26/03/2025
අප්‍රේල් මස 04 වනි සිකුරාදා දින සිදු කරනු ලබන,අසන්නට දකින්නට නොලැබෙන මේ උතුම් දුර්ලබ
"🙏සත්බුදු වන්දනාවේ🙏"
ප්‍රධාන දායකත්ව කොටස් 07 න් එක් කොටසක දායකත්වය සතුටු සිතින් බාරගත් පිංවත් අපේ "ප්‍රේමා වටවල" මැණීයන්ට පිංදෙමින් පුණ්‍යානුමෝදනා කරමි..තෙදහස්කම් පාන උතුම් උණගලාවෙහෙර මහ සෑ රජාණන් උදෙසා ප්‍රථම වරට පවත්වනු ලබන මේ මාහැගි පිංකමට ඔබටත් ආරාධනා❤️🙏
🙏ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා!!!
🙏බලපාන ඇස්වහ කටවහ දෝෂාන්ධකාර ඇතුලු සියලූම දෝෂ දුරුවේවා!!!
🙏කරන කියන කටයුතු ඇතුලුව තබන තබන අඩියක් අඩියක් පාසා ජයම වේවා!!!
🙏මෙලොවට බිහිකල දෙමාපියන්ට මේ පිං මෙලොව සහ පරලොව වශයෙන් ලැබේවා!!!
🙏නමින් වංශානුගතව පරම්පරානුගතව මියගිය ඇත්තන්ට මේ පිං ලැබේවා!!!
🙏නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!
🙏උණගලාවෙහෙර මහ සෑ රදුන්ගේ අපරිමිත වූ තෙදගුණ ලැබේවා!!!
🙂සත්‍ය ක්‍රියාවක් යනු සත්‍ය වශයෙන්ම තමන් තුල ඇති කුමන හෝ යහපත් ගුණාංගයක් තමන්ගේ වචනයෙන් ඒ වචනය ඇපයට තබා ප්‍රකාශ කරමින් තමන් හෝ තම ඥාතියකු හෝ ආදරණීය කෙනෙකු හෝ වෙනත් කෙනෙකු හෝ වෙනුවෙන් යම් කිසි පිහිටක් සෙතක් ප්‍රාර්ථනා කිරීමකි🙏
🙏ගෞතම බුදු රජාණන් වහන්සේ නම්🙏මේ මුලු තුන්ලොව වසන සියලුම සත්වයින්ගේ හිත නැමැති ආකාශ සන්තානයේ පහල වී වදාල සද්ධර්මාලෝකයෙන් ප්‍රභාෂ්වර වු හිරු මඬලයි. සියලුම සත්වයින්ගේ ශෝක දුක් දොම්නස් නිවා සැනසීම ශාන්තිය පතුරවා, දැවී ඇවිලුනු චින්ත සන්තාන නිවා සනහල මහා කරුණාවෙන් සුපුෂ්පිතව ගිය ලෝකය නැමැති විලෙහි නැගි පිපී ආ නෙළුම් මලක් වැනිය. ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පුබ්බේනිවාසානුස්සති නුවණින් දැක අතීතයේ කල්ප 100 කට පෙර අප බුදු සමිඳුන් දක්වාම වැඩ සිටි සත් බුදු රජාණන් වහන්සේලා ගැන බුද්ධ වංශ දේශනාවේ සහ දීඝ නිකායේ මහා පදාන සුත්‍රයේ දී අසිරිමත් කරුණු එලිකොට වදාල සේක🙏
මෙම උතුම් මාහැගි පිංකමට ලංකාවේ සිටින සහ ලෝකය පුරා සිටින පිංවත් ඔබ සැමටම සම්බන්ද විය හැකි ය..🙂
මෙම පිංකමට සතුටු සිතින් සම්බන්ද වන්නේ නම්👇👇
+94 75 488 0031 (whatsapp සම්බන්ද වන්න)
මා ඔබේ කළ්‍යාණ මිත්‍ර,
උණගලාවෙහෙරේ පොඩි හාමුදුරුවෝ
#උණගලාවෙහෙර #රජමහා #විහාරය