Nephrology Hospital - Polonnaruwa

Nephrology Hospital - Polonnaruwa Asia's bigest National Institute of Kidney Transplantation and Surgery with modern

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැ...
11/06/2021

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.
චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.
වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ. දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ. වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.
රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය.
ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරු වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, සුරේන් රාඝවන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

09/06/2021

ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි මස 11 වන දින පෙරවරු 10 විවෘත වේ.

නොවිසදුනු ප්‍රශ්නයකට යාවත්කාලින පිළිතුරක්...ලොව පුරා ඉන්න ජනගහනයෙන් දළ වශයෙන් 10% කට බලපාන වාර්ෂිකව මිලියන 5-10 අතර සංඛ්...
31/05/2021

නොවිසදුනු ප්‍රශ්නයකට යාවත්කාලින පිළිතුරක්...

ලොව පුරා ඉන්න ජනගහනයෙන් දළ වශයෙන් 10% කට බලපාන වාර්ෂිකව මිලියන 5-10 අතර සංඛ්‍යාවක් මිය යන ශ්‍රී ලංකාව තුල 150,000 ක් පමණ ජනතාවක් පීඩා විදින එයින් 3% ක් පමණ වාර්ෂිකව ජීවිත අහිමි කර ගන්න හදුනා නොගත් වකුගඩු රෝගය මේ වන විට අප රටට විශාල තර්ජනයක් වී තිබෙනවා.

ලංකාව තුල පැතිර තිබෙන මෙම වකුගඩු රෝගය ප්‍රධාන දිස්ත්‍රික්ක 10ක පමණ තිබෙන අතර මෙය තවමත් නියතලෙසම හොදුනගනිමට නොහැකි වූ රෝග කාරකයක් නිසා මේය නිදන්ගත වකුගඩු රෝගය ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳ මීට පෙර සිදු කරන ලද බොහෝ අධ්‍යයනයන් වලට අනුව උතුරු මැද කලාපයේ කෘෂිකර්මාන්තයේ නියුතු තරුණ පිරිමින් සහ ගැහැනුන් අතර මෙම නිදන්ගත වකුගඩු රෝගය බහුලව පවතින බවයි. එය වසරකට රෝග ව්‍යාප්තිය 8% සිට 21% දක්වා ඉහළ යන බවද සැලකෙනවා.

ජල මුලාශ්‍ර භාවිත කරමින් සිදු කල පරීක්ෂණ වලින් හදුනාගෙන ඇති ආකාරයට මෙම රෝගයට හේතුවක් යැයි අපිරිසිදු ජලය උපකල්පනය කරන අතර 2018න් පසු දශකයට අනුව ලංකාව තුල සෑම පවුලකටම එක රෝගියෙක් සිටින බව සැලකෙනවා.
ඒ වගේම ජලයේ ඇති විශේෂිත අකාබනික රසායනික ද්‍රව්‍ය ක්ලෝරයිඩ්, ෆ්ලෝරයිඩ් , ග්ලයිෆොසේට් , ඇලුමිනියම් සහ ආසනික් වැනි දෑ හේතුවෙන් වකුගඩු අප්‍රාණික කිරීමට හේතුවක්ද වී ඇති බව රෝහල්ගත වකුගඩු රෝගීන්ගේ විද්‍යාගාර පරීක්ෂණ සහ සමීක්ෂණ වැනි විවිධ ක්‍රම වලින් සොයාගෙන තියෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම වකුගඩු රෝගය පාලනය කර ගැනීමට හා අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා විෂ රසායන ගෙන්වීම තහනම් කිරීම, පිරිසිදු ජල අවශ්‍යතා ලබාදීම ( RO ප්ලාන්ට් ) වැනි දෑ පිළිබඳව විශාල අවධානයක් යොමු කර තිබු අතර එම වන විට සිටින රෝගීන් සඳහා අවශ්‍ය රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම ද සිදුවුණා.
අනුරාධපුර, නුවර පොලොන්නරුව වැනි රෝගීන් වැඩියෙන්ම සිටින ප්‍රදේශ පාදක කරගනිමින් හා සෑම අයෙකුටම පැමිණීම පහසු වන ලෙස මධ්‍යස්තව මෙම රෝහල් පද්ධතිය අප රටට දායාද කරා. මේ අතර දකුනු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුවේ ස්ථාපිත කරනු ලැබුවේ මුළු ලංකාවටම දැඩිව අවශ්‍යව තිබු එම කාලින අවශ්‍ය තාවයක් ඉටු කරමින්.

එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ඉල්ලීමකට අනුව මිත්‍ර ශීලි පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංගසම්පුර්ණ වකුගඩු රෝහල රෝගී ජිවිත රැසකගේ බලාපොරොත්තු නැවතත් මල්පල ගන්නවමින් කිවොත් නිවැරදි යයි හැගේ.

2017 වසරේ දෙසැම්බර් 6 වන දින මුල්ගල තැබුණු මෙම රෝහල රුපියල් මිලියන 12ක ආයෝජනයකින් නිමවෙන අතර ඇදන් 200 ක නේවාසික රෝගී ප්‍රතිකාර ඒකකයක් රුධිර කන්දුකරන ඇදන් 100ක වගේම ශල්‍යාගාර 5ක් දැඩිසත්කාර එකක දෙකක් වගේම ලේ බැන්කුවකින් සමවිත මෙම රෝහල නවීන තාක්ෂණයෙන් යුතුව නිමවීම අප ලද භාග්‍යකි.

2021.06.11 වන දින ජනසතු කිරීමට යෝජිත වී ඇති මෙම රෝහල පොලොන්නරුව වගේම ලංකාව පුරාම සිටින රෝගීන්ගේ ජීවිත්වීමේ බලාපොරොත්තුව සපල වන බවත් මේ මහා පුණ්‍ය කර්මය සිදු කල හිටපු ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපගේ හද පිරි උත්තමාචාරය පිරිනමන්නෙමු...

Newly hospital 🏥 for kidney
20/02/2021

Newly hospital 🏥 for kidney

Address

Polonnaruwa-Tirikkandimadu Road
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Nephrology Hospital - Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category