Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre

Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre Ayurdha Ayurveda – Ayurveda wellness, treatments & health education by Dr. Iresha Gunathilake.

🌿ඔයත් උරහිසේ වේදනාවෙන් පීඩා විඳිනවාද? අත ඉහලට එසවීමට අමාරුයිද?උරහිසේ වේදනාවට විවිධ හේතු තිබිය හැකියි. එම නිසා මුලින්ම හේ...
10/09/2026

🌿ඔයත් උරහිසේ වේදනාවෙන් පීඩා විඳිනවාද? අත ඉහලට එසවීමට අමාරුයිද?

උරහිසේ වේදනාවට විවිධ හේතු තිබිය හැකියි. එම නිසා මුලින්ම හේතුව නිවැරදිව හඳුනාගැනීම වැදගත්.

👩‍⚕️ ඔබ සතුව ඇති වෛද්‍ය වාර්තා (Reports) පරීක්ෂා කර, ඔබගේ තත්ත්වය අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනීමට අපි අවධානය යොමු කරමු.

🌿 බටහිර වෛද්‍ය විද්‍යාවේ නවීන දැනුම හා තාක්ෂණික අවබෝධය සමඟ මුසු වූ ආයුර්වේද ප්‍රතිකාර මගින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන ප්‍රතිකාර ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න.

📋 X-ray / MRI / Scan / Blood Reports වැනි ඔබගේ වෛද්‍ය වාර්තා තිබේ නම් රැගෙන එන්න.

👩‍⚕️ Dr. Iresha Gunathilake

📞 078 8 888268

Ayurdha Ayurveda 🌿


#ආයුර්වේද #උරහිසේවේදනාව

09/09/2026

🩺 Back Pain නිසා දෛනික ජීවිතය ගෙවාගන්නෙ අමාරුවෙන් ද?

දිගු වේලාවක් වාඩි වී සිටීම, වැරදි posture, muscle strain, හෝ වෙනත් හේතු නිසා Back Pain ඇතිවිය හැකියි.

🌿 Ayurdha Ayurveda තුළ, ඔබගේ තත්ත්වය අනුව සුදුසු Ayurvedic treatment සහ therapeutic procedures මඟින් වේදනාව හා stiffness අඩු කර, ශරීරයේ චලනය පහසු කිරීමට සහය වීමට අපි කටයුතු කරමු.

✨ ඔබේ වේදනාව නොසලකා හරින්න එපා.
වෛද්‍ය වාර්තා සලකා බලා නිවැරැදි රෝග විනිශ්චයක් සමඟ සුදුසු ප්‍රතිකාරයක් තෝරාගන්න.

📍 Ayurdha Ayurveda
👩‍⚕️ By Dr. Iresha Gunathilake

078 8 888268
Moratuwa, Panadura

😮 කට ගඳ ගහනවාද? MOUTH SMELL / BAD BREATHඔබට නොදැනුනාට ඔබ සමඟ කතා කරන කෙනාට ඒක දැනෙන්න පුළුවන්! 😬කට ගඳ ගැසීම (Bad Breath)...
09/09/2026

😮 කට ගඳ ගහනවාද?

MOUTH SMELL / BAD BREATH

ඔබට නොදැනුනාට ඔබ සමඟ කතා කරන කෙනාට ඒක දැනෙන්න පුළුවන්! 😬

කට ගඳ ගැසීම (Bad Breath) හැමවිටම දත් අපිරිසිදු නිසාම වෙන්නේ නැහැ.

🦷 ඒකට හේතු විය හැකි දේවල් කිහිපයක්:

👉දිව මත බැක්ටීරියා තැන්පත් වීම
👉දත් අතර ආහාර කොටස් රැඳීම
👉දත් මැලියම් / gum disease
👉 දත් කුහර
👉මුඛය වියළීම (Dry Mouth)
👉දුම්පානය
👉සමහර ආහාර හා පුරුදු
👉ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්ව
👉ගැස්ට්‍රයිටිස්
👉අක්මාව ආශ්‍රිත රෝග තත්ව
👉දිගටම පවතින විට වෙනත් සෞඛ්‍ය ගැටලුද සලකා බැලිය යුතුය.

