Nugegoda Ayurvedic Clinic

Nugegoda Ayurvedic Clinic Ayurveda Medical Center For Male and Female Fertility.
මඳසරුතාවය සඳහා ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය.

We Treat for Male & Female Infertility

Our ability is male infertility has never been stronger. It is entirely possibly that, now we are able to increase s***m count and quality by using Ayurvedic drugs to normally fertilize an egg. The steps in such a process are very complex and not understood at present. Once the process is mastered, however, in near future male infertility will become a thing of the past

පුරුෂයෙකුගේ වයසත් එක්ක ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝනය ඇත්තටම අඩුවෙන්නේ කොහොමද? කාන්තාවන්ට වගේ එකවරම සිදුවන ආර්තවහර...
26/06/2026

පුරුෂයෙකුගේ වයසත් එක්ක ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝනය ඇත්තටම අඩුවෙන්නේ කොහොමද?

කාන්තාවන්ට වගේ එකවරම සිදුවන ආර්තවහරණයක් (Menopause) පිරිමින්ට නැති වුණත්, වයසත් එක්ක පුරුෂ හෝමෝන මට්ටම සෙමින් අඩුවීම ස්වාභාවික ක්‍රියාවලියක්. වෛද්‍ය විද්‍යාවේදී මේ තත්ත්වය Andropause (Late-onset hypogonadism) ලෙස හඳුන්වනවා.

ලෝක ප්‍රකට Baltimore සහ Massachusetts දීර්ඝකාලීන වෛද්‍ය පර්යේෂණ වාර්තා (Longitudinal Studies) ඇසුරින් මේ පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු මෙන්න:

1. හෝමෝන අඩුවීම ආරම්භ වන වයස සහ ප්‍රමාණය
• ආරම්භය: පුරුෂයෙකුගේ ජීවිතයේ උපරිම හෝමෝන මට්ටම පවතින්නේ වයස අවුරුදු 20 ගණන්වලදීයි. නමුත් වයස අවුරුදු 30 සීමාව පසු කරනවාත් සමඟම ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගන්නවා.
• අඩුවන වේගය: වයස 30 න් පසු සෑම වසරකම ශරීරයේ පවතින මුළු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය 1% කින් පමණ ස්වාභාවිකවම අඩු වෙනවා. ශරීරයට ඍජුවම ප්‍රයෝජනයට ගත හැකි "නිදහස් ටෙස්ටොස්ටෙරෝන්" (Free Testosterone) මට්ටම වසරකට 1.2% - 2% කින් පමණ වේගයෙන් අඩු විය හැකියි.
• වයස අවුරුදු 60 න් පසු: සාමාන්‍යයෙන් තරුණ කාලයට වඩා 30% - 40% අතර ප්‍රමාණයකින් හෝමෝන අඩු වන අතර, වයස අවුරුදු 80 වන විට පිරිමින්ගෙන් 50% කටම සාමාන්‍ය මට්ටමට වඩා හෝමෝන අඩු වී පවතිනවා.


2. වයස සමඟ දරුඵලවලට සිදුවන බලපෑම (The Biological Clock)
පිරිමින්ට ඕනෑම වයසකදී දරුවන් ලැබීමේ හැකියාව තිබුණත්, "ඉතා නිරෝගී දරුවකු ඉපදවිය හැකි හොඳම වයස් පරාසය" (Optimal Reproductive Window) වන්නේ වයස අවුරුදු 20 ත් 35 ත් අතර කාලයයි.
• වයස 35 - 40 න් පසු: ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් අඩුවීමට සමගාමීව ශුක්‍රාණුවල ගුණාත්මකභාවය (S***m Quality), චලන හැකියාව (Motility) සහ හැඩය (Morphology) දුර්වල වීමට පටන් ගන්නවා.
• ජානමය අවදානම (DNA Fragmentation): වයස අවුරුදු 40 සීමාව පසු වන විට ශුක්‍රාණුවල ඇති DNA වලට හානි වීමේ (Genetic damage) ප්‍රවණතාව ඉහළ යනවා. මේ හේතුවෙන් කලල විකෘතිතා, ගබ්සා වීම් (Miscarriage) මෙන්ම දරුවාට පසුකාලීනව ඔටිසම් (Autism) හෝ ඩවුන් සින්ඩ්‍රෝමය වැනි ජානමය ආබාධ ඇති වීමේ සුළු අවදානමක් පවතිනවා.


