Healthma Medical Center - Neluwa

Healthma Medical Center - Neluwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Healthma Medical Center - Neluwa, Medical and health, Near the bus stand, Neluwa.

28/07/2026

නිරෝගී, ලස්සන සමක රහස මොකක්ද දන්නවද? කවදාවත් Sunscreen එකක් ගාන්න අමතක නොකරන එක!

ඔයාගේ sensitive skin එකට ඕනෙම කරන ඉහළම UVA සහ UVB ආරක්ෂාව මේකෙන් ලැබෙනවා. අනික, මූණේ ගෑවම සුදු පාටට පේන්නේ නෑ..

ඇලෙන ගතියක් නෑ... සමට කිසිම හානියක් නෑ... මේක 100%ක්ම විශ්වාසවන්ත dermatological protection එකක්...

13/06/2026
02/11/2025

Ear piercing..

⭕විටමින් D ඌනතාවයේ  රෝග ලක්ෂණ🔰 රෝගීන් රැසක් ඇඟපත වේදනාව අධික තෙහෙට්ටුව හන්දි කැක්කුම් හිරිවැටිම් වලට වසර ගණනක් තිස්සේ වේ...
09/07/2025

⭕විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ

🔰 රෝගීන් රැසක් ඇඟපත වේදනාව අධික තෙහෙට්ටුව හන්දි කැක්කුම් හිරිවැටිම් වලට වසර ගණනක් තිස්සේ වේදනානාසක ගත්තද සුවයක් නොමැති වී ඇත එනම් බෙහෙත් ගන්නා අවස්තාවේ පමණක් වේදනාව සහ රෝග ලක්ෂණ අඩුවන අතර එම බෙහෙත් නැවැත්වූ විට නැවත පෙරලෙසම හෝ ඊටත් වැඩියෙන් එම රෝග ලක්ෂණ ඔවුන්ට දැනුණි

🔹මෙම රෝගීන් විටමින් ඩී ඌනතාවයෙන් පෙලෙන බව හඳුනා ගැනීමෙන් පසු විටමින් ඩී මඟින් ප්‍රතිකාර කිරීම මගින් ඔවුන්ගේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම සුව විය

🔘සමහර අදික උණතාවයක් ඇති රෝගීන්ට විටමින් D එන්නත් දීමට සිදු වුනා මෙම නිසා ලිපිය ලියන්නට සිතුනා
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🔹විටමින් ඩී ඌනතාවය ඔබේ අස්ථි සහ මාංශ පේශි ස්නායු ඇතුලු ශරිරයේ පටක රැසක ගැටලු ඇති කරන බහුල විටමින් ඌනතාවයකි.

⭕විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?

🔹ළමුන් තුළ විටමින් D හි දැඩි ඌනතාවය රිකේට් වලට හේතු වේ

🔸 රිකේට් වල රෝග ලක්ෂණ

▪️නැමුණු අස්ථි හේතුවෙන් වැරදි වර්ධන රටාවන්.
▪️මාංශ පේශි දුර්වලතාවය.
▪️අස්ථි වේදනාව.
▪️සන්ධිවල විකෘතිතා.
▪️සුලු විටමින් ඌනතාවයෙන් පෙළෙන දරුවන්ට දුර්වල, වේදනාකාරී මාංශ පේශි තිබිය හැක.

🔹විටමින් D ඌනතාවය ඇති වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ

▪️තෙහෙට්ටුව.
▪️අස්ථි වේදනාව.
▪️කොන්දේ වේදනාව
▪️සන්ධි වෙදනාව
▪️ඇගේ කැක්කුම
▪️මාංශ පේශි දුර්වලතාවය,
▪️මාංශ පේශි කැක්කුම
▪️මානසික අවපීඩනය
▪️අත් කකුල් හිරී වැටිම
▪️ප්‍රතිශක්තිය අඩුවිම නිසා නිතර නිතර ආසාදන වලට ලක්විම

⭕විටමින් D ඌනතාවයට හේතුව කුමක්ද?

🔹පොදුවේ ගත් කල, විටමින් D ඌනතාවයේ ප්රධාන හේතු දෙක වන්නේ:

🔘ඔබේ ආහාර වේලෙහි සහ/හෝ හිරු එළිය හරහා ප්‍රමාණවත් විටමින් D ලබා නොගැනීම.

🔘ඔබේ ශරීරය විටමින් ඩී නිසි ලෙස අවශෝෂණය නොකිරීම

🔘ඇතැම් වෛද්ය තත්වයන්.

