PhysioAid

PhysioAid We take pride in taking care of you on the path of getting BACK TO BETTER!! Join us to meet all of We are excited to welcome you to us...
���
Team PhysioAid

��නැවතත් ඔබව සුවවත් දිවිය කරා��

රෝග නිශ්චය, භෞතචිකිත්සක ප්�රතිකාර, අනතුරැ සහ රෝගී තත්වයන් මගහරවා ගැනීම, සුවවත් දිවි පෙවෙතකට මඟපෙන්වීම අැතුළු සියළුම භෞතචිකිත්සක සේවාවන් ලබාගැනීමට අප හා එක්වන්න.

ඔබගේ රෝගී තත්වයට අනුකූල වන පරිදි වෛද්�ය විද්�යාව හා සබැඳිව ඔබට අවශ්�ය වන්නා වූ භෞතචිකිත්සක සේවාවන් PhysioAid මගින් සලසා ගත හැක.

ඔබට වඩාත් සුවපහසු, ඵලදායී, වෘත්තීයමය සේවාවක් සැපයීම අපගේ ඒකායන අරමුණය..


එන්න..
අප හා එක්වන්න..���
Team PhysioAid

����������

��We take pride in taking care of you to the path of GET BACK TO BETTER��

Join with us to meet all of your rehabilitation needs including assessment, treatment and injury prevention services. PhysioAid creates a customized treatment plan to meet your medical needs. Our ultimate goal is to provide you an effective service under a caring and professional environment.

Stroke 2 (අංශභාගය 2 කොටස)🔹මෙම ලිපියේ පලමු කොටස - https://www.facebook.com/104261048953100/posts/117055674340304/පසුගිය ල...
27/05/2022

Stroke 2 (අංශභාගය 2 කොටස)

🔹මෙම ලිපියේ පලමු කොටස -

https://www.facebook.com/104261048953100/posts/117055674340304/

පසුගිය ලිපියෙන් අංශභාගය පිලිබඳ මූලික දැනුම අපි ලබාගත්තා. එහි දෙවන කොටස වශයෙන් මෙම ලිපියෙන් අපි අංශභාගය සෑදුන රෝගියෙකු රෝහල් ගත කිරීමේ සිට මූලික ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමත්, එතැන් සිට නිවසට පැමිණි පසු ගතයුතු ඉදිරි ප්‍රතිකාර කටයුතු ගැනත් කතාකරමු.

⭕ අංශභාගය සෑදුණු රෝගියෙකු රෝහල් ගතකල විට සිදුකරන මූලික ප්‍රතිකාර

මෙහිදී සිදුකරන හදිසි ප්‍රතිකාර රෝගියා හට වැලඳී තිබෙන අංශභාග තත්ත්වය, රුධිර නාල අවහිරවීමක් (Ischemic stroke) නිසාද, නැතහොත් රුධිර නාලයක් පිපිරීමක් (hemorrhagic stroke) නිසාද යන්න මත තීරණය කරන අතර ඉන් අනතුරුව සුදුසු පරිදි ඖෂධ ලබාදීමෙන් හෝ ශල්‍යකර්මයක් මගින් මූලික ප්‍රතිකාර ආරම්භ කරයි.

මූලික ජීවිත අවදානම පහව යාමෙන් පසු අංශභාග රෝගියා පුනරුත්ථාපනය කිරීමේ මීළඟ පියවරවල් ලෙස,
▪️භෞත චිකිත්සාව
▪️කථන චිකිත්සාව
▪️වෘත්තීය චිකිත්සාව
සඳහා එක් එක් රෝගියාගේ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන ඒ අනුව යොමුකිරීම සිදුකරයි.

