09/02/2025
~ සමාගම් වල රූකඩ වෙනවද? ~
විනාඩි තුනකින් කියවන්න පුළුවන් විස්තරයක් තියෙන්නේ. රෑප දෙක ගැන කියලම පටන් ගන්නම්කෝ.
පළවෙනි රෑපේ තියෙන්නේ තමන්ගේ 100 වෙනි ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේදී අවසන් ඉනිම දියත් කරපු දිමුත් කරුණාරත්න out වෙලා ක්‍රීඩාගාරයට යන එක. එයාගේ T shirt එක දිහා බැලුවොත් පෙනෙයි ශ්‍රී ලංකාවේ කොඩියටත් වඩා විශාලව සමාගමක නමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම T shirt එකේ පිටිපස්සෙත් මේ විදිහට තියෙනවා ඔබ දැකලා ඇති. National team sponsor, Clothing Partner, Drinking Water Partner, Health Care partner ආදී විවිධ කාණ්ඩ වලින් ලබාගන්න sponsorship (අනුග්‍රාහකත්ව) වල මුදල් ප්‍රමාණය මත මේ විදිහට ක්‍රීඩායයන්ගේ ඇඳුම් වල, ආයිත්තම් වල වෙලඳ නාම ප්‍රදර්ශනය කරන එක රඳා පවතිනවා. Sri Lanka Cricket Annual Report එකෙත් මේවා ගැන ප්‍රසිද්ධියේ සඳහන් වෙනවා.
දෙවෙනි පින්තූරේ තියෙන්නේ කඩයක් නෙමේ 😌. මේ Star වැඩසටහනක judge board එකේ ඉන්න සමිතා මුදුන්කොටුව මහත්මිය, ඒ වටේ තියෙන products ටික බලන්නකෝ. Mic එකේ ගහලා තියෙන එක දකින්නත් මිස් කරන්න එපා. Programme එක අතරතුරේ යන advertisements වලට අමතරව මේ හරහා උපරිම ලාභයක් උපයගන්න එක TV Channel එකේ පරමාර්ථය වෙද්දි, ඒ සමාගම් වල පරමාර්ථය වෙන්නේ programme එක බලන audience එකට තමන්ගේ product එක market කරන්න. මේ වගේ programme වල products ඇහැට පේන්න සලස්වන අතරතුරේ නිවේදකයා හරහා products සහ brand names වල නම් කියන්නත්, සමහර වෙලාවට judge board එකේ අය ඒවා පාවිච්චි කරනවා (බීම එකක් බොනවා වගේ) පෙන්නනත් අමතක කරන්නේ නෑ 😌.
මේ උදාහරණ දෙකක් ගැන කීවේ සමාගම් තමන්ගේ භාණ්ඩ, සේවා අලෙවි කරගන්න කරන marketing strategy එකක් වෙන products placement ගැන කියන්න. මේ වගේ ගොඩක් අවස්ථා ඔබ දැකලා ඇති. රෑපමය විදිහට වගේම සමහර වෙලවට සංවාදයක වචන භාවිතයෙන්, පාවිච්චි කරන විදිය නිරූපණයෙන්, සමාගම් වල නම් හෝ ලාංජන දර්ශන පසු තලයේ යොදා ගැනීමෙන් ආදී විවිධ ක්‍රම වලට මේ products placement සිදු කරනවා. මේවා අපිට පහසුවෙන් අඳුනගන්න පුළුවන් වෙලඳ දැන්වීම් වල වගේම ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය, ගුවන් විදුලි වැඩසටහන්, මුද්‍රිත මාධ්‍ය, ක්‍රීඩාවන් සහ උත්සව ආදීය අතරතුරදීත් නිරන්තරයෙන් සිදුවෙනවා. ඒ නිසා ඒ අවස්ථාවන් ගැන අවබෝධයෙන් ඉන්න එක හරිම වැදගත්.
මේකෙදි සමාගම් ක්‍රියාත්මක වෙන්නේ මනෝ විද්‍යාවේ මූලධර්ම අධ්‍යනය කරලා ඒවා උපයෝගී කරගෙන. යම් සමාගමක භාණ්ඩයක් හරි සේවාවක් හරි අපිට නැවත නැවත දර්ශනය වීම හෝ ඇසීම නිසා ඒ products සමීප බවක් දැනීම සහ ඒ ගැන ධනාත්මක අදහසක් ඇති වීම අප නොදැනුවත්වම සිදුවෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපේ මොළේ කැමතියි අනුන් කරන දෙයක් බලලා ඉගෙන ගන්න. ඒක අපි කැමති, ජනප්‍රිය කෙනෙක් කරද්දි ඒ කැමැත්ත තවත් වැඩි වෙනවා. වෙලඳ දැන්වීම් වලට නිරූප නිරූපිකාවන් වගේම පසුබිමේ කට හඬ පවා තෝරගන්නේ ඔය මූල ධර්මය මත කියන එක ටිකක් උනන්දුවෙන් බැලුවොත් ඔබටත් පැහැදිලි වෙන්න ඕනේ.
