Manasuwa Psychotherapeutic Centre

Manasuwa Psychotherapeutic Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manasuwa Psychotherapeutic Centre, Psychologist, 7/122, Kandy Road, yakkala.

"ඔබේ මනසේ සාමය අපේ ප්‍රමුඛතාවයයි."
ජීවිතයේ විවිධ පීඩනයන් හමුවේ අතරමං වූ ඔබ වෙනුවෙන්, මනෝවිද්‍යාත්මක උපදේශනය සහ මෝහන ප්‍රතිකාර තුළින් වඩාත් සාර්ථක හෙට දවසක් නිර්මාණය කර දෙන්නට අපි කැපවී සිටිමු.

“මට හුස්ම ගන්න බැහැ… මම මැරෙන්නද යන්නේ?”Panic Disorder – හදිසියේ එන බිය සමඟ ජීවත් වූ මගේ කතාවඑදා මම සාමාන්‍ය විදිහට බස් ...
18/09/2026

“මට හුස්ම ගන්න බැහැ… මම මැරෙන්නද යන්නේ?”

Panic Disorder – හදිසියේ එන බිය සමඟ ජීවත් වූ මගේ කතාව

එදා මම සාමාන්‍ය විදිහට බස් එකේ ගෙදර යමින් හිටියේ.

එකපාරටම මගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

හුස්ම ගන්න අමාරු වුණා. අත් දෙක වෙව්ලන්න ගත්තා. පපුව තද වෙනවා වගේ දැනුණා. වටේ තියෙන හැමදේම අමුතුයි වගේ.

“මට මොකක්ද මේ වෙන්නේ?”

ඊළඟට මගේ හිතට ආවේ එකම සිතුවිල්ලයි.

“මම දැන් මැරෙයි.”

මම ඉක්මනින් බස් එකෙන් බැස්සා. කෙනෙකුට කතා කරන්නවත් මට හරියට වචන පිටවුණේ නැහැ.

පසුව වෛද්‍ය පරීක්ෂණ කළත් බරපතළ ශාරීරික ගැටලුවක් හමු වුණේ නැහැ.

ඒත් මගේ බය නැති වුණේ නැහැ.

“ආයෙත් ඒක වුණොත්?”

ඒ ප්‍රශ්නය මගේ ජීවිතය පාලනය කරන්න පටන් ගත්තා.

බස් එකේ යන්න බයයි. තනියම පිටතට යන්න බයයි. සෙනඟ වැඩි තැන්වල ඉන්න බයයි. කලින් මම ආසාවෙන් කළ දේවල් පවා මඟහරින්න පටන් ගත්තා.

මගේ පවුලේ අය කිව්වේ,

“ඔයා ඕනෑවට වඩා හිතනවා.”

“බය වෙන්න දෙයක් නෑනේ.”

ඒත් මට දැනුණු බය මවාගත්ත දෙයක් නෙමෙයි. ඒ මොහොතේ ඒක මට සම්පූර්ණයෙන්ම සැබෑවක්.

අවසානයේ මම වෘත්තීය සහාය ලබාගත්තා. එතැනදී මට තේරුම් ගන්න ලැබුණේ Panic Disorder වැනි තත්ත්වයකදී හදිසි panic attacks සහ නැවත එවැනි ප්‍රහාරයක් ඇතිවේවි යන දැඩි බිය පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් කළ හැකි බවයි.

මගේ ශරීරයේ ඇතිවන සංවේදන තේරුම් ගන්න, බිය වැඩි කරන සිතුවිලි හඳුනාගන්න සහ ඒවාට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වන්න මම ක්‍රමයෙන් ඉගෙනගත්තා.

අදත් සමහර වෙලාවට මගේ හදවත ටිකක් වේගයෙන් ගැහෙනවා.

නමුත් දැන් මම හැම හෘද ස්පන්දනයක්ම අනතුරක් ලෙස අර්ථ දක්වන්නේ නැහැ.

