Divine Meditation Center

Divine Meditation Center සිංහල භාවනා උපදෙස් Meditation Instructions - Beginners/ Advancing/ A

23/08/2021

Lucky Bamboo 🌵🌵 Arrangements WIth [REAL💎] Crystal Beads POTS for sale. Rs. 1200/-

ඔබට අවශ්‍ය Crystal යොදා සදා ගත හැක.

💎Blue Calcite Crystals: ⚡ඇස්වහ කටවහ දුරුකරයි.✨️ නිවසේ සාලයට ඇතුළු වන විටම පෙනෙන ලෙස තැබිය හැක.

⭐Yellow Calcite Crystals: ධන වාසනාව හා ව්‍යාපාරය දියුණව ඇතිකරවයි. 🥇ව්‍යාපාරය ස්ථානයේ හෝ මුදල් 💰 ගනුදෙනු කරන මේසය මත තියන්න.💖

🎀Rose Quartz : 🔥 ආදරය හා ආකර්ශනය ඇති කරයි. පවුලේ සමගිය ඇති කරයි. නිදන කාමරයේ තැබීමට සුදුසුයි.

🌵Chert Crystal - කහද: අහිතකර ශක්තින් පලවාහරී. වාතය පිරිසිදු කිරීමට භාවිතා කරයි
නාන කාමරයේ [bathroom] තැබීමට සුදුසයි.

💝 ආදරවන්තියට තෑග්ගක් ලෙස දෙන්න 💯

Delivery available. 🎯 Call 0 723 723 888

⚡💎The Absolute Best Places to Buy Real Crystals Online. 💎💎💯 Divine Meditation Center

The lucky bamboo plant is one of the most popular Feng Shui cures said to bring good luck and prosperity to the place where it is grown. It is also known to enhance the flow of positive energy in the home and office when placed in the right direction.

භාවනා කරන්න.. මේ වාසි අත් විඳින්නබුදු දහමට අනුව සතිපට්ඨාන භාවනා ක්‍රම මගින් අපේ මනසට අත්වන ප්‍රතිලාභ ගැන අප අසා තිබෙනවා....
07/01/2021

භාවනා කරන්න.. මේ වාසි අත් විඳින්න

බුදු දහමට අනුව සතිපට්ඨාන භාවනා ක්‍රම මගින් අපේ මනසට අත්වන ප්‍රතිලාභ ගැන අප අසා තිබෙනවා. මේ භාවනා ක්‍රම පිළිබඳ විවිධ විද්‍යාත්මක ධ්‍යයනයන් කිහිපයක්ම සිදුකර භාවනා ක්‍රම මගින් අපේ මනසට අත්වන ප්‍රතිලාභ පිළිබඳව ගවේෂණය කර තිබෙනවා. නමුත් මේ අධ්‍යයන කෙතරම් සිදුකළත් මේ කිසිම අධ්‍යයනයක් තවමත් සමත්වී නෑ යම්කිසි රෝගී තත්වයක් සුවපත් කරන්නට කෙතරම් භාවනා කිරීමට අවශ්‍යද යන්න පැවසීමට. කෙසේවුවත් භාවනා ක්‍රම අපට උපකාර වන ආකාර කිහිපයක් ගැන මෙම ලිපිය මගින් දැන් අපි අවධානය යොමු කරමු.

1) අවධානයෙන් සිටීම

ඔබ දවසේ සිදුකරන වැඩ රාජකාරී අතරේ දවසේ පළමු කාර්යය නිසිලෙස මනා සිහියක් ඇතිව සිදුකළ විට දවසේ සියළුම දෑ එක හා සමානව නිසි අවධානයකින් යුතුව නිමකිරීමේ හැකියාවක් ඔබ සතුවනවා. 2012 වර්ෂයේදී “Frontiers in Human Neuroscience” සඟරාව විසින් පෙර කිසිදු භාවනා ක්‍රියාකාරකමක් සිදු නොකළ මිනිසුන් පිරිසක් රැස්කර අපූරු පර්යේෂණයක් සිදුකරතිබෙනවා. මේ පර්යේෂණයට සහභාගී වූ මිනිසුන් කිහිපයකට සති 16 ක කාලයක් දිනකට විනාඩි 10 බැගින් සතිපට්ඨාන භාවනා කිරීමට උපදෙස් දී තිබෙනවා. මේ කාලය අතර තුල භාවනාවේ නිරත වූ මිනිසුන්ගේ විවිධ කාර්යයන් භාවනා නොකරන මිනිසුන්ට වඩා වැඩි පිළිවලින් යුතුව නිසි අවධානයෙන් සිදු කෙරුණු බව අධ්‍යයනය කරනු ලබුවා. මේ පර්යේෂණයේ ප්‍රතිඵලත් සමග සසඳන විට දී ඔප්පු වූ දෙයක් තමයි දිනකට සුළු වේලාවක් වුවත් භාවනා කිරීමට හැකි නම් එදිනෙදා ජීවිතයේ දී සිදු කරනු ලබන කාර්යයන් නිසි අවධානයකින් යුතුව සිදුකළ හැකි බව.

