බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu

  • Home
  • Sri Lanka
  • Pugoda
  • බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu

බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu OUR VISION IS TO AWARD A " HEALTHY TOMORROW " TO EVERYONE.

ගෙදර දොරේ වැඩකටයුතු වලදී, රැකියාවේදී, ක්‍රීඩා කටයුතුවලදී තැලීමක්, කැපීමක්, උලුක්කුවක්, ඉදිමීමක් කොයි වෙලේ ඇතිවේදයි අපිට ...
14/09/2026

ගෙදර දොරේ වැඩකටයුතු වලදී, රැකියාවේදී, ක්‍රීඩා කටයුතුවලදී තැලීමක්, කැපීමක්, උලුක්කුවක්, ඉදිමීමක් කොයි වෙලේ ඇතිවේදයි අපිට කියන්නට බැහැ.

තැලීම්, කැපීම්, ඉදිමුම්, උලුක්කු සහ ප්‍රදාහමය තත්ත්වයන් සඳහා නිසැක ගුණ දෙන බානගල ලාක්ෂාදී ලේපය ඔබ නිතර ළඟ තබාගත යුත්තේ ඒ නිසයි!

එවැනි තත්ත්වයකදී ඔබ කළ යුත්තේ බානගල ලාක්ෂාදී ලේපය පොල් විනාකිරි, මී පැණි හෝ පොල් අරක්කු වලින් මිශ්‍ර කර අදාළ ස්ථානයේ ආලේප කිරීම පමණයි.

බාහිර ආලේපනය සඳහා පමණි.

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

නිතර තෙහෙට්ටුව දැනෙනවාද? වෙනදා වගේ කඩිසරව වැඩපළ කරගන්නට අමාරුද?ශරීරය නිකම් ඇදිලා ගිහින් වගේ ද?බානගල ජීව බල රසායනය එයට...
11/09/2026

නිතර තෙහෙට්ටුව දැනෙනවාද?

වෙනදා වගේ කඩිසරව වැඩපළ කරගන්නට අමාරුද?

ශරීරය නිකම් ඇදිලා ගිහින් වගේ ද?

බානගල ජීව බල රසායනය එයට නියම විසඳුමයි!

වැල්මී, හාතවාරිය, රටඉඳි, සුදු හඳුන්, කුංකුම ආදී ඔසු වර්ග රාශියක් බානගල වෙද පරම්පරාවේ පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝජනය වී නිපදවෙන බානගල ජීව බල රසායනය,

✅ 100% ස්වභාවිකයි.
✅ ශරීරය පැහැපත් කරයි.
✅ ලේ ධාතුව වඩවයි.
✅ ශරීර ශක්තිය වර්ධනය කරයි.
✅ ශරීරයේ දාහය නැති කරයි.
✅ විෂ ශරීර ගතවීමෙන් ඇතිවෙන ආබාධ වළක්වයි.
✅ මුත්‍රා රෝග වලට ගුණ දෙයි.
✅ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි.

ඔබත් මෙම මහඟු ඖෂධය භාවිතා කර ජවයෙන්, ශක්තියෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න!

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

සොබා දහම හා සමබර වෙමින් නිරෝගී වීමට මග පෙන්වන සෘතු චර්යා ☀️⛈️❄️නිරෝගී පුද්ගලයකු හෙවත් ස්වස්ථයකු සිය නිරෝගී බව රැකගනු පි...
09/09/2026

සොබා දහම හා සමබර වෙමින් නිරෝගී වීමට මග පෙන්වන සෘතු චර්යා ☀️⛈️❄️

නිරෝගී පුද්ගලයකු හෙවත් ස්වස්ථයකු සිය නිරෝගී බව රැකගනු පිණිස අනුගමනය කළ යුතු වත්පිළිවෙත් හෙවත් ස්වස්ථ වෘත යටතේ එන තවත් ප්‍රධාන අංගයක් වන සෘතු චර්යා ගැන අද කතා කරමු.

සෘතු චර්යා යනු වසරේ විවිධ සෘතුන්ට ගැලපෙන ලෙස ආහාර සහ ඇවතුම් පැවතුම් සකස් කර ගනිමින් නිරෝගී බව පවත්වා ගැනීමයි.

