මැණිකෙ මිස්

මැණිකෙ මිස් යහපත් ක්‍රියා සදානුස්මරණියයි ✨️
(1)

සතියේ ලග්න පලාපල (2026.08.30 සිට)ඔබේ ලග්නය මත CLICK කර කියවන්න.
30/08/2026

සතියේ ලග්න පලාපල (2026.08.30 සිට)
ඔබේ ලග්නය මත CLICK කර කියවන්න.

2026 අගෝස්තු 13 වැනිදා තරුව පුවත්පතේ පළවූ මගෙ ලිපිය -------------------විවාහයේ සතුට සොරාගන්නා​ සංසාරගත ග්‍රහ දෝෂ හඳුනාගම...
27/08/2026

2026 අගෝස්තු 13 වැනිදා තරුව පුවත්පතේ පළවූ මගෙ ලිපිය
-------------------

විවාහයේ සතුට සොරාගන්නා​
සංසාරගත ග්‍රහ දෝෂ හඳුනාගමු

❤️ විවාහය යනු හුදෙක් පුද්ගලයන් දෙදෙනෙකුගේ මානසික හා ශාරීරික එක්වීම පමණක් නොව, ජීවිතයේ සමස්ත ගමන්මගම අලුත් මගකට යොමු කරන තීරණාත්මක සංධිස්ථානයකි. එබැවින් පෙරදිග සංස්කෘතිය තුළ විවාහය පුද්ගලයෙකුගේ දෙවන උපත ලෙස හඳුන්වනු ලබයි. යමෙකුගේ පළමු උපත හෙවත් මෙලොවට බිහිවීම තීරණය කිරීමේ හැකියාවක් හෝ බලයක් අප සතුව නැත. එය පූර්ව කර්මානුරූපව සිදුවන්නකි. නමුත් දෙවන උපත වන විවාහය පිළිබඳව බුද්ධිමත්ව විමසා බලා, නිවැරදි තීරණ ගනිමින් සාර්ථක හා සාමකාමී අනාගතයක් ගොඩනගා ගැනීමේ නිදහස සහ හැකියාව බුද්ධිමත් මනුෂ්‍යයා සතුව පවතී.

❤️ විවාහ දිවිය සාර්ථක කරගැනීම සඳහා අතීතයේ සිටම අපේ පාරම්පරික සමාජය තුළ භාවිත කළ හොඳම සහ ප්‍රායෝගිකම මාර්ගෝපදේශනය වන්නේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව යුවළගේ ගැලපීම පරීක්ෂා කිරීමයි. විවාහ පරීක්ෂාවකින් සිදුවන්නේ යුවළක් අතර පවතින ශාරීරික, මානසික මෙන්ම චරිත ලක්ෂණවල ගැලපීම සියුම් ලෙස හඳුනාගැනීමයි. විශේෂයෙන්ම ලිංගික සුවය, පවුලේ පැවැත්ම සහ අනාගත දූදරුවන් කෙරෙහි බලපාන ග්‍රහ පිහිටීම් පූර්වයෙන් හඳුනාගැනීමෙන්, පසුවට ඇතිවිය හැකි නොගැලපීම්, මතභේද සහ හිත් රිදවීම් රාශියක් වළක්වා ගැනීමට පූර්ව දැනුවත්භාවයක් ලබාගත හැක. දෙදෙනාගේ ජන්ම පත්‍ර සැසඳීම තුළින් ඉදිරි අනාගතයේදී මතුවිය හැකි ශක්තීන් මෙන්ම දුර්වලතාවයන්ද කලින් හඳුනාගැනීමට මහඟු අවස්ථාවක් සැලසේ.

❤️ එසේ හඳුනාගන්නා නොගැලපීම් සහ අභියෝග තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ මතු නොවීමට වග බලා ගැනීම පුද්ගලයාගේ බුද්ධියට, ඉවසීමට සහ ආත්ම ශක්තියට භාර කටයුත්තකි. ජ්‍යොතිෂය යනු වෙනස් කළ නොහැකි දේව නියමයක් හෝ අනිවාර්ය තීන්දුවක් නොවේ. එය හුදෙක් මගපෙන්වීමක් සහ අනතුරු ඇඟවීමකි. මාර්ගයේ ඇති වලගොඩැලි සහ බාධා ගැන පූර්ව දැනුවත්භාවයක් ලැබූ පසු, රථය පරිස්සමෙන් පදවාගෙන යාම රියදුරා සතු වගකීමක් වන්නා සේම, විවාහ දිවියේ අභියෝග ජයගැනීමද දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය, කැපවීම සහ ඉවසීම මත තීරණය වන කරුණකි.

❤️ ජ්‍යොතිෂ දැනුමෙන් බුද්ධිමත් වන යුවළක් විවාහ ජීවිතයේදී මුහුණදීමට සිදුවන කටුක අවස්ථා උපායශීලීව ජය ගනිති. අනවශ්‍ය ගැටුම් සහ අසමගිය ඇතිවිය හැකි අසුබ කාල වකවානු කලින් හඳුනාගෙන, එම කාලයන්හිදී වඩාත් ඉවසීමෙන්, කැපවීමෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට ඔවුන් පෙළඹේ. එමගින් කේන්ද්‍රයේ පවතින දෝෂයන්හි අයහපත් බලපෑම පවා මගහැර සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට මගපෑදේ.

❤️ ජ්‍යොතිෂානුකූලව විවාහ පරීක්ෂාවේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීම ඉතා වැදගත් තැනක් ගන්නා බව නොරහසකි. පොරොන්දම් පරීක්ෂාවේදී වැඩි ප්‍රමාණයකින් සොයා බලනු ලබන්නේ විවාහ අපේක්ෂිත යුවළගේ මානසික තත්ත්වය, ආකල්ප, ලේ ගැලපීම්, ලිංගික ගැලපීම සහ චරිත ලක්ෂණ එකිනෙකට ගැලපෙන්නේ කෙසේදැයි විමසා බැලීමටයි. එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාව සහ මානසික බැඳීම මැන බැලීමට මෙමගින් හොඳ මගපෙන්වීමක් ලැබේ.

❤️ නමුත් සාර්ථක සහ සුරක්ෂිත විවාහයක් සඳහා පොරොන්දම් ගැලපීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අප මතක තබාගත යුතුය. ජන්ම කේන්ද්‍රවල ග්‍රහයන් පිහිටා සිටින ආකාරය අනුව විවාහ අපේක්ෂිත දෙදෙනාට යෙදී ඇති විවාහ දෝෂ පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. යම් හෙයකින් කේන්ද්‍රවල ඇති බරපතල විවාහ දෝෂ භංග වන්නේ නැත්නම්, පොරොන්දම් විස්සම සුබ ලෙස ගැලපුණද විවාහ දිවිය සැපවත් හෝ සාමකාමී එකක් නොවන බව ජ්‍යොතිෂයේ ස්ථාවර මතයයි. විවාහ දිවිය නීරස කිරීමටත්, අසමගිය සහ අසාර්ථකත්වය ඇති කිරීමටත් හේතුවන විවිධ ග්‍රහ යෝග රාශියක් පැරණි ජ්‍යොතිෂයේ ඉගැන්වේ. මෙවැනි දෝෂ සහිත ග්‍රහ පිහිටීම් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම තුළින් විවාහයෙන් පසු මතුවිය හැකි බරපතල ගැටලු රැසක් වළක්වා ගැනීමට අවස්ථාව සැලසේ. එබැවින් කේන්ද්‍ර සැසඳීමේදී හුදෙක් පොරොන්දම්වලට පමණක් සීමා නොවී ග්‍රහ පිහිටීමට මුල් තැන දීම අත්‍යවශ්‍ය වේ.

❤️ එලෙස විවාහ දිවිය නීරස කරන සහ බිඳදමන යෝග අතුරින් ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කිහිපයක් වේ. ඒ අතරින් භෞම දෝෂය හෙවත් අඟහරු දෝෂය, ශනි මංගල දෝෂය සහ විෂ කන්‍යා දෝෂය යනු පවුල් සංස්ථාවන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කරන ප්‍රධාන විවාහ දෝෂයන්ය.

