Dr.Madura Gunawardana

Dr.Madura Gunawardana Senior Psychologist - PhD, MSc - Clinical Psychology, BSc-Psy , Lecturer in Psychology
APA(USA), BPS(UK)

අපට නොගැලපෙන මිනිස්සු , නරකම මිනිස්සු නෙමෙයි. හැබැයි නොගැලපෙන මිනිස්සු ජීවිතේට ආවම , ජීවිතේ අසුන්දර වෙනවා. ඒ නිසා හොඳම ද...
05/08/2026

අපට නොගැලපෙන මිනිස්සු , නරකම මිනිස්සු නෙමෙයි. හැබැයි නොගැලපෙන මිනිස්සු ජීවිතේට ආවම , ජීවිතේ අසුන්දර වෙනවා. ඒ නිසා හොඳම දේ ඉවසීමෙන් ඉඳලා වඩාත්ම ගැලපෙන කෙනා ජීවිතයට ලංකර ගන්න එක !
Dr..Madura

26/07/2026

වැඩිහිටියන් තුල ඇතිවන ජංගම දුරකතන ඇබ්බැහි වීම
( Phone Addiction among Adults )

අද වනවිට Smart phone හෙවත් ජංගම දුරකතනය
නැතිවම බැරි මෙවලමක් වී ඇත.

එය සන්නිවේදන අවස්ථා පසුකරමින් අපගේ ජීවිතයේ Virtual Partner නැතහොත් අතථ්‍ය සහකරු
වෙමින් රාත්‍රියේ අපගේ පාලුව තනිකම මකන උපකරණයක් වී ඇත්තේ අනායාසයෙනි.

මේ අනුව එහි සෘණාත්මක බලපෑම් ද අපව ආක්‍රමණය කරමින් පවතී..

1. ස්වාභාවික මානව සබඳතා ඈත්වීම.
( Detachment from the Natural Human Relationships)

( ඇතැම් විට ආහාර මේසයේදී පවා පවුලේ අය ආහාර ගන්නේ දුරකතනය ඔබමිනි , රාත්‍රි සයනයේදී අඹුසැමි යුවල දෙපසට වී තම ජංගම දුරකතනය⁣ වෙත ⁣යොමු වී සිටිති. )

2. හැඟීම් දැනීම් සංවේදන අඩුවීම
( Emotional Dumbness )

3. ඇතැම් අවස්ථාවල සමීපතමයන් සමග නොරුස්නා ස්වභාව ඇති වීම
( Feeling irritable with kinsmen)

4. අක්‍රීය සවන්දීම ( Inactive Listening )
( සමීපතමයකු සමග කතාබහේදී දුරකතනය වෙත පවතින අවධානය සමඟ කතා බහවෙත මූලික අවධානය යොමු නොවීම )

5. සෑම අවස්ථාකම දුරකතනයේ Notifications බැලීමට සිත්වීම
උදා : Wts app messeges updates , FB likes commets...tic tok views comments ආදිය

6. දුරකතනය නොබලා සිටින විට අපහසුතාවක් දැනීම සහ එය නිරන්තරයෙන් පරිහරණය කිරීමට සිත් වීම.( Compulsive use without any reason at times )

7. Smart දුරකතනය ආතතිය ( Stress ) දුරුකරන විකල්පයක් ( alternative ) ලෙස දැනීම.
( Mental discomfort even though the person doesn't browse the phone and feeling the phone as a stress relieving companion)

8. දුරකතනයෙන් මිදීමට ඇති අපහසුව
( Lose of Control or hard to get refrain from the smart phone )

9. වැඩකටයුතු කිරීමට අලස බවක් දැනීම සහ වැදගත් එදිනෙදා කටයුතු මග හැරීමේ අවදානම
( Feeling lethargic and negligence of duties )

10. මතකයේ ඇතිවන දුර්වලතා , තොරතුරු ස්මරණය කිරීම දුබල වීම.
( Memory loss and difficulties in recalling information )

11. අක්ශි දුර්වලතා ඇතිවීම ( Visionary difficulties )

12 . නින්ද නොමැති වීම හෝ අඩු වීම ( insomnia or hyposomnia )

බොහෝ පිරිසකට වැසිකිලියට හෝ නාන කාමරයට දුරකතනය නෙමැතිව යා නොහැකි තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

13. හිසේ කැක්කුම් වැනි ස්වභාවයන් ඇති වීම
( Unusual headaches )

14. දුරකතනය නාද නොවුවද එසේ වනවා යැයි දැනීම ( Feeling the phone is buzzing once it doesnt )

15. රථ වාහන පැදවීමේදී phone භාවිතයෙන් අනතුරු ඇති වීම.