එනම් වසරේ එක් එක් සෘතුවේදී ශරීරයේ දෝෂ (වා, පිත්, සෙම්) තුළ සිදුවන ස්වභාවික වෙනස්කම්වලට අනුගතව ජීවන ක්‍රමය සකසා ගැනීමයි.

ආයුර්වේදය වසරකට සෘතු 6ක් ලෙස සලකන අතර ඒ ඉන්දියාවේ පවතින දේශගුණික තත්ත්වය අනුවයි.

1. වසන්ත (අප්‍රේල්/මැයි)
2. ග්‍රීෂ්ම (ජුනි/ජුලි)
3. වර්ෂා (අගෝස්තු/සැප්තැම්බර්)
4. ශරත් (ඔක්තෝබර්/නොවැම්බර්)
5. හේමන්ත (දෙසැම්බර්/ජනවාරි) – ශීත ඍතුවේ මුල් කොටස
6. ශිශිර (පෙබරවාරි/මාර්තු) – දැඩි ශීත කාලය

ශ්‍රී ලංකාවේ දේශගුණයට අනුව අපට ප්‍රායෝගිකව වර්ෂා (මෝසම් වැසි ලැබෙන සමයන්), ග්‍රීෂ්ම (පරිසර උෂ්ණත්වය ඉහළ යන අගෝස්තු මාසය වැනි) සහ ශීත (උෂ්ණත්වය පහත වැටී මීදුම ගලන දෙසැම්බර් - පෙබරවාරි අතර කාලය) ලෙස සැලකිය හැක.

වර්ෂා සමයේදී ශරීරයේ වාත දෝෂය උග්‍ර වන අතර අග්නිය හෙවත් ආහාර ජීර්ණය කිරීමේ ශක්තිය අඩුවේ. මෙම කාලයේදී උෂ්ණ ගුණයෙන් යුතු සහ තෙල් සහිත ආහාර වඩාත් සුදුසු වන අතර ශීත ගුණයෙන් යුතු ආහාර සහ දිරවීමට අපහසු බර ආහාර ගැනීමෙන් වැළකීමද සුදුසුය. එමෙන්ම වැස්ස, හිරිකඩ සහ වැහි සීතලට ශරීරය නිරාවරණය වීම වළක්වනු පිණිස හොඳින් ආවරණය වූ උණුසුම් පරිසරයක සිටීම වැදගත්ය.

ග්‍රීෂ්ම කාලය තුළ ශරීරයේ පිත ඉහළ යන අතර මේ කාලයට වඩාත් සුදුසු වන්නේ ශීත ගුණයෙන් සහ මිහිරි රසින් යුතු ආහාර වන අතර කටුක සහ ඇඹුල් රසින් යුතු ආහාර වලින් වැළකීම සුදුසුය. එමෙන්ම දිවා කාලයේ සිසිල් ජලය ස්නානය ද, හිරු එළියෙන් වැලකී සෙවන සහිත සිසිල් පරිසරයක සිටීමද වැදගත්ය.

ශීත කාලයේදී ශරීරයේ සෙම් සහ වාත දෝෂ වෙනස් වියහැකි අතර ආහාර ජීර්ණය කිරීමේ හැකියාව වැඩිවේ. ඌෂ්න ගුණයෙන් යුතු, තෙල් සහිත, සහ පෝෂණයෙන් සපිරි ආහාර මේ කාලයේදී වඩාත් සුදුසු වන අතර ශීත ගුණයෙන් යුතු ආහාර වලින් වැළකීම සුදුසුය. එමෙන්ම උණුසුම් ඇඳුම් වලින් ශරීරය හොඳින් ආවරණය කරගෙන සිටීමද, උණුසුම් ජලය ස්නානය ද, උණුසුම සහිත පරිසරයක සිටීමද සුදුසුය.

සෘතු චර්යා මනාකොට අනුගමනය කිරීම ශරීරයේ ත්‍රි දෝෂ සමතුලිතව පවත්වා ගැනීමට ද, සෙම්ප්‍රතිශ්‍යාව ආදී ඍතුමය රෝග වළක්වා ගැනීමට ද, ජීර්ණ ශක්තිය (අග්නිය) මනාව පවත්වා ගැනීමට ද, සුව නින්දක් ලැබීමට ද, මානසික සුවතාවය පවත්වා ගැනීමට ද උපකාරී වේ.

