Dr Jagath Gunawardana

Dr Jagath Gunawardana Member of Parliament | Kurunegala District | National People's Power (NPP)

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීමේ අරමුණට ශක්තියක් එක් කරමින් 2026/05/25 දින කටුගම්පල ආසනයේ වසම් එකොලහක් තුල පානීය ජල සම...
04/06/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීමේ අරමුණට ශක්තියක් එක් කරමින් 2026/05/25 දින කටුගම්පල ආසනයේ වසම් එකොලහක් තුල පානීය ජල සම්බන්දතා 1000 ලබා දීම සදහා ජල සම්පාදන මණ්ඩලය හරහා මිලියන 100 මුදල් වෙන්කිරීම මත ආරම්භ වූ පානිය ජල යෝජනා ක්‍රමයේ දෙවන අදියර පහළ මැද්දේපොළ ග්‍රාම නිලධාරී වසම මූලික කොටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන සහෝදරයගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මොහොත. මෙම අවස්ථාවට ලේකම් ජගත් කුමාර සහෝදරයා, පර්යේෂණ නිලධාරී ඉසංක දසනායක සහෝදරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයසිරි බොතේජු සහෝදරයා ජල සම්පාදන මණඩලයේ දිස්ත්‍රික් කලමණාකාර මහත්මා, නියෝජ්‍ය කලමණා කාර තුමිය, ප්‍රධාන ඉන්ජිනේරු ජලසම්පාදන, ගිරිඋල්ල ස්ථානභාර නිලධාරී මහත්මා, ග්‍රාම නිලධාරී මහත්මිය, ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරුවන් ලෙස සෙනරත් කොන්ත්‍රාත් සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරී මහත්මා සහ ව්‍යාපෘති ඉංජීනේරු මහත්මා ප්‍රමුඛ සේවක මහත්වරු සහභාගී විය. වැඩමවා වදාළ මැද්දේපොළ රජමාහා විහාරයේ ගරු විහාරාධීපති ස්වාමීන්වහන්සේ විසින් පන්සිල් පිහිටුවා මෙම ව්‍යාපෘතියේ ආරම්භයට අවශ්‍ය අශිර්වාදය ලබා දීම සිදු විය.

ජන රජයට - ජන බලයක් | මාලිමාවේ කුරුණෑගල  මැයි රැලිය137වන ජාත්‍යන්තර කම්කරු දින සැමරුමට සමගාමීව දිවයින පුරා දිස්ත්‍රික්ක ව...
02/05/2026

ජන රජයට - ජන බලයක් | මාලිමාවේ කුරුණෑගල මැයි රැලිය

137වන ජාත්‍යන්තර කම්කරු දින සැමරුමට සමගාමීව දිවයින පුරා දිස්ත්‍රික්ක වශයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කල මැයි රැලියේ කුරුණෑගල දිස්ත්‍රික් මැයි රැලියට අති සාර්තකව පැවැත්විය.

01/05/2026

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය.

ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ පවා අප රටේ අනන්‍යතාව වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ඇත්තෙමු. දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණදෙමින් 2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඇතුළුව මෙරට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අපි සලකුණු කළෙමු. මේසා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් මෙරට වැඩ කරන ජනතාවට පළමුව මම ජාතියේ කෘතවේදීත්වය පළ කරමි.

එමෙන්ම, වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් තේරුම් ගත් අපි ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිමු. රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම මෙන්ම, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි, ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අප කටයුතු කර තිබෙන බවද මෙහිලා සිහිපත් කරන්නේ මහත් සතුටිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේදී වැඩිම පීඩාවට පත් වූයේ මෙරට වැඩ කරන ජනතාවයි. ඉතිහාසයේ ව්‍යසනයකදී ලබා දුන් වැඩිම වන්දි මුදල ලබා දීම, ගොවි ජනතාව, ධීවර මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සහ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවතුණාට වඩා උසස් තලයකට ඔසවා තැබීමේ Rebuilding Sri Lanka වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්‍රියාවට නංවමින් තිබෙන බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම අපගේ ඒකායන අරමුණයි. එහිදී දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින්නෙමු. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ආදිය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙනි.