ඔබ ආදරය කරන කෙනෙක් panic attacks අත්විඳිනවා නම් “බය වෙන්න එපා” කියන එක පමණක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.

ඔවුන්ගේ අත්දැකීම අහන්න. විනිශ්චය නොකරන්න. අවශ්‍ය නම් සුදුසු වෛද්‍ය හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ සහාය ලබාගැනීමට උදව් කරන්න.

බියෙන් පලා යනවාට වඩා, බිය තේරුම් ගැනීම සුවපත් වීමේ වැදගත් ආරම්භයක් විය හැකියි.

මානසික අත්දැකීමක දිනපොතින්…
ලිපි මාලාව — Panic Disorder

සැ.යු.: මෙය සමාජ දැනුවත් කිරීම සඳහා නිර්මාණය කළ කල්පිත පළමු-පුද්ගල කතාවකි. රෝග විනිශ්චයක් සඳහා භාවිත නොකළ යුතුය. හදිසි පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව හෝ වෙනත් බරපතළ ශාරීරික ලක්ෂණ ඇතිවිට ඒවා panic attack එකක් යැයි ස්වයංව නිගමනය නොකර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌿✨ "පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න."

ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් මානසික සුවතාවය වෙනුවෙන් අදම නිවැරදි තීරණයක් ගන්න.

🎓 මනෝඋපදේශිකා ගීතාංජලී ජයකොඩි
• PGDip in Psychology (Reading) _ University of Peradeniya
• BSc in Psychology (Reading) _ OUSL
• BA _ University of Peradeniya
• Dip. in Psychology & Counseling _ Manasuwa Int. Research Institute
• Dip. in Counseling Psychology _ NYSC
• Cert. in Psychological Counseling _ University of Peradeniya
• Clinical Training (Manasuwa Psychotherapeutic Center)

📌 ලබාගත හැකි සේවාවන්:
• තනි පුද්ගල උපදේශනය
• පවුල් හා විවාහ උපදේශනය
• දරුවන්ගේ මානසික ගැටලු
• අධ්‍යාපනික උපදේශනය
• යොවුන්වියෙ ගැටලු
• පීඩාකාරී සිතුවිලි හා කාංසාව පාලනය
• කණ්ඩායම් උපදේශනය

📞 වේලාවන් වෙන්කරවා ගැනීමට:
075 - 86 58 327 / 078 865 8327

📍 ස්ථානය: 7/122, නුවර පාර, යක්කල


උපදේශන කාමරයේ පියවුනු දොර පියන් පසකින්.06🌈✨විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුගේ ලෝකය සාමාන්‍ය දරුවෙකුට වඩා ටිකක් වෙනස් වෙන්න පුළ...
18/09/2026

උපදේශන කාමරයේ පියවුනු දොර පියන් පසකින්.06

🌈✨විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුගේ ලෝකය සාමාන්‍ය දරුවෙකුට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් නිසි ආදරය, විද්‍යාත්මක මගපෙන්වීම සහ නිවැරදි උත්තේජනයක් (Stimulation) ලැබුණොත් ඔවුන්ටත් තමන්ගේ උපරිම දක්ෂතා අතරට යන්න පුළුවන්.

දරුවාගේ වර්ධනය වඩාත් වේගවත් හා සාර්ථක කර ගැනීමට සුවිශේෂී තෙරපි (Therapy) ක්‍රියාකාරකම්,සංවේදන උත්තේජන චිකිත්සාව (Sensory Therapy): දරුවාගේ පංච ඉන්ද්‍රියන් නිවැරදිව උත්තේජනය කරමින් අවධානය, ඒකාග්‍රතාවය සහ ආතතිය කළමනාකරණය උපරිම මට්ටමට ගෙන ඒම (සංවේදන පෙට්ටි භාවිතය) සියුම් චලන සහ නිර්මාණශීලී ක්‍රියාකාරකම් (Fine Motor Skills) මැටි චිකිත්සාව (Clay Therapy) සිතුවම් ඇඳීම (Finger Painting) කඩදාසි ඉරීම සහ බොත්තම් ඇමිණීම වැනි ක්‍රියාකාරකම් හරහා දෑත් සහ ඇඟිලිවල මාංශපේශී ශක්තිමත් කිරීම.

