ViSin Health Care.

ViSin Health Care. Investigate and treat medical conditions, with home visits.

Quality healthcare at your doorstep.Our experienced doctors are just a call away!Your health. Our priority
24/08/2026

Quality healthcare at your doorstep.
Our experienced doctors are just a call away!
Your health. Our priority

10/07/2026

View the full image in ChatGPT.

Protect yourself and your loved ones from dengue:✅ Remove stagnant water around your home✅ Use mosquito repellents and n...
20/02/2026

Protect yourself and your loved ones from dengue:
✅ Remove stagnant water around your home
✅ Use mosquito repellents and nets
✅ Wear protective clothing
✅ See a doctor immediately if you have high fever, severe headache, or body pain

Prevention is better than cure

Stay safe with Visin Healthcare! 💚

06/02/2026

"මේ දරුවා බරපතළ ආබාධ සහිතව ජීවත් වෙන එක පවුලට ලොකු බරක්, ඒ නිසා එයා නැති වෙන එක (මියයන එක) පවුලට සුබයි. එහෙම උනොත් කණගාටු වෙන්න එපා"

- විද්වතුන්

ඉපදිලා හරියටම දවස් හතරක් වෙච්ච පුංචි පැටියෙක් මරණයත් එක්ක මල්ලවපොර බදනවා ඔබ දැකලා තියෙනවාද? ⏳ ඒ මීට අවුරුදු 17කට කලින්.

අපේ "චන්දුල්" පුතා මේ ලෝකයට ආවේ රතුම රතු පාට බෝලයක් වගේ. මගේ හතරවැනි දරුවා, මගේ දෙවැනි පුතා... මගේ ආදරණීය බිරිඳ මට දුන්නු ලස්සනම තෑග්ගක් ඒ. ඒත් ඒ හිනාව අපේ මූණේ රැඳුණේ දවස් හතරයි.

එකපාරටම ආපු දරුණු උණක් අපේ ලෝකයම උඩුයටිකුරු කළා. වෛද්‍යවරු කිව්වේ "මෙනින්ජිටිස්" කියලා. ඒ කියන්නේ දරුවාගේ මොළේ උණ හැදිලා. 🤒

ඔබ දන්නවාද, වෛද්‍යවරු එදා අපිට දුන්නු උපදෙස මොකක්ද කියලා? "මේ දරුවා බරපතළ ආබාධ සහිතව ජීවත් වෙන එක පවුලට ලොකු බරක්, ඒ නිසා එයා නැති වෙන එක (මියයන එක) පවුලට සුබයි" කියලා ඔවුන් අපිට පැහැදිලි කළා. ඒත් ලේ කිරි කරලා පොවපු දස මාසයක් කුසේ දරාගෙන හිටපු අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, තමන්ගේ දරුවා "බරක්" වෙන්නේ කොහොමද? ❤️

චන්දුල් එක්ක මුලින්ම ගත කරපු මාස තුනක රෝහල් ජීවිතය හරියට "කමාන්ඩෝ ට්‍රේනින්" එකක් වගේ. රිජ්වේ, නවලෝක, ආශා සෙන්ට්‍රල්, රාගම... මේ හැම තැනකම අපි දරුවා වෙනුවෙන් සටන් කළා. අපේ පවුලට එකට ඉඳන් බත් වේලක් කන්න ලැබුණේ හරිම කලාතුරකින්. 🍱 ලොකු දුවට අවුරුදු 7යි, නිවුන් දූටයි පුතාටයි අවුරුදු 2යි. ඒ දරුවන්ටත් අපිව මගහැරුණා.

ඒත් ඒ අමාරුම කාලේ අපේ අත අතෑරියේ කවුද? 🤝

කවුරුත් නැහැ ! මගේ රැකියා ස්ථානයේ ජේෂ්ඨ කළමනාකරු සම්පත් අයියා, මගේ සගයන් වෙන කසුන්, ඉන්දික, අසංක, මහානාම, ජගත්, නලිනිකා, තිලින සහ විජයන්ති මල්ලිලා නංගිලාට "රොස්ටර්" එකක් දාලා තිබුණේ චන්දුල්ව බලන්න යන්න. ඒ අය මගේ දරුවා වෙනුවෙන් ගංගාරාමයේ බෝධි පූජා පවා තිබ්බා. ✨