❤️ ජ්‍යොතිෂයේදී භෞම යනු මංගල හෙවත් අඟහරු (කුජ) ග්‍රහයාට භාවිත කරන තවත් නමකි. කුජ යනු ආවේගශීලී බව, කෝපය, ලිංගික ශක්තිය, ප්‍රචණ්ඩත්වය සහ තරඟකාරී බව නිරූපණය කරන අධික තේජස් සහිත ග්‍රහයෙකි. ලග්නය, චන්ද්‍ර කේන්දරය හා සිකුරු සිටින රාශිය මුල් කරගෙන ගණනය කිරීමේදී පළමුවන, දෙවන, හතරවන, හත්වන, අටවන සහ දොළොස්වන යන ස්ථානයන්ගෙන් එකක කුජ තැන්පත් වී තිබීමෙන් භෞම දෝෂය හටගනී.

❤️ මෙහිදී එකී භාවයන්හි කුජ හැසිරෙන ආකාරය විවිධය. ලග්න භාවයේ කුජ සිටී නම් සහකරුට හෝ සහකාරියට යටත් නොවීමේ දැඩි ප්‍රවණතාවයක් සහ තදකාරී බවක් ඇති වේ. දෙවන භාවයේ කුජ සිටී නම් සැර පරුෂ වචන භාවිතය නිසා පවුල තුළ නිතර අසමගිය සහ හදිසි ආර්ථික පරිහානියක් සිදු වේ. හතර වන භාවයේ කුජ සිටී නම් ගෘහස්ථ සතුට බිඳවැටීම, ගෙදරදොර නිතර රණ්ඩු සරුවල් ඇතිවීම සිදු වේ. හත් වන භාවයේ කුජ සිටී නම් විවාහ සබඳතාවල දැඩි මතභේද, ලිංගික නොගැලපීම්, වෙන්වීම් හෝ දික්කසාද ඇති වේ. අට වන භාවයේ කුජ සිටී නම් සහකරුගේ ආයුෂයට හෝ සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙමින් විවාහයෙන් පසු අනපේක්ෂිත කරදර උදාවේ. දොළොස් වන භාවයේ කුජ සිටී නම් යහන් සුවය අඩුවීම, අනවශ්‍ය වියදම් සහ මානසික නොසන්සුන්තාවය ඇති වේ.

❤️ භෞම දෝෂය භංග නොවී විවාහයක් සිදු වූ විට ඉතා සුළු කරුණකට පවා විශාල ලෙස කෝපයට පත්වීම නිසා පවුල් සංස්ථාව තුළ සාමය නැති වී යයි. විවාහ යෝජනා සාර්ථක කරගැනීමට බාධා මතුවීම, යෝජිත විවාහ අවසාන මොහොතේ කැඩී යාම හෝ විවාහයෙන් පසු වෙන්වීමට සිදුවීමද මෙහි ප්‍රතිඵලයි. දෙදෙනා අතර රුචිකත්වයන් වෙනස් වීම නිසා හටගන්නා හිත් රිදවීම් මෙන්ම අනික් පාර්ශ්වයට ලෙඩ රෝග, හදිසි අනතුරු හෝ කායික පීඩා ඇති වීමේ ඉඩකඩද වැඩිය.

❤️ නමුත් කේන්දරයක කුජ 1, 2, 4, 7, 8, 12 හි සිටි පමණින්ම එය භෞම දෝෂය ලෙස ගෙන බිය විය යුතු නැත. ජ්‍යොතිෂ නීතිවලට අනුව ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේම කේන්දරවල කුජ දෝෂය සමාන බලයකින් පිහිටා ඇත්නම්, එම දෝෂ දෙක එකිනෙක කැපී ගොස් අහෝසි වේ. එසේම කුජ සිටින ස්ථානයට සුබ ග්‍රහයෙකු වන ගුරුගේ දැක්ම ලැබීම හෝ සිකුරු සමඟ එකට සිටීම තුළින්ද, කුජ ග්‍රහයා තමාට හිමි මේෂ, වෘශ්චික රාශියක ස්වක්ෂේත්‍රව හෝ මකර රාශියේ උච්චව සිටීමෙන්ද, මිතුරු රාශියක සිටීමෙන්ද දෝෂය භංග වේ. විශේෂයෙන්ම සිංහ සහ කටක ලග්න හිමියන්ට කුජ යෝගකාරක ග්‍රහයා වන බැවින් ඔවුන්ට මෙම දෝෂ බලපෑම අතිශයින්ම අඩුය.

❤️ අනෙක් අතට, ජ්‍යොතිෂයේදී ශනි යනු සෙනසුරු ග්‍රහයා වන අතර, මංගල යනු කුජ ග්‍රහයාය. සෙනසුරු සහ අඟහරු යන බලවත්ම පාපී ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් නිර්මාණය වන දෝෂය ශනි මංගල දෝෂය හෙවත් කුජ-ශනි යෝගය ලෙස හැඳින්වේ.

❤️ ජ්‍යොතිෂයට අනුව සෙනසුරු යනු මන්දගාමී, උදාසීන, දුකට අධිපති බව නිරූපණය කරන ග්‍රහයෙකි. කුජ යනු ඉක්මන්, ආවේගශීලී සහ ප්‍රචණ්ඩ බව නිරූපණය කරන ග්‍රහයෙකි. එකිනෙකට සම්පූර්ණයෙන්ම ප්‍රතිපක්ෂ ස්වභාවයන් ඇති මෙම ග්‍රහයන් දෙදෙනාගේ එකතුව ජන්මියාගේ මනස තුළත්, ජීවිතය තුළත් දැඩි ඝට්ටනයන් සහ නොසන්සුන්තාවයන් නිර්මාණය කරයි.

❤️ කේන්දරයේ යම් ස්ථානයක සෙනසුරු සහ කුජ යෝග වීමෙන් හෝ එකිනෙකාට දෘෂ්ටි හෙලීමෙන් ශනි මංගල දෝෂය නිර්මාණය වේ. සෙනසුරු සිටින ස්ථානයේ සිට 7 වන ස්ථානයේ කුජ සිටීමෙන්, එනම් අංශක 180කින් එකිනෙකා දැකීමෙන් හෝ සෙනසුරුගේ 3, 7, 10 දෘෂ්ටීන් කුජටත්, කුජගේ 4, 7, 8 දෘෂ්ටීන් සෙනසුරුටත් වැටීම තුළින් මෙම දෝෂය හටගනී. එමෙන්ම සෙනසුරුට හිමි රාශියක කුජ සිටීම සහ කුජට හිමි රාශියක සෙනසුරු සිටීම එනම් පරිවර්තනයෙන්ද මෙම දෝෂය ඇති වේ. විශේෂයෙන්ම ශනි මංගල යෝගය ලග්නයට, හත්වැන්නට සහ අටවැන්නට ඉතාම අසුභ බව පුරාණ ආචාර්ය මතයයි.

❤️ ශනි මංගල දෝෂය පිහිටි ජන්මියාට සෙනසුරුගේ තදබල බවත්, කුජගේ ආවේගයත් නිසා සිත තුළ නිතර අසහනය, කලකිරීම සහ පාලනය කරගත නොහැකි කෝපයක් ඇතිවේ. කුජ ලේ සහ ශල්‍යකර්ම නිරූපණය කරන අතර සෙනසුරු අස්ථි සහ දීර්ඝකාලීන රෝග නිරූපණය කරයි. එම නිසා ලේ තුවාල, හදිසි අනතුරු, ශල්‍යකර්ම, නහර සහ අස්ථි සම්බන්ධ රෝගයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩිය. විශේෂයෙන්ම විවාහ ජීවිතය තුළ නිතර නිතර රණ්ඩු සරුවල්, මතභේද, අන්‍යෝන්‍ය සැකය සහ හිතුවක්කාරී තීරණ නිසා යුග දිවිය අසන්තෝෂදායක වීම හෝ වෙන්වීමට සිදු වේ. හතේ හෝ අටේ මෙම දෝෂය පිහිටියහොත් දෙදෙනා අතර ලිංගික නොගැලපීම්, උදාසීන බව හෝ අධික තෘෂ්ණාව නිසා ගැටලු මතුවේ.