කල හැක්කේ කුමක්ද ?
( Solutions or remedies )

1. දුරකතනය භාවිතය දවසේ අත්‍යවශ්‍ය සීමිත අවස්ථාවකදී පමණක් සිදු කිරීම.

2. රාත්‍රි කාලයේදී එය නිදන ඇඳමත තබා නොගැනීම.
හෝ එය ක්‍රියා විරහිත කිරීම හෝ Data off කර තැබීම.

3. අනවශ්‍ය අවස්ථා වලදී Data off කිරීම.

4. දුරකතනය ඇතැම් අවස්ථා වලදී රැගෙන නොගොස් , ⁣එය නොමැතිව සාමාන්‍ය පරිසරය , අවස්ථා වින්දනය කිරීමට හුරු වීම.

5. දුරකතනය තමන් විසින් පාලනය කිරීම මිය එයට තමන්ව පාලනය කිරීමට ඉඩ කඩ විවර නොකිරීම.

6. ඇතැම් අවස්ථා වල දුරකතනය අවශ්‍යම නම්,
සාමාන්‍ය calls සහ sms ලැබෙන දුරකතනයක් ද භාවිත කිරීම.
( Usage of a basic phone )

7 . මනා නිරෝගී මා පිය , අඹුසැමි , දූදරු , හිතමිතුරු සබඳතා ඇති කර ගැනීම.
ඔවුන් සමග කාලය ගත කිරීම, විනෝද වීම..., ව්‍යායාම , කඳු නැගීම , පිහිනුම් , ක්‍රීඩා වැනි නිරෝගී විනොදාංශ ( Hobbies ) කරා යොමු වීම.

8. රෝගී සම්බන්ධතා ( Unhealthy Relationships ) ඔබව ජංගම දුරකතනයට ඇබ්බැහි කල හැකි බැවින් ඒවායෙන් ඈත් වීම.

9. ජංගම දුරකතනය භාවිතයේදී screen light අඩු කිරීම , ඇතැම් සුවිශේෂී උපැස් කණ්නාඩි ( Blue Cut glasses භාවිතය , ඇස්වලට වන අපහසුව හානිය යම් දුරකට හෝ අවම කරනු ඇත.

10. දුරකතනයෙන් Face book , tik tok , insta වැනි Apps , uninstall ( ඉවත් ) කර තිබීම.

10. කාලය නිසි පරිදි කලමනාකරණය සහ තම අනාගත දියුණුව කරවන සැලසුම් ක්‍රියාත්මක කිරීම.
( Time Management ( Covey's Method , To do list භාවිතය ) SWOT Analysis වැනි ක්‍රමවේද භාවිතය )

අප සියලු දෙනාම ජීවන ගමන , අභියෝග හා ඒවා ජය ගැනීමේ ගමන තුල Smart දුරකතනය ජීවන දියුණුව සඳහා ද උපරිමයෙන් දායක කර හැකි බව අප දන්නා අතර එහි අනිස භාවිතයෙන් ඉවත් වීම අපව ශාරීරික , මානසික , සමාජීය , ආධ්‍යාත්මික සහ ආර්ථික සංවර්ධනය වන 5 වැදෑරුම් මානව සංවිධානය ( Human Development ) කරා ගෙන යනු ඇත.