ගමේ ඉංග්‍රීසි ගුරුතුමිය මංජුලා ටීචර් මගේ අනිත් දරුවෝ තුන්දෙනාට ඉගැන්නුවේ සත පහක්වත් ගන්නේ නැතුව. අපේ මීනා නංගි, තරංග සහ සමීර මල්ලිලා ඕනෑම මැදියම් රැයක වාහනයත් එක්ක සූදානමින් හිටියා. රෑට චන්දුල්ට ෆිට් එක හැදෙනකොට මුළු පවුලම එක පයට නැගිට්ටා. බාප්පගේ බිරිඳ පුෂ්පා නැන්දා අපේ දරුවන්ට නිරතුරුවම කෑම බීම සැපයුවා. මගේ අම්මා චන්දුල්ව කවන්න පොවන්න බය නැතුව කැපවීමෙන් ඉදිරිපත් වුණා. මංගල අයියා සිංහල බෙහෙත් කිරීමට අපේ රථය ධාවනය කරමින් උදව් කළා වගේම ඔහුගේ බිරිඳත් අවශ්‍ය විට චන්දුල්ව බලාගත්තා. 🚗

ශාන්ති සහ සුරේකා නංගිලා චන්දුල්ට ව්‍යායාම කරවන්න දිනපතා ආවේ තමන්ගේම රාජකාරියක් වගේ. අසල්වැසි අනුෂ්කා, අපේ සුනිමලී නංගි වැනි අය රෝහල් වල බිරිඳට විවේකයක් දෙන්න චන්දුල් එක්ක නතර වුණා. කාටහිතවත් ප්‍රියංගි (දැන් UK ඉන්න) නංගි මගේ බිරිඳගේ සිත අස්වසාලූවා. 🌍 රිජ්වේ එකේ ඒ කාලේ හිටපු (දැන් නවසීලන්තයේ ඉන්න) කාරුණික හෙද එරන්දි නංගි, ළමා රෝග විශේෂඤ ප්‍යාරා රත්නායක වෛද්‍යතුමිය, රිජ්වේ එකේ සිකුරුටි මල්ලිගේ ඉඳලා හැමෝම අපිට උදව් කළා. චන්දුල්ගේ නහර පේන්නේ නැති වුණත් එහේ මිසීලා දරුවාට කැනියුලා එක දාන්න ගත්තේ පුදුම වෙහෙසක්.

ජා-ඇල ප්‍රසන්න ප්‍රනාන්දු සහ ලක්සිරි ලොකුලියන වෛද්‍යවරුන් අදටත් වාහනය ළඟටම ඇවිත් චන්දුල්ව බලනවා. අපේ ඥාති සොයුරු වෛද්‍ය සුජිත් නොනිස් ඕනෑම හදිස්සියකට "On call" හිටියා. මට මතකයි මැලේසියාවේ හිටපු අපේ ඥාති සොයුරු නිලන්ත අයියා එදා කියපු වචන... "ඔහොම යං මස්සිනා, උඹට බැරි ඕනෑම වෙලාවක මම ඉන්නවා" කියනකොට මට දැනුණේ මහා සැනසිල්ලක්. 💪ඒ සියල්ලන් අතර බිරිඳගෙ තාත්තයි අම්මයි අපේ සියලු දේ සොයා බැලුවා. කිසිම අඩුපාඩුවක් තිබ්බේම නෑ. එයාලා තරම් අපි ගැන වදවුනු අය … කියන්න වචන නෑ.

දැන් ඔබට හිතෙන්නේ නැද්ද ඇයි මම මේ පිරිසගේ නම් එකිනෙක මතක් කරන්නේ කියලා? ✍️

දැන් චන්දුල්ට වයස 17ක්. ඒ වේදනාව අපිට මොනවා ඉතුරු කළාද කියලා ඔබ දන්නවාද? ✍️

එයා දැන් අපිට වඩා උසයි, වඩාගන්නත් බරයි. හැබැයි අපි අදටත් සතුටින් ඉන්නවා. අපේ දරුවො අයාලෙ ගියෙ නෑ. ඒ වේදනාවමයි එයාලට මග පෙන්නුවේ. ලොකූ දුව අද පිටරටක ඉගෙන ගන්නවා. චූටි දුව හෙදියක් වෙන්න විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පුතා උසස් පෙළ කළා විතරයි. මම මගේම සංකල්පයක් අනුව නව ඉගෙනුම් ක්‍රමයක් ලෝකයට හඳුන්වා දුන්නා. 🎓

තවත් අමතක කරන්නම බැරි දෙයක් තියෙනවා... අපිට උදව් කරපු ඒ හැමෝම අද හරිම දියුණුයි, ධනවත්, සතුටින් ඉන්න පිරිසක් වෙලා. මීට වඩා දෙයක් ඒ ගැන මම කියන්නේ නැහැ... ඒ පුදුමාකාර රහස ඔබටම හිතාගන්න පුළුවන් නේද? ✨