2) කාංසාව “Anxiety” සහ විෂාදය “Depression”කළමනාකරණය

2014 වසරේදී “ Social Cognitive and Affective Neuroscience ” විසින් එක්තරා පර්යේෂණයක් සිදු කරනු ලැබුවා. මේ පර්යේෂණය සඳහා භාවනා ක්‍රම පිළිබඳව කිසිම පළපුරුද්දක් නොමැති පුද්ගලයින් 15 දෙකෙකු යොදාගත්තා. දින හතරක කාලයක් ඇතුලත සතිපට්ඨාන භාවනා සිදුකළ මේ පුද්ගලයින්ගේ සිතෙන් කාංසාව දුරු වූ බව සොයාගත්තා. භාවනා ක්‍රම වල නිරත වීම මගින් කාංසාව දුරු වීමත් මනෝභාවය වර්ධනය වීමත් සිදු වී ඥානයත් වර්ධනය වනවා.

3) මානසික ආතතිය දුරලීම

භාවනා ක්‍රම පිළිබඳව සිදුකළ විවිධ අධ්‍යයනයන්ට අනුව තහවුරු කර තිබෙනවා මානසික ආතතිය ඇති අවස්ථාවන්හි දී ඒ හා සටන් වැදීමට මෙවන් සතිපට්ඨාන භාවනා ක්‍රම විශාල ලෙස උපකාර වන බව.

වර්ෂ 2013 දී ඇමරිකා එක්සත් ජනපදයේ “Richmond” වල පිහිටි “Virginia Commonwealth” සරසවියේ PhD උපාධිදාරියෙක් සහ මනෝවිද්‍යාඥයෙක් වන“Kirk Warren Brown” සහ සගයන් පිරිසක් විසින් භාවනා ක්‍රම නිසා මොළයේ මානසික ආතතිය හා සම්බන්ධ වන මනෝභාවාත්මක මධ්‍යස්ථාන සක්‍රිය වන ආකාරය අධ්‍යයනය කරනු ලැබුවා. භාවනා වල නිරතවීම මගින්ම මෙවන් පීඩාකාරී සිතුවිලි යටපත් කරගැනීමටත් මේ සිතුවිලි පාලනය කිරීමටත් අපට හැකියාව ඇතිබව “Brown” මහතා පවසනවා.

4) ශාරීරික වේදනා සමනය

විවිධ වේදනාකාරී තත්වයන්ගෙන් පසුවන පුද්ගලයින් කිහිප දෙනෙක් එක්කර ගෙන 2011 වර්ෂයේදී “Wake Forest” සරසවියේ “Zeidan” සහ සගයින් පිරිසක් විසින් එක්තරා පර්යේෂණක් දියත් කළා. මෙහිදී වේදනාවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට දින හතරක සතිපට්ඨාන භාවනා කිරීමට උපදෙස් දුන්නා. මේ දින හතරින් පසුව පර්යේෂණකාණ්ඩයම විසින්මේ පුද්ගලයින්ගේ අප්‍රසන්න බව 57% කින්ද වේදනාවේ තීව‍්‍රතාව 40% කින්ද අඩුවී ඇතිබව සොයාගත්තා. ඒ වගේම මේ පර්යේෂකවරුන් සොයාගත්තා මෙවන් යම්කිසි කෙනෙක් ශාරීරික වේදනාවකින් සිටිනා විට භාවනා ක්‍රම සිදු කිරීම මගින් මේ වේදනා ඉක්මණින් සුව වීම සදහා මොළය විසින් පුහුණුවක් ලබාදෙන බව.

Gray Matter (මධ්‍යම ස්නායු පද්ධතියේ ප්‍රධානතම අංගයක්) නිපැයුම වේගවත් කිරීම

මොළයේ විවිධ කොටස් තුල “Gray Matter” වල වේගවත් වර්ධනය මගින් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට, ධාරණ ශක්තිය වර්ධනය කරගැනීමට සහ මානසික නියාමනයට උපකාර වන බව විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

2011වසරේ “Psychiatry Research” සඟරාවේ මේ පිළිබඳව ධ්‍යයනවාර්තාවක් පලකළා. මෙහි සඳහන් වනවා පර්යේෂකවරුන් විසින් භාවනා ක්‍රම සිදුකරන පුද්ගලයින්ගේ මොළය ස්කෑන් පර්යේෂණ වල‍ට ලක්කළ බව. මේ ආකාරයට සති අටක කාලයක් ගතවීමෙන් පසුව නැවතත් ඔවුන්ගේ මොළය ස්කෑන් පර්යේෂණයකට ලක්කර තිබෙනවා. එහිදී සොයා ගෙන තිබෙනවා භාවනා ක්‍රම නිසා මොළයේ “Gray Matter” සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීමක් සිදුවී ඇති බව.