⭕ අංශභාගය සෑදුණු රෝගියකුට භෞතචිකිත්සාවේ වැදගත්කම

අංශභාග රෝගියෙකු සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාදීම රෝහලේදීම ආරම්භ කරන අතර, රෝගය වැලඳී ප්‍රථම මාස 3 තුල නොකඩවා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීම මඟින් සංකූලතා අවම කිරීම සහ පෙර පැවති සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වයට නැවත පත්වීමට මහඟු රුකුලක් සපයයි.
මෙහිදි ප්‍රතිකාර අවශ්‍ය වන කාලසීමාව රෝගියාගෙන් රෝගියාට වෙනස්වන අතර
භෞතචිකිත්සකවරයා විසින් විශේෂිත වූ ක්‍රියාවලියකට අනුරූපව, විවිධ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ සිය දායකත්වය ලබාදෙයි. උදාහරණ කිහිපයක් ලෙස,
▪️රෝගියා සිටින කාමරය, ඇඳ හා වටපිටාව නිවැරදිව සකස්කරන ආකාරය පිලිබඳව මෙන්ම රෝගියාට සාත්තු කිරීමේදී නොකල යුතු දේවල් පිලිබඳ නිවැසියන් දැනුවත් කිරීම
▪️අස්ථි හා පේශී වල නීරෝගී ස්වභාවය සාමාන්‍ය අයුරින් පවත්වා ගැනීම
▪️රෝගියා නිවැරදි ලෙස ඉරියව් ගතකිරීම
▪️අත් හා පාද සන්ධි වලින් නිවැරදි ආකාරයට චලනය කිරීමේ ව්‍යායාම සිදුකිරීම
▪P.N.F. ලෙස හඳුන්වන සන්ධිවල ඇති සංවේදන ප්‍රතිග්‍රාහක සහ ස්නායු උත්තේජනය කරන විශේෂිත ප්‍රතිකාර කිරීම
▪සමබරතාව හා සමායෝජනය නැවත දියුණු කිරීම
▪️නිවැරදි ඇවිදීමේ ඉරියව්වේ නැවතත් පිහිටුවීම

මීට අමතරව පුනරුත්ථාපන ක්‍රියාවලියේදී එක් එක් රෝගීන්ගේ තත්ත්වය අනුව කථන චිකිත්සාව හා වෘත්තීය චිකිත්සාවද ලබාදීම සිදුකරයි.

⭕ නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර නොගැනීම තුලින් ඇතිවිය හැකි සංකූලතා
▪️අසාමාන්‍ය ඉරියව් (Synergic patterns) වර්ධනය
▪️සන්ධි හා මාංශපේශි දරඳඩු වීම
▪️මාංශපේශි දුර්වල වී ක්ෂය වී යාම
▪️ශ්වසන මාර්ගය ආශ්‍රිතව ස්‍රාවයන් එකතුවී නිසිලෙස බැහැර නොවීම නිසා නිව්මෝනියාව ඇතුළු ශ්වසන සංකූලතා ඇතිවීමේ අවදානම
▪️ඇඳ තුවාල, මුත්‍රා ආසාදන ඇතිවීමේ අවදානම
▪️රුධිර කැටි ඇති වී හෘදයාබාධ ඇතිවීමේ අවදානම
▪️නැවත ඇවිදීමට හැකි තත්ත්වයට පත් වුවද සමායෝජනය, සමබරතාව හා උකුල ආශ්‍රිතව පැවතිය හැකි සංකූලතා නිසා නිවැරදි ඇවිදීමේ ඉරියව්වට පත්වීමට නොහැකි වීම

⭕අංශභාග තත්වයෙන් වැලකී සිටීමට කලයුතු දේ

මේ සඳහා ප්‍රධාන වශයෙන් කලයුතු වන්නේ සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට හැඩගැසීමය.
අධික ලෙස මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැලකීම, තෙල් හා ලුණු අධික ආහාර පරිභෝජනයට නොගැනීම, අලුත් එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීම මෙන්ම ක්‍රියාශීලීව දවස ගතකිරීම අංශභාගයෙන් වැලකී සිටීමට ඔබට පහසුවෙන්ම මග සලසා දෙයි.

🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲
🏃🏃🏻‍♀️PhysioAid 🏃🏻‍♀️🏃
Physiotherapy and Wellness
Sri Lanka
ඔබට අවශ්‍ය උපදෙස්, භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා අප හා සම්බන්ධ වන්න..

කවුරුත් අසා තිබෙන IRR Therapy ( Infra Red Radiation Therapy ) පිලිබඳ වැදගත් කරුණු කිහිපයක්.."රතුපාට ලයිට් එකක් ඇල්ලුවා""...
17/05/2022

කවුරුත් අසා තිබෙන IRR Therapy ( Infra Red Radiation Therapy ) පිලිබඳ වැදගත් කරුණු කිහිපයක්..

"රතුපාට ලයිට් එකක් ඇල්ලුවා"
"ලයිට් එක අල්ලනවා"
"ලයිට් එක අල්ලලා රත් කරනවා"

මෙවැනි විවිධ ප්‍රකාශ ඔබ මීට පෙර අසා තිබෙන්නට පුලුවන්. නැතහොත් ඔබ යම්කිසි රෝගී තත්වයන් සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට රජයේ හෝ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් ඇතිනම් මේ පිළිබඳව අත්දැකීම් ලබා තිබෙන්නට ද පුලුවන්. එසේනම් මෙම රතු එළිය නොහොත් අධෝරක්ත කිරණ යොදාගෙන සිදුකරන ප්‍රතිකාර ක්‍රමය කුමක්ද ? එයින් සිදුවන්නේ කුමක්ද ?
මෙමගින් ප්‍රතිකාර කල හැක්කේ කුමන රෝගී තත්වයන් සඳහා ද මෙන්ම එමගින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ පිලිබඳව මෙම ලිපියෙන් කතාකරමු.