❤️ කේන්දරයක ශනි මංගල යෝගය යෙදී තිබුණ පමණින්ද බිය විය යුතු නැත. කුජ-ශනි යෝග වී සිටින ස්ථානයට හෝ එම ග්‍රහයන්ට ගුරු ග්‍රහයාගේ සුබ දැක්ම ලැබීමෙන් දෝෂය සම්පූර්ණයෙන්ම පාහේ සමනය වේ. සෙනසුරු හෝ කුජ තමාට හිමි රාශියක ස්වක්ෂේත්‍රව හෝ උච්ච රාශියක සිටීමෙන්ද, ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්දරවල ශනි මංගල දෝෂය සමාන බලයකින් පිහිටා තිබීමෙන්ද එය කැපී යයි. තුලා හෝ වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු යෝගකාරක වන අතර, කර්කටක හෝ සිංහ ලග්න හිමියන්ට කුජ යෝගකාරක වේ. එවැනි ලග්න හිමියන්ට මෙම දෝෂයේ ප්‍රභලත්වය ඉතා අඩුය.

❤️ මීට අමතරව අතීත පරාශර ඇතුළු පැරණි ජ්‍යොතිෂ ඍෂිවරුන් විසින් විවාහ පරීක්ෂාවේදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු තදබල විවාහ දෝෂයක් ලෙස විෂ කන්‍යා දෝෂය හඳුන්වා දී ඇත. පුරාණයේ සතුරන් නැසීම පිහිටි විෂ ශරීරගත කළ කාන්තාවන් විෂ කන්‍යාවන් ලෙස හැඳින්වූ අතර, ජ්‍යොතිෂයේදී එම නාමය යොදාගන්නේ විවාහ ජීවිතයේ සතුට, සමගිය සහ පැවැත්ම විෂ කර දමන, සහකරුට හෝ පවුල් ජීවිතයට අයහපත් බලපෑම් එල්ල කරන විශේෂ ග්‍රහ නැකත් සංයෝගයක් හැඳින්වීමටය. මෙම දෝෂය ප්‍රධාන වශයෙන් නිර්මාණය වන්නේ උපන් දිනයට හිමි තිථිය, උපන් දිනයට හිමි දවස සහ උපන් නැකත යන ත්‍රිත්වය එකිනෙක විශේෂිත ලෙස සංයෝග වීමෙනි.

❤️ ඉරිදා දිනක දොළොස්වන තිථිය ලබා කැති, අස්ලිස හෝ සියාවස නැකතින් උපන් ස්ත්‍රීන් ද, අඟහරුවාදා දිනක දෙවන තිථිය ලබා සියාවස නැකතින් උපන් ස්ත්‍රීන් ද, අඟහරුවාදා හත්වන තිථිය ලබා විසා හෝ සියාවස යන නැකතින් උපත ලද ස්ත්‍රීන් ද, සෙනසුරාදා දිනක දෙවන තිථිය ලබා අස්ලිස නැකතින් උපත ලද ස්ත්‍රීන් ද, සෙනසුරාදා හත්වන තිථිය ලබා කැති නැකතින් උපත ලද ස්ත්‍රීන් ද විෂ කන්‍යාවියෝ ලෙස හඳුන්වයි.

❤️ විෂ කන්‍යා දෝෂය ඇති විට නොසිතන මොහොතක අඹුසැමියන් අතර දැඩි මතභේද, අසමගිය සහ මානසික දුරස්ථභාවයක් නිර්මාණය වේ. විවාහයෙන් පසු සහකරුට හදිසි ලෙඩ රෝග, අනතුරු හෝ ආයුෂ පීඩා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී. මෙම දෝෂය සහිත තැනැත්තියට හෝ තැනැත්තාට නිතර නිතර හඳුනාගත නොහැකි ශාරීරික අසනීප, ගර්භාෂගත ආබාධ හෝ දැඩි මානසික ආබාධ තත්ත්වයන් ඇතිවිය හැක. විවාහ යෝජනා අවසන් මොහොතේ කැඩී යාම හෝ සුදුසු සහකරුවෙකු සොයාගැනීමට නොහැකි වීමද සිදුවේ.

❤️ ඉහත ආකාරයට විෂ කන්‍යා යෝගය යෙදී තිබුණත් නමය අධිපති එම රාශියේම සිට ලග්නය හෝ චන්ද්‍ර ලග්නයේ ගුරු, සිකුරු හෝ පුර සඳු සිටී නම් විෂ කන්‍යා යෝගය නිවාරණය වන බව සඳහන් වේ. එනමුත් විෂ කන්‍යා යෝග සහිත උපත ලත් අය සඳහා ගැලපෙන පුරුෂ ජන්ම කේන්ද්‍රය කුමක්ද කියා පැරණි මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් කර නැත. එය හුදෙක් අසුභ යෝගයක් ලෙස පමණක් විස්තර කර තිබේ.

❤️ ජ්‍යොතිෂයට අනුව ජන්ම කේන්දරයක සටහන් වන භෞම දෝෂය, ශනි මංගල දෝෂය සහ විෂ කන්‍යා දෝෂය වැනි තදබල විවාහ දෝෂ යනු පූර්ව ආත්මයන්හි සිදුකරන ලද සංසාරික අකුසල කර්මයන්හි ඵලවිපාකය. පූර්ව ආත්මවලදී තම විවාහක සහකරුට හෝ සහකාරියට ශාරීරික හා මානසිකව පීඩා කිරීම, ගෘහස්ථ හිංසනයන්හි යෙදීම, අන් අයගේ පවුල් සබඳතා සහ විවාහ යෝජනා හිතාමතා කඩාකප්පල් කිරීම මෙන්ම ලිංගික චරිත දූෂණයන්හි යෙදීම භෞම දෝෂය පිහිටීමට ප්‍රධාන ලෙස බලපායි.

❤️ දුක, කර්මය, පාලනය නියෝජනය කරන සෙනසුරු සහ ආවේගය, හිංසාව නියෝජනය කරන කුජ එක්වීමෙන් සෑදෙන ශනි මංගල දෝෂය ඉතා බරපතල කර්ම අභියෝගයකි. පූර්ව ජන්මයන්හි තමන් යටතේ සේවය කළ අසරණ සේවකයන්ට, දුප්පතුන්ට සහ ආබාධිතයන්ට බලය යොදවා අනුකම්පා විරහිතව වදහිංසා පැමිණවීම, බලතල අවභාවිත කරමින් අහිංසකයන්ගේ ජීවිත විනාශ කිරීම සහ පවුලේ වගකීම් හිතාමතා පැහැර හරින්නන් ලෙස අඹුදරුවන් අසරණ කර දමා යාම මෙයට හේතු වේ.

❤️ එසේම, සබඳතාවල සතුට හා පැවැත්ම විෂ කර දමන විෂ කන්‍යා දෝෂයට බලපාන්නේ අතිශය කපටි සහ ද්‍රෝහී අකුසල කර්මයන්ය. පෙර ආත්මවලදී තම සහකරුට රහසින් වසවිස දීම හෝ ශාරීරිකව විෂ ශරීරගත කර හානි කිරීම, අන් අයගේ පවුල් සංස්ථා තුළ නාගසර්පයන් මෙන් කේළාම් කියමින් බිඳීම් ඇතිකිරීම සහ අසරණ ස්ත්‍රීන් හා පුරුෂයන් රැවටීමට ලක්කර ඔවුන්ගේ අනාගතය අන්ධකාර කිරීම මෙයට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.

