10/01/2026
මේක ඔයාලා ඔයාලාගේ අම්මලා තාත්තලා ඉස්සරහා කියවන්න හොඳේ,
තාරු රාජපක්ශ වන මාගේ ගෙදර අද උදේ සිදුවුණ සිද්ධියක් මේක.
------
සාමාන්‍යෙන් කෙනෙක්ට කරදරයක් වුණා කිව්වාම අම්මා තාත්තා තරම් සංවේදී වෙන කෙනෙක් නෑනේ මේ ලෝකේ,
ඔව්...ඉන්සුවරන්ස් කම්පැනිත් සංවේදී වෙනවා සාමාන්‍යෙන් ඉතින් ගානක් කෙලවෙන්න පුලුවන් හින්දා.
මම මේ ගෙදර තීන්ත ගාන වැඩ හින්දා අද ගෙවල් පැත්තේ යන්න පිටත් වුණා කල්පිටියේ ඉඳලා,
අම්මට කියන්න ගත්තා මම ලෑන්ඩ් ලයින් එකට කෝල් එක,
"හෙලෝ"
ලොකු නංගි කෝල් එක ආන්ස්වර් කලා,
"කෝ අම්මා?"
මම ඇහුවා,
"අම්මලා පිටත් වුණා ඔයාව බලන්න එන්න"
නංගි කිව්වා,
"මොකක්?"
මම ඇහුවා,
"ඔයාට අසනීපයි කියලා බලන්න එන ගමන්,
සල්ලිත් 165,000ක් දැම්මා අම්මා දුන්න එකවුන්ට් එකට"
නංගි කිව්වා,
මගේ අක්මාවට වැටහුණා ලොකූ යමක් සිදුවී ඇතිබව.
මම ක්ශණිකව අම්මට ගත්තා,
එහෙමම කෝල් එකක්,
"හෙලෝ"
පසුබිමෙන් හෙන හුලං සද්දයක්,
"අපි මේ ඔයාව බලන්න kdu hospital එන ගමන්"
කිව්වා,
"මොකටද?"
"ඔයා ඇඩ්මිට්නේ"
ඔන්න ඔහොම සීන් එකක්,
--------
අද උදේ අපේ ගෙදර සාමාන්‍ය විදිහට කටයුතු ගෙවිලා ගිහිල්ලා,
රූබියා එහේ මෙහේ දුවලා කලබලෙන් ගෙදර තින්ත ගාන හින්දා.
"ට්‍රී...ං ට්‍රීං...."
ගෙදර ලෑන්ඩ් ලයින් එක රින්ග් වෙලා,
අම්මා ගිහින් ආන්ස්වර් කරලා ඒක,
ඒකෙන් කතා කරලා කෙනෙක්,
"අම්මේ...
මගේ නහරයක් පුපුරලා මම දැන් ඉන්නේ හොස්පිට්ල් එකේ,
මට කෝල් ගන්නත් එපා,
වයිෆ්ට ගන්නත් එපා...
හදිස්සි ශල්‍යකර්මෙකට රුපියල් 165,000ක් යනවා ඒක මේ එකවුන්ට් එකට දාන්න"
කියලා,
අපේ අම්මාට ඒ වේදනාව දරාගන්න බැරිවෙලා,
අඬලා අඬලා හැකි ඉක්මනින් ශල්‍යකර්මය කරන්න කරේ තිබ්බ චේන් එක උකස් කරලා සල්ලි දාලා,
චූටි නංගිටත් කෝල් කරලා,
එයාට ඒ වෙලේ පාන්දර හින්දා ආන්ස්වර් කරලා නෑ.
-------
පස්සේ එය බොරුවක් බවත් මට ඇති අසනීපයක් නැති බවත් මව්නි පියතුමනි ඔබ ස්කෑම් එකකට අහුවී ඇති බවත්,
පික්මී රථය ආපහු හරවාගෙන ආපහු එන ලෙසත් මා දැන්වූවා,
165,000 කෙලවුණා,
හොයන්න බලමු ඒක.
මේකනේ සීන් එක,
අපි ඕවා ඉසේ කෙස් ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් අහලා තිබ්බාට අම්මලා එහෙම ඕවා ගැන අහලා නෑ වැඩිය,
පුතාට අසනීප වෙලා සල්ලි දාන්න කිව්වාම දරු සෙනෙහෙන් අඬාගෙන ගිහින් සල්ලි දාන්න පුළුවන්,
තව සෑහෙන්න දේවල් හිතන්න තිබ්බා අම්මලට,
ඒත් මම් දන්නවානේ අපේ අම්මා මට අසනීපයක් වුණාම කලබල වෙන තරම,
2026ට හොඳ ආරම්භයක් ඉතින් 165,000ක්ම කෙලවාගෙන අපිනම් ඇරඹුවා ඇස්වහ යන්නත් එක්කම.
දැන් අම්මලා රුවන්වැල්ලේ පොලිසියට ඇන්ට්‍රියක් දාන්න ගිහින් ඉන්නේ,
මම මේක දැම්මේ මේ වගේ දේවල් ඔයාලා අපි දැනගත්තට අපේ අම්මලා තාත්තලා වැඩිය දන්නේ නෑ.