වෛද්‍ය උපදෙස:
තරබාරුකම, මානසික ආතතිය, දුම්පානය සහ නින්ද නොයාම වැනි සාධක නිසා හෝමෝන අඩුවීම සහ ශුක්‍රාණු දුර්වල වීම තවත් වේගවත් විය හැකියි. එබැවින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සහ නිසි වයසේදී දරු සැලසුම් කිරීම වඩාත් සුදුසුය!


References (APA 7th Edition)
Feldman, H. A., Longcope, C., Derby, C. A., Johannes, C. B., Araujo, B. B., Coviello, A. D., Bremner, W. J., & McKinlay, J. B. (2002). Age trends in the level of serum testosterone and other hormones in middle-aged men: Longitudinal results from the Massachusetts Male Aging Study. The Journal of Clinical Endocrinology & Metabolism, 87(2), 589–598. https://doi.org/10.1210/jcem.87.2.8201

Harman, S. M., Metter, E. J., Tobin, J. D., Pearson, J., & Blackman, M. R. (2001). Longitudinal effects of aging on serum total and free testosterone levels in healthy men: Baltimore Longitudinal Study of Aging. The Journal of Clinical Endocrinology & Metabolism, 86(2), 724–731. https://doi.org/10.1210/jcem.86.2.7219
Kundu, S., & Sharma, R. (2015). Impact of advanced paternal age on fertility and risks of genetic disorders in offspring. Reviews in Urology, 17(2), 65–72.

Mulhall, J. P., Trost, L. W., Brannigan, R. E., Kurtz, E. G., Redmon, J. B., Chiles, K. A., Lightner, D. J., Miner, M. M., Murad, M. H., Nelson, C. J., Platz, E. A., Ramanathan, L. V., & Seftel, A. D. (2018). Evaluation and management of testosterone deficiency: AUA guideline. The Journal of Urology, 200(2), 423–432. https://doi.org/10.1016/j.juro.2018.03.115

Purpose: There has been a marked increase in testosterone prescriptions in the past decade resulting in a growing need to give practicing clinicians proper guidance on the evaluation and management of the testosterone deficient patient.Materials and ...

ඩිම්භ නොමේරීම යනු කාන්තාවගේ ඩිම්බකෝෂයෙන් සම්පූර්ණ ලෙස වර්ධනය වූ ඩිම්බයක් නිසි කාලයේ නිදහස් නොවීම හෝ ඩිම්බය ප්‍රමාණවත් ලෙ...
16/05/2026

ඩිම්භ නොමේරීම යනු කාන්තාවගේ ඩිම්බකෝෂයෙන් සම්පූර්ණ ලෙස වර්ධනය වූ ඩිම්බයක් නිසි කාලයේ නිදහස් නොවීම හෝ ඩිම්බය ප්‍රමාණවත් ලෙස පරිණත නොවීමයි. මෙය දරු පිළිසිඳ ගැනීම පමා වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.

මෙයට හේතු ප්‍රධාන ලෙස හෝමෝන අසමතුලිතතාව, මානසික ආතතිය, අධික බර හෝ අඩු බර, පෝෂණ හිඟය, PCOS වැනි රෝග තත්ත්ව, සහ අවිධිමත් මාසික චක්‍ර සඳහන් කළ හැකි අතර තවත් බොහෝ හේතූන් තිබේ..

නිසි ආහාර පුරුදු, මානසික ඒකාග්‍රතාව, ශාරීරික ව්‍යායාම සහ සුදුසු ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙම තත්ත්වය යහපත් කර ගත හැකි ය.

(නුගසෙවන) Nugasewana is one of the most popular daily morning shows in Sri Lanka 🇱🇰, broadcast on Sri Lanka Rupavahini. This programme brings you a perfect...