▪️බර අඩු කිරීම - සැත්කම්.
▪️ඇතැම් ඖෂධ.
▪️වයස්ගත වයස සහ ඔබේ සමේ ඇති මෙලනින් (වර්ණක) ප්‍රමාණය වැනි විවිධ ජීව විද්‍යාත්මක හා පාරිසරික සාධක කිහිපයක් ද විටමින් D ඌනතාවය වර්ධනය වීමේ වැඩි අවදානමකට ඔබව පත් කළ හැකිය.

🔘තරබාරුකම: මේද සෛල විටමින් D ගබඩා කර තබා ගන්නා අතර එමඟින් එය මුදා හරිනු නොලැබේ. තරබාරුකමට බොහෝ විට සාමාන්‍ය මට්ටමට ළඟා වීමට සහ පවත්වා ගැනීමට විටමින් D අතිරේක විශාල මාත්‍රාවක් ගැනීම අවශ්‍ය වේ.

⭕විටමින් D ඌනතාවය හඳුනා ගන්නේ කෙසේද?

▪️ විටමින් ඩී මට්ටම් පරීක්‍ෂාව (vitamin D level)
▪️ ඔබට ඇතැම් වෛද්‍ය තත්වයන් හෝ විටමින් ඩී ඌනතාවය සඳහා අවදානම් සාධක තිබේ නම් සහ/හෝ එහි රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ විටමින් D මට්ටම් පරීක්ෂා කිරීමට අවශ්‍ය විය හැකිය.

⭕විටමින් D ඌනතාවයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

🔹විටමින් ඩී ඌනතාවයට ප්‍රතිකාර කිරීම සහ වැළැක්වීමේ අරමුණු එක හා සමානයි: ඔබේ ශරීරයේ ප්‍රමාණවත් විටමින් ඩී මට්ටමට ළඟා වීම සහ පසුව පවත්වා ගැනීම.

විටමින් ඩී අඩංගු ආහාර වැඩිපුර ගැනීම සහ වැඩි හිරු එළිය ලබා ගැනීම ගැන ඔබ සලකා බැලිය හැකි අතර, වෛද්ය වරයෙකු විටමින් ඩී අතිරේක ගැනීම නිර්දේශ කරනු ඇත.

🔹විටමින් D ආකාර දෙකකින් පැමිණේ: D2 සහ D3. D2 (ergocalciferol) පැලෑටි වලින් පැමිණේ. D3 (cholecalciferol) සතුන්ගෙන් පැමිණේ.

🔹ඔබට විටමින් අතිරේකයක් අවශ්‍යද යන්න සහ අවශ්‍ය නම් කොපමණ ප්‍රමාණයක් ගත යුතුද යන්න සොයා බැලීමට ඔබේ වෛද්ය වරයා සමඟ කටයුතු කරන්න.

⭕ස්වභාවිකවම විටමින් ඩී අඩංගු ආහාර කිහිපයක් ඇත,

🔘සැමන්, ටූනා සහ මැකරල් සහ සාඩින් වැනි මේද මාළු.
🔘හරක් මස් (ගව) අක්මාව.
🔘හතු.
🔘බිත්තර කහ මදය.
🔘කෝඩ් අක්මා තෙල්.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර

ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.. ඔයාල හැමෝම කවදා හෝ දවසක බඩ දැවිල්ලක් ආපු වෙලාවක Digene පෙත්තක් හපලා...
17/05/2025

ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.. ඔයාල හැමෝම කවදා හෝ දවසක බඩ දැවිල්ලක් ආපු වෙලාවක Digene පෙත්තක් හපලා කාලා, Gaviscon, Belcid වගේ Syrup (syrup කියලා මේ ලිපියේ පහසුවට කිව්වට ඇත්තටම හරිම වෛද්‍ය විද්‍යාත්මක වචනය suspension කියන එක 😊😊) එකක් බීලා ඇති.. ඒත් ඔබ දැනගෙන හිටියා ද මේ දේවල් හරියට ගත්තෙ නැත්නම් අදාළ ප්‍රථිපල ලැබෙන්නේ නෑ කියලා.. මම අද ඒ ගැන ලියන්න හිතුවා..

Digene, Gaviscon, Belcid වගේ Tablet, Syrup වලට පොදුවේ කියන්නේ antacid කියලා..

මොනවද මේ Antacid කියන්නේ..?