🌿 කට ගඳ අඩු කරගන්න අදම පටන් ගන්න!

✅ දිනකට දෙවරක් දත් හොඳින් මදින්න
✅ දිනකට වරක් දත් අතර floss / interdental cleaning කරන්න
✅ දිව මෘදු ලෙස පිරිසිදු කරන්න 👅
✅ ප්‍රමාණවත් ජලය පානය කරන්න 💧
✅ දුම්පානයෙන් වළකින්න 🚭
✅ අවශ්‍ය නම් සුදුසු mouthwash එකක් භාවිතා කරන්න — නමුත් එය brushing සහ flossing වෙනුවට නොවේ.

💡 වැදගත්ම දේ:
Mouthwash එකෙන් ගඳ තාවකාලිකව වසන් කළ හැකි නමුත්, ගඳට හේතුව සොයා ප්‍රතිකාර කිරීම වැදගත්.

⚠️ මේ දේවල් සිදු කලත් දිගටම කට ගඳ පවතිනවා නම්, විශේෂයෙන් දත්/විදුරුමස් වලින් ලේ ගැලීම, වේදනාව, දත් කුහර හෝ මුඛය අධික ලෙස වියළීම තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

🌿 Ayurdha Ayurveda Medical Centre

078 8 888268
ඔබගේ සෞඛ්‍ය ගැටලු ගැන නිවැරදි උපදෙස් ලබාගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

❤️ මේ post එක save කරගන්න!අපේ page එක follow කරමින් දිගටම වටිනා සෞඛ්‍ය තොරතුරු දැන ගැනීමට අප හා එක්වන්න...

ඔබ දන්න කෙනෙක්ටත් share කරන්න — ඔහුට/ඇයට මේක වැදගත් වෙන්න පුළුවන්.

🦵 දණහිසේ වේදනාව ඔබේ දෛනික ජීවිතයට බාධාවක් වෙලාද?දණහිසේ වේදනාවට හේතු එකිනෙකට වෙනස් විය හැකියි. Osteoarthritis, muscle wea...
08/09/2026

🦵 දණහිසේ වේදනාව ඔබේ දෛනික ජීවිතයට බාධාවක් වෙලාද?

දණහිසේ වේදනාවට හේතු එකිනෙකට වෙනස් විය හැකියි. Osteoarthritis, muscle weakness, අධික බර, අධික සිටගෙන සිටීම,අධිකව ඇවිදීම සහ inflammation වැනි හේතු නිසා දණහිස් වේදනාව ඇතිවිය හැක.

ඒ නිසා දිගින් දිගටම ඔයාටත් දණහිසේ වේදනාවක් පවතිනවා නම් “වයසට යනකොට එන සාමාන්‍ය දෙයක්” කියලා නොසලකා හරින්න එපා.🌿

ඔබගේ තත්ත්වයට ගැළපෙන සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ලබාගන්න.

🌿 Ayurdha Ayurveda Medical Centre

078 8 888268

27/08/2026

🦵 කොන්දෙන් පාදයට යන වේදනාවක්ද? ඒ Sciatica වෙන්න පුළුවන්!

කොන්දේ වේදනාවක් විතරක් නෙවෙයි…
තට්ටමේ සිට කලවය හරහා පාදය දක්වා පැතිරෙන වේදනාව, හිරිවැටීම, tingling sensation හෝ පාදයේ දුර්වලතාවය Sciatica සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

🧠 මේක වෙන්නේ sciatic nerve එකට පීඩනයක් හෝ irritation ඇතිවීම නිසා. Disc bulge/herniation ඇතුළු විවිධ හේතු නිසා මෙය ඇතිවිය හැකියි.

