Denagama Weda Gedara

Denagama Weda Gedara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Denagama Weda Gedara, Medical Research Center, Denagama Weda Gedara, Horana Colombo Road, Kahathuduwa East, Polgasowita.

⚡හන්දි වල ඇති වන වේදනා නිසා ඔබ පීඩාවෙන් ද?⭕ මෙන්න ඔබට ප්‍රථිඵල තහවුරු කරන ලද ආයුර්වේදීය විසඳුම! දෙනගම වෙද පරපුරේ ආයුර්වේ...
08/11/2024

⚡හන්දි වල ඇති වන වේදනා නිසා ඔබ පීඩාවෙන් ද?
⭕ මෙන්න ඔබට ප්‍රථිඵල තහවුරු කරන ලද ආයුර්වේදීය විසඳුම!

දෙනගම වෙද පරපුරේ ආයුර්වේදීය වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය වන සන්ධිජීව ඖෂධීය තෛලය දුර්ලභ ගනයේ ඖෂධ රැසක එකතුවෙන් නිපදවයි.
මෙම සන්ධිජීව ඖෂධීය තෛලය සියලු වේදනා සහ අපහසුතා සමනය කරමින් ඉතාම කෙටි කාලයකදී ප්‍රතිඵල ලබා දෙයි.

මෙම නිෂ්පාදනය මිලදී ගන්නා ඔබට වෛද්‍යතුමිය හා සම්බන්ධ වීමට දිනයක් හා වේලාවක් නොමිලයේ වෙන් කරවා ගත හැකිය...

⚡කාටිලේජ ගෙවීයාම
⚡දණහිස් වේදනාව
⚡දණහිස් ඉදිමීම
⚡වැලමිටේ වේදනාව
⚡කොන්දේ වේදනාව
⚡මස්පිඩු වේදනා
⚡කෙන්ඩ පෙරලීම
⚡සන්ධි වල ශබ්ද ඇතිවීම,

ඇතුළු සියලුම සන්ධි රෝග සඳහා නිට්ටාවට සුවය..!

ස්වාභාවික ආයුර්වේද නිෂ්පාදනයකි..

මෙම නිෂ්පාදනය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ ,
⭕නම
⭕ලිපිනය
⭕දුරකතන අංක දෙකක්
📞 070 551 1782 ට whatsapp හෝ inbox කරන්න.
💵 මිල 1850/=
🚚 ප්‍රවාහනය නොමිලේ
🤝 ඇණවුම ලැබුණු පසු මුදල් ලබා දෙන්න

වැඩි විස්තර සදහා
📞 070 551 1782 ඔස්සේ අපව සම්බන්ධ කර ගන්න
#වේදනා

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු-------------------------------------------------------------------------------අධික තරබ...
06/11/2024

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු
-------------------------------------------------------------------------------

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.
අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.
තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.

ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.
වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.
මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.
තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?
තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක්
තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා.
ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම
ආහාර – ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්‍යායාම
ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.
තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.
මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි.
මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

සරල ඔෟෂධ
• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.
ම¼ද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.
• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.
• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

• ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

දුර බැහැර සිටින ඔබගේ පහසුව උදෙසා නිවසේ සිටම වෛද්‍යතුමිය හමුවී ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද සහිතව අප තවත් පියවරක් ඉද...
14/09/2024

දුර බැහැර සිටින ඔබගේ පහසුව උදෙසා නිවසේ සිටම වෛද්‍යතුමිය හමුවී ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද සහිතව අප තවත් පියවරක් ඉදිරියට තබන්නෙමු..
ආරෝග්‍යා පරමා ලාභා!