ස්වස්ථි සිද්ධම්!

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

සුව නොවන කැස්සෙන් නිසැක සහනයට බානගල කැස්ස පැණිය!පෙනහලු ගත රෝග, පීනස, කැස්ස සහ ඇදුම සහිත කැස්සට නිසැක ගුණ දෙන බානගල කැස්...
06/09/2026

සුව නොවන කැස්සෙන් නිසැක සහනයට බානගල කැස්ස පැණිය!

පෙනහලු ගත රෝග, පීනස, කැස්ස සහ ඇදුම සහිත කැස්සට නිසැක ගුණ දෙන බානගල කැස්ස පැණිය බානගල වෙද පරපුරට පමණක් අයත් විශේෂ වට්ටෝරුවකට අනුව කටුවැල්බටු, වැල්මී, සිරිතේක්කු, අමු ඉඟුරු ඇතුළු ඖෂධ රාශියක් භාවිතයෙන් සැකසෙන අතර ළමා වැඩිහිටි කොයිකාටත් සුදුසුයි.

ඔබත් බානගල කැස්ස පැණිය භාවිතා කර පීඩාකාරී කැස්සෙන් සහනය ලබාගන්න!

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

සෙම්ප්‍රතිෂ්‍යාවට නිසැක සහනය දෙන බානගල ධාන්‍යාදී පේයාව! කටුවැල්බටු, කොත්තමල්ලි, තිප්පිලි, දුම්මැල්ල ඇතුළු ඖෂධ දහතුනක් බා...
04/09/2026

සෙම්ප්‍රතිෂ්‍යාවට නිසැක සහනය දෙන බානගල ධාන්‍යාදී පේයාව!

කටුවැල්බටු, කොත්තමල්ලි, තිප්පිලි, දුම්මැල්ල ඇතුළු ඖෂධ දහතුනක් බානගල වෙද පරම්පරාවට අයත් පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝජනයෙන් ඔබ වෙත එන බානගල ධාන්‍යාදී පේයාව සෙම්ප්‍රතිෂ්‍යාවට, සෙම් කැස්සට, ප්‍රතිෂ්‍යා උණට වහා සහනය දෙයි.

ඔබත් බානගල ධාන්‍යාදී පේයාව භාවිතා කර වෙනස වටහා ගන්න!

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

හිසකෙස් වලට හොඳම ස්වභාවික සත්කාරය, බානගල කෙස්නාරාජ තෛලය!කුංකුම, ගොටුකොළ, නෙල්ලි, හාතවාරිය අල සහ තවත් ඖෂධ රාශියක විශ්මිත...
04/09/2026

හිසකෙස් වලට හොඳම ස්වභාවික සත්කාරය, බානගල කෙස්නාරාජ තෛලය!

කුංකුම, ගොටුකොළ, නෙල්ලි, හාතවාරිය අල සහ තවත් ඖෂධ රාශියක විශ්මිත ගුණ ඔබත් අත්විඳින්න!

බානගල වෙද පරපුරට පමණක් අයත් පාරම්පරික වට්ටෝරුවකට අනුව නිපදවෙන බානගල කෙස්නාරාජ තෛලය,
✅ හිසේ සම සහ කේශ මූලයන් පෝෂණය කරයි
✅ හිසකෙස් තඹ පැහැ වීම නවතයි
✅ අකලට හිසකෙස් පැසීම නවතයි
✅ හිස්හොරි ඇතිවීම නවතයි
✅ කෙස් අග පැලීම නවතයි
✅ තට්ටය පැදීම වලක්වයි
✅ කලු පැහැති දීප්තිමත් දිගු කෙස්කළඹක් ලබා දෙයි
✅ හිසරදය සහ පීනස සමනය කරයි
✅ ඇස් පෙනීම වැඩිදියුණු කරයි

ඔබත් බානගල කෙස්නාරාජ තෛලය භාවිතා කර වෙනස වටහා ගන්න!