Antacid කියන්නේ acid උදාසීන කරන්න පුළුවන් කියන එක.. මෙන්න මේ antacid නිශ්පාදනය කරලා තියෙන්නේ Aluminum Hydroxide, Magnesium Hydroxide, Magnesium Trisilicate වගේ රසායනික සංයෝග වලින්..

කොහොමද මේ Antacid ක්‍රියා කරන්නේ..?

වැදගත්ම කරුණ නම් antacid වලට ආමාශයේ න් acid ශ්‍රාවය වන එක නතර කරන්න බෑ.. ඒකට පුළුවන් ශ්‍රාවය වෙලා තියෙන acid ටික neutralize කරන්න එහෙමත් නැත්නම් acid ටික උදාසීන කරලා දාන්න.. ඉස්සෙල්ලා මම කියපු digene, belcid, gaviscon වල තියෙන රසායනික සංයෝග භාස්මික රසායනික,. අන්න ඒ භාස්මික රසායනික සමග ආමාශයේ තියෙන acid ප්‍රතික්‍රියා කරලා ආමාශයේ තියෙන acid ටික උදාසීන කරලා දානවා.. ඔන්න ඕක තමයි antacid වල ක්‍රියාකාරීත්වය..

මෙන්න මේ antacid ගන්න වෙලාවට ඔබ කරන වැරදි මොනවද..? කොහොමද නිවැරැදි ව මේ දේවල් භාවිතා කරන්න ඕන..?

1. ගොඩක් අය හිතන් ඉන්නේ මෙන්න මේ antacid ගන්න ඕන කෑමට පෙර කියලා.. මෙන්න මේ දේ නම් වැරදි කතාවක්.. Antacid ගන්න හොඳම වෙලාව කෑම අරගෙන පැයත‍් දෙකත් අතර කාලයක.. ඒකට ප්‍රධාන හේතුව නම් ආමාශයේ වැඩිපුරම acid ශ්‍රාවය වෙලා තියෙන්නේ කෑම අරගෙන පැයක් පමණ ගත උණාට පස්සෙයි. ඒක නිසා සාර්ථක ප්‍රතිඵල ගන්න නම් කෑම අරගෙන පැයක්, පැය දෙකක් අතර ගන්න..

2. ගොඩක් අය කරන තවත් වරදක් තමයි ඔබ වෙනත් රෝගයකට බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් බීපු වෙලාවෙම මෙන්ම මේ antacid භාවිතා කරනවා.. මේ දේ ගොඩක්ම වැරදි දෙයක්.. ඒකට හේතුව තමයි බොහෝ ඖෂධ ශරීරයට උරා ගැනීම සැලකිය යුතු ප්‍රමාණයකි න් අඩු වෙනවා වෙනත් ඖෂධ හා antacid එකම වෙලාවක් තුළ ගැනීම නිසා..ඒ හේතුව නිසා ඔබ වෙනත් ඖෂධ ලබා ගන්නේ නම් ඒ ඖෂධ ලබාගෙන පැයක්, දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid ලබා ගන්න..

3. සමහර ඖෂධ නිශ්පාදනය කරන්නේ භාස්මික මධ්‍යයේ දියවී ශරීරයට උරා ගන්න.. ඒ කියන්නේ ඒවා අන්ත්‍රයේදී තමයි දිය වෙලා ශරීරයට උරා ගන්නේ.. මෙන්න මේ ඖෂධ නිශ්පාදනය කරන්නේ විශේෂිත ආවරණයක් මගින් ඖෂධ ආවරණය කරලා.. අපි අන්න ඒ වගේ පෙති වලට කියනවා enteric coated tablet කියලා.. මෙන්න මේ පෙති ආමාශයේ දි ඒ කියන්නේ ආම්ලික මධ්‍යයේ දි දිය වෙන්නේ නෑ.. හැබැයි මේ වගේ enteric coated පෙති එක්ක digene, gaviscon වගේ දේවල් ගත්තම ආමාශයේ ආම්ලික ගතිය අඩු වෙලා භාස්මික වෙනවා.. එහෙම උනොත් වෙන්නේ entoric coated tablet ආමාශය තුළ දිය වෙනවා.. එහෙම උනොත් ඒ ඖෂධය මගින් අදාළ ප්‍රථිපලය ලැබෙන්නේ නෑ.. මෙන්න මේ නිසා enteric coated විඳිය ට හදපු ඖෂධ සමග digene, gaviscon වගේ ඒවා ගන්න යන්න එපා.. පැයක් දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid භාවිතා කරන්න..

මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?

