "රෝග විනිශ්චය" ඉතා වැදගත්ය.

💬💭අධික ස්ථුලභාවය, අලස හා ඒකාකාරී ජීවන රටාව, වැරදි ඉරියව් හා ඇදීම් වැනි සුලු අනතුරු මේවට හේතුවන ප්‍රධාන කරුණු වේ❕❕❕

❇️ අංශභාගය( STROKE) ඇතුලු ස්නායු ආබාධ

අදවනවිට අංශභාගයට ගොදුරු වෙන පිරිස සීග්‍රයෙන් ඉහල යෑමක් දැකගත හැක.
මෙහිදී සිදුවන්නේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් රුධිර කැටියක් මගින් අවහිර වීමක් හෝ රුධිර නාලයක් පුපුරා යාමයි.එවිට එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන ලද මොළයේ කොටස අක්‍රිය වී එමඟින් පාලනය වූ ශාරීරික ක්‍රියාකාරකම් අඩාළ වේ.

මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයෙක් මූලික වෛද්‍ය ප්‍රතිකාර නිමවූ වහාම නිසි භෞත චිකිත්සකවරයෙක් මගින් සුදුසු පුනරුත්ථාපන වැඩසටහනක් සදහා යොමුවීම තුළින් සංකූලතා මගහරවා ගනිමින් නැවතත් සාමාන්‍ය ජීවන රටාවක් ගත කිරීමේ හැකියාව ලබා ගත හැක☺️

ක්‍රීඩා අනතුරු පුනරුත්ථාපනය 🤾‍♂️🏋️‍♂️🏌️‍♀️

ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතය මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය කිරීමට එක් සුළු ක්‍රීඩා අනතුරකට හැකිය‼️
මෙහිදී අනතුරේ ස්වභාවය සහ ඉන් ඔබට වූ හානිය අධ්‍යනය කර තක්සේරු කොට එම හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ව්‍යායාම සහ අනිකුත් ප්‍රතිකාර ඇතුලත් වැඩසටහනක් සකසන අතර නැවතත් එවැනි අනතුරකට ඔබේ ශරීරය හොඳින් මුහුණ දීමට සූදානම් කිරීම ද සිදු කෙරේ.

☎️Call for appointments!
0741374299 / 0715266572

🩺අප ආයතනයෙක් ඔබට ලැබෙන සේවා!

✅ Comprehensive Physiotherapy Assessment (නිසි රෝග පරීක්ෂාව)

✅ IR therapy ( අධෝරක්ත ප්‍රතිකාර)

✅ Electrotherapy (විද්‍යුත් චිකිත්සාව)- TENS/ IFT
✅ Ultrasound therapy ( අතිධ්වනි තරංග ප්‍රතිකාර )

✅ Myofascial release /Joint mobilization and manipulation (Manual Physiotherapy techniques)

✅ Triggerpoint release

✅ Muscle relaxation

✅ Cupping therapy(Silicon/ Vacuum)

✅ Dry needling ( කටු චිකිත්සාව)

✅ Exercise prescription (සුදුසු ව්‍යායාම නිර්දේශය)

අප ආයතනයේ සිටින සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන් ( SLMC registered Physiotherapists) විසින් ඔබ පැමිණෙන පලමු දිනෙයේම රෝග පරීක්ෂාව සිදුකොට එහි ස්වාභාවය පිලිබදව ඔබ සාකච්චා කර ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි.

📞දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට පහත අංක සම්බන්ධ කරගන්න.
0741374299 / 0715266572

✅ Sahan Rubasinghe
Physiotherapist and Rehabilitation Practitioner
BSc(Hons) in Physiotherapy (UOP)
Dip in Exercise and Sports Science(Faculty of Medicine-UOP)
:1321

Address

399/2A, Temple Road
Malabe

Telephone

+94741374299

Website

Alerts

Be the first to know and let us send you an email when Synergy Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Synergy Health:

Share