👉 ඔබටත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, හේතුව නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ගැනීම වැදගත්.

Ayurdha Ayurveda | By Dr. Iresha Gunathilake

0788888268

#කොන්දේවේදනාව #පාදයේවේදනාව #සයටිකා

22/08/2026

ඔයාටත් උදෑසන පාදය බිම තැබූ විට විලුඹේ කැක්කුමක් දැනෙනවාද?
----‐ ------ ------

මෙම විලුඹේ වේදනාව විශේෂයෙන්ම මැදිවියේ (අවුරුදු 40–60 අතර) සහ තරුණ කාන්තාවන් අතර ඉතා සුලභයි.බොහෝ දෙනාට මේ වේදනාවට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගන්නේ Plantar Fasciitis නම් තත්වයයි.

උදෑසන නිදාගෙන නැගිටලා පළවෙනි අඩි කිහිපය තියන විට විලුඹේ තද කැක්කුමක් දැනෙනවා.
එමෙන්ම දිගු වෙලාවක් වාඩිවී ඉඳලා නැගිටලා යන විටත් මේ වේදනාව දැනෙන්න පුළුවන්.
කල් යත්ම රාත්‍රියේදීත් මේ කැක්කුම වැඩිවෙන බවත් දැකිය හැක.

මේ ගැටළුවට නිසි ප්‍රතිකාර ලබා නොගත්තොත්, එදිනෙදා ජීවිතයේ ගමන්බිමන් සහ වැඩකටයුතු කරගැනීමටත් බාධා ඇති විය හැක.

මෙම තත්වය ඇතිවෙන්නේ පාදයේ පතුලේ ඇති plantar fascia නම් පටකය, විලුඹේ අස්ථියට (calcaneum) සම්බන්ධ වන ස්ථානයේ දැවිල්ලක් හෝ ඉදිමීමක් ඇතිවීම නිසාය.
බර වැඩි,ශරීරයේ උෂ්ණ ස්වභාවය වැඩි,දීර්ඝ කාලීන මධුමේක රෝගයෙන් පෙලෙන පුද්ගලයන් අතරත් මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලබේ.
සමහර රෝගීන් කියනනෙ “මම ලඟදි exercise එකට දුවන්න පටන් ගත්තට පස්සේ විලුඹ රිදෙනවා” කියලා. තවත් අය කියන්නේ “විලුඹේ කැක්කුම අඩුකරගන්න දුවන්න ගියාට පස්සේ ඒක තවත් වැඩිවුණා” කියලා.

එයට හේතුව වන්නේ plantar fascia පටකය මත නිතරම යොදන පීඩනය , හෝ ගුණාත්මක නොවන සපත්තු දාගෙන දිවීම,ඇවිදීම නිසා පාදයේ බර වැරදි ආකාරයට විලුඹට යෑමයි.
එමෙන්ම උපතින්ම පාදයේ ව්‍යුහයේ තිබෙන සුළු වෙනස්කම්ද මෙම රෝග තත්වය ඇතිවීමට හේතු විය හැක.

මෙහිදී සමහර පුද්ගලයන්ගේ විලුඹේ Heel Spur ලෙස හඳුන්වන කැල්සියම් තැන්පත් වීම් දක්නට ලැබෙනවා. එවැනි අය අතරද plantar fasciitis දක්නට පුළුවන්.
නමුත් heel spur තිබීම පමණින් plantar fasciitis ඇතිවේ කියලා කියන්න බැහැ.

මෙම රෝග තත්වය හඳුනාගැනීමට බොහෝවිට විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැත. ගොඩක් දුරට x ray වාර්තාවක් ගෙන heel spur තත්වයක් ඇත්නම් හඳුනාගත හැකි අතර අවශ්‍ය නම් Ultrasound scan එකක් මගින් plantar fasciitis තත්වය තහවුරු කරගන්න පුළුවන්.
නමුත් ආතරයිටිස් සම්බන්ධ වෙනත් ලක්ෂණ තිබේ නම් හෝ මේ ගැටළුව නැවත නැවත මතුවේ නම්, ඒ සම්බන්ධ රුධිර පරීක්ෂණද සිදුකරනු ඇත.

