Citizens Hospital & Laboratory

Citizens Hospital & Laboratory Courteous Health Care For All..

සුවපත් හෙටක් වෙනුවෙන්, විශ්වාසනීය වෛද්‍ය සේවාව දැන් එකම වහලක් යටින් 🩺✨ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ඉහළම ප්‍රම...
28/05/2026

සුවපත් හෙටක් වෙනුවෙන්, විශ්වාසනීය වෛද්‍ය සේවාව දැන් එකම වහලක් යටින් 🩺✨

ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ඉහළම ප්‍රමිතියෙන් යුත් විශේෂඥ වෛද්‍ය සේවාවන් රැසක් දැන් පානදුර Citizens Hospital වෙතින් ලබාගත හැක. ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් වෙතින් චැනලින් සේවා ලබාගැනීම සඳහා අදම ඔබේ වේලාව වෙන් කරවා ගන්න.

අප වෙතින් ඔබට ලබාගත හැකි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සේවාවන්:

🩺 කායික රෝග (General Medicine / Physicians)

👶 ළමා රෝග (Paediatrics)

❤️ හෘද රෝග (Cardiology)

🧠 ස්නායු රෝග (Neurology)

✨ චර්ම රෝග (Dermatology)

🤰 ප්‍රසව හා නාරිවේද (VOG - Obstetrics & Gynaecology)

🏥 ශල්‍ය වෛද්‍ය සේවා (Surgery)

ප්‍රමාද නොවී, ඔබේ සෞඛ්‍යය ගැටලු සඳහා නිසි වෛද්‍ය උපදෙස් සහ කාරුණික සේවාවක් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට අමතන්න: * 038 222 45 45 / 070 351 45 55

📍 ලිපිනය: Citizens Hospital, නො. 117, පරණ ගාලු පාර, පානදුර.

ඔයත් ෆාමසි වලින් antibiotics ඉල්ලන් බොනවද?බලන්න මේ වැරද්ද ඔයාට බලපාන්නෙ කොහොමද කියල..ප්‍රති­ජී­වක ඖෂධ කියන්නේ මොන­වාද?‍ප...
27/05/2026

ඔයත් ෆාමසි වලින් antibiotics ඉල්ලන් බොනවද?
බලන්න මේ වැරද්ද ඔයාට බලපාන්නෙ කොහොමද කියල..

ප්‍රති­ජී­වක ඖෂධ කියන්නේ මොන­වාද?

‍ප්‍රති­ජී­වක ඖෂධ එසේත් නැත්නම් Antibiotics භාවිත කරන්නේ ආසා­දන සඳහා ප්‍රති­කාර කිරී­ම­ටයි. ආසා­දන කෙරෙහි බැක්ටී­රියා, වයි­රස, දිලීර බල­පානු ලබ­නවා. ප්‍රති­ජී­වක ඖෂ­ධ­වල ප්‍රති­ඵල තිබෙන්නේ බැක්ටී­රියා සඳහා පම­ණයි. ‍ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුත්තේ බැක්ටී­රියා ආසා­දන නිසා මතුව ඇති රෝග සුව­පත් කිරීම සඳහා පම­ණ­මයි.

නිතර වැල­ඳෙන සෙම්ප්‍ර­ති­ශ්‍යාව වැනි වයි­රස් ආසා­දන සඳහා ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය සුදු­සුද?

ප්‍රති­ජී­වක ඖෂ­ධ­වල ප්‍රයෝ­ජ­නය ඇත්තේ බැක්ටී­රියා කියන විෂ­බී­ජ­යෙන් ඇති­වන ආසා­දන සඳහා පම­ණයි. ශ්වසන පද්ධ­තිය ආශ්‍රිත ආසා­දන තත්ත්ව බොහෝ­විට ඇති වන්නේ වයි­රස් නිසා. එම­ඟින් ඇති­වන සෙම්ප්‍ර­ති­ශ්‍යා­වට ප්‍රති­ජී­වක ඖෂධ භාවි­ත­යෙන් කිසිම ප්‍රයෝ­ජ­න­යක් අත්වෙන්නේ නැහැ. මේ නිසා අපට නිතර ඇති­වන සෙම්ප්‍ර­ති­ශ්‍යාව හෝ වයි­රස් මඟින් ඇති­ක­රන ආසා­දන සඳහා ප්‍රති­ජී­වක ඖෂධ භාවිත නොකළ යුතුයි.