සන්නිවේදන සහ සමාජීය කුසලතා (Communication & Social Skills) කණ්ඩායම් ක්‍රියාකාරකම්, රසවත් කතන්දර කීම සහ සංගීතමය වැඩසටහන් මගින් අනෙක් දරුවන් හා සමාජය සමඟ බියෙන් තොරව සුහදව ගනුදෙනු කිරීමේ හැකියාව දියුණු කිරීම වැනි ක්‍රියාකාරකම් බොහොමයක් ඇත

මනස සුවපත් කරන මල් කැකුළු 🍃ලෝකය දකින දෑස් වෙනස් වුවත්,ඔවුන් මවන්නේ...අහිංසකම හීන පිරුණු සුන්දර ලොවකි.කැඩුණු තටු පිරිමදිමින්,ඈත අහසට පියඹන්නටඔවුන් මග බලා බලයි...
නිහඬවම පෙරමග සංවේදන රිද්මයෙන් පිරි,මැටි පිඬක හැඩතල අස්සේ...පුංචි ඇඟිලි තුඩු ලියන්නේ,
හෙට දවසේ බලාපොරොත්තුවයි දෙමාපිය සෙනෙහසේ දෑත්,ගුරු සිත්හි ඉවසීමේ පහන් ටැඹ,උපදේශක නෙතක ඇති මගපෙන්වීම,සහ මේ දෙස ආදරයෙන් බලන ඔබ...ඒ හැම දෙනෙක්ම,වියළි පියසකට වසින වැසි බිඳක් වැන්න අපි එක්වෙමු...ඒ අහිංසක හිනාවන් විශ්වයට මුදාහරින්න,කඳුළු පිසදා, මල් කැකුළු පිබිදෙන්න...

🌻❤️ඔබේ දරුවාටත් වඩාත් ස්වාධීන, සතුටින් පිරි අනාගතයක් උරුම කර දීමට අදම අප හා සම්බන්ධ වන්න සෙනෙහෙබර මගපෙන්වීමක් සඳහා එන්න "මනසුව" පියස යටට ආදරයේ නාමයෙන් 💐❤️

🌿✨ "පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න."

ජීවිතයේ අභියෝග හමුවේ ඔබ තනි වී නැත.

🎓 මනෝඋපදේශිකා සුජානි මේනකා
• Bsc. in Psychology (Reading )
• Diploma In Child Psychology
• Diploma Psychology And Counseling
• Mindfulness Tranier/ Motivation Speaker
• Vocational Instructor In Probation And Child Care Service
• Girl Guides Leader In Western Province =02
• Clinical Training ( Manasuwa Psychotherapeutic Center)

📌 ලබාගත හැකි සේවාවන්:
• තනි පුද්ගල උපදේශනය
• පවුල් හා විවාහ උපදේශනය
• දරුවන්ගේ මානසික ගැටලු
• අධ්‍යාපනික උපදේශනය
• යොවුන්වියෙ ගැටලු
• නෛතික ගැටලු සදහා උපදේශනය
• කණ්ඩායම් උපදේශනය

(ඔබට මනෝඋපදේශන සේවාව ,මනසුව මනෝප්‍රතිකාර මධ්‍යස්ථානය ට පැමිණ හෝ Online සේවාව ඔස්සේ ලබා ගත හැක)