මෙහිදී යොදාගන්නා නිසියාකාර ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙය බොහෝ දුරට මාසයකටත් වඩා අඩු කාලයකදී සුව කල හැකි අතර මෙය වැළඳී ගතවී ඇති කාලය,රෝගියාගේ වයස,සහ රෝගියාගේ ක්‍රියාකරම් මත මෙම කාලය අඩු හෝ වැඩි විය හැක.

එම නිසා අනෙකුත් සියළු රෝග මෙන් මෙහිදීද රෝග ලක්ෂණ මතු වූ වහාම නිසියාකාර ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න.
රෝගය සුව වූ පසු එය සෑදීමට හේතු වූ කාරණා පාලනය කිරීමෙන් නැවත නැවත රෝගය සෑදීම වලක්වා ගත හැක.

-උපාදිධාරී ආයුර්වේද වෛද්‍ය ඉරේෂා ගුණතිලක-
ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
078 8 888268

🥰අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර🥰Fatty Liver Disease ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268 o...
23/05/2026

🥰අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර🥰

Fatty Liver Disease

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268 or 0714781780

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)


#ආයුර්වේද

🌸ඩිම්බකෝෂ ගෙඩි සහ PCOS සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර 🌸මෙම කාන්තාව අපගේ සායනය සඳහා යොමු වූයේ දරුවන් නොමැතිවීම නිසා ප්‍රත...
13/05/2026

🌸ඩිම්බකෝෂ ගෙඩි සහ PCOS සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර 🌸

මෙම කාන්තාව අපගේ සායනය සඳහා යොමු වූයේ දරුවන් නොමැතිවීම නිසා ප්‍රතිකාර ලබාගැනීමටයි.
නමුත් අප ස්කෑන් වාර්තා ලබා ගත්තායින් පසු එහි දක්නට ලැබුණේ PCOS තත්ත්වයක් සහ දකුණු ඩිම්බකෝෂයේ ගෙඩියකි.ආයුර්වේද ප්‍රතිකාර ලබාදී මාස හයකින් පසුව නැවත ස්කෑන් වාර්තා ලබා ගත්තායින් පසුව බිම්බකෝෂ වල ගෙඩි තත්ත්වය සහ PCOS තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වී ඇත.

දරුවන් නොමැතිවීමෙන් අපගේ සායනයට යොමු වුවද ස්කෑන් වාර්තා වලට අනුව ප්‍රජනක පද්ධතිය ආ‍ශ්‍රිත වෙනත් රෝග තත්ත්වයන්ට ඇත්නම් ඒවාට ප්‍රතිකාර කිරීමෙන් ප්‍රජනක පද්ධතිය සාමාන්‍ය තත්වයට පත් කිරීමෙන් ස්වාභාවික ගැබ් ගැනීමට ආයුර්වේදය ඉඩ සලසයි.

ඉතින් සුබපැතුම් ඔබට...❤️
ළඟදීම සුබ පණිවිඩයක් අසන්නට ලැබේවායි බලාපොරොත්තු වෙමු.😍🥰

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
කොළඹ විශ්වවිද්‍යාලය

ප්‍රතිකාර සඳහා 071-4781780 whatsapp පණිවිඩයක් යොමු කරන්න.
**es

11/03/2026

දණහිසේ පසුපස ඉදිමීමක් තියෙනවද? දණ නවනකොට කැක්කුමක් එනවද?

මේක Baker’s Cyst 1ක් වෙන්න පුළුවන්.....