ප්‍රති­ජී­වක ඖෂධ පිළි­බඳ අනිසි භාවි­ත­යන් මොනවා ද?

අද වන­විට එය මුළු ලෝක­ය­ටම ප්‍රශ්න­යක් වෙලා. ජන­තාව දැනු­වත්ව හෝ නොදැ­නු­වත්ව ප්‍රති­ජී­වක ඖෂධ අනිසි විදි­යට භාවිත කර­නවා. ඇතැම් පිරිස් අන­වශ්‍ය පරිදි ප්‍රති­ජී­වක භාවිත කර­නවා. ඒත් වෛද්‍ය­වරු අපට ප්‍රති­ජී­වක ඖෂධ දෙන්නේ තිබෙන බැක්ටී­රියා ආසා­දන ආදිය හඳු­නා­ගෙ­නයි. වෛද්‍ය­ව­රයා නිර්දේශ කළ මාත්‍රා­වට ම අපි ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුතුයි. හිතු­මතේ ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය රෝගි­යාට අව­දා­නම්.

එහෙ­ම­නම් ප්‍රති­ජී­වක ඖෂධ අනිසි ලෙස ලබා ගැනී­මෙන් අත්වන විපාක කෙබ­ඳුද?

ප්‍රති­ජී­වක අනිසි භාවි­තය නිසා අත්වන අහි­ත­කර ප්‍රති­ඵල අපට ප්‍රධාන කොටස් දෙක­කට බෙදා දක්වන්න පුළු­වන්. එකක් තමයි අපට අත්වන ප්‍රති­ඵල. අපිට වෛද්‍ය­ව­ර­යෙක් නිර්දේශ කළ ප්‍රති­ජී­වක ඖෂ­ධය වෛද්‍ය­ව­රයා නිර්දේශ කරන නිය­මිත මාත්‍රා­වෙන්, නිය­මිත වෙලා­වට, නිය­මිත කාල පරා­සය තුළ ලබා­ගත යුතු වෙනවා. එසේ නොමැති වුණොත් අප තුළ තිබෙන බැක්ටී­රියා ආසා­දන රෝගය සුව වෙන්න කල්ගත වෙන්න පුළු­වන්. ඒ වගේම සංකූ­ලතා මතු වෙන්න පුළු­වන්. එසේත් නැත්නම් නැවත රෝගය උත්සන්න විය හැකියි. ඒ වගේම ප්‍රති­ජී­වක ඖෂධ අනිසි භාවි­තය නිසා ප්‍රති­ජී­වක ඖෂධ සඳහා ප්‍රති­රෝ­ධය ඇති­වීම (Antibiotics Resistance) සිදු වෙනවා. නිතර ප්‍රති­ජී­වක ඖෂධ භාවි­ත­යෙන් බැක්ටී­රියා ප්‍රති­ජී­වක ඖෂ­ධ­ව­ලට ප්‍රති­රෝ­ධ­යක් වර්ධ­නය කර­ග­න්නවා. ඒ කියන්නේ ප්‍රති­ජී­වක ඖෂ­ධ­ව­ලට බැක්ටී­රියා හුරු­වෙ­නවා. ප්‍රති­ජී­වක ඖෂධ ප්‍රති­රෝ­ධ­යක් දැක්වීම හේතු­වෙන් බැක්ටී­රි­යා­වට එරෙ­හිව ක්‍රියා කිරීම අසා­ර්ථක වෙනවා.එවිට රෝගය සුව­වීම කල් යනවා.

ප්‍රති­ජී­වක ඖෂධ භාවි­ත­යේදී අනු­ග­ම­නය කළ යුතු කරුණු මොන­වාද?