1. එන්න පුළුවන් ප්‍රධාන අතුරු ආබාධයක් තමයි මේ antacid නිෂ්පාදනයට ගන්න aluminum hydroxide වලින් මළ බද්ධය ඇති වීම.. ඒ වගේම magnesium hydroxide වලින් බඩ බුරුල් කර මල පහ පිටවීම.. මෙන්න මේ අතුරු ආබාධ දෙක පාළනය කරන්න හොඳම විසදුම තමයි මේ සංයෝග දෙකම එකතු කරලා antacid නිශ්පාදනය කිරීම.. අන්න ඒ විඳිය ට තමයි ගොඩක් antacid නිශ්පාදනය කරලා තියෙන්නේ..
2. තව ඔක්කාරය, වමනය වැනි රෝග ලක්ෂණ එන්න පුළුවන්..
විශේෂ කරුණු...
1. ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට මේ antacid ලබාදෙන්න පුළුවන්..
2. දවසට තුන් හතර පාරක් භාවිතා කරන්න පුළුවන්.. (ආහාර වේල් දෙකක් අතරතුර සහ නිදා ගැනීමට පෙර ආකාරයට, මීට අමතරව gastrities උග්‍ර වූ අවස්ථාවේ ලබා ගත හැක. )
3. පෙති වලට වඩා සිරප් වලින් ලැබෙන ප්‍රථිපලය ඉක්මන් සහ වැඩි යි.
4. වකුගඩු සහ අක්මා රෝග වලදී පරිස්සමින් ලබා දිය යුතුයි..

😳 දන්න අඳුනන 'ජීවනී' ගැන ඇත්තම කතාව 🥵 වමනය හා පාචනය වැනි රෝග තත්ත්ව හමුවේ ශරීරය විජලනය වීම බොහෝ අයෙකුට සුලබ අත්දැකීමකි. ...
02/02/2025

😳 දන්න අඳුනන 'ජීවනී' ගැන ඇත්තම කතාව

🥵 වමනය හා පාචනය වැනි රෝග තත්ත්ව හමුවේ ශරීරය විජලනය වීම බොහෝ අයෙකුට සුලබ අත්දැකීමකි. එලෙස ශරීරය විජලනය වීම වැළැක්වීමට හැකි ඖෂධයක් ලෙස 'ජීවනී' හැදින් විය හැක. 'ජීවනි' යනු මුඛ සජලන ප්‍රතිකාර මිශ්‍රණයකි. (ORS - Oral rehydration soultion)

✅ මෙය අපට අවශ්‍ය වූ විට ඔසුසලකින් ලබා ගත හැකි මෙය ප්‍රමාණ 2️⃣කින් වෙළෙඳපොළට පැමිණේ.

1) විශාල පැකැට්ටුව - ජලය ලීටර 1️⃣ක දිය කළ යුතුය.
2) කුඩා පැකැට්ටුව - ජලය මිලිලීටර 2️⃣0️⃣0️⃣ක දිය කළ යුතුය.

🏥 ජීවනී පැකැට්ටුවක අන්තර්ගත සංඝටක

✅🫗 ප්‍රධාන වශයෙන් ලවණ වර්ග කිහිපයක් අන්තර්ගත වේ.

1) පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl)
2) පොටෑසියම් සිට්‍රේට්
3) සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) 🧂
මීට අමතරව නිර්ජලීය ග්ලුකෝස් (anhydrous glucose) අන්තර්ගතය.

👩🏼‍⚕️ ජීවනී භාවිතා කරන අවස්ථා

👆🏻 වමනය හා පාචනය මගින් ඇති වන විජලනය වළක්වා ගැනීම
👆🏻 මීට අමතරව ශරීරයේ අයන හා ජල සමතුලිතතාවය (Water and electrolytes balance) නිසි ලෙස පවත්වා ගැනීමට යොදා ගත හැක.

🫖 ජීවනී පිළියෙල කරගන්නා ආකාරය
1) නටන තුරු උණු කරගත් ජලය සිසිල් වීමට තබන්න.
2) පැකැට්ටුවේ සඳහන් පරිදි නිවැරදි ජල පරිමාව මැනගන්න.
3) පැකැට්ටුවේ අඩංගු සියල්ල ජලයට යොදා හොඳින් දිය කරගන්න.

✅ රෝගීයාගේ වයසට අදාළව ලබා දිය යුතු ජීවනී ප්‍රමාණය පානයට ලබා දෙන්න.