රටට අහිමි වු සංවර්ධනය ළඟා කර ගනිමින් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී ගාමක බලවේගය ලෙස මෙරට වැඩ කරන ජනතාව පිළිබඳ අපි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. එම විශ්වාසය මත පදනම්ව අපරාජිත ගමනක් වෙනුවෙන් අපි වැඩ කරමින් ඉගෙන ගනිමින්ද, ඉගෙන ගනිමින් වැඩ කරමින්ද සිටිමු. නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙමු'යි ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින් අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 01 දින

உலகளாவிய போர்ச் சூழல்களுக்கு மத்தியிலும், ஒரு நாடாகப் பல பொருளாதார வெற்றிகளை ஈட்டிக்கொண்டிருக்கும் தீர்மானமிக்கதொரு தருணத்தில், இலங்கையின் உழைக்கும் மக்கள் இம்முறை தொழிலாளர் தினத்தைக் கொண்டாடுகின்றனர். அமெரிக்க தீர்வை வரி விதிப்பு, 'டித்வா' சூறாவளி, மத்திய கிழக்கு போர் போன்ற அண்மைக்காலப் பெரும் சவால்களுக்கு மத்தியிலும், எமது நாட்டின் தனித்துவமான மனிதாபிமானமிக்க அணிசேரா வெளிநாட்டுக் கொள்கையின் ஊடாக வெளிநாடுகளில் பணிபுரியும் தொழிலாளர்களின் பாதுகாப்பை நாம் உறுதிப்படுத்தியுள்ளோம். 'டித்வா' போன்ற இயற்கை அனர்த்தங்களை வெற்றிகரமாக எதிர்கொண்டு, 2025 ஆம் ஆண்டில் 1977 ஆம் ஆண்டிற்குப் பின்னர் பதிவான மிகக்குறைந்த வரவு செலவுத் திட்டப் பற்றாக்குறையைப் பதிவு செய்தமை, 2007 ஆம் ஆண்டிற்குப் பிறகு நாட்டின் அதிகூடிய அரச வருமானத்தைப் பெற்றமை, முதன்மைக் கணக்கில் மேலதிக இருப்பைப் பேணியமை, பொருட்கள் மற்றும் சேவை ஏற்றுமதி வருமானம் 17 பில்லியன் டொலர்களைத் தாண்டியமை, இலங்கை வரலாற்றில் அரச வருமான இலக்குகளை விஞ்சிய ஒரே ஆண்டு மற்றும் அதிகூடிய வெளிநாட்டுப் பணப்பரிமாற்றத்தைப் பெற்றமை உட்பட நாட்டின் முக்கிய பொருளாதாரக் காரணிகளில் பல குறிப்பிடத்தக்க வெற்றிகளை நாம் பதிவு செய்துள்ளோம். இத்தகைய தனித்துவமான வெற்றிகளுக்காகத் தோள் கொடுத்த இந்நாட்டின் உழைக்கும் மக்களுக்கு தேசத்தின் நன்றிகளைத் தெரிவித்துக் கொள்கிறேன்.

அதேபோல், உழைக்கும் மக்களின் உழைப்பின் மதிப்பைச் சரியாகப் புரிந்து கொண்டு, அதற்கேற்ப அரச கொள்கைகளை நாம் நடைமுறைப்படுத்தி வருகிறோம். அரச ஊழியர்களின் அடிப்படைச் சம்பளத்தை அதிகரித்தல், தனியார் துறை ஊழியர்களின் அடிப்படைச் சம்பளத்தை அதிகரித்தல், அத்துடன் 2016 ஜனவரி 01 ஆம் திகதிக்குப் பின்னர் பணியில் இணைந்த அரச ஊழியர்களுக்கும் ஓய்வூதிய உரிமையை வழங்குதல், பெருந்தோட்டத் தொழிலாளர்களின் சம்பளத்தை 1,750 ரூபாவாக அதிகரித்தல், பெண்கள் இரவு நேரப் பணியில் ஈடுபடுவது தொடர்பான சட்டத் திருத்தங்கள் மற்றும் உழைக்கும் மக்களின் பிள்ளைகளின் கல்விக்காக 'மஹபொல' புலமைப்பரிசில் கொடுப்பனவை 10,000 ரூபாவால் அதிகரித்தல் உட்பட இந்நாட்டின் விவசாயிகள், மீனவர்கள், இளைஞர்கள், பெண்கள், மாணவர்கள் மட்டுமன்றி உற்பத்தியாளர்கள், சிறுதொழில் முயற்சியாளர்கள் எனச் சமூகத்தின் அனைத்துத் தரப்பினருக்குமான பல சலுகைகளை வழங்க நாம் நடவடிக்கை எடுத்துள்ளோம் என்பதை இத்தருணத்தில் மகிழ்ச்சியுடன் நினைவுபடுத்துகிறேன்.