වෛද්‍ය­ව­ර­යෙක් ප්‍රති­ජී­වක ඖෂධ ලබා­දී­මේදී නිය­මිත මාත්‍රාව, නිය­මිත වෙලාව ආදිය සඳ­හන් කර­නවා. ඒ පිළි­වෙ­ළ­ටම ප්‍රති­ජී­වක ඖෂධ ලබා ගැනීම කළ යුතුයි. ඖෂධ නියම කරන්නේ දින 4කට නම් දින 2කින් රෝගය සුව වීම නිසා එම ඖෂ­ධය ලබා­ගැ­නීම නතර කළ­හොත්, ශරී­රයේ ඇති බැක්ටී­රියා නැවත වර්ධ­නය වීමක් සිදු වෙන්න පුළු­වන්. ප්‍රති­ජී­වක ඖෂධ අත­ර­මඟ නතර කිරීම කළ යුතු දෙයක් නෙවෙයි. වෛද්‍ය­ව­රයා නිර්දේශ කළ කාල සීමා­ව­ටම, රෝග ලක්ෂණ සුව වුවත් ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුතුයි.

අපි යම්කිසි රෝග­ය­කට වෛද්‍ය­ව­රයා හමුවී ඖෂධ ලබා­ගෙන භාවිත කර­නවා. පසුව නැවත එවැනි රෝග ලක්ෂණ පැමිණි විටදී වෛද්‍ය­ව­ර­යෙකු හමු නොවී පැරණි ඖෂධ තුණ්ඩු­ව­ටම ඖෂ­ධ­හ­ල­කින් බෙහෙත් ගන්නවා. එය නොකළ යුතු දෙයක්. එය අන­තු­රු­දා­යක වෙන්න පුළු­වන්.

එක් අය­කුට දෙන බෙහෙත් වට්ටෝ­රු­වක් තවත් කෙනෙකු භාවි­ත­යට ගැනීම සුදු­සුද?

එක් පුද්ග­ල­යෙක්ට දෙන ඖෂධ වට්ටෝ­රු­වක් ගෙද­රදී හෝ ගෙද­රින් පිට­ත­දී­වත් එකි­නෙකා අතර හුව­මාරු කර ගැනීම නොකළ යුතු දෙයක්. එකම රෝග ලක්ෂ­ණ­ව­ලින් වුවත් විවිධ රෝග ඇති වෙන්න පුළු­වන්. රෝග­යක් නිශ්චි­තව තීර­ණය කළ හැක්කේ වෛද්‍ය­ව­රුන්ට පම­ණයි. එහෙත් දරු­වන් කිහි­ප­දෙ­නකු සිටින නිවා­ස­වල එක් දරු­ව­කුට අස­නීප වූ විටදී එක් දරු­ව­කුට නියම කරන ඖෂධ අනෙක් දරු­ව­නුත් අස­නීප වූ විටදී ඔවු­න්ටත් දෙනවා. ඒත්, ප්‍රති­ජී­වක ඖෂධ සම්බ­න්ධ­යෙන් එය සිදු නොකළ යුතු දෙයක්.