හැබැයි එක දෙයක්... අපිට මෙහෙම හව්හරණක් තිබුණාට, කිසිම කෙනෙක් නැති අම්මලා තාත්තලා ලංකාවේ කොච්චර ඇද්ද? රිජ්වේ එකේ බංකු උඩ නිදාගන්න, ඈත පළාත්වල ඉඳන් කෝච්චියේ එන අම්මලාගේ දුක කවුද දන්නේ? 😔 ඒ අයට රජය උදව් කරනකල් බලන් ඉන්න එපා.

ඔබේ දරුවන්ටත් ඔබ උගන්වන්නේ ගණිතයයි විද්‍යාවයි විතරද? ඒ අයට "කාරුණිකත්වය" උගන්වන්න. එවන් දරුවන් ඉන්න අයට දානයක් දීලා එන එක නෙවෙයි මම කියන්නේ... මෙහෙම දරුවෙක් ඉන්න අසල්වැසි පවුලකට පුංචි හුස්මක් ගන්න ඉඩක් හදලා දෙන්න. ඒ අම්මට නිදහසේ විවේක ගන්න පුංචි හුදෙකලාවක් දෙන්න. 🌸

ඒවා නොලැබීයාම ඔවුන්ගේ කරුමේ නොවේ ඔබේ උරුමෙයි. ඔබට උරුම ඔවුන්ට උදව්කර ඔබ ලබන අනන්ත සතුටයි. අපට මෙන් ඔවුන්ට උදව් කරන අය නැති වෙන්න පුළුවන්. දෙමාපිය සොයුරු සරණක් නැතිවෙන්න පුළුවන්.

ඉතිං

❤️චන්දුල් කියන්නේ නම් අපේ ජීවිතේට ලැබුණු බරක් නෙවෙයි, ආදරය සහ මිනිස්කම කියන දේ නියම අර්ථයෙන් අපිට කියලා දීපු ලස්සනම පාඩමයි. ❤️🎨


උපුටාගැනීමකි ස්තූතීයී

Professional Doctor Home Visit Services 🩺Get quality medical care in the comfort of your home from qualified and experie...
06/02/2026

Professional Doctor Home Visit Services 🩺
Get quality medical care in the comfort of your home from qualified and experienced doctors.
Our services include:
✔️ General medical consultation
✔️ Fever and illness assessment
✔️ Blood pressure monitoring
✔️ Diabetes check and guidance
✔️ Elderly care consultations
✔️ Child medical checkups
✔️ Prescription and follow-up care
Ideal for seniors, children, busy individuals, and patients who prefer home-based care.
📞 To book a doctor home visit, call: 077 369 7755

🏠🩺 Doctor Home VisitsQuality medical care in the comfort of your home.• No travel or waiting• Ideal for elderly patients...
31/01/2026

🏠🩺 Doctor Home Visits

Quality medical care in the comfort of your home.

• No travel or waiting
• Ideal for elderly patients
• More time with the doctor
• Safe & private care

📞 Book your home visit today!

🚫 Avoid using cotton buds in your ears.They can push wax deeper and cause injury or infection. If you have ear discomfor...
23/01/2026

🚫 Avoid using cotton buds in your ears.

They can push wax deeper and cause injury or infection. If you have ear discomfort, consult a doctor for safe care.

Professional Doctor Home Visit Services 🩺Get quality medical care in the comfort of your home from qualified and experie...
21/01/2026

Professional Doctor Home Visit Services 🩺

Get quality medical care in the comfort of your home from qualified and experienced doctors.

Our services include:
✔️ General medical consultation
✔️ Fever and illness assessment
✔️ Blood pressure monitoring
✔️ Diabetes check and guidance
✔️ Elderly care consultations
✔️ Child medical checkups
✔️ Prescription and follow-up care

Ideal for seniors, children, busy individuals, and patients who prefer home-based care.

📞 To book a doctor home visit, call: 077 369 7755

09/01/2026

Are you someone with vertigo?
Be very cautious about climbing even small heights.

Care for your loved ones who has limited movements?They need to be seen as a complete person physically and psychologica...
02/01/2026

Care for your loved ones who has limited movements?
They need to be seen as a complete person physically and psychologically.
Emotional uplift of such individuals improves quality of life.

Address

Gramodaya Mawatha
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when ViSin Health Care. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share