⭕ අධෝරක්ත කිරණ ප්‍රතිකාර ක්‍රමය ( IRR තෙරපි ) යනු කුමක්ද ?

IRR තෙරපි යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අධෝරක්ත කිරණයන්ට අදාළ ආලෝක ශක්තිය භාවිත කරමින් වේදනා තත්ත්වයන් පාලනය කිරීමට භාවිත කරන්නා වූ ප්‍රතිකාර ක්‍රමයකි. දීප්ත ( luminous ) හා අදීප්ත ( Non luminous ) ලෙස ප්‍රතිකාර සඳහා භාවිත කරන අධෝරක්ත කිරණ පහන් වර්ග දෙකක් පවතී. දීප්ත පහන් රතු පැහැති කිරණ නිකුත් කරන අතර අදීප්ත පහන් වර්ණයක් නිකුත් නොකරයි.

⭕ IRR තෙරපි මගින් සිදුවන්නේ කුමක්ද ?

මෙහිදී අධෝරක්ත කිරණ සම මතුපිට සිට ස්ථර කිහිපයක් ශරීරය තුලට ගමන් කරන අතර එමගින් සම, මාංශපේශි, කණ්ඩරා, බන්ධනි, ස්නායු වැනි මෘදු පටක (Soft tissues) වලට ඒකාකාර උෂ්ණත්වයක් ලබාදීම සිදුකරයි.

⭕ IRR තෙරපි ශරීරයට බලපාන ආකාරය

▪️ ප්‍රතිකාරය සිදුකරන ප්‍රදේශයට පවතින රුධිර ගමනාගමනය වැඩි වීම
▪️ ස්නායු උද්දීපනය කිරීම
▪️ ශරීරයේ උෂ්ණත්ව සංවේදනය වැඩිකිරීම
▪️ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ඉහල නැංවීම
▪️ රුධිර හා වසා පද්ධති වල ක්‍රියාකාරිත්වය ඉහල නැංවීම

⭕ IRR තෙරපි මගින් ලබාගත හැකි ප්‍රතිලාභ

▪️කෙටිකාලීන හෝ දිගුකාලීනව පවතින වේදනා තත්ත්ව පාලනය කිරීම
▪️අධික වෙහෙස හෝ වැරදි ඉරියව් පවත්වා ගැනීම නිසා ඇතිවන මාංශපේශි වල තද ගතිය අඩුකිරීම
▪️සන්ධිවල ඇතිවන තද ගතිය අඩුකිරීම
▪️ඉදිමීම අඩුකිරීම
▪️සම ආශ්‍රිතව ඇතිවන රෝග සඳහා ප්‍රතිකාර කිරීම

⭕ IRR තෙරපි ලබාගත යුත්තේ කුමන රෝගී තත්වයන් සඳහාද?

▪️ ගෙල සහ අවට පේශී වල ඇතිවන තද ගතිය සහ වේදනාව
▪️ උරහිස සහ අවට පේශී වල ඇතිවන වේදනාව
▪️ උරහිස සන්ධිය තද වීම ( Adhesive capsulitis )
▪️ උරපත්ත ( scapula ) ආශ්‍රිතව ඇතිවන වේදනාව
▪️ දණිස් වේදනාව ( Osteoarthritis )
▪️ කොන්ද හා තුනටිය ආශ්‍රිතව ඇතිවන වේදනාව
▪️ ප්‍රේරක ලක්ෂ්‍ය ( Trigger point ) සඳහා ප්‍රතිකාර කිරීම
▪️වළලුකර හා යටිපතුල් වල ඇතිවන වේදනාව

⭕ භෞතචිකිත්සාවේදි භාවිත කරන අධෝරක්ත කිරණ ප්‍රතිකාර ක්‍රමය භාවිත කල හැකි අවස්ථා කිහිපයක් ඉහත දැක්වෙන අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් හෝ පසුකාලීන වශයෙන් බලපාන කිසිදු රෝගී තත්වයක් ඇති නොවේ. 🔲▪️▫️🔲▪️▫️🔲▪️▫️🔲▪️▫️🔲▪️▫️🔲▪️▫️🔲▪️▫️

PhysioAid

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when PhysioAid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share