Baker’s cyst 1ක් කියන්නේ දණහිසේ පසුපස ඇතිවන දියරයෙන් පිරුණු ගෙඩියක් වගේ එකක්. මෙය බොහෝවිට ආතරයිටිස්, meniscus injury, හෝ දණහිසේ ආසාදනයක් වැනි ගැටලු නිසා ඇතිවිය හැක.

මෙම තත්වයේදී දණහිසේ පසුපස හිර කරන්නාක් වැනි ගතියක්, ඉදිමුමක්, දණ නමනකොට වේදනාවක් හෝ හෝ ඇවිදින්න අපහසුතාවයක් ඇතිවිය හැක.
මෙහිදී තිබෙන දියරය සුරක්ෂිතව ඉවත් කර pressure එක අඩු කර වේදනාව ලිහිල් කරයි.
මෙම රෝගියා ඔස්ටියොආතරටිස් රෝගයෙන් කාලයක් පීඩා විඳීම නිසා මෙය ඇතිවී ඇත.

(සැ.යු.-මෙය සිදු කිරීමට ප්‍රථම වාර්තා ලබා ගෙන තහවුරු කර ගැනීම කල යුතු අතර මෙහි ඇති දියරය ඉවත් කිරීමෙන් පමණක් මෙය සුව නොවේ. එය සිදුවීමට මුල් වූ රෝගයට ප්‍රතිකාර කල යුතුය.)

— Dr. Iresha

ඩොක්ටර්.. මේ..බබාගේ ඇගේ බිබිලි වගයක් දාලානේ......🤕🤕🤕සාමාන්‍යයෙන් අවුරුදු 5ට අඩු වගේ දරුවන්ගේ (අවු.6,7 තෙක් සෑදීමට හැකියා...
09/10/2025

ඩොක්ටර්..
මේ..බබාගේ ඇගේ බිබිලි වගයක් දාලානේ......🤕🤕🤕

සාමාන්‍යයෙන් අවුරුදු 5ට අඩු වගේ දරුවන්ගේ (අවු.6,7 තෙක් සෑදීමට හැකියාව ඇත.) මේ දවස් වල නිතරම දකින්න පුලුවන් රෝග තත්වයක්....

Hand Foot Mouth Disease
අත් පා මුඛ රෝගය

මේක virus එකක් නිසා(enterovirus) හැදෙන ලෙඩක්..ගොඩක්ම හැදෙන්නේ පොඩි දරුවන්ට.
ඒ වගේම හරිම වේගෙන් බෝවෙනවා.මෙය අත් පා මුඛ රෝගය ලෙස දක්වා ඇත්තේ බහුලවම මෙම ස්ථාන වල රෝග ලක්ෂන ඇති කරන නිසා.වැඩිහිටියන්ට මේ රෝගය බෝ නොවුනත් එයාලගෙන් මෙය කුඩා දරුවන්ට සම්ප්‍රේෂනය වීමේ හැකියාව පවතිනවා.රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ කැස්ස,කිවිසුම් ,මලපහ,කෙල,සෙම්,සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ස්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙන්
රෝගය ඇති අයෙක් සමග දරුවා සිටියොත් එදින සිට දවස් 3-6ක් ඇතුලත රෝග ලක්ෂණ පහලවෙන්න පුළුවන්.
👇රෝග ලක්ෂණ
🔸දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම
🔸උගුරේ අමාරුව
🔸උණ (100-102F)
🔸කෑම අරුචිය ( උගුරේ බිබිලි දැමීම නිසා වේදනාවට කෑම අරුචිය ඇති
වේ. )
🔸කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔶අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔸කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔸තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
🔸සමහරුන්ගේ බිබිලි දැමීමට පෙර රතු පැහැති කුෂ්ඨයක් ඇතිවී පසුව බිබිලි දැමිය හැක.
🔸දින කිහිපයකින් මෙම බිබිලි පිපිරී ඝන පොත්තක් සෑදෙනු ඇත.
මෙම රෝගය දින 6-7ක් පැවතිය හැක.