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

නිරෝගී දීප්තිමත් කෙස්කළඹක රහස, බානගල නීල්‍යාදී තෛලය! නිල් අවරිය, මදටිය, අංකෙන්ද ආදී ඖෂධ රැසක් බානගල වතුයායෙන් නෙලා ගැනෙන...
30/08/2026

නිරෝගී දීප්තිමත් කෙස්කළඹක රහස, බානගල නීල්‍යාදී තෛලය!

නිල් අවරිය, මදටිය, අංකෙන්ද ආදී ඖෂධ රැසක් බානගල වතුයායෙන් නෙලා ගැනෙන නැවුම් පොල් වලින් සිඳගන්නා තෙල් මාධ්‍යය කොට ගෙන සැකසෙන බානගල නීල්‍යාදී තෛලය,

👉 ඇස් වල අඳුරු පටල, කඳුළු ගැලීම වළකයි.
👉 පෙනීම වැඩිදියුණු කරයි
👉 රත්පිත් නසා හිසට සිසිලස ගෙන දෙයි
👉 හිස රුදාව සමනය කරයි
👉 හිසකෙස් ගැලවී යාම නතර කරයි
👉 හිස කෙස් මනා කළු පැහැයෙන් වර්ධනය කරයි.
👉 පීනස සමනය කර නාසයේ සහ කන්වල ඇතිවන අපහසුතා නැති කරයි.

ඔබත් බානගල නීල්‍යාදී තෛලය භාවිතා කර වෙනස වටහා ගන්න.

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා ! 🙏බානගල ආයුර්වේද ඔසු බානගල වෙද මුහන්දිරම් පාර,බානගල, පූගොඩ☎️ 0112404943   📲 077...
26/08/2026

ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා ! 🙏

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

ශරීරගත කොලෙස්ටෙරෝල් මට්ට්ටම් ඉහළ යාම මෙන්ම ස්ථුලභාවයද හෘදයාබාධ සහ අංශභාගය වැනි බෝනොවන රෝග අවදානම වැඩි කරයි. පරම්පරා හතක ...
24/08/2026

ශරීරගත කොලෙස්ටෙරෝල් මට්ට්ටම් ඉහළ යාම මෙන්ම ස්ථුලභාවයද හෘදයාබාධ සහ අංශභාගය වැනි බෝනොවන රෝග අවදානම වැඩි කරයි.

පරම්පරා හතක විශ්වාසය දිනාගත් බානගල වෙද පරපුරට අයත් වට්ටෝරුවකින් සැකසෙන බානගල මේද සමනී ලේහය එයට හොඳම විසඳුමයි.

ගොරකා , සුදුළූනු, කුරුඳු, කරපිංචා , කලුදුරු ඇතුළු ඖෂධ රැසක සංයෝජයක් වන එය ශරීරයේ අනවශ්‍ය මේදය සහ තරුබාරුව අඩුකර සිහින්, නිරෝගී ශරීරයක් ලබා දෙයි.

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

බානගල විශේෂ පස්පංගුවෙහි විශේෂත්වය කුමක්දැයි ඔබ දන්නවාද?  කොත්තමල්ලි, කටුවැල්බටු, වෙනිවැල්ගැට, පත්පාඩගම්, පාවට්ටා යන ඖෂධ ...
21/08/2026

බානගල විශේෂ පස්පංගුවෙහි විශේෂත්වය කුමක්දැයි ඔබ දන්නවාද?

කොත්තමල්ලි, කටුවැල්බටු, වෙනිවැල්ගැට, පත්පාඩගම්, පාවට්ටා යන ඖෂධ සම ප්‍රමාණ වලින් මිශ්‍ර කොට සකසා තිබීම ඒ විශේෂත්වයයි.

එම නිසා ඖෂධ යෝගයෙහි ගුණ නිසි අයුරින්ම ලැබේ.

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිසැක සහනය ලබා දෙන බානගල විශේෂ පස්පංගුව අනිවාර්යයෙන්ම ළඟ තබා ගන්න.

බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර,
බානගල, පූගොඩ

☎️ 0112404943 📲 0773004999
📧 [email protected]

Address

Danwanthari Mandiraya, Weda Muhandiram Road
Pugoda
BANAGALA

Opening Hours

Monday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94773004999

Alerts

Be the first to know and let us send you an email when බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu:

Shortcuts

Share

Category