📞 වේලාවන් වෙන්කරවා ගැනීමට:
075 - 86 58 327 / 078 865 8327

📍 ස්ථානය: නුවර පාර, යක්කල

_හදවතින් හා අවබෝධයෙන් දකින ළමා ලෝකය | ලිපි අංක 02_  *අපේ දෙමාපිය රටාව දරුවාගේ අනාගත පෞරුෂයට බලපාන්නේ කෙසේද?* *(Parenting...
16/09/2026

_හදවතින් හා අවබෝධයෙන් දකින ළමා ලෝකය | ලිපි අංක 02_

*අපේ දෙමාපිය රටාව දරුවාගේ අනාගත පෞරුෂයට බලපාන්නේ කෙසේද?* *(Parenting Styles)*

පළමු ලිපියෙන් අපි කතා කළේ භාහිර වශයෙන් දරුවා දෙස අවධානය දෙන ගමන්, දරුවාගේ අභ්‍යන්තර ලෝකය හදවතින්ම තේරුම් ගැනීමේ වැදගත්කම ගැනයි. අද මම ඔබව අරන් යන්නේ අපේ දෙමාපිය හැසිරීම් රටාවන්, එනම් Parenting Styles කොහොමද දරුවාගේ පෞරුෂයට බලපෑම් කරන්නේ කියන දේ සොයා බලන සංවේදී මාතෘකාවටයි.

උපදේශන සේවයේදී මට මුණගැසෙන බොහෝ දෙමාපියන් අහන දෙයක් තමයි, "මැඩම්, මම දරුවාට ආදරෙයි. ඒත් එයා මට ඇහුම්කන් දෙන්නේ නෑ" කියන එක.

දෙමාපියභාවයේ දී දරුවාට ආදරය ප්‍රකාශ කරන සහ දරුවාව හදන ක්‍රමවේද ප්‍රධාන කොටස් 4 ක් පිළිබඳව මනෝවිද්‍යාව තුළ සාකච්චා වෙනවා.

1. පළමු ක්‍රමය තමයි අධික ලෙස පාලනය කරන, නීති රීති පටවන රටාව (Authoritarian Parenting). මේ ක්‍රමවේදය අනුගමනය කරන දෙමාපියන් දරුවාගෙන් ඉහළ කීකරුකමක් බලාපොරොත්තු වෙනවා,මේ නිසාම දරුවාගේ හැඟීම්වලට හෝ අදහස්වලට ඉඩක් ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. "මම කියන දේ විතරක් කරන්න" කියන මානසිකත්වයක් දෙමව්පියන් දරුවාගේ ඔලුවට ඔබන ගතියක් තමයි මෙතැනදී ඉස්මතු වෙන්නේ. භයානකම ප්‍රතිපලය වෙන්නේ මෙවැනි පරිසරයක හැදෙන දරුවන් බාහිරින් ඉතාම කීකරු ලෙස පෙනුනත්, අභ්‍යන්තරයෙන් අඩු ආත්ම අභිමානයකින්, නිරන්තර බියකින් සහ තීරණ ගැනීමට නොහැකි අසරණභාවයකින් පෙළෙන බිඳවැටුනු පෞරුෂයන් සහිත දරුවන් වීමට ඉඩකඩ වැඩි වීමයි.

2. දෙවන රටාව තමයි අධික නිදහසක් ලබාදෙන, සීමාවන් නොමැති රටාව (Permissive Parenting). මේ ක්‍රමවේදය තුළ ආදරය සහ සෙනෙහස උපරිමයෙන් ලැබුණත්, දරුවාගේ හැසිරීම් වලට අවශ්‍ය පරිදි සීමා මායිම් (Boundaries) වැටෙන්නේ නෑ. දරුවා ඉල්ලන හැමදේම ලබාදෙමින්, වරදක් දුටු විට හදන්න උත්සාහ නොකරන තත්වයක් තියෙන නිසා දරුවාට දැනෙන්නේ මුළු ලෝකයම තමන් වටේ තියෙනවා , තමන් වටේ කැරකෙනවා වගේ අදහසක්. මෙවැනි දරුවන් පසුකාලීනව සමාජගත වනවිට තමන්ට මුහුණ දීමට සිදුවන බාධක හමුවේ ඉක්මනින් කඩාවැටෙන, ස්වයං-පාලනයක් නැති පෞරුෂයක් සහිත පුද්ගලයින් බවට පත්වීමේ අවදානමක් තියෙනවා.

