Student Association of Manasuwa International Institute of Psychology

Student Association of Manasuwa International Institute of Psychology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Student Association of Manasuwa International Institute of Psychology, Psychologist, Naiwala.

Connect with the Manasuwa International Psychological Institute Alumni Association for networking, growth in psychology, and celebrating diverse achievements in research, practice, and advocacy.

🗓️ අප්‍රේල් 19 - ඉරිදා!​එදාට අපි හැමෝම යක්කල ශාඛාවේදී මුණගැහෙනවා. මනසුව පවුලේ අපේ "සූර්ය මංගල්‍යය" වෙනුවෙන් ඔබේ දවස අදම ...
17/04/2026

🗓️ අප්‍රේල් 19 - ඉරිදා!

​එදාට අපි හැමෝම යක්කල ශාඛාවේදී මුණගැහෙනවා. මනසුව පවුලේ අපේ "සූර්ය මංගල්‍යය" වෙනුවෙන් ඔබේ දවස අදම වෙන් කරවා ගන්න. 🤝✨

​අපි හැමෝම එදාට එතන! 🌞

🌞 මනසුව සූර්ය මංගල්‍යය - 2026 🌞​සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය විඳින්නට, මනසුව පවුලේ අපි සූදානම්! 🪔✨​වසර පුරා අප ස...
17/04/2026

🌞 මනසුව සූර්ය මංගල්‍යය - 2026 🌞

​සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය විඳින්නට, මනසුව පවුලේ අපි සූදානම්! 🪔✨

​වසර පුරා අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමගේ ආදරයත්, සාමූහිකත්වයේ ජයග්‍රහණයත් සමරන්නට අප්‍රේල් 19 වන දින යක්කලදී අපි මුණගැසෙමු. 🤝

​මෙවර සූර්ය මංගල්‍යයේදී:
✅ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝදජනක තරග 🏹
✅ රසවත් දේශීය කැවිලි පෙතිවලින් පිරි කැවිලි මේසය 🍪☕
✅ "Secret Santa" විශේෂ තෑගි හුවමාරුව 🎁
✅ මනසුව සාමාජිකයින්ගේ සුහද හමුව සහ තවත් විශේෂාංග රැසක්...

​🗓️ දිනය: 2026 අප්‍රේල් 19 (ඉරිදා)
📍 ස්ථානය: මනසුව ආයතනය, යක්කල ශාඛා පරිශ්‍රය
​"එකමුතුකමින් අලුත් වන, මනසුව සොඳුරු මතකය" 🌸

අඳුරු කුටියක වැතිර සිටි සිතිවිලිවලට,හිරු රැසක් වූවා ඔබ...නොදන්නා ලොවක අගමුල සොයන කල,රන් පහනක් වූවා ඔබ...පොතේ අකුරට එහා ද...
14/04/2026

අඳුරු කුටියක වැතිර සිටි සිතිවිලිවලට,
හිරු රැසක් වූවා ඔබ...

නොදන්නා ලොවක අගමුල සොයන කල,
රන් පහනක් වූවා ඔබ...

පොතේ අකුරට එහා දිවෙනා,
ජීවිතේ පරුෂ පද පවා,
සෙනෙහෙබර හදවතින්
අරුත් ගැන්වූවා ඔබ...

යටිසිතේ අභිරහස්,
එකිනෙක ලිහා ගනිමින්,
මනස කියවන අයුරු
සෙනෙහසින් කියා දුන්,
මගේ ආදරණීය ගුරුතුමිය ඔබ...

මංමුළා වන්නට,
ඉඩ නොතී කිසිම දින
ප්‍රඥාවේ දෑසින්,
​සිතක ගැඹුරුම තැන්,
විනිවිද දකිනා කල
අත්වැලක් වී හිඳ - මට ශක්තිය දුන් ඔබ.....

නොපෙනෙනා මානයන්,
ඇස් පනාපිට දකින්නට
සවිඥානික බැල්ම,
මට දායාද කළේ ඔබ...

​නුඹේ ඔය මදහස,
තව දහස් ගණනකට පාර පෙන්වන,
මිණි පහනක්ම වේවා...

සුබ උපන්දිනයක් වේවා මගේ ගුරු මෑණියනි!❤🌷💐 Dulanjala M. Welikanda

පද පෙල - සඳරුවනි දීප්තිකා සොහොයුරිය

🌸 සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌸නව අවුරුද්දත් සමඟ ඔබගේ ජීවිතයටසතුට, සැනසීම, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරින...
14/04/2026

🌸 සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌸

නව අවුරුද්දත් සමඟ ඔබගේ ජීවිතයට
සතුට, සැනසීම, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි
නව ආරම්භයක් උදාවේවා! ✨

පරණ සිතුවිලි අතහැර,
නව බලාපොරොත්තු සහ නව අරමුණු සමඟ
ප්‍රීතිමත් ගමනක් ආරම්භ කරන්න මේ සුබ අවස්ථාවක් වේවා 🌿

ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත්
සතුටින් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 💛

– මනසුව ශිෂ්‍ය සංගමය

06/04/2026

🌸 නැවුම් මනසකින් - නව වසරකට 🌸
Link Updated 😇
​අද රාත්‍රී 8.00 ට අප සමඟ එක්වන්න! ✨
​💻 Zoom Link:
🔗 https://us06web.zoom.us/j/83781181508?pwd=AjKc1QoEBbwboeoZwL9l5cIh7jzEfe.1
​Meeting ID: 837 8118 1508
Passcode: 1111
​🌸 Fresh Mind - For a New Year 🌸
Join us tonight at 08:00 PM! ✨
​💻 Zoom Link:
🔗 https://us06web.zoom.us/j/83781181508?pwd=AjKc1QoEBbwboeoZwL9l5cIh7jzEfe.1
​Meeting ID: 837 8118 1508
Passcode: 1111

🌿 "නැවුම් මනසකින් - නව වසරකට" වැඩසටහනේදී අපි මොනවද කතා කරන්නේ? 🌸​අප්‍රේල් 06 වනදා රාත්‍රී 8.00 ට Zoom ඔස්සේ පැවැත්වෙන මෙ...
05/04/2026

🌿 "නැවුම් මනසකින් - නව වසරකට" වැඩසටහනේදී අපි මොනවද කතා කරන්නේ? 🌸

​අප්‍රේල් 06 වනදා රාත්‍රී 8.00 ට Zoom ඔස්සේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන ප්‍රධාන මාතෘකා 6ක් සාකච්ඡා කෙරේ:

​✅ සිංහල අවුරුද්දේ පදනම: සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ ජ්‍යොතිෂමය සහ සංස්කෘතික පදනම මෙන්ම, එහි ඇති ගැඹුරු ජීවිතාර්ථයන් හඳුනා ගැනීම.

​✅ පරණ දේ අතහැරීම (Letting Go): පසුගිය වසරේ මනසට වධ දුන් අමිහිරි මතකයන් සහ සෘණාත්මක සිතුවිලි විද්‍යාත්මකව බැහැර කරන්නේ කෙසේද?

​✅ අලුත් අවුරුදු චාරිත්‍රවල මානසික පැතිකඩ: ගේ දොර අලුත් කරනවා සේම, අපේ මනස අලුත් කරගන්නා මනෝවිද්‍යාත්මක ක්‍රමවේද හඳුනා ගැනීම.

​✅ ධනාත්මක ඉලක්ක සැකසීම (Positive Goal Setting): නව වසරේ අරමුණු කරා යන ගමනේදී මානසික ශක්තිය සහ ඒකාග්‍රතාවය පවත්වා ගන්නා ආකාරය.

​✅ ආතතිය කළමනාකරණය (Stress Management): දෛනික ජීවිතයේ පීඩනයන් හමුවේ නොසැලී, සන්සුන්ව මුහුණ දීමට අවශ්‍ය ප්‍රායෝගික අභ්‍යාස.

​✅ සතුටුදායක සබඳතා ගොඩනැගීම: පවුලේ අය සහ හිතමිතුරන් සමඟ වඩාත් යහපත් සහ සහයෝගී සබඳතාවන් පවත්වා ගන්නේ කෙසේද?

​👩‍🏫 මෙහෙයවීම:
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ මෝහනවේදීනි දුලංජලා එම්. වැලිකන්ද මහත්මිය
(අධ්‍යයන අංශ ප්‍රධානී - මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය)

​✨ විශේෂත්වය: මෙහිදී ප්‍රවීණ දේශකතුමිය සමඟ සෘජුවම ගැටලු සාකච්ඡා කිරීමටත් ඔබට අවස්ථාව හිමි වේ.

​💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
​වැඩසටහන පිළිබඳ සියලුම යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට පහත සබැඳියෙන් අපගේ සමූහයට එක්වන්න:
🔗 https://chat.whatsapp.com/DOCyg2XmK2C8tTem8dpVYw

​මනසුව ශිෂ්‍ය සංගමය 🤝
Start Fresh • Think Positive • Live Better

🌸 නැවුම් මනසකින් - නව වසරකට 🌸පරණ සිතුවිලි අතහැර...ධනාත්මක සිතුවිලි සමඟින්අලුත් අවුරුද්දට අලුත් ආරම්භයක්!​💬 අපගේ WhatsApp...
31/03/2026

🌸 නැවුම් මනසකින් - නව වසරකට 🌸

පරණ සිතුවිලි අතහැර...
ධනාත්මක සිතුවිලි සමඟින්
අලුත් අවුරුද්දට අලුත් ආරම්භයක්!

​💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
​වැඩසටහන පිළිබඳ සියලුම යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට පහත සබැඳියෙන් අපගේ සමූහයට එක්වන්න:
🔗 https://chat.whatsapp.com/DOCyg2XmK2C8tTem8dpVYw

🌸 නැවුම් මනසකින් - නව වසරකට 🌸​සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමඟ, ඔබේ ජීවිතයටත් අලුත් ආරම්භයක් ලබා දෙන්න 🌿​පරණ සිතුවිලි ...
31/03/2026

🌸 නැවුම් මනසකින් - නව වසරකට 🌸

​සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමඟ, ඔබේ ජීවිතයටත් අලුත් ආරම්භයක් ලබා දෙන්න 🌿

​පරණ සිතුවිලි සහ පීඩනයන් අතහැර, ධනාත්මක මනෝභාවයකින් යුතුව නව වසරේ ගමන ආරම්භ කරන්න අප සමඟ එක්වන්න! ✨

​📅 වැඩසටහන් තොරතුරු:
​දිනය: 2026 අප්‍රේල් 06 වනදා
​වේලාව: රාත්‍රී 8.00 ට
​මාධ්‍යය: Online (Zoom ඔස්සේ)

​👩‍🏫 මෙහෙයවීම:
​ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ මෝහනවේදී
දුලංජලා එම්. වැලිකන්ද මහත්මිය
(අධ්‍යන අංශ ප්‍රධානී - මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය)

​💰 ආයෝජනය:
​සහභාගිත්ව ගාස්තුව: රු. 500/= පමණි 💳

​📝 ලියාපදිංචි වීමට:
​පහත සබැඳිය (Link) හරහා අදම ලියාපදිංචි වන්න:
🔗 https://forms.gle/5Z4ecn8WeroCM31B9

​💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
​වැඩසටහන පිළිබඳ සියලුම යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට පහත සබැඳියෙන් අපගේ සමූහයට එක්වන්න:
🔗 https://chat.whatsapp.com/DOCyg2XmK2C8tTem8dpVYw

​📞 වැඩිදුර විස්තර සඳහා:
​WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
071 711 1331

​🤝 සංවිධානය:
මනසුව ශිෂ්‍ය සංගමය
(මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය)

​💚 Start Fresh • Think Positive • Live Better

🎓 සුභ පැතුම්! 🎓අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේ...
27/03/2026

🎓 සුභ පැතුම්! 🎓

අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදී සාර්ථකව තම අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරමින් ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ලබාගත් සියලුම සිසුන්ට අපගේ හෘදයාංගම සුභ පැතුම්! 🌟

ඔබගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය මෙම සාර්ථකත්වයට පදනම විය.
අනාගතයේ ඔබට තවත් උසස් ජයග්‍රහණ ලැබේවා! ✨

🌿 ඔබගේ අනාගතය සාර්ථකත්වයෙන් පිරී පවතීවා!

– මනසුව ශිෂ්‍ය සංගමය

🌿 මානසික සුවතාවය ගැන දැනගමුඔබගේ මානසික සුවතාවය, ඔබගේ ශාරීරික සෞඛ්‍යයට සමානවම වැදගත්ය.අද දිනයේ මිනිත්තුවක් ගෙන, ඔබගේ මනස ...
24/03/2026

🌿 මානසික සුවතාවය ගැන දැනගමු

ඔබගේ මානසික සුවතාවය, ඔබගේ ශාරීරික සෞඛ්‍යයට සමානවම වැදගත්ය.
අද දිනයේ මිනිත්තුවක් ගෙන, ඔබගේ මනස ගැන හිතන්න. 💙
#මානසිකසුවතාවය

🌿 සිසුන්ගේ මනසුව සඳහා අපගේ කැපවීම 🌿පසුගිය අවුරුදු දෙක තුළ, මනසුව ශිෂ්‍ය සංගමය විසින් පාසල්වල වැඩමුළු 15ක් සාර්ථකව සංවිධා...
13/03/2026

🌿 සිසුන්ගේ මනසුව සඳහා අපගේ කැපවීම 🌿

පසුගිය අවුරුදු දෙක තුළ, මනසුව ශිෂ්‍ය සංගමය විසින් පාසල්වල වැඩමුළු 15ක් සාර්ථකව සංවිධානය කර ඇත.

මෙම වැඩමුළු හරහා සිසුන්ගේ මානසික සුවතාවය, ආවේග කළමනාකරණය සහ පුද්ගලික සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම අපගේ අරමුණ විය.

අනාගතයේද පාසල් සහ සමාජය තුළ මානසික සුවතාවය පිළිබඳ දැනුවත් කිරීම වැඩිදියුණු කිරීම සඳහා අපගේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව සතුටින් සඳහන් කරමු.

🌿 Creating Awareness • Inspiring Young Minds 🌿

Over the past two years, the Student Association of Manasuwa International Research Institute of Psychology has successfully conducted 15 school workshops focusing on student mental health, emotional wellbeing, and personal development.

Through these programs, we aim to raise awareness about psychological wellbeing and help students develop the skills needed to manage stress, emotions, and everyday challenges in school life.

✨ Together, we continue our journey to promote mental health awareness in schools and communities.



Address

Naiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Student Association of Manasuwa International Institute of Psychology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category