19/05/2026
❓බලන්නකො මගෙ ඔෆිස් එකේ එහාපැත්තෙ සීට් එකේ ඉන්න එක්කෙනා බලන හැටි රවාගෙන ගනන් ගන්නෙ නෑ වගේ. එහෙම දකිද්දි මගෙ මුලු දවසම එපාවෙනවා.
❓හැම තීරණයකදීම අනිත් අයගේ අදහස් ඕනි මට.මේ තීරණේ ගන්නවද නැද්ද හිතාගන්න බෑ. මට කොහොමත් තීරණයක් ගද්දි තව කෙනෙක්ගෙන් අහන්නම ඕනි. අනේ මට උපදෙසක් දෙන්නකො. මම අර අක්කගෙනුත් ඇහුවා. එයා මෙහෙමයි කිව්වෙ. මට ඔයාගෙනුත් දැනගන්න ඕනා. ඔයා මොකද හිතන්නෙ.
❓මට මේ වෙලාවෙ එහෙම එයාට උදව් කරන්නත් බෑ. ඒත් මට "නැහැ" කියාගන්න බෑනෙ. එයා මම බොරු කියනවා කියලා හිතයි.
❓මම ඒ ගමන යන්න මාරම ආසාවෙන් ඉන්නෙ. දවසින් එනවා. ඒත් බෝයිෆ්‍රෙන්ඩ් කැමති නෑනෙ. එයාට එන්න කිව්වට ඒත් බෑලු. ඉතිං යන්න වෙන් නෑනෙ. කොහොමත් මට කොහෙවත්ම යන්න වෙන එකක් නෑ.
❓මම මේ ඇඳුමට කැතයිද? ඒගොල්ලො කියනවා බැරල් එක වගේ කියලා. ඒත් අරයා කිව්වා හරිම ලස්සනයි කියලා. මටත් ඇත්තටම මේක ලස්සනයි. ඒත් අරගොල්ලො එහෙම කියනවනෙ.. අනේ කියන්නකො කැතයිද කැතයිද???
ඔයත් අනික් අයගේ approval නැතුව ජීවත් වෙන්න අමාරු කෙනෙක් ද?
අපි හැමෝටම යම් ප්‍රමාණයකට අනිත් අයගේ පිළිගැනීම, ආදරය, අගය කිරීම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු විදියට අපි හැමෝම මේ දේවල් යම් යම් ප්‍රමාණයෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අනෙක් අයගේ Approval එක මත ම අපි තීරණ ගන්න හදන එකේ. මේ වගේ කරන්න ගොඩක් වෙලාවට මිනිස්සු පටන් ගන්නෙ,
• ප්‍රතික්ෂේප වෙන්න තියෙන භය නිසා
• නිතර විවේචනයට ලක් වෙච්ච අත්දැකීම් තමන්ගෙ ඔලුවෙ වැඩ කරන නිසා
• හැමෝගෙම ජීවිත කතා ඇතුළේ තමන් "හොඳ කෙනෙක්" විය යුතුයි කියන හැඟීම හින්දා
• ආදරය සහ පිළිගැනීම කියන්නෙ අනිවාර්යයෙන් ඕනා දෙයක් වගේම ඒක මම ම උපයාගන්න ඕනාදෙයක් ඒක primary need එකක් වගේ හිතන්න ගන්න එක
මතක තියාගන්න 🌱
🤍ඔයාගේ වටිනාකම අනික් මිනිස්සුන්ගේ දෑත්වල අත්පොළසන් හඬින් පමණක් මැනෙන්නෙ නැහැ.
ඉතිං අනෙකාට සවන් දෙන්න. අදහස් යෝජනාවලට ගරු කරන්න. ඔබේ ඇතුළාන්තය නොමැරෙන විදියට තීරණ ගන්න. ජීවත් වෙන්න. ඉදිරියට යන්න. අනෙකාගේ අත්පොළසන්වලට උද්දාම වෙන්න. ඒ හැමදේටම කලින් ඔයාගෙ හදවතේ ඔල්වරසන් හඬට ඉඩක් දෙන්න.