❤️ කෙසේ වෙතත්, ජ්‍යොතිෂය මගින් පෙන්වා දෙන්නේ කර්මය යනු වෙනස් කළ නොහැකි දේව නියමයක් නොවන බවයි. කර්මය අභිභවා කුසලයෙන් ඉදිරියට යා හැකි බව බෞද්ධ දර්ශනය තුළත් පැහැදිලිව විග්‍රහ කර ඇත. කේන්දරයක යෙදී ඇති භෞම, ශනි මංගල හෝ විෂ කන්‍යා වැනි විවාහ දෝෂයන්හි අයහපත් බලපෑම් අවම කරගැනීම සඳහා ජ්‍යොතිෂයේ සහ අභිචාරික පද්ධතියේ ප්‍රධාන ශාන්තිකර්ම, බෝධි පූජා සහ දේව වත්පිළිවෙත් කිහිපයක් පෙන්වා දී තිබේ.

❤️ කුජ දෝෂ සඳහා අඟහරුවාදා දිනක කුජ හෝරාවෙන්, එනම් උදෑසන 6.00 සිට 7.00 අතර හෝ සවස 1.00 සිට 2.00 අතර කාලයේදී, බෝධීන් වහන්සේ වටා තැඹිලි තෙල් හෝ එළඟි තෙල් පහන් 7ක් දල්වා, රතු පැහැති මල් සහ පඬුරු පූජා කර බෝධි පූජා පැවැත්වීම ඉතා සුබයි. කුජ ග්‍රහයාගේ අධිපති දෙවියා වන්නේ රුහුණු කතරගම දෙවිඳුන්ය. එබැවින් අඟහරුවාදා දිනවල කැවිලි, අග්ගලා, රතු රටඉඳි, රතු මල් සහ පළතුරු පූජා තබා කතරගම දෙවියන්ට පින් දී විවාහ බාධා දුරුකර දෙන ලෙස යතිකා කිරීම ප්‍රතිඵලදායක වේ.

❤️ ශනි මංගල දෝෂ සඳහා සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් බෝධීන් වහන්සේ උදෙසා තල තෙල් පහන් 7ක්, නිල් කටරොළු මල්, ඊතණ සහ නිල් පඬුරු පූජා කර බෝධි පූජා තැබිය යුතුය. පූජාව අවසානයේ රතන පිරිත, මෝර පිරිත, අභිසම්භිධාන පිරිත සහ ධජග්ග පිරිත සජ්ඣායනා කරමින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීම මැනවි. සෙනසුරුගේ දෝෂ සමනය පිණිස විෂ්ණු දෙවියන් උදෙසා කැකුළු සහලින් පිසූ කිරිපිඬු, නිල් මල් සහ තල තෙල් පහන් පූජා කර විෂ්ණු ස්තෝත්‍ර ගායනා කිරීමද මැනවි. එසේම විෂ කන්‍යා දෝෂය සඳහා, පවුල් ජීවිතයේ සමගිය සහ කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග මෙන්ම විවාහක අභියෝග දුරුකර ගැනීමට පත්තනි මෑණියන් උදෙසා කිරිඅම්මාවරුන්ගේ දානයක් දීම හෝ පත්තනි දේවාලයක කිරිපිඬු පූජාවක් පැවැත්වීම උචිත වේ.

❤️ මෙම දෝෂ සමනය පිණිස නිසි ලෙස ජීවම් කරන ලද නවරත්න යන්ත්‍රය පැළඳීම හෝ නවරත්න මුද්දක් පැළඳීමද ජ්‍යොතිෂයේ උපදෙස් දෙයි. තදබල කුජ සහ ශනි දෝෂ පවතින විට, එම දෝෂ සමනය වන පරිදි නියමිත ආතුරයාගේ නමට ජීවම් කරන ලද මහානුභාව අභිසම්භිධාන යන්ත්‍රය පැළඳීම අතිශය සුබයි.

❤️ පාරම්පරික අභිචාර ශාන්තිකර්මයන්හිදී, විවාහයට ඇති බාධා සහ දෝෂ දුරුකිරීම පිණිස යක්ෂ හා දේව දෝෂ සමනය කරන දෙවොල් මඩු ශාන්තිකර්මයක් සිදුකිරීමද අතීතයේ සිට පැවත එන තවත් ප්‍රබල පිළියමකි.

❤️ මීට අමතරව ප්‍රායෝගික අතිශය බලවත් පිළියම් කිහිපයක්ද ඇත. භෞම දෝෂය සහ ශනි-මංගල දෝෂවල ප්‍රචණ්ඩ බව සමනය කිරීමට ඇති හොඳම ප්‍රායෝගික පුණ්‍යකර්මය වන්නේ ලේ දන්දීමේ පින්කමකට සක්‍රීයව සහභාගී වීමයි.

❤️ වැඩිහිටි නිවාස, ආබාධිත තැන් සහ සේවකයන් උදෙසා ආහාර, ඇඳුම් පැළඳුම් හෝ ඖෂධ දානය කිරීම, මස් පිණිස කැපකළ සතුන් මරණයෙන් නිදහස් කිරීම සහ පක්ෂීන්ට හා මසුන්ට ආහාර ලබාදීම වැනි ප්‍රායෝගික පින්කම්ද මෙයට ඇතුළත් වේ.

❤️ මෙම සියලු වත්පිළිවෙත්වල ප්‍රධානතම අරමුණ වන්නේ මානසික සංසුන්බව සහ ආත්ම ශක්තිය ඇති කර ගනිමින් පූර්ව අකුසල් ක්ෂය කිරීමයි.

❤️ එයින් ලැබෙන මානසික පැහැදිලිකම තුළින් විවාහයේදී මතුවන කටුක අවස්ථා උපායශීලීව ජයගැනීමට පුද්ගලයාට ශක්තිය ලැබෙනු ඇත. මෙම පූර්ව අකුසලයන් අවබෝධ කරගෙන මේ ආත්මයේදී ආත්ම දමනය, ලෝ සතුන් කෙරෙහි මෛත්‍රිය පැතිරවීම, ලේ දන්දීම සහ අසරණයන්ට පිහිට වීම වැනි මහා කුසල් සිදුකිරීමෙන් එම අකුසල ශක්තීන් සමනය කරගත හැකියාව ඇති වේ.

❤️ එමගින් තව තවත් අකුසල කර්ම රැස් කර නොගෙන, සංසාරගත විවාහ දෝෂයන්ගෙන් අත්මිදී සතුටින් පිරි සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට සෑම ජන්මියෙකුටම මගපෑදෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනි
වාස්තු විශේෂඥ
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
0772279138

2026 අගෝස්තු 13 තරුව පුවත්පතේ පළවූ මගෙ ලිපිය --------------කොටස් වෙළඳපොළේ පිබිදීමක් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දෝලනයන්ප්‍රබලයන...
27/08/2026

2026 අගෝස්තු 13 තරුව පුවත්පතේ පළවූ මගෙ ලිපිය
--------------
කොටස් වෙළඳපොළේ පිබිදීමක් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දෝලනයන්

ප්‍රබලයන්ගේ රහසිගත මූල්‍ය වංචා සහ ගනුදෙනු එළිදරව් වේ

සංචාරක ව්‍යාපාරයේ මන්දගාමී බව සහ කාන්තා නියෝජනයන්ට බාධා

වර්ෂ 2026 අගෝස්තු මස 22 වන දින ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් බුධ ග්‍රහයා සිංහ රාශියට ප්‍රවේශ වේ. ශ්‍රී ලංකා රාජ්‍ය කේන්දරය වන කුම්භ ලග්නයේ හත් වන භාවය වෙත මෙලෙස ප්‍රවේශ වන බුධ, ලංකා කේන්දරයේ විද්‍යා, අධ්‍යාපන, කොටස් වෙළඳපොළ නියෝජනය වන පස් වන භාවය සහ රහස් කටයුතු, හදිසි වෙනස්වීම්, ණය නියෝජනය වන අට වන භාවය යන භාවයන්හි අධිපතිත්වය උසුලයි.

මේ අතරවාරයේදී සෙනසුරු ග්‍රහයා දෙවැන්නේ වක්‍රව ද, රාහු ලග්නයෙ ද, සිකුරු අට වැන්නේ නීචව ද ගමන් කිරීමේ අශුභ ග්‍රහ පිහිටීමක් නිර්මාණය වී පවතී.

මෙම සියලු ග්‍රහ ගෝචරයන් පදනම් කරගනිමින් ඉදිරි මාසය ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැකි සුබ සහ අසුභ පෙරනිමිති කිහිපයක් විමසා බලමු.