கடந்த 'டித்வா' சூறாவளியின் போது இந்நாட்டின் உழைக்கும் மக்களே பெருமளவில் பாதிக்கப்பட்டனர். விவசாயிகள், மீனவர்கள் மற்றும் சிறு மற்றும் நடுத்தர கைத்தொழில் முயற்சியாளர்களுக்கு நிவாரணங்களை வழங்கியமை, வரலாற்றில் அனர்த்தமொன்றின் போது வழங்கப்பட்ட அதிகூடிய இழப்பீட்டுத் தொகையை வழங்கியமை, வீடமைப்புத் திட்டங்களை விரைவுபடுத்தியமை ஊடாக மக்களின் வாழ்க்கைத்தரத்தை முன்னரை விட உயர்நிலைக்குக் கொண்டு செல்லும் 'Rebuilding Sri Lanka' திட்டத்தை நாம் தற்போது வெற்றிகரமாக முன்னெடுத்து வருகிறோம் என்பதை நினைவு கூறுகிறோம்.

இந்நாட்டின் உழைக்கும் மக்களின் உரிமைகளைப் பாதுகாத்து, அவர்களின் துயரங்கள் மற்றும் கண்ணீருக்குப் பதிலாக ஒரு பாதுகாப்பான பொருளாதாரத்தையும் பிள்ளைகளுக்குச் சிறந்த எதிர்காலத்தையும் கட்டியெழுப்புவதே எமது ஒரே நோக்கமாகும். இதற்காக நாளுக்கு நாள் நவீனமடையும் உற்பத்தி சக்திகள் மற்றும் வளர்ந்து வரும் சூழலுக்கு ஏற்ப மனித வளம், பொருளாதாரம் மற்றும் உற்பத்தி தொடர்புகளை மேம்படுத்துவதை முதன்மைப் பணியாக நாம் அடையாளம் கண்டுள்ளோம். உத்தேச கல்விச் சீர்திருத்தங்கள், டிஜிட்டல் பொருளாதாரத் திட்டம், 'Clean Sri Lanka' திட்டம், 'சமூக சக்தி' திட்டம் போன்றவை இதற்காகவே நடைமுறைப்படுத்தப்படுகின்றன.

நாடு இழந்த அபிவிருத்தியை மீட்டெடுத்து "வளமான நாடு - அழகான வாழ்க்கை" யை கட்டியெழுப்பும் திட்டத்தில், உழைக்கும் மக்களை அதன் முதன்மை சக்தியாக நாம் ஆழமாக நம்புகிறோம். அந்த நம்பிக்கையின் அடிப்படையில், ஒரு தோல்வியுறாத பயணத்திற்காக நாம் பணியாற்றிக் கொண்டே கற்றுக்கொண்டும் கற்றுக்கொண்டே பணியாற்றியும் வருறோம். நிச்சயமாக ஒரு சிறந்த நாட்டை உருவாக்குவதற்கான கூட்டு முயற்சிக்கு உங்கள் மனசாட்சிக்கு இணங்க எம்முடன் இணையுமாறு அன்பான உழைக்கும் மக்களுக்குச் சகோதரத்துவத்துடன் அழைப்பு விடுப்பதோடு அர்த்தமுள்ள தொழிலாளர் தின வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறேன்.

அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு
2026 மே 01 ஆம் திகதி

The working people of Sri Lanka mark this year’s May Day at a decisive moment, as the country secures significant economic achievements despite a challenging global climate shaped by conflict.

Even amid major challenges such as United States tariffs, Cyclone Ditwah and the conflict in the Middle East, we have safeguarded the security of our overseas workers by upholding Sri Lanka’s longstanding humane and non-aligned foreign policy. At the same time, through effective responses to natural disasters, we have recorded notable economic progress in 2025. These include the lowest budget deficit since 1977 and the highest government revenue since 2007. Export earnings from goods and services exceeded USD 17 billion, making it the only year to surpass revenue targets while also recording the highest foreign remittances in our history. I extend the nation’s sincere gratitude to the working people whose contribution made these achievements possible.

Recognising the true value of labour, we have implemented policies to uplift working people. These include increasing public sector basic salaries, raising private sector minimum wages and granting pension rights to public servants recruited after 1 January 2016. Plantation workers’ wages have been increased to Rs. 1,750 and legal provisions relating to women’s night-time employment have been amended. The Mahapola scholarship has also been increased by Rs. 10,000 to support the education of workers’ children. In addition, we have extended benefits across society, including to farmers, fishers, youth, women, students, producers, small-scale entrepreneurs and plantation communities.

The recent Cyclone Ditwah most severely affected the working population. In response, we provided the highest disaster compensation in our history, alongside relief for farmers, fishers and small and medium-scale industries. Through the “Rebuilding Sri Lanka” programme, we are expediting housing construction and restoring livelihoods, raising living standards beyond previous levels.

Our primary objective is to safeguard the rights of the working people in this nation and to create a more stable economy and a brighter future for our children, rather than allowing them to endure suffering, tears and pain. We acknowledge that it is essential to modernize human society, the economy, and production systems to align with the constantly evolving productive forces and the changing environment, making this a crucial task. Key initiatives include the proposed education reforms, the digital economy programme, the Clean Sri Lanka initiative and the ‘Prajashakthi’ programme.