ආචාර්ය මධුර ගුණවර්ධන
PhD , MSc ( Clinical Psychology )
MA ( Sociology ) BSc ( Psychology )

සියදිවි හානිකර ගැනීමේ අවදානම -ලඟම පුද්ගලයකුගේ චර්යාත්මක ⁣වෙනස්කම් පිළිබඳ මූලිකවම නිරීක්ෂණය කළ හැක්කේ ඔහු ලඟින්ම ඇසුරු කර...
17/07/2026

සියදිවි හානිකර ගැනීමේ අවදානම -
ලඟම පුද්ගලයකුගේ චර්යාත්මක ⁣වෙනස්කම් පිළිබඳ මූලිකවම නිරීක්ෂණය කළ හැක්කේ ඔහු ලඟින්ම ඇසුරු කරන්නන්ටය.

එහිදී ඔහුව හෝ ඇයව තේරුම් ගැනීම සහ සහකම්පනය එනම් අන්කෙනාට දැනෙන දේ තමන්ගේ ආත්මීය ලෝකයට ( Subjective World ) ආරෝපණය කර තේරුම් ගැනීම වේ.
සරළවම "අන් කෙනාගේ සපත්තුවට බැස" තේරුම් ගැනීම Understanding and Empathy ඉතා අවශ්‍ය වේ .

මීට අමතරව චිත්තවේගීය සහාය Emotional Support ඉතා වැදගත්ය .

තවද වෘත්තීයමය මැදිහත් වීම උපදේශනාත්මක සහ මනෝ වෛද්‍යමය ( Counseling and Psychiatric )
අතිශය වැදගත් විය හැක.
Poor Insight (දුබල ප්‍රතිවේදය / අවලෝකනය ) එනම් තමන්ට රෝග තත්වයක් නැතැයි එසේ තිබුන ද ඇතැම් අය සිතන අවස්ථාවල දී ,
උපක්‍රමශීලීව ඔහුව හෝ ඇයව නිසි ප්‍රතිකාර සඳහා රැගෙන යාම ඉතාම වැදගත් වේ.

16/07/2026

සතිමත්බව මුල් වූ සංයම අභ්‍යාස 💐

25/06/2026
08/07/2024

Senior Psychologist - PhD, MSc - Clinical Psychology, BSc-Psy , Lecturer in Psychology
APA(USA), BPS(UK)

https://youtu.be/t1dA0XGap4k?si=xufRyFgdokVeDazi
11/06/2024

https://youtu.be/t1dA0XGap4k?si=xufRyFgdokVeDazi

ඔබේ ආකල්ප සංවර්ධනය කිරීමෙන් පුද්ගලිකව මෙන්ම සමාජයක් වශයෙන් දියුණු වන්නේ කෙසේද? | Madura Gunawardana | Adaraneeya Jeewithaya | 11 -06 - 2024The First and the ...

සියත TV    02.05.2024
02/05/2024

සියත TV 02.05.2024

ධනාත්මකව හිතලා ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය | Madura Gunawardana | Adaraneeya Jeewithaya | 30- 04 - 2024The First and the Only 4K ULTRA HD Television channel...

22/03/2024

" ඔයා දන්නව ද ? මිනිහෙකුගේ හොඳම ගුරුවරයා තමයි එයාගෙ ජීවිතය . බොහෝ වෙලාවට ජීවිතය ඔයාට කතා කරලා ඉගෙනගන්න හැටි කියලා දෙන්නේ නැහැ.
ඒ උනාට මිනිස්සුන්ට බොහෝ දේ උගන්නනවා. ජීවිතය අපිට පාඩම් කියලා දෙන්නේ අපිව යම් දේකට තල්ලු කරලයි.
ඔයා ජීවිතයෙන් පාඩම් ඉගෙනගන්නවා නම් ඔයා සාර්ථක වෙනවා.
එහෙම නැත්නම් ජීවිතය ඔයා ළඟට වෙලා මොන තරම් දේවල් කියලා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ "

- උපුටනය
"ධනවත් පියා , දිළිඳු පියා " කෘතියෙන් -
Rich Dad , Poor Dad

Address

Horana Road , Alubomulla
Panadura
10400

Telephone

+94704176699

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Madura Gunawardana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Madura Gunawardana:

Shortcuts

Share

Category