වෛද්‍ය­ව­රුන් ඖෂධ නිර්දේශ කිරී­මේදී විවිධ අසා­ත්මි­ක­තා­වන් ඇති­දැයි විම­ස­නවා. වෛද්‍ය­ව­රයා දෙන ප්‍රති­ජී­වක ඖෂ­ධ­වල යම් අසා­ත්මි­කතා ඇති නම් එම ප්‍රති­ජී­වක ඖෂධ කාණ්ඩ­යෙන් නැතිව වෙනත් ප්‍රති­ජී­වක ඖෂධ කාණ්ඩ­ය­කින් බෙහෙත් ගත යුතුයි. ප්‍රති­ජී­වක විශාල කාණ්ඩ සහිත ඖෂ­ධ­යක්. එකි­නෙ­කට වෙනස් වූ ප්‍රති­ජී­වක ඖෂධ තිබෙ­නවා. ඒ අනුව වෛද්‍ය­ව­ර­යෙ­කුගේ නිර්දේ­ශ­යක් නැතුව එකි­නෙකා අතර ප්‍රති­ජී­වක ඖෂධ හුව­මාරු කර ගැනීම ඔස්සේ විවිධ ගැට­ලු‍ ­ඇ­ති­වෙන්න පුළු­වන්. ඒ වගේම කෙත­රම් දැඩි නීති තිබු­ණත් ඖෂ­ධ­හ­ල්ව­ලින් පරණ තුණ්ඩු­ව­ලට හෝ වෛද්‍ය නිර්දේ­ශ­ය­කින් තොරව ඖෂධ ගැනීම දැක­ගන්න පුළු­වන්. ප්‍රති­ජී­වක ඖෂධ කිසිදු අව­ස්ථා­වක වෛද්‍ය නිර්දේ­ශ­ය­කින් තොරව භාවි­ත­යට නොගත යුතුයි.

ප්‍රති­ජී­වක දීර්ඝ­කා­ලී­නව ලබා­ගත යුතු විශේෂ අවස්ථා තිබෙ­න­වාද?

ප්‍රති­ජී­වක ඖෂධ ඇත්ත­ටම භාවිත කරන්නේ බැක්ටී­රියා මඟින් ඇති­වන ආසා­දන රෝග­ව­ලට ප්‍රති­කාර කිරී­මට සහ එම රෝග වළක්වා ගැනී­ම­ටයි. වයි­ර­ස්ව­ලට සහ දිලී­ර­ව­ලට දෙන වෙනම කාණ්ඩ තිබෙ­නවා. අස්ථි සහ සන්ධි සම්බන්ධ රෝග තත්ත්ව­ව­ලදී ඇතැම් අව­ස්ථා­වල දින කිහි­ප­යක්, සති කිහි­ප­යක් හෝ මාස කිහි­ප­යක් ප්‍රති­ජී­වක ඖෂධ ලබා දීමට සිදු­වෙ­නවා. එය තීර­ණය කරන්නේ වෛද්‍ය­ව­ර­යායි. ප්‍රති­ජී­වක ඖෂධ දීර්ඝ­කා­ලී­නව දෙන්න පුළු­වන් අවස්ථා තියෙ­නවා. යම් රෝග­යක් ශරී­රයේ වර්ධ­නය වීම වළ­ක්ව­න්නත් ප්‍රති­ජී­වක ඖෂධ ලබා දෙන අවස්ථා වෙනවා.

මෙය පාල­නය කර­ගන්නේ කොහො­මද?

ඒ අද වන­විට ලෝක­ය­ටම බලපා තිබෙන විශාල ගැට­ලු­වක්. එයට හේතු වෙලා තියෙන්නේ ප්‍රති­ජී­වක ඖෂධ අව­භා­වි­තය (misuse) සහ අධි­භා­වි­ත­යයි (overuse). අන­වශ්‍ය ලෙස සහ අන­වශ්‍ය ප්‍රමා­ණ­යට ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කිරී­මක් ලොව පුරා දැක ගන්න පුළු­වන්. මෙය මිනි­සුන් අතර පම­ණක් නොවේ, ඇතැම් විට සතුන්ට, මත්ස්‍ය­යින්ට විවිධ හේතූ මත ප්‍රති­ජී­වක ඖෂධ දෙනවා. ඒත් බොහෝ විට මෙය අනිසි ලෙස භාවිත කිරීම ඉතා ඉහළ මට්ට­මක පව­ති­නවා. ප්‍රති­ජී­වක ඖෂධ සඳහා ප්‍රති­රෝ­ධය පාල­නය කිරී­මට අනිසි භාවි­ත­යෙන් වැළ­කෙන්න ඕනෑ. ඒ වගේම ප්‍රති­ජී­වක ඖෂධ භාවි­තය අවම කර­ගන්න ඕනෑ. මේ සඳහා මහ­ජ­න­තා­වට වගේම ප්‍රති­ජී­වක ඖෂධ ජන­තා­වට නිර්දේශ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලයේ වෛද්‍ය­ව­රුන්, පශු වෛද්‍ය­ව­රුන්ට මෙන්ම කෘෂි­ක­ර්මා­න්තයේ, මත්ස්‍ය කර්මා­න්තයේ නිරත සෑම කෙනෙ­කු­ටම මෙහිදී විශාල වග­කී­මක් පැව­රෙ­නවා. ප්‍රති­ජී­වක ඖෂධ අනිසි භාවි­ත­යෙන් වැළකී අවශ්‍ය දේටම පම­ණක් ප්‍රති­ජී­වක ඖෂධ භාවිත කළ යුතුයි.

