22/09/2025
යෝග යනු එක්වීමයි. එය විවිධ ශරීර ඉරියව්(ආසන), භාවනාව සහ හුස්ම ගැනීම පිට කිරීම තුළින් ශරීරය, මනස සහ ආත්මය එකට සම්බන්ධ කිරීමක් වේ.
එනම් යෝග යනු ඒකාබද්ධ වීම ,ඒකාත්මික වීමයි.
යෝග වඩන්නෙක් විදිහට අප තුළ නිවැරදිව අධ්‍යාත්මික පරිවර්තනය කරගැනීම සඳහා නිවැරදිව පුහුණු විය යුතු අංග 8ක් ඇත. එනම් අශ්‍ඨාංග යෝග වේ.
ඒවා නම්,
යම, නියම, ආසන,ප්‍රාණායාම, ප්‍රත්‍යහාර, ධාරණ, ධයාන, සමාධි ලෙස හදුන්වයි.
යෝග කිරීමේ ප්‍රතිඵල ,
ශාරිරික සුවතාවයට අමතරව මෙයින්
මනස ලිහිල් කිරීම, ජීවිතයේ පිළිබිඹුව, තමන්ගේ ආත්මයට ආදරය කිරීම, විශ්ව සම්බන්ධතාවය, හැඟීම් වලින් බැහැර වීම, තමන්ගේ ආත්මය පිරිසිදු කරගැනීම , ශරීර අභ්‍යන්තර කටයුතු නිසි ආකාරව ක්‍රියා කිරීම , සුව කිරීම වැනි බොහොමයක් දේ අපේ ඇතුලාන්තය තුල සිදුවේ..
යෝගය = සෞඛ්‍ය + සන්සුන්භාවය + සම්පූර්ණ ජීවිතය 🧘♀️