බානගල වෙද මැදුර - Banagala Weda Madura

බානගල වෙද මැදුර - Banagala Weda Madura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බානගල වෙද මැදුර - Banagala Weda Madura, Medical Center, Banagala weda muhandiram Road, Banagala, Pugoda.

19/07/2026

✨💚

බානගල වෙද මැදුරේදී සිදුකරන ලද ඖෂධ පූජා පිංකම 🙏🏼
17/07/2026

බානගල වෙද මැදුරේදී සිදුකරන ලද ඖෂධ පූජා පිංකම 🙏🏼

"පරම්පරා 7ක විශ්වාසය රැඳි නාමය"💚බානගල වෙද මැදුර💚බානගල වෙද මුහන්දිරම් පාරබානගලපූගොඩ
16/07/2026

"පරම්පරා 7ක විශ්වාසය රැඳි නාමය"

💚බානගල වෙද මැදුර💚

බානගල වෙද මුහන්දිරම් පාර
බානගල
පූගොඩ

🙏🏼
15/07/2026

🙏🏼

ජේෂ්ඨ මහාචාර්ය ජගත්⁣ ⁣ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ සිදුකරන ලද රෑපවාහානී වැඩසටහන.
13/07/2026

ජේෂ්ඨ මහාචාර්ය ජගත්⁣ ⁣ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ සිදුකරන ලද රෑපවාහානී වැඩසටහන.

සුවබර නින්දකට සහ නිරෝගී දිවියකට රාත්‍රී චර්යා  ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ නිරෝගී පුද්ගලයකු (ස්වස්ථයකු) තම නිරෝගී බව පව...
13/07/2026

සුවබර නින්දකට සහ නිරෝගී දිවියකට රාත්‍රී චර්යා

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ නිරෝගී පුද්ගලයකු (ස්වස්ථයකු) තම නිරෝගී බව පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පුරුදු හෙවත් ස්වස්ථ වෘත වලට අයත් කොටසක් වන දින චර්යාව පිළිබඳ අප මින් පෙර ලිපියකින් කතා කලෙමු.

ස්වස්ථ වෘත වලම තවත් වැදගත් අංගයක් වන රාත්‍රී චර්යා ගැන අද කතා කරමු.

මෙම රාත්‍රී චර්යා යනු සුවබර නින්දක් ලබා පසු දින මනා සුවදායී බවින් යුතුව අවදි වනු පිණිස රාත්‍රී යාමයේ අනුගමනය කළ යුතු පුරුදුය.

රාත්‍රී චර්යාවල සඳහන් වැදගත්ම උපදෙසක් වන්නේ රාත්‍රී දහයට පෙර නින්දට යාමයි. ශරීරයේ සහ ස්වභාවික පරිසරයේ ඇති යාන්ත්‍රණයන් නිසි පරිදි ගැලපී ශරීරයේ දෝෂ මනාව තුලනය වන වේලාවක් බැවින් මෙය සුව නින්දක් සඳහා ඉතා වැදගත් වේ.

නින්දට පැය දෙක තුනකටවත් පෙර රාත්‍රී ආහාරය ගැනීමද ඉතා වැදගත් වෙයි. ආහාර ජීර්ණය කිරීමට අදාළ මූලික ශක්තිය හෙවත් අග්නියෙහි දෝෂ ඇති නොවී ආහාර ජීර්ණය මනාව සිදුවීමට ද නින්දට බාධා ඇති නොවීමටද මෙය වැදගත්ය.

එමෙන්ම රාත්‍රී වේල සඳහා තෙල් අධික ආහාර, මස් වර්ග මෙන්ම උෂ්ණාධික හෝ ශීත ආහාර නොගැනීම වඩා සුදුසු වෙයි.

රාත්‍රී චර්යා තුළ නිදාගන්නා ස්ථානයටද හිමිවන්නේ වැදගත් තැනකි. හොඳින් වාතාශ්‍රය ලැබෙන, සුවපහසු, මනා සුවඳැති ස්ථානයක් මේ සඳහා සුදුසුය.

නින්දට පෙර ශාරීරිකව හා මානසිකව සැහැල්ලුවට පත්වීම ද ඉතා වැදගත්ය. එදිනෙදා ජීවිතයට අදාල සියලු ශාරීරික හා මානසික ක්‍රියාවන් අතර කොට සැහැල්ලු බවට පත්විය යුතුය. වර්තමාන කාලයේදී නම් රූපවාහිනිය නැරඹීම, පරිගණක සහ ජංගම දුරකථන භාවිතය ආදිය නින්දට පැය කිහිපයකට පෙර නතර කළ යුතුය.

රාත්‍රී චර්යාවල තවත් වැදගත් අංගයක් වන්නේ නිදාගන්නා ඉරියව්වයි. දකුණු ඇලයට හැරී නිදා ගැනීම හෙවත් සිංහ සෙයියාවෙන් නිදා ගැනීම මෙහිදී නිර්දේශ කෙරෙන්නේ එමගින් හෘදය වස්තුව මතට අනවශ්‍ය පීඩනයක් ඇති නොවී සුව බර නින්දකට මග පෑදෙන බැවිනි.

මෙකී චර්යාවන් අනුගමනය කිරීමෙන් සැහැල්ලු සුවදායී නින්දකට මග පෑදෙන අතර එමගින් ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා වී මනා නිරෝගී හා ප්‍රබෝධමත් බවකින් යුතුව අවදි වීමට ඉඩ සැලසේ.

ස්වස්ථි සිද්ධම්!

බානගල වෙද මැදුර,
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

📲 0773004999
📧 [email protected]

29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

අප ආයතනය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් පොප්සිකල් දන්සැල 2026/06/29 වන පොසොන් පොහෝ දින සවස 3ට බානගල ...
22/06/2026

අප ආයතනය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් පොප්සිකල් දන්සැල 2026/06/29 වන පොසොන් පොහෝ දින සවස 3ට බානගල මංසන්ධියේ දී පවත්වනු ලබයි. ඔබ සැමට ආරාධනා 🙏🏼

14/06/2026

Address

Banagala Weda Muhandiram Road, Banagala
Pugoda

Telephone

+94773004999

Website

Alerts

Be the first to know and let us send you an email when බානගල වෙද මැදුර - Banagala Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category