පහ සහ අට අධිපති බුධ හත් වැන්නේ සිටීමත්, රාජ්‍ය සහ පාලන බලය පෙන්වන දහ වන භාවයේ සඳු නීච වීමත් නිසා පාලක පක්ෂය තුළ සහ ආණ්ඩුවේ අභ්‍යන්තරයේ මතභේද උග්‍ර වේ.

ආණ්ඩුක්‍රම පරිපාලනය තුළ තීරණ ගැනීමේදී ස්ථාවර භාවයක් නොමැති වීමත්, පාලකයන් අතර අදහස් ගැලපීමක් නොමැති වීමත් නිසා දේශපාලනික වශයෙන් නොසන්සුන් තත්ත්වයක් වර්ධනය වේ.

විදේශ සබඳතා සහ වෙළඳ ගිවිසුම් පෙන්වන හත් වැන්නේ අට අධිපති බුධ සිටීමත්, එතැනම කේතුගේ බලපෑම පැවතීමත් නිසා ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමඟ එළඹීමට යන ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බලාපොරොත්තු වන අන්දමින් සාර්ථක නොවේ. විදේශ ආධාර සහ ද්විපාර්ශ්වික සම්මුතීන්ගේ ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වනු ඇත.

නමුත් පහ අධිපති බුධ හත් වැන්නට පැමිණීම නිසා කොටස් වෙළඳපොළේ සහ ආයෝජන ක්ෂේත්‍රයේ යම් කෙටිකාලීන ප්‍රබෝධයක් සහ උත්තේජනයක් දැකගත හැකි වේ. කෙසේ වෙතත්, ධන කාරක සහ මූල්‍ය කාරක සිකුරු අට වැන්නේ නීචව පැවතීම හේතුවෙන් එම උත්තේජනය දීර්ඝකාලීනව පවත්වාගෙන යාම අභියෝගයක් වන අතර, මුදල් පරිපාලන ක්ෂේත්‍රයේ අස්ථාවර භාවයක් මතු වේ.

සෞන්දර්යය, කලා, විනෝදාස්වාදය සහ සංචාරක ව්‍යාපාරය නියෝජනය කරන සිකුරු අට වැන්නේ නීච වී පීඩාවට පත්වීම නිසා රටේ සංචාරක ක්ෂේත්‍රයේ යම් මන්දගාමී ස්වභාවයක් වාර්තා වේ.

එමෙන්ම සමාජීය, දේශපාලනික හෝ වෘත්තීයමය ක්ෂේත්‍රයන්හි නිරත ප්‍රමුඛ කාන්තා නියෝජනයන්ට සහ කාන්තා සංවිධානවලට පසුබැසීම් සහ චෝදනා එල්ල වීමේ ප්‍රවණතාවක් පවතී.

හය වැන්නේ ගුරු තැන්පත් වීමත්, දහ වැන්නේ සඳු නීච වීමත් හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ හිඟයන්, රෝහල් පරිපාලන දුර්වලතා සහ යටිතල පහසුකම් පිළිබඳ දැඩි අර්බුද මතු වේ. මීට අමතරව රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා සහ හිඟමුදල් මුල් කරගනිමින් රාජ්‍ය යන්ත්‍රණය තුළ වෘත්තීය අසහනය සහ විරෝධතාවන් තවදුරටත් උග්‍ර වනු ඇත.

බුධගේ මෙම ගමන පෞද්ගලික අංශයට සුබදායක ප්‍රවණතා රැගෙන එයි. පහ අධිපති හත් වැන්නේ සිටීම නිසා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ව්‍යාපාරික සබඳතා ශක්තිමත් වේ.

නව ව්‍යාපාරික එකඟතාවලට එළඹීමටත්, විදේශීය පෞද්ගලික ආයෝජන මෙරටට දිනා ගැනීමටත් යම් සුබදායක ඉඩකඩක් විවෘත වනු ඇත.

බුධගේ සිංහ ගෝචරය හේතුවෙන් තරුණ පරපුරේ බුද්ධි වර්ධනයට මඟ පෑදේ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), විද්‍යාත්මක පර්යේෂණ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම්, ශිෂ්‍යත්ව සහ නව වැඩසටහන් ආරම්භ කිරීමට මඟ පැහැදේ.

අට අධිපති බුධ හතෙහි සිටීමත්, සිකුරු අටේ හි නීච වීමත් නිසා සමාජයේ හෝ දේශපාලනයේ ප්‍රබල පුද්ගලයන් විසින් අතීතයේ කරන ලද රහසිගත අක්‍රමිකතා, මූල්‍ය වංචා සහ නීති විරෝධී ගනුදෙනු පිළිබඳ රහස් තොරතුරු රැසක් මාධ්‍ය මඟින් එළිදරව් වේ. මෙය විශාල සමාජීය කතබහක් නිර්මාණය කරනු ඇත.

ලග්නගතව රාහු සිටීමත්, දහ වැන්නේ සඳු නීච වීමත් නිසා මහජනතාව තුළ අනාගතය පිළිබඳ බිය, සැකය සහ මානසික අස්ථාවර බව වැඩි වේ. සමාජ මාධ්‍ය සහ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ හිතාමතා පතුරුවා හරින අසත්‍ය ප්‍රචාර සහ කටකතා නිසා ජනතාව නොමඟ යාමේ සහ ව්‍යාකූලත්වයට පත්වීමේ දැඩි අවදානමක් පවතී.

දෙවැන්නේ සෙනසුරු වක්‍ර වීම සහ අට වැන්නේ සිකුරු නීච වීම නිසා රාජ්‍ය ආදායම් උපයා ගැනීම සහ භාණ්ඩාගාර පරිපාලනය අතිශය සංකීර්ණ වේ. රටේ මූල්‍ය ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කිරීමටත්, රාජ්‍ය වියදම් පාලනය කිරීම වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් දැඩි හා තදබල තීන්දු තීරණ ගැනීමටත් රජයට සිදු වනු ඇත.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනි
වාස්තු විශේෂඥ
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
0772279138

කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද මුළු මහත් පරම්පරාවකටම ආදර්ශමත් වූ ඒ අමරණීය හඬ අද අපෙන් සමුගෙන ගොස් ඇත.​ශාස්ත්‍රීය සංගීතයට පෙම...
21/08/2026

කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද මුළු මහත් පරම්පරාවකටම ආදර්ශමත් වූ ඒ අමරණීය හඬ අද අපෙන් සමුගෙන ගොස් ඇත.

​ශාස්ත්‍රීය සංගීතයට පෙම් බැඳි, එතුමියගේ ගීත නිතර අසන අප පවුලට එතුමියගේ නික්ම යාම මහත් ශෝකයක් ඇති කරන්නකි .

රාගධාරී ගායනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලැබූ, එතුමියගේ ගීත නිතරම අසන නමුත් ඇයව කිසිදා සියැසින් දැක නොමැති මගේ ලොකු පුතාගේ ඇස්වලින් එතුමියගේ අභාවය අසා රූප රාමු බලා කඳුළක් වැටෙනු මා දුටුවෙමි. 😪

පරම්පරා ගණනාවක හදවත් ස්පර්ශ කළ ඒ මහා කලාකාරිනියගේ ශ්‍රේෂ්ඨත්වය එයම නොවේද 🙏💐

​ඇගේ හඬ අපේ හදවත් තුළ සදා අමරණීයයි.