මෙහිදී ජන­තාව හුරු කළ යුත්තේ කොහො­මද?

මෙහි විපාක පිළි­බ­ඳව ජන­තාව දැනු­වත් කරන්න ඕනේ. වෛද්‍ය­ව­රුන්ට මෙහිදී විශාල වග­කී­මක් තියෙ­නවා. එසේම, ප්‍රති­ජී­වක ඖෂධ නිසි භාවි­තය පිළි­බ­ඳව ජන­මාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ දැනු­වත් කළ යුතුයි. සෞඛ්‍ය දැනුම ඉහළ නැංවීම සඳහා විවිධ සෞඛ්‍ය වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම ඔස්සේද මෙය සිදු කළ හැකියි

අයිතිය ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය විශේ­ෂඥ වෛද්‍ය ගයනා ගුණ­රත්න සහ දිනමින කතෘ රුවන් පුෂ්ප කුමාර

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් නිවැරදිම සහ පැහැදිලිම වෛද්‍ය පරීක්ෂණ වාර්තා දැන් එකම වහලක් යටින් 🩺✨ප්‍රතිකාරයක සාර්ථකත්වය රඳා පවතින...
25/05/2026

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් නිවැරදිම සහ පැහැදිලිම වෛද්‍ය පරීක්ෂණ වාර්තා දැන් එකම වහලක් යටින් 🩺✨

ප්‍රතිකාරයක සාර්ථකත්වය රඳා පවතින්නේ නිවැරදි රෝග විනිශ්චය මතයි. ඒ වෙනුවෙන් නවීනතම තාක්ෂණික පහසුකම්වලින් සමන්විත Citizens Hospital (Pvt) Ltd අප ආයතනය, ඔබට උසස්ම සේවාවක් සහ විශ්වාසනීය වෛද්‍ය අධීක්ෂණයක් ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටිනවා.

පැහැදිලි සහ නිවැරදි රෝග විනිශ්චය සඳහා අප වෙතින් දැන් ඔබට:

✅ ඩිජිටල් එක්ස්-රේ (Digital X-Ray)
✅ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan)
✅ 2D ECHO පරීක්ෂණ

උසස් තාක්ෂණය වගේම කරුණාවන්ත, කාර්යක්ෂම සේවාවක් අත්විඳින්න අදම අප හා සම්බන්ධ වන්න. ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා අප සැමවිටම සූදානම්

📍 ස්ථානය: Citizens Hospital, නො. 117, පරණ ගාලු පාර, පානදුර.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 038 222 45 45 / 070 351 45 55

නිරෝගී හෙටක් වෙනුවෙන් විශ්වාසනීය සත්කාරය - Citizens Hospital & Laboratory (Panadura) 🏥✨ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය ව...
22/05/2026

නිරෝගී හෙටක් වෙනුවෙන් විශ්වාසනීය සත්කාරය - Citizens Hospital & Laboratory (Panadura) 🏥✨

ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය වෙනුවෙන් සියලුම වෛද්‍ය පහසුකම් සහ විශේෂඥ සේවා දැන් එකම වහලක් යටින් ලබා ගැනීමට පානදුර Citizens Hospital වෙත පැමිණෙන්න. උසස් තාක්ෂණය සහ සුදක්ෂ වෛද්‍ය මඩුල්ලකගේ සේවය සමඟින් ඔබට උපරිම විශ්වාසනීයත්වයක් සහ සුහදශීලී සත්කාරයක් අප වෙතින් හිමිවේ.