අරුත් දෙන්නට සෙනෙහසට.... ❤එන්න අප හා එක්වන්න.....❤කොරෝනා වසංගත තත්වය නිසා රටේ විවිධ පුද්ගලයන් නොයෙක් දුෂ්කරතා වලට මුහුණප...
11/10/2021

අරුත් දෙන්නට සෙනෙහසට.... ❤
එන්න අප හා එක්වන්න.....❤

කොරෝනා වසංගත තත්වය නිසා රටේ විවිධ පුද්ගලයන් නොයෙක් දුෂ්කරතා වලට මුහුණපාන්නට සිදූවී ඇති බව අපි හැමෝම දන්නා කරුනකි. ඉතින් Blue Blood අපි අපේ පළමු පියවර වශයෙන් අපට හැකි පමණින් ඔහුන්ට සහයක් වීමටයි මේ දරන වෑයම.❤😍

අප "අරුණෝදය Foundation "( මානසික හා කායික දුබලතා සහිත ළමුන් සිටින ළමා නිවාසය) සදහා අවශ්ය කරන වියලි අහාර ද්රව්ය, ඇදුම් පැලදුම් හා අනෙකුත් අත්යවශ්ය ද්රව්ය ලබා දීමට අදහස් කෙළෙමු. ඔබත් මේ සදහා මුල්යමය හෝ ද්රව්යමය උපකාරයක් කිරීමට හැකි නම් එන්න අප හා එක්වන්න.❤

✔අවශ්ය කරන භාණ්ඩ ලැයිස්තුව

හාල්
පොල්
පරිප්පු
සීනි
නූඩ්ලස්
සැමන්
පාන් පිටි
ඉදිආප්ප පිටි
බි ලූණු
අල
කව්පි
කඩල
පොල්තෙල්
හාල්මැස්සන්
සබන්
කිරි පිටි
ලුණු
කැලි
මිරිස්
මිරිස්කුඩු
තුන පහ
සමහන්
කොත්තමල්ලි
මාමයිට්
සනීපාරක්ෂක තුවා
වැඩිහිටි pempers


මුදලින් දායක වීමට හැකි නම් පහත ගිණුමට බැර කරන්න.

BOC Bank
85381006- Ja-Ela
R.M.P.A.Rathnayaka

මීට අමතරව ඔබට මෙම දරුවන් වෙනුවෙන් ලබා දිය හැකි කිසියම් දෙයක් ඇත්නම් අමතන්න.

සිතුමින -0776654811
අභිෂේක් -0773395108

වැදගත් ලිපියක්..යහළුවන් අතර බෙදා හරින්න.
15/07/2021

වැදගත් ලිපියක්..
යහළුවන් අතර බෙදා හරින්න.

දෙනගම වෙද ගෙදර මගින් චර්ම රෝග සඳහා පිළියෙල කරන ඉතා වටිනා ඖෂධීය තෛලයේ අන්තර්ගත අංකෙන්ද කොල හා පොතු,කොහොඹ කොල හා පොතු,ඇත්ත...
04/04/2021

දෙනගම වෙද ගෙදර මගින් චර්ම රෝග සඳහා පිළියෙල කරන ඉතා වටිනා ඖෂධීය තෛලයේ අන්තර්ගත අංකෙන්ද කොල හා පොතු,කොහොඹ කොල හා පොතු,ඇත්තෝර කොල හා පොතු,කුඩුමිරිස්ස සම්පූර්ණ ශාකයම හා තැඹිලි පොල් ඇතුළු ඖෂධ කිහිපයක්..

"ආරෝග්‍යා පරමා ලාභා" දෙනගම වෙද ගෙදර,කහතුඩුව
06/02/2021

"ආරෝග්‍යා පරමා ලාභා" දෙනගම වෙද ගෙදර,කහතුඩුව

දෙනගම වෙද ගෙදර ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය.ආයුර්වේද වෛද්‍ය ඒ.එස් මුදලිනායක (9984)071-8908929පලපුරුදු වෛද්‍යවරයෙකුගේ ස...
04/02/2021

දෙනගම වෙද ගෙදර ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය.
ආයුර්වේද වෛද්‍ය ඒ.එස් මුදලිනායක (9984)
071-8908929
පලපුරුදු වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගන්න.
දෙනගම වෙද ගෙදර,කහතුඩුව මහා වංගුව.

Address

Denagama Weda Gedara, Horana Colombo Road, Kahathuduwa East
Polgasowita
10320

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94718908929

Website

Alerts

Be the first to know and let us send you an email when Denagama Weda Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Denagama Weda Gedara:

Shortcuts

Share