විශාරද නන්දා මාලිනී මැතිනිය හට නිවන් සුව පතමු...!! 🙏💐

පහතින් අමුණා තිබෙන්නේ මගෙ නංගී විසින් එතුමියගේ ගීත වල නම් ඇතුලත් කරමින් නිර්මාණය කල නිසදැසකි. චමී තියඹරාහේනේ ගෙදර

15/08/2026

ආයූබෝවන් ❤️💐

2026.08.06 කේන්දරේ පුවත්පතේ පළවූ මගෙ ලිපිය ------------වෘත්තීය සමිති අරගල සහ රාජ්‍ය සේවයේ අර්බුද--------සෞඛ්‍ය ක්ෂේත්‍රය...
15/08/2026

2026.08.06 කේන්දරේ පුවත්පතේ පළවූ මගෙ ලිපිය
------------
වෘත්තීය සමිති අරගල සහ රාජ්‍ය සේවයේ අර්බුද
--------
සෞඛ්‍ය ක්ෂේත්‍රයට තර්ජන රැසක්, ආමාශගත රෝග බෝ නොවන රෝග ඉහළට
--------
​විදේශ ණය, මූල්‍ය අභියෝග
---------
නීතිය හා සාමය සුරැකීමට ත්‍රිවිධ හමුදාව කැඳවන ලකුණු
---------
කෘෂිකර්මාන්තයට, සත්ත්ව පාලනයට සහ ධීවර ක්ෂේත්‍රයට අශුභයි
--------
පරිපාලනමය බිඳවැටීම් සහ ආණ්ඩුවේ අභ්‍යන්තර මතභේද
-----------
​නීතිමය සංශෝධන සහ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් වේ
------
ලග්න දොළොසට සූර්ය ග්‍රහණයේ බලපෑම්
-------

2026 අගෝස්තු මස 12 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වීමට නියමිතය. එදින ජල රාශියක් වන කටක රාශිය තුළ සිදුවන පූර්ණ සූර්ය ග්‍රහණය, ශ්‍රී ලංකාව නියෝජනය කරන කුම්භ ලග්න රාජ්‍ය කේන්ද්‍රයේ හය වන භාවය හෙවත් රෝග, ණය, සතුරන්, කම්කරු සහ නීතිමය ප්‍රශ්න නියෝජනය කරන ස්ථානයේ සිදු වේ.

ග්‍රහ මණ්ඩලයේ ආත්මකාරක රවි ග්‍රහයා මෙලෙස හය වැන්න තුළ ග්‍රහණයට ලක්වීම, ඉදිරි කාල පරිච්ඡේදය තුළ මෙරට දේශපාලන, ආර්ථික, සමාජීය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි කැලඹීම් සහ අර්බුද නිර්මාණය කරන බවට කෙරෙන ප්‍රබල පූර්ව ලකුණකි. මෙම පූර්ණ සූර්ය ග්‍රහණයේ බලපෑම මුල් කරගනිමින් ඉදිරි කාලයේදී රට තුළ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව විමසා බලමු. මෙම පුරෝකථනයන් චන්ද්‍රග්‍රහණය ආශ්‍රිත කාලසීමාවේ සිට මාස තුනකට ආසන්න කාලයක් බලපෑම් එල්ල කරයි.

හය වන භාවය යනු වෘත්තීය සමිති, කම්කරු බලකාය සහ රාජ්‍ය සේවය නියෝජනය කරන ස්ථානයයි. ග්‍රහණය හය වැන්නෙ සිදු වීම නිසා, රජයේ පවතින අසාර්ථක ප්‍රතිපත්ති සහ දැරීමට නොහැකි ජීවන පිරිවැයට එරෙහිව රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වෘත්තීය සමිති එකමුතු වේ. තැපැල්, විදුලි, වරාය, ප්‍රවාහන හා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වර්ජන සහ විරෝධතා මාලාවක් මතු වීමේ දැඩි අවදානමක් පවතී.

ජල රාශියක් වන කටකයේ සූර්යයා ග්‍රහණය වීම හමුවේ ඩෙංගු, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආබාධ මෙන්ම හදිසියේ මතුවන වෛරස් හා පැපොල වැනි බෝවන රෝග තත්ත්වයන් ජනතාව අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැක. රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි පීඩනයකට සහ අර්බුදයකට ලක්වන කාල වකවානුවක් ආරම්භ වේ.

හය වැන්න යනු රටේ ණය සහ විදේශීය බැඳීම් පෙන්වන ස්ථානයයි. ග්‍රහණයේ අසුබ බලපෑම නිසා විදේශීය ණය හිමියන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ විදේශීය බැංකු විසින් දැඩි හා අසීරු කොන්දේසි පැනවීමට කටයුතු කරනු ඇත. මේ නිසා රාජ්‍ය භාණ්ඩාගාරයේ පරිපාලනයට සහ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික තීන්දු තීරණවලට දැඩි නීතිමය මෙන්ම මූල්‍යමය අභියෝග එල්ල වේ.

රට පුරා මතු වන මහජන නොසන්සුන්තා, උද්ඝෝෂණ සහ වෘත්තීය සමිති අරගල පාලනය කිරීම පිණිස රජයට දැඩි තීන්දු ගැනීමට සිදු වේ. රටේ නීතිය හා සාමය සුරැකීම සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා බලඇණි කැඳවීමටත්, මාර්ග බාධක පැනවීමටත් ආණ්ඩුවට සිදු වනු ඇත.

කටක රාශිය යනු ජල රාශියක් මෙන්ම ගොවිතැන හා සතුන් ද නියෝජනය කරන ස්ථානයකි. මෙම ග්‍රහණයත් සමඟ කුඹුරු සහ වගාබිම්වලට දරුණු ලෙස කීට හානි සහ වසංගත කෘමි උවදුරු පැතිර යා හැක. එමෙන්ම ගව, කුකුළු ආදී සත්ත්ව පාලන ක්ෂේත්‍රයන්හි ද බෝවන රෝග පැතිරී යාමෙන් කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන ආර්ථිකයට දැඩි පාඩුවක් සිදු වේ. ඒ පිළිබඳව රජයෙ අවධානය යොමු වේ. සත්ව පාලකයින්ට සහන හිමිවේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා, සේවක හිඟයන් සහ උසස්වීම් පිළිබඳ පවතින නොවිසඳුණු ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින්ගේ උනන්දුව අඩපණ වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආයතන මන්දගාමී වන අතර, රාජ්‍ය ආයතන අභ්‍යන්තරයේ පරිපාලනමය බිඳවැටීම් රැසක් ඇති වනු ඇත.

රජයට එරෙහිව පිටතින් එල්ල වන විපක්ෂයේ සෘජු හා දැඩි ප්‍රහාරවලට අමතරව, ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මතුවන මතභේද, පක්ෂ අර්බුද සහ විරසකවීම් කරළියට පැමිණේ. මෙය පාලක පක්ෂයේ ස්ථාවර භාවයට සහ අනාගතයට සෘජු තර්ජනයක් වනු ඇත.

ජල රාශියක සිදුවන මෙම පූර්ණ සූර්ය ග්‍රහණය නිසා ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු, ඉන්ධන අර්බුද සහ මුහුදු සීමා උල්ලංඝනය කිරීම් පිළිබඳ ප්‍රශ්න නැවතත් උණුසුම් වේ. මීට අමතරව ජලාශ, ගංගා සහ මුහුද ආශ්‍රිතව හදිසි අනතුරු, චණ්ඩ මාරුත වැනි හදිසි කාලගුණික ආපදා තත්ත්වයන් ද වාර්ථා වේ.

රජය විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන වැදගත් පනත් කෙටුම්පත් සහ නීතිමය සංශෝධන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ තීරණාත්මක පාලන තීන්දු ක්‍රියාත්මක කිරීම නීතිමය වශයෙන් ප්‍රමාද වන අතර පාලකයන් එයින් ව්‍යාකූලත්වයකට පත්වේ.

පූර්ණ සූර්‍ය් ග්‍රහණය ඔබට බලපාන ආකාරය විමසා බලමු

මේෂ ලග්නය: ගෘහ ජීවිතයේ නොසන්සුන්තා සහ දේපළ අර්බුද

සූර්ය ග්‍රහණය හතර වැන්න වූ බන්දුස්ථානයට පතනය වේ. නිවස, ඉඩකඩම් සහ වාහන සම්බන්ධ කටයුතුවලදී හදිසි බාධා හෝ ලේඛනමය ගැටලු මතු විය හැක. මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ගෘහ ජීවිතය තුළ පැවති සාමය ආරක්ෂා කර ගැනීමට ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

වෘෂභ ලග්නය: සහෝදර සබඳතාවලට බලපෑම් සහ කෙටි ගමන් බිමන්වලදී පරිස්සම

සූර්ය ග්‍රහණය තුන් වැන්න වූ වික්‍රමස්ථානයට පතනය වේ. සහෝදර සහෝදරියන් හෝ අසල්වැසියන් සමඟ නොගැලපීම් හෝ සිත් රිදවීම් ඇති විය හැක. මාධ්‍ය, ලේඛන සහ සන්නිවේදන ක්ෂේත්‍රවල නිරත අය ලියකියවිලි කටයුතුවලදී වඩාත් පරීක්ෂාකාරී විය යුතුය. හදිසි සංචාරවලදී ප්‍රවේශම් වන්න.