ඇල්සයිමර්ස් “Alzheimer” රෝගය හා සටන් වැදීම

භාවනා කිරීම මගින් මොළයේ පරිහානිය මන්දගාමී කර ඇල්සයිමර්ස් රෝගීතත්වය ඇති වීමේ අවධානම අඩුකරනු ලබනවා. “ Wake Forest ” සරසවියේ මහාචාර්යවරික් වන “ Rebecca Erwin ” සහ සගයින් පිරිසක් එක්වී 2013 වසරේ දී අධ්‍යයනයක් සිදුකරනු ලැබුවා. මෙම අධ්‍යයනය සදහා සාමාන්‍ය වශයෙන් වයස් ගතවීමේ දී මතක ශක්තිය ගිලිහී ගිය වැඩිහිටි පුද්ගලයින් සහ පූර්ණ වශයෙන් ඩිමෙන්ශියාව රෝගී තත්වය ඇති වූ වැඩිහිටි පුද්ගලයින් යොදාගත්තා. මේ අධ්‍යයනයට එක්වූ පිරිසට භාවනා ක්‍රම වල නිරත වන අතරේ පර්යේෂණයට ලක්කළා. මෙම අධ්‍යයනය මගින් සොයා ගැනුනේ භාවනා ක්‍රම මගින් ඇල්සයිමර්ස් වැනි රෝග ඇති වීම වලක්වාලීමත් ඇල්සයිමර්ස් රෝගය වැනි රෝග වැළදුණු පුද්ගලයින්ව සුවපත් කිරීමත් සිදුවන බවයි. මෙම අධ්‍යයනය මගින් සොයාගැනුන තවත් කරුණක් වන්නේ භාවනා සිදුකිරීම මගින් දිවාකාලයේදී සිහින දැකීම, අතීත සිතුවිලි සහ අනාගතය ගැන අනවශ්‍ය ආකාරයට සිතීම වැනි දෑ භාවනා කරන පුද්ගලයන්ට වඩා භාවනා නොකරන පුද්ගලයන් හට ඇතිවන බවයි. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් ආරක්ෂා වීම භාවනා කිරීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීම සිදුවනවා. 2012වසරේදී “Annals of Family Medicine” විසින් වයස අවුරුදු 50 ට සහ ඊට වැඩි පුද්ගලයින් යොදාගෙන සිදුකරනු ලැබුව අධ්‍යයනයක් විසින් සොයාගෙන තිබෙනවා සතිපට්ඨාන භාවනා ක්‍රම සෘතු උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි උග්‍ර ශ්වසන ආභාද ඇති කරවන රෝග සඳහා ව්‍යායාමයකට හා සමානව ඵලදායීව ක්‍රියා කරන බව. මේ අධ්‍යයනය විසින්ම සඳහන් කරන තවත් කරුණක් තමයි නිතර භාවනා ක්‍රම අනුගමනය කරන අයෙක්ට මානසික ආතතිය දුරුකර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගෙන ලෙඩරෝග හා සටන් කිරීමේ බලයක් හිමිවන බව.

අන්තර්ජාලය ඇසුරෙනි

සිංහල භාවනා උපදෙස් Meditation Instructions - Beginners/ Advancing/ Advanced | ආධුනික/මධ්‍යම/දියුණු යෝගීන් සඳහා.These ins...
05/01/2021

සිංහල භාවනා උපදෙස් Meditation Instructions - Beginners/ Advancing/ Advanced | ආධුනික/මධ්‍යම/දියුණු යෝගීන් සඳහා.

These instructions are given by Most Ven. U. Dhammajiva Maha Thero of Meetirigala Nissaranavanaya Forest Monastery, Sri Lanka. The Maha Thero is a traditionally trained meditation master of Theravada Buddhism.

Most Ven. U. Dhammajiva Maha Thero primarily teaches Vipassana meditation. However, he is also trained in Samatha or tranquility meditation. He is one of the very few traditional teachers who could guide a student in either pure Vipassana or Samatha meditation according to the inherent characteristics of that student.

01. Basic Instructions in Meditation_Sinhala
https://archive.org/download/05.OvercomingHindrancesAndGainingTheRewardsOfThePractice/01.%20Basic%20Instructions%20in%20Meditation_Sinhala.mp3

02. Intrusive thoughts in Meditation – 1
https://archive.org/download/05.OvercomingHindrancesAndGainingTheRewardsOfThePractice/02.%20Intrusive%20thoughts%20in%20Meditation%20-%201.mp3

03. Intrusive thoughts in Meditation – 2
https://archive.org/download/05.OvercomingHindrancesAndGainingTheRewardsOfThePractice/03.%20Intrusive%20thoughts%20in%20Meditation%20-%202.mp3

04. Non-reaction in Meditation.
https://damsara.org/dhamma-talks-in-sinhala/basic-instructions-in-meditation-sinhala/04-non-reaction-in-meditation/

05. Overcoming Hindrances and Gaining the Rewards of the Practice.
https://damsara.org/dhamma-talks-in-sinhala/basic-instructions-in-meditation-sinhala/05-overcoming-hindrances-and-gaining-the-rewards-of-the-practice/

06. This guidance will help you to mature both in Life and Meditation.
https://archive.org/download/AnExceptionalExplanationOnVibhavaThanha/ThisGuidenceWillHelpYouToMatureBothInLifeAndMeditation.mp3







Address

Divine Aura
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Divine Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share