As we strive to recover lost development and build “A Thriving Nation – A Beautiful Life”, we place our confidence in the working people of Sri Lanka as the driving force of this journey. With that conviction, we continue to work while learning and learn while working, towards steady progress. I warmly invite all working people to join this collective effort with commitment and integrity in building a better nation and I extend my best wishes for a meaningful May Day.

Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
01.05.2026

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ගිරිඋල්ල, පන්නල නගරයන්හී ව්‍යාපාරික ස්ථාන, තක්සේරු නොකරන අර්ධ හානියට පත් නිවාස මෙන්ම, ...
27/04/2026

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ගිරිඋල්ල, පන්නල නගරයන්හී ව්‍යාපාරික ස්ථාන, තක්සේරු නොකරන අර්ධ හානියට පත් නිවාස මෙන්ම, පාසල් සිසුන් සඳහා දීමනා හා චෙක්පත් ප්‍රදානය කිරීම 2026.04.11 දින පෙව 9.30ට පන්නල නගර ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ගරු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අදාල කොට්ඨාශවල සංවිධායක සහෝදරවරුන් සහ සහෝදරියන්, මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරීන් සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රමුක රාජය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව අර්ථවත් ලෙස සංවිධානය කරන ලදී.
අභියෝග හමුවේ රටක් ලෙස අප ලබාගෙන ඇති දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වය මත ජනතාවගේ ජීවිත නැවත ගොඩනැගීමට ගන්නා මෙම පියවර, ශක්තිමත්, පොහොසත් සහ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සාර්ථක ගමන්මඟ තවත් එක් අවස්තාවකි.

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව  දැය නංවන සපිරි ගමක්ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කටුගම්පොල ආසනයෙන් ඇරඹ...
19/03/2026

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දැය නංවන සපිරි ගමක්
ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කටුගම්පොල ආසනයෙන් ඇරඹෙයි

දිවයින පුරා ක්‍රියාත්මක වන “දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය 2026.03.16 දින පැවැත්විණි.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලබඩගම උතුර ග්‍රාම ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
මෙම ජාතික ව්‍යාපෘතිය යටතේ කටුගම්පොල බල ප්‍රදේශයේ ආදර්ශ ගම්මානය ලෙස ඇලබඩගම උතුර වසම තෝරාගෙන ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඵලදායිතා සංකල්පය ගමට හා ගෙදරටම හඳුන්වා දීමයි.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වංචාව හා දූෂණය නවතා ඉතිරි කරගන්නා මුදල් ජනතා සංවර්ධන කටයුතු සඳහා යොදවන බවයි. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සංස්කෘතික හා පරිසර ක්ෂේත්‍ර ඇතුළු සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකව දායක වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලේකම් ජගත් කුමාර මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතුල ජයකොඩි මහතා, එම්.එම්. ෆායිස් මහතා , පන්නල සහකාර ප්‍රාදේශීය ලේකම් කසුන් ලක්ෂිත කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ගිරිඋල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන, පූර්ණ හානියට පත් නිවාස, අර්ධ හානියට පත් නිවාස මෙන්ම ව...
15/03/2026

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ගිරිඋල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන, පූර්ණ හානියට පත් නිවාස, අර්ධ හානියට පත් නිවාස මෙන්ම වෙළඳ බලපත්‍ර නොමැති ව්‍යාපාරික ස්ථාන සඳහා සහනය ලබාදීම, නිවාස කුලී දීමනා හා පාසල් සිසුන් සඳහා දීමනා ලෙස සංකේතාත්මක මුදල් සහ චෙක්පත් ප්‍රදානය කිරීම 2026.03.10 දින පස්වරු 1.30ට පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ගරු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අදාල කොට්ඨාශවල සංවිධායක සහෝදරවරුන් සහ සහෝදරියන්, මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරීන් සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රමුක රාජය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව අර්ථවත් ලෙස සංවිධානය කරන ලදී.
අභියෝග හමුවේ පසුබට නොවී ජනතාව සමඟ සිටින වගකීම් සහගත දේශපාලන ගමනක වැදගත්කම මෙවැනි අවස්ථාවන් මඟින් යළිත් තහවුරු වේ. රටක් ලෙස අප ලබාගෙන ඇති දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වය මත ජනතාවගේ ජීවිත නැවත ගොඩනැගීමට ගන්නා මෙම පියවර, ශක්තිමත්, පොහොසත් සහ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සාර්ථක ගමන්මඟ තවත් ශක්තිමත් කරනු ඇත.

15/03/2026

Address

No 81, Kuliyapitiya Road
Pannala

Alerts

Be the first to know and let us send you an email when Dr Jagath Gunawardana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category