⌛ සාමාන්‍යයෙන් පිළියෙල කරන ලද ජීවනී ද්‍රාවණයක් පැය 2️⃣4️⃣කින් පසු ඉවත් කරන්න. ✅✅✅

🤕 ඇතැම් විට ජීවනී නිසි ක්‍රමවේදයට පිළියෙල නොකරන අවස්ථා දැක ගත හැක. එවිට බොහෝවිට සිදුවන්නේ නිවැරදි ප්‍රමාණයට තනුක නොවීමයි.
🤕 උදාහරණ :- ලීටර 1️⃣ක පිළියෙල කර යුතු පැකැට්ටුව ඊට වඩා අඩු පරිමාවක මිශ්‍ර කිරීම ➡️ එවිට සාන්ද්‍රණය වැඩි වී විවිධ සංකූලතා හට ගනී.

⭕ ජීවනී පානය කරන විට ඇස් වටා ඉදිමුම හටගනී නම් වහාම ජීවනී පානය කිරීම නතර කරන්න.

⭕ ජීවනී ආහාර වෙනුවට ලබා ගන්නා ඖෂධයක් නොවන බව සිහි තබා ගන්න.
🛑 කිසිදු විටක එකවර සාදාගත් ජීවනී ද්‍රාවණය පානය නොකරන්න. අදාළ කාලය ඇතුළත තමන්ගේ වයසට අදාළ පරිමාණය පානය කරන්න.

❗ ජීවනී පානය කළ ද ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතු අවස්ථා
1) වමනය දිගටම පවතින විට 🤮
2) පාචනය දිගටම පවතින විට 🚽
3) රෝගීයා ආහාර පාන ප්‍රතික්ෂේප කරන විට

Article by :- Dhanuka Aponsu
Graphic by :- Induwara Rajakaruna

“ටීනියා කෝපෝරිස් ” (Tinea corporis) නම් වූ කැසීමේ රෝගය, ඖෂධ වලට ප්‍රතිරෝධීවීමට හේතුව කුමක්ද ?දකුණු ආසියාව පුරා වේගයෙන් ප...
31/12/2024

“ටීනියා කෝපෝරිස් ” (Tinea corporis) නම් වූ කැසීමේ රෝගය, ඖෂධ වලට ප්‍රතිරෝධීවීමට හේතුව කුමක්ද ?

දකුණු ආසියාව පුරා වේගයෙන් පැතිරෙන, ඖෂධ ප්‍රතිරෝධී “ටීනියා කෝපෝරිස් ” (Tinea corporis) හෙවත් “රින්ග් වර්ම්” අප රටේද පසුගිය අවුරුදු කීපය තුල පැතිරීමට ප්‍රධානම හේතුව වන්නේ, ස්ටෙරොයිඩ් (Steroids) කාන්ඩයේ ආලේපන ඖෂධ නිසි අවබෝධයකින් හා පාලනයකින් තොරව මෙම දිලීර රෝගය සඳහාද හාවිතා කිරීම.

Hydrocortisone, Betamethasone, Fluocinolone සහ අධික්‍රියාකාරී Clobetasol අඩංගු ආලේපන ඖෂධ සාමාන්‍යයෙන් නිර්දේශිත කරන්නේ, චර්මීය රක්තය පාලනයට.

මෙම ආලේපන ටීනියා රෝගය සඳහාද වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව යොදා ගැනීම, “ ඖෂධ ප්‍රතිරෝධී ටීනියා ” ඇතිවීමට මූලිකම හේතුව.


Coppied...

ප්‍රතිජීවක ඖශධ... (antibiotics )නියමිත මාත්‍රාව...නියමිත කාලසීමාව....නිශ්චිත බැක්ටීරියා  රෝග කාරකය සදහාම පමණක් භාවිතා කර...
16/11/2024

ප්‍රතිජීවක ඖශධ... (antibiotics )

නියමිත මාත්‍රාව...
නියමිත කාලසීමාව....
නිශ්චිත බැක්ටීරියා රෝග කාරකය සදහාම පමණක් භාවිතා කරන්න...

හිතුමතේ භාවිතා කිරීම ඔබට ඉතාමත් හානිකරයි...

වෛරස ආසාදන සදහා antibiotic භාවිතා කිරීම නිශ්පල ක්‍රියාවකි...

Address

Near The Bus Stand
Neluwa

Opening Hours

Monday 16:00 - 19:00
Tuesday 16:00 - 19:00
Wednesday 16:00 - 19:00
Thursday 16:00 - 19:00
Friday 16:00 - 19:00
Saturday 14:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Healthma Medical Center - Neluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share