මිථුන ලග්නය: මූල්‍ය හිරවීම් සහ වචනය භාවිතයේදී ප්‍රවේශම

සූර්ය ග්‍රහණය දෙවැන්න වූ ධනස්ථානයට පතනය වේ. අනපේක්ෂිත ධන හානි හෝ මුදල් සිරවීම් සිදුවිය හැකි බැවින් අලුත් ආයෝජනවලට එළඹීමෙන් වළකින්න. පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමේදී දැඩි වචන භාවිත කිරීම නිසා විරසකවීම් ඇති විය හැක. මුඛය සහ දත් ආශ්‍රිත රෝග පීඩා ගැන සැලකිලිමත් වන්න.

කටක ලග්නය: ශාරීරික අප්‍රාණික බව, මානසික පීඩනය සහ කීර්තියට තර්ජන

ලග්නගතව සූර්ය ග්‍රහණය සිදුවීම නිසා කටක ලග්න හිමියන්ට අධික මානසික ආතතිය, හිසේ රුදාව හෝ ශාරීරික විඩාව මතු විය හැක. තීරණ ගැනීමේදී ව්‍යාකූල ස්වභාවයක් ඇති විය හැකි බැවින් තීරණාත්මක පියවර ගැනීම කල් දැමීම සුබයි. තමාගේ නාමයට හෝ ප්‍රසිද්ධියට හානි වන සබඳතාවලින් ඈත් වන්න.

සිංහ ලග්නය: අනපේක්ෂිත වියදම්, රහස් සතුරු බලපෑම් සහ විදේශ බාධා

ලග්නාධිපති රවි දොළොස්වැන්න වූ වැයස්ථානයේ ග්‍රහණය වීම සිංහ ලග්න හිමියන්ට අසීරුතා මතු කරයි. අනපේක්ෂිත ලෙස විශාල මුදලක් වැය වීමට ඉඩ ඇත. රහස් සතුරන්ගේ ක්‍රියාකාරකම් වැඩි විය හැකි අතර, විදේශ ගතවීම් හෝ විදේශ රැකියා බලාපොරොත්තු වන අයට යම් යම් ප්‍රමාදයන් සිදුවිය හැක. සෞඛ්‍යය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්න.

කන්‍යා ලග්නය: බලාපොරොත්තු වූ ලාභ ප්‍රමාද වීම සහ මිතුරු විරසකවීම්

සූර්ය ග්‍රහණය එකොළොසක් වැන්න වූ අයස්ථානයට පතනය වේ. ලැබීමට තිබූ මුදල් හෝ ලාභ ලැබීම් යම් තාක් දුරකට ප්‍රමාද විය හැක. සමීපතම මිතුරන් සමඟ කුඩා කරුණුවලට පවා මතභේද මතු වීමේ ප්‍රවණතාවක් පවතී. ව්‍යාපාරික කටයුතුවලදී තදින් බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

තුලා ලග්නය: රැකියා ස්ථානයේ අභියෝග සහ උසස් නිලධාරීන්ගේ අප්‍රසාදය

සූර්ය ග්‍රහණය දස වැන්න වූ කර්මස්ථානයට පතනය වේ. වෘත්තීය මට්ටමින් හදිසි වෙනස්වීම්, දැඩි වෙහෙසක් දරා වැඩ කිරීමට සිදුවීම හෝ උසස් නිලධාරීන්ගේ අප්‍රසාදයට ලක්වීම සිදුවිය හැක. රැකියාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමේදී කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්න.

වෘශ්චික ලග්නය: උසස් අධ්‍යාපනික බාධා සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍යය

සූර්ය ග්‍රහණය නව වැන්න වූ පුණ්‍යස්ථානයට පතනය වේ. උසස් අධ්‍යාපනය ලබන අයට හෝ පර්යේෂණවල යෙදෙන්නන්ට මන්දගාමී ස්වභාවයක් මතු කරයි. පියාගේ හෝ පවුලේ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතුය. දුර බැහැර සංචාරවලදී බාධා මතු විය හැක.

ධනු ලග්නය: සෞඛ්‍ය ගැටලු, හදිසි අනතුරු සහ නීතිමය ලේඛන දෝෂ

සූර්ය ග්‍රහණය අට වැන්න වූ මෘත්‍යු ස්ථානයට පතනය වීම නිසා ධනු ලග්න හිමියන් එදිනෙදා කටයුතුවලදීත්, වාහන පැදවීමේදීත් උපරිම කල්පනාකාරී විය යුතුය. නිදන්ගත රෝග මතු වීමේ අවදානමක් පවතී. නීතිමය ලියකියවිලි හෝ බදු කටයුතුවලදී ඉතා සූක්ෂම වන්න.

මකර ලග්නය: යුග ජීවිතයේ ගැටලු සහ හවුල් ව්‍යාපාරික නොසන්සුන්තා

සූර්ය ග්‍රහණය හත් වැන්න වූ කලත්‍රස්ථානයට පතනය වේ. විවාහ සහකරු හෝ සහකාරිය සමඟ අනවශ්‍ය තර්ක විතර්ක හෝ මතභේද ඇති විය හැකි බැවින් ඉවසීම ප්‍රගුණ කරන්න. හවුල් ව්‍යාපාරිකයන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු අතර නව ගිවිසුම්වලට එළඹීම තාවකාලිකව කල් තැබීම නුවණට හුරුය.

කුම්භ ලග්නය: සතුරු බලපෑම් ජයගැනීම, ණය ප්‍රශ්න සහ සෞඛ්‍ය අවධානය

සූර්ය ග්‍රහණය හය වැන්න වූ රෝග සහ සතුරු ස්ථානයට පතනය වේ. වෘත්තීයමය තරඟකරුවන් සහ සතුරන් අඩපණ කිරීමට හැකි වුවද, ණය ගනුදෙනු හෝ නීතිමය ප්‍රශ්න නිසා මානසික පීඩා මතු විය හැක. සෙම් රෝග, උදරාබාධ හෝ වෛරස් උණ රෝග මතු විය හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.

මීන ලග්නය: දරුවන්ගේ කටයුතුවල බාධා සහ අධ්‍යාපනික උද්‍යෝගය අඩුවීම

සූර්ය ග්‍රහණය පස් වැන්න වූ විද්‍යාස්ථානයට පතනය වේ. අධ්‍යාපනයේ නිරත සිසුන්ගේ උනන්දුව සහ ධාරණ ශක්තිය තරමක් අඩු විය හැක. දරුවන්ගේ සෞඛ්‍යය හෝ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. ප්‍රේම සබඳතාවලදී අනවශ්‍ය සැකය දුරලීම සාමය රැකගැනීමට හේතු වේ.

කටක රාශියේ සිදුවන මෙම සූර්ය ග්‍රහණයේ අපල දෝෂ දුරු කර ගැනීම සඳහා අගෝස්තු 12 දින සහ ඊට පසු යෙදෙන ඉරිදා දිනවලදී උදෑසන කාලයේ බෝධීන් වහන්සේට රතු පැහැති මල් සහ ගිතෙල් පහන් පූජා කර බෝධි පූජා සිදු කරන්න.