03/04/2026
මේ දුෂ්කර සමයේ ඔබගේ මඳසරු ප්‍රතිකාර වෛද්‍ය සායනයට නොගොස් ගෙදර සිටම ඔන් ලයින් ක්‍රමයට .....
30/03/2026

මේ දුෂ්කර සමයේ ඔබගේ මඳසරු ප්‍රතිකාර වෛද්‍ය සායනයට නොගොස් ගෙදර සිටම ඔන් ලයින් ක්‍රමයට .....

දරු සිගිත්තෙක් බලාපොරොත්තුවන මව්වරුන්ට දරු පිළිසිද ගැනීමකදී එහි සාර්ථකත්වය සඳහා  අවශ්‍ය වන මූලික අංගයක් වන්නේ ඩිම්භ මේරී...
23/03/2026

දරු සිගිත්තෙක් බලාපොරොත්තුවන මව්වරුන්ට දරු පිළිසිද ගැනීමකදී එහි සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන මූලික අංගයක් වන්නේ ඩිම්භ මේරීමයි. ඒ සඳහා හෝමෝන සහ එහි ක්‍රියාකාරීත්වය ද ඉතා වැදගත් වේ. මඳසරුභාවයට ඩිම්භ නොමේරීම හේතුවක් වන අතර, ඒ සඳහා කරන ප්‍රතිකාරවලදී නූතන විද්‍යාත්මක ක්‍රමවේද සමඟ මුසුකරගත් ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර සිදු කිරීම අප ආයතනයේ කාර්යභාරයයි. ඒ සඳහා සුදුසුමක් ලත් වෛද්‍යවරයෙක් හමුවීමට 0112812814/ 077 307 3621

ශුක්‍රාණුවල දුර්වලතා, ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවීම (Oligozoos***mia) සහ ශුක්‍රාණු නොමැතිවීම (Azoos***mia) සුව කල හැකිද?
23/02/2026

ශුක්‍රාණුවල දුර්වලතා, ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවීම (Oligozoos***mia) සහ ශුක්‍රාණු නොමැතිවීම (Azoos***mia) සුව කල හැකිද?

පුරුෂ සහ ස්ත්‍රී මඳසරුභාවයමඳසරුභාවය අද ලෝකයේ ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වඩාත් ප්‍රචලිත බෝනොවන රෝග ඛාණ්ඩයට අයත් තවත් එක් ර...
24/01/2026

පුරුෂ සහ ස්ත්‍රී මඳසරුභාවය

මඳසරුභාවය අද ලෝකයේ ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වඩාත් ප්‍රචලිත බෝනොවන රෝග ඛාණ්ඩයට අයත් තවත් එක් රෝගයක් ලෙස හෝ සෞඛ්‍ය ගැටලුවකි. වසරක් පුරා සාමාන්‍ය ලිංගික සම්බන්ධතා තිබියදී ගර්භධාරණය නොවීම මඳසරුභාවය ලෙස හැඳින්වේ. පුරුෂ වන්ධත්වයට ශුක්‍රාණු ගණන හෝ ගුණාත්මකභාවය අඩුවීම, හෝමෝන අසමතුලිතතාවය, දුම්පානය, මත්පැන් භාවිතය, අධික මානසික පීඩනය සහ සමහර රෝග හේතු විය හැක.

ස්ත්‍රී මඳසෘභාවය සඳහා ඩිම්බ නිකාස ගැටලු, Poly Cystic Ovarian Syndrome (PCOS), හෝමෝන අසමතුලිතතාවය, ඩිම්බවාහිනී අවහිරවීම, ගර්භාශය ආශ්‍රිත ගැටලු සහ වයස් සාධක බලපායි. මඳසරුභාවය බොහෝ විට යුවළ දෙපාර්ශ්වයටම සම්බන්ධ ගැටලුවක් වන බැවින්, කාලෝචිත පරීක්ෂණ, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව, නිසි ආහාරය සහ ආයුර්වේද උපදේශන ලබාගැනීම ඉතා වැදගත් වේ.