👉වෛද්‍යවරයෙකු බිබිලි දෙස බලා රෝග නීර්ණය සිදුකරන අතර බොහෝවිට අමතර පරීක්ෂණ අවශ්‍ය නැත.

👉මෙම රෝගයේදී ක්‍රියා කලයුතු ආකාරය
🔸මෙය වෛරස් රෝගයක් නිසා විශේෂ බෙහෙත් වර්ග අවශ්‍ය නැති අතර උණ ඇතිනම් එය පාලනය කල යුතුය...
🔸උගුරේ අමාරුව නිසා ඇතිවන කෑම අරුචිය මගහැරීමට දරුවාට මෘදු, සිසිල් අහාර ලබාදෙන්න. දෙහි, දොඩම්,අන්නාසි සහ උෂ්ණ අහාර නොදෙන්න.
🔸විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න
🔸සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න
🔸උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න.
🔸බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න.

👉රෝගය බෝවීමෙන් වැළකෙන්නේ කෙසේද?

🔹රෝගය සැදුනු ළමයින්ව පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන නොයවා රෝගය සුව වෙනතුරු සිටින්න.
🔹දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න.
🔹සැම විටම ගමන් බිමන් වලින් පසුව, දරුවාගේ මලපහ පිරිසිදු කිරීමෙන් පසුව අත් සෝදන්න.
🔹දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න
🔹නිවසේ එක රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු අනිත් දරුවන්ට නොදෙන්න.
🔹නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න.
🔹දරුවාව පිරිසිදුව තබාගන්න.

Hand Foot & Mouth Disease වැළඳුණු උණ නැති දරුවන්ගේ ඇඟ සේදීමට රත්මල් කැකුළු,වදමල් කැකුළු, අමු කහ, ගංසූරිය,නිදිකුම්බා, කොහොඹ, වෙනිවැල් ගැට, දෙළුම් කොළ වැනි ඖෂධීය කොළ වර්ග භාවිතා කල හැකියි. මෙම කොළ වර්ග මුට්ටියකට දමා තම්බා පෙරා එම වතුරින් රෝගය වැළඳුණු දරුවන් සේදීමෙන් එම දරුවාගේ ශරීරයේ ඇති බුබුළු ඉක්මනින් සුව කළ හැකි සේම දරුවාට එමඟින් ලොකු සුවයක් හා සහනයක් ද ලබාගත හැකිය.

සැ.යු:👇👇
ඔබේ දරුවාටද මෙම රෝගය වැලඳී ඇත්නම් එම දරුවාට උණ නොමැතිනම් පමණක් මෙම ඖෂධීය ප්‍රතිකාරය සිදුකරන්න.
මේ අතර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.
රෝගය සම්පූර්ණයෙන්ම සුවවන තුරු සබන් භාවිතා නොකරන්න.

🟢 නිවැරදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුළින් රෝගය මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ඇරඹීමෙන් දෙන 4-6ත් අතර කාලයකදී සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාව ඇත.
එසේම මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම මඟින් කැලැල් නොමැතිව රෝගය ඉතා ඉක්මනින් සුව කර ගත හැක.

🟢රෝගය ශරීර පුරා පැතිරුණු විට ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් දින 6-10 අතර කාලයකදී සුව කරගත හැකිය.

සටහන- Dr.L.I.M.Gunathilake
BAMS(Hons) University of colombo
SLAMC Reg.No.16120
Online ප්‍රතිකාර සඳහා විමසීම්: Whtasapp 0714781780/0788888268

📌ආයුර්ධා වෛද්‍ය මධ්‍යස්ථානය,අංක 231/1,නව ගාලු පාර,එගොඩ උයන,මොරටුව.
Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre

Address

231/1, Galle Road
Panadura

Opening Hours

Monday 09:00 - 13:00
Tuesday 09:00 - 13:00
Wednesday 09:00 - 13:00
Thursday 09:00 - 13:00
Friday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Telephone

+94714781780

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share