අප වෙතින් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන්:

👨‍⚕️ ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍ය සේවා (Channeling Services)

🧪 උසස් තාක්ෂණයෙන් යුත් රසායනාගාර (Laboratory) සහ OPD සේවා

💊 පැය 24 පුරා ක්‍රියාත්මක ඖෂධීය සේවා (Pharmacy)

🩻 ඩිජිටල් එක්ස්-රේ (Digital X-Ray) සහ ස්කෑන් පරීක්ෂණ

ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍ය සේවාවක් ඉතා සාධාරණ මිලකට, කඩිනමින් ලබා ගැනීමට අදම අපව අමතන්න නැතහොත් පැමිණෙන්න.

📍 ලිපිනය: නො. 117, පරණ ගාලු පාර, පානදුර.
📞 වැඩි විස්තර සහ වෛද්‍යවරුන් වෙන්කරවා ගැනීම සඳහා අමතන්න: 038 222 45 45 / 070 351 45 55

ජීවිතයේ බලාපොරොත්තු නොවූ මොහොතක ඇතිවන ඕනෑම හදිසි සෞඛ්‍ය ගැටලුවකදී, නිවැරදි තීරණය නිවැරදි වේලාවට ගැනීම ඉතාමත් වැදගත්. ඔබග...
22/05/2026

ජීවිතයේ බලාපොරොත්තු නොවූ මොහොතක ඇතිවන ඕනෑම හදිසි සෞඛ්‍ය ගැටලුවකදී, නිවැරදි තීරණය නිවැරදි වේලාවට ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ ජීවිතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පාණදුර Citizens Hospital අප සැමවිටම සූදානම්.

අපගේ බාහිර රෝගී අංශය (O.P.D) හරහා:

🩺 පළපුරුදු සහ සුදුසුකම්ලත් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක සේවය

⚡ කඩිනම්, කාර්යක්ෂම සහ සුහදශීලී ප්‍රතිකාර

🏥 නවීන වෛද්‍ය පහසුකම් සහ කාරුණික සේවාව

ඔබේ ජීවිතයේ සුරක්ෂිතභාවය අපගේ වගකීමයි! විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ඕනෑම මොහොතක අපව අමතන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 038 222 45 45 / 070 351 45 55
📍 ලිපිනය: නො. 117, පරණ ගාලු පාර, පාණදුර.

බැති සිතින් ඔබ සැමට ආරාධනා...
20/05/2026

බැති සිතින් ඔබ සැමට ආරාධනා...

18/05/2026

For more details..
Plz call us ..

16/05/2026

Prabath Liyanage

For more details call us..වැඩිදුර තොරතුරු සදහා විමසන්න..038 222 4545
16/05/2026

For more details call us..
වැඩිදුර තොරතුරු සදහා විමසන්න..
038 222 4545

කළුතර, පානදුර, කළුබෝවිල රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍යවරු හමු වීම දැන් ඔබට පහසුම පානදුර නගරයෙන්..පහසු ප්‍රවේශය..සහන මිල ගණ...
15/05/2026

කළුතර, පානදුර, කළුබෝවිල රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍යවරු හමු වීම දැන් ඔබට පහසුම පානදුර නගරයෙන්..
පහසු ප්‍රවේශය..සහන මිල ගණන්..
වාහන නැවැත්වීමේ පහසුකම සමග..
0 382 224 545

වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව පවත්වන ලබන අයිස්ක්‍රීම් දන්සල අද ද...
13/05/2025

වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව පවත්වන ලබන අයිස්ක්‍රීම් දන්සල අද දින සාර්ථකව පවත්වන ලදී..

Address

117 Old Galle Road
Panadura
12500

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Citizens Hospital & Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category