සමහර විට මේ දර්ශන වලදි භාණ්ඩය ඇතුළත් වෙන්නේ දර්ශනයේ අයිනක, කුඩා වෙලාවකට. අපිට ඒක හරියට දැක්කා කියලා මතක් වෙන්නෙවත් නෑ. ඒත් මේ දර්ශන හරහා අළුත් සිතුවිලි, හැඟීම් ඇති වෙනවා සහ ඒ හරහා නොදැනීම අපිට ආයේ ආයේ ඒක මතක් වෙන්න, එදිනෙදා ජීවිතේ සිද්ධි එක්ක සම්බන්ධ කරන්න පෙලඹෙනවා. මේකෙන් වෙන්නේ භාණ්ඩයක් තෝරා ගන්න ගියහම නොදැනුවත්වම අපේ හිතේ වැඩිපුර ධාරණය වෙලා තියෙන සන්නාමයන් තෝරගන්න පෙලඹෙන එක.
ඒ වගේම සමාගම වල තවත් උපක්‍රමයක් තමයි භාණ්ඩ සහ සේවා තෝරා ගැනීම් ජීවිතේ අවස්ථා එක්ක බද්ධ කරලා නිරූපණය කරන එක. සතුටුදායක සමාජීය අවස්තාවන් එක්ක යොදා ගැනීම, ප්‍රශ්න වලට විසඳුමක් විදිහට ඉදිරිපත් කිරීම, සතුට, බය වගේ හැඟීම් ඇවිස්සීම, පැරණී මතක එක්ක මුසු කිරීම, ආකර්ශනීය සංගීත කණ්ඩ, දර්ශන තල යොදා ගැනීම, සන්නාමයන්ට ආවේණීක පාට සංකලන සහ වචන රටා යොදා ගැනීම ඔවුන් සිදු කරනවා. සමහර වෙලාවට අපට ඔවුන් හිතන්න සලස්වනවා මේ භාණ්ඩය හෝ සේවාව භාවිතා කිරීම හරිම සාමාන්‍ය දෙයක්, හැමෝම පාවිච්චි කරනවා, ඒවා පාවිච්චි කලහම ජීවන තත්ත්වය උසස් වෙනවා කියලා. ඒ වගේම ලංකාවේ YouTube Channel භාවිතා කරලා විහිළු හෝ කතන්දර විදිහට හැඟීම් වලට බද්ධ කරලා ප්‍රචාරණය කිරීමත් මේ වෙද්දි ඔබ නිරීක්ෂණය කරලා ඇති. Google, Facebook history එක මත ඔබට අවශ්‍ය භාණ්ඩ, සේවා වල advertisement එවන එකෙත් අත්දැකීම් ඔබට මේ වෙද්දි අනිවාර්‍යෙයන් ඇති. මේක කියවගෙන යද්දි එක එක උදාහරණ ඔළුවට එන්නත් ඇති 🤭.
ඉතින් මේ සරළව කීවේ අපේ ජීවන රටා වෙනස් කරලා, සමාගම් වලට වැඩි පාරිභෝගිකයෝ ප්‍රමාණයක් අද්දගෙන ලාභය වැඩි කරගන්න භාවිතා කරන උපක්‍රම. තාක්ෂණයෙන් දියුණු වෙද්දි අපි නොහිතන ක්‍රම ඔවුන් දියත් කරනවා වගේම, ඒවා සදාචාරාත්මක නොවෙන අවස්තාත් බොහොමයක් තියෙනවා. ඉතින් අපේ උත්සහය වෙන්න ඕනේ මේ සමාගම් වල උපක්‍රම වලට අපි ඇන්දෙන් නැතුව ඉදීම සහ අනිත් අයත් ඇන්දීමෙන් වළක්වා ගන්න එක. විශේෂයෙන්ම පොඩිත්තන්ගේ අවබෝධය මේ ගැන වැඩි කරන එක.
අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් හිතෙනවා නම් ලියන්න. ඊලඟ ලිපියෙන් දුම්කොළ සමාගම් products placement කරන්නේ කොහොමද කියලා බලමු. ✌️