රතන සුත්‍රය නිවෙස්වල සජ්ඣායනා කිරීම තුළින් රටටත්, පවුලටත් එල්ල විය හැකි සියලු වෛරස් රෝග, හදිසි විපත් සහ අර්බුදවලින් මිදී ආරක්ෂාව සැලසෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනි
වාස්තු විශේෂඥ
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
0772279138

2026.08.06 තරුව පුවත්පතේ පළවූ මගෙ ලිපිය --------රවි ග්‍රහණයට ලක්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි මාස තුනට කුමන බලපෑමක් ඇති වේද-...
15/08/2026

2026.08.06 තරුව පුවත්පතේ පළවූ මගෙ ලිපිය
--------
රවි ග්‍රහණයට ලක්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි මාස තුනට කුමන බලපෑමක් ඇති වේද
-----------
දේශපාලන හා සමාජ අර්බුද උග්‍ර වේ
------------
ණය හා විදේශීය මූල්‍ය අභියෝග
-------------
මුහුද ආශ්‍රිත අනතුරු
-------------
රජයේ ආර්ථික තීරණ ජනතාවට දැඩි පීඩනයක් මතු කරයිද
------------

2026 අගෝස්තු මස 12 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වීමට නියමිතය. එදින ජල රාශියක් වන කටක රාශිය තුළ සිදුවන පූර්ණ සූර්ය ග්‍රහණය, ශ්‍රී ලංකාව නියෝජනය කරන කුම්භ ලග්න රාජ්‍ය කේන්ද්‍රයේ හය වන භාවය හෙවත් රෝග, ණය, සතුරන්, කම්කරු සහ නීතිමය ප්‍රශ්න නියෝජනය කරන ස්ථානයේ සිදු වේ.

ග්‍රහ මණ්ඩලයේ ආත්මකාරක රවි ග්‍රහයා මෙලෙස හය වැන්න තුළ ග්‍රහණයට ලක්වීම, ඉදිරි කාල පරිච්ඡේදය තුළ මෙරට දේශපාලන, ආර්ථික, සමාජීය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි කැලඹීම් සහ අර්බුද නිර්මාණය කරන බවට කෙරෙන ප්‍රබල පූර්ව ලකුණකි. මෙම පූර්ණ සූර්ය ග්‍රහණයේ බලපෑම මුල් කරගනිමින් ඉදිරි කාලයේදී රට තුළ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව විමසා බලමු. මෙම පුරෝකථනයන් චන්ද්‍රග්‍රහණය ආශ්‍රිත කාලසීමාවේ සිට මාස තුනකට ආසන්න කාලයක් බලපෑම් එල්ල කරයි.

හය වන භාවය යනු වෘත්තීය සමිති, කම්කරු බලකාය සහ රාජ්‍ය සේවය නියෝජනය කරන ස්ථානයයි. ග්‍රහණය හය වැන්නෙ සිදු වීම නිසා, රජයේ පවතින අසාර්ථක ප්‍රතිපත්ති සහ දැරීමට නොහැකි ජීවන පිරිවැයට එරෙහිව රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වෘත්තීය සමිති එකමුතු වේ. තැපැල්, විදුලි, වරාය, ප්‍රවාහන හා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වර්ජන සහ විරෝධතා මාලාවක් මතු වීමේ දැඩි අවදානමක් පවතී.

ජල රාශියක් වන කටකයේ සූර්යයා ග්‍රහණය වීම හමුවේ ඩෙංගු, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආබාධ මෙන්ම හදිසියේ මතුවන වෛරස් හා පැපොල වැනි බෝවන රෝග තත්ත්වයන් ජනතාව අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැක. රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි පීඩනයකට සහ අර්බුදයකට ලක්වන කාල වකවානුවක් ආරම්භ වේ.

හය වැන්න යනු රටේ ණය සහ විදේශීය බැඳීම් පෙන්වන ස්ථානයයි. ග්‍රහණයේ අසුබ බලපෑම නිසා විදේශීය ණය හිමියන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ විදේශීය බැංකු විසින් දැඩි හා අසීරු කොන්දේසි පැනවීමට කටයුතු කරනු ඇත. මේ නිසා රාජ්‍ය භාණ්ඩාගාරයේ පරිපාලනයට සහ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික තීන්දු තීරණවලට දැඩි නීතිමය මෙන්ම මූල්‍යමය අභියෝග එල්ල වේ.

රට පුරා මතු වන මහජන නොසන්සුන්තා, උද්ඝෝෂණ සහ වෘත්තීය සමිති අරගල පාලනය කිරීම පිණිස රජයට දැඩි තීන්දු ගැනීමට සිදු වේ. රටේ නීතිය හා සාමය සුරැකීම සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා බලඇණි කැඳවීමටත්, මාර්ග බාධක පැනවීමටත් ආණ්ඩුවට සිදු වනු ඇත.

කටක රාශිය යනු ජල රාශියක් මෙන්ම ගොවිතැන හා සතුන් ද නියෝජනය කරන ස්ථානයකි. මෙම ග්‍රහණයත් සමඟ කුඹුරු සහ වගාබිම්වලට දරුණු ලෙස කීට හානි සහ වසංගත කෘමි උවදුරු පැතිර යා හැක. එමෙන්ම ගව, කුකුළු ආදී සත්ත්ව පාලන ක්ෂේත්‍රයන්හි ද බෝවන රෝග පැතිරී යාමෙන් කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන ආර්ථිකයට දැඩි පාඩුවක් සිදු වේ. ඒ පිළිබඳව රජයෙ අවධානය යොමු වේ. සත්ව පාලකයින්ට සහන හිමිවේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා, සේවක හිඟයන් සහ උසස්වීම් පිළිබඳ පවතින නොවිසඳුණු ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින්ගේ උනන්දුව අඩපණ වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආයතන මන්දගාමී වන අතර, රාජ්‍ය ආයතන අභ්‍යන්තරයේ පරිපාලනමය බිඳවැටීම් රැසක් ඇති වනු ඇත.

රජයට එරෙහිව පිටතින් එල්ල වන විපක්ෂයේ සෘජු හා දැඩි ප්‍රහාරවලට අමතරව, ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මතුවන මතභේද, පක්ෂ අර්බුද සහ විරසකවීම් කරළියට පැමිණේ. මෙය පාලක පක්ෂයේ ස්ථාවර භාවයට සහ අනාගතයට සෘජු තර්ජනයක් වනු ඇත.

ජල රාශියක සිදුවන මෙම පූර්ණ සූර්ය ග්‍රහණය නිසා ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු, ඉන්ධන අර්බුද සහ මුහුදු සීමා උල්ලංඝනය කිරීම් පිළිබඳ ප්‍රශ්න නැවතත් උණුසුම් වේ. මීට අමතරව ජලාශ, ගංගා සහ මුහුද ආශ්‍රිතව හදිසි අනතුරු, චණ්ඩ මාරුත වැනි හදිසි කාලගුණික ආපදා තත්ත්වයන් ද වාර්ථා වේ.

රජය විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන වැදගත් පනත් කෙටුම්පත් සහ නීතිමය සංශෝධන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ තීරණාත්මක පාලන තීන්දු ක්‍රියාත්මක කිරීම නීතිමය වශයෙන් ප්‍රමාද වන අතර පාලකයන් එයින් ව්‍යාකූලත්වයකට පත්වේ.

කටක රාශියේ සිදුවන මෙම සූර්ය ග්‍රහණයේ අපල දෝෂ දුරු කර ගැනීම සඳහා අගෝස්තු 12 දින සහ ඊට පසු යෙදෙන ඉරිදා දිනවලදී උදෑසන කාලයේ බෝධීන් වහන්සේට රතු පැහැති මල් සහ ගිතෙල් පහන් පූජා කර බෝධි පූජා සිදු කරන්න.

රතන සුත්‍රය නිවෙස්වල සජ්ඣායනා කිරීම තුළින් රටටත්, පවුලටත් එල්ල විය හැකි සියලු වෛරස් රෝග, හදිසි විපත් සහ අර්බුදවලින් මිදී ආරක්ෂාව සැලසෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනි
වාස්තු විශේෂඥ
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
0772279138

Address

Mawanella

Telephone

+94772279138

Website

Alerts

Be the first to know and let us send you an email when මැණිකෙ මිස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to මැණිකෙ මිස්:

Shortcuts

Share