Male and Female Infertility
Infertility is a growing health concern affecting both men and women across the world. It is defined as the inability to achieve pregnancy after one year of regular, unprotected sexual in*******se. Male infertility commonly results from low s***m count, poor s***m quality, hormonal imbalances, lifestyle factors such as smoking and alcohol use, stress, obesity, and certain medical conditions. Female infertility may be caused by ovulation disorders, polycystic o***y syndrome (PCOS), hormonal imbalances, blocked fallopian tubes, uterine abnormalities, age related factors, and chronic illnesses.
Modern medical science and traditional health systems recognize that infertility is often a shared issue between partners rather than a problem of one individual. Early diagnosis, healthy lifestyle practices, stress management, proper nutrition, and timely medical or holistic interventions can significantly improve fertility outcomes. Open communication, emotional support, and seeking professional guidance are essential steps in managing infertility effectively and achieving reproductive health and wellbeing.

දශක දෙකකට ආසන්න කාලයක් සාර්ථක ලෙස අඛණ්ඩව සිදු කළ සේවය තව දුරටත් පුළුල් කරමින් ඔබ වෙත නොපමාව සේවය ලබා දීමට නුගේගොඩ ආයුර්ව...
25/11/2025

දශක දෙකකට ආසන්න කාලයක් සාර්ථක ලෙස අඛණ්ඩව සිදු කළ සේවය තව දුරටත් පුළුල් කරමින් ඔබ වෙත නොපමාව සේවය ලබා දීමට නුගේගොඩ ආයුර්වේද පුද්ගලික සායනය කැපවෙමින් සිටී.

නිරන්තර රසායනාගාර මඟින් ලබා ගන්නා වාර්ථා මඟින් රෝගියාගේ සාර්ථකත්වය තහවුරු කෙරෙමින් මෙම ප්‍රතිකාර සිදු කරයි.

අප ආයතනය විශේෂයෙන් ම මඳසරුභාවය උදෙසා ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා ඉතාම සුවිශේෂ ප්‍රතිකාර ලබා දෙන අතර, ඒ සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල තහවුරු කෙරේ.
මඳසරුභාවය උදෙසා ප්‍රතිකාර කිරීමේදී විද්යාත්මකව, පර්යේෂණ මඟින් විශ්වාසය තහවුරු කරන ලද විශේෂ ඖෂධ අප ආයතනය විසින් භාවිත කරනු ලබයි.
තවද අප ආයතනය විසින් තවත් රෝග ගණනාවක් සඳහා සිය සේවාවන් පවත්වා ගනු ලබයි. එනම්,

- සංධි රෝග සායනය ( Arthritis )
- අම්ල පිත්ත සායනය ( Gastritis )
- අර්ශස් රෝගය සඳහා ( Piles )
- පීනස ඇතුළු සෙම් රෝග (ළය රෝග) සායනය.
- හිස කෙස් සඳහා විශේෂ සායනය
- චර්ම රෝග ඇතුළු සියලු ආකාරයේ සර්වාංග රෝග
- විශේෂ උපදේශන සේවා
- රසායනාගාර පරී ක්ෂණ වාර්ථා පැහැදිලි කර ගැණීමේ සේවාවක් ගාස්තු අය කිරීමකින් තොරව සිදු කෙරේ.

සියලු සායන පවත්වනු ලබන්නේ, රජයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි උපාධිදාරී වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විසිනි.

කොළඹට දුර බැහැර රෝගීන් සඳහා විශේෂ මාර්ගගත ක්‍රමයට (ONLINE) තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර කිරීම.

විදෙස්ගත රෝගීන් සඳහා ද නවීන තාක්ෂණික උපක්‍රම ඔස්සේ whats App (0773073621) විශේෂ මාර්ගගත ක්‍රමයට (ONLINE) ප්‍රතිකාර කිරීම සිදු වේ.

Channel the consult our best doctors at Nugegoda Ayurvedic Private Clinic now!
Make an appointment with our fertility doctors:
SUWASARA LANKA PVT LTD
NUGEGODA AYURVEDA PRIVATE CLINIC
CALL - +94 112812814 / +94 714016417
Whats App - +94 773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.

Address

No. 19F, Pagoda Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 14:00

Telephone

+94773073621

Alerts

Be the first to know and let us send you an email when Nugegoda Ayurvedic Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nugegoda Ayurvedic Clinic:

Shortcuts

Share