3. තුන්වන රටාව තමයි නොසලකා හරින සුළු හෝ මඟහරින රටාව (Uninvolved Parenting). මේ ක්‍රමවේදයේදී දෙමව්පියන් විසින් දරුවාගේ කෑම බීම, ඇඳුම් පැළඳුම් වැනි ශාරීරික අවශ්‍යතා ඉටු කළත්, චිත්තවේගීය ලෙස දරුවාගෙන් ඈත් වී සිටින තත්වයක් තමයි තියෙන්නේ. දරුවාගේ හදවතේ තියෙන පාලුව, බය හෝ සතුට බෙදාගන්න කෙනෙක් නැති වන විට, දරුවා තුළ දැඩි අනාරක්ෂිත බවක් (Insecurity) සහ සමාජය කෙරෙහි අදහාගත නොහැකි නොදැනුවත් කමක් සහිත බියක් නිර්මාණය වෙනවා. ඒ හේතුවෙන් කිසිඳු සමාජ පීඩනයකට මුහුණ දිය නොහැකි දුර්වල පෞරුෂයන් සහිත වැඩිහිටියන් බවට දරුවන් පත්වෙනවා.

4. හතරවන රටාව වන, මනෝවිද්‍යාත්මකව වඩාත්ම සමබර රටාව තමයි ප්‍රජාතන්ත්‍රවාදී හෙවත් සෙනෙහෙබර සීමාසහිත රටාව (Authoritative Parenting). මේ ක්‍රමවේදය අනුගමනය කරන දෙමව්පියන් දරුවාට අසීමිත ලෙස ආදරය ලබාදෙනවා වගේම චිත්තවේගීය වටිනාකම ලබාදෙන ගමන්, පැහැදිලිව දරුවා වෙත සීමා මායිම් සහ නීති පද්ධතියක්ද ආදරයෙන් පනවනවා. දරුවාගේ අදහස් වලට නිසි ගෞරවය ලැබෙනවා. වැරැද්දක් වූ විට දඬුවම් කරනවා වෙනුවට, ඒ වැරැද්ද තේරුම් කර දෙනවා. මෙවැනි ආදරණීය සහ පැහැදිලි වටපිටාවක හැදෙන දරුවන් අනාගතයේදී හොඳ ආත්ම අභිමානයක්, හොඳ තීරණ ගැනීමේ හැකියාවක් සහ ඕනෑම පීඩනයකට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයක් සහිත වැඩිහිටියන් බවට පත්වෙනවා.

*දෙමාපිය පදවිය කියන්නේ එක රැයකින් පරිපූර්ණ විය යුතු දෙයක් නෙවෙයි. මෙතෙක් ඔබ අනුගමනය කල රටාව කුමක්ද කියලා අවංකව හඳුනාගෙන, දරුවාගේ හදවතට සවන්දෙමින් Authoritative හෙවත් ආදරණීය ප්‍රජාතන්ත්‍රවාදී රටාව දෙසට පුංචි පියවරක් තැබීමට හැකි නම් ඒකයි තමයි වැදගත්ම කාරණාව වෙන්නේ.*

🌿✨ "පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න."

🎓 මනෝඋපදේශිකා සදරුවනි දීප්තිකා

• MABC (UOK) / MABS (UOK) / PDBC (UOK)
• B.Sc. (UOSJP) / BA .PSY. (IMBS - Reading)
• Dip. Psychology (IMBS) / Dip Mindfulness (SIBA)
• Adv.Cect.Productivity (NPS)
• Registered Psychological Counselor (SLNIPC A/1895)
• Visiting Lecturer Psychology (MANASUWA) / Facilitator (Sathipasala Foundation)
• Clinical Training (Manasuwa Psychotherapeutic Center)

📌 ලබාගත හැකි සේවාවන්:
• තනි පුද්ගල උපදේශනය
• පවුල් හා විවාහ උපදේශනය
• දරුවන්ගේ මානසික ගැටලු සඳහා උපදේශනය
• අධ්‍යාපනික උපදේශනය
• යොවුන්වියෙ ගැටලු සඳහා උපදේශනය
• පීඩාකාරී සිතුවිලි හා කාංසාව පාලනය
• සතිමත් භාවය

📞 වේලාවන් වෙන්කරවා ගැනීමට:
075 - 86 58 327 / 078 865 8327

📍 ස්ථානය: 7/122, නුවර පාර, යක්කල


සංචාරයේ තෙවන දිගහැරුමකන්ද මුදුනේ හුදකලාව​කඳු වැටි අතරින් හමා එන සිහිල් සුළඟ, රවී ට සැනසිල්ලක් වූයේ, පහුගිය මාස කිහිපය පු...
13/09/2026

සංචාරයේ තෙවන දිගහැරුම

කන්ද මුදුනේ හුදකලාව

​කඳු වැටි අතරින් හමා එන සිහිල් සුළඟ, රවී ට සැනසිල්ලක් වූයේ, පහුගිය මාස කිහිපය පුරාම ඔහුගේ සිත අඳුරු කර තිබූ තිගැස්ම සහ තෙහෙට්ටුව මදකට අමතක කරමිනි. ඔහු සිටියේ අම්බුළුවාව කුළුණේ සුදු පැහැති බැල්කනියේ, අහස උසට විහිදුණු දර්ශනය දෙස බලාගෙනය. ඔහුගේ අත ඔහුගේ නිකට මත රැඳී තිබුණේ, කිසිවක් ගැන සිතන්නාක් මෙනි.
​රවී කොළඹ නගරයේ කාර්යබහුල ඉංජිනේරුවෙකි. ඔහුගේ ජීවිතය, වෙලාවට වැඩ කිරීම, ව්‍යාපෘති අවසන් කිරීම සහ රැස්වීම්වලට සහභාගී වීම වැනි කටයුතු වලින් පිරී තිබුණි. එය බොහෝ දෙනෙකුට සිහිනයක් බඳු ජීවිතයක් වුවත්, රවීට එය පෙනුණේ කිසිදා නිම නොවන, වෙහෙසකර තරඟයක් ලෙසය. ඔහුගේ මනස සන්සුන්ව තිබුණේ අල්ප වශයෙනි. ඔහුගේ සිනහව ව්‍යාජ වූ අතර, එය ඔහුගේ ආත්මය දුර්වල කළේය.

​ඔහුගේ සමීපතම මිතුරෙකු වූ මා, රවීගේ මේ වෙනස හඳුනාගෙන තිබුණි. මාගේ ඉල්ලීම මත, රවී නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, අපි සමග සංචාරයකට පිටත් විය. “රවී, ඔයාට ඕනේ, ඔයාගේ හිතේ තියෙන පීඩනය අයින් කරගෙන, ඔයා කවුද කියලා ආයිත් හොයාගන්න,” මම පැවසූ වචන රවීගේ මනසේ රැව් පිළිරැව් දුන් බව දැනුණි.

​දැන්, මේ උස් ස්ථානයේ සිට, පහළින් පෙනෙන කුඩා ගම්මාන සහ වංගු සහිත පාරවල් දෙස බලද්දී, රවීගේ මනසේ අලුත් සිතුවිලි සමුදායක් ඇති විය. ධනය පමණක් සොයමින් ඔහුගේ වෘත්තීයට පමණක් කැප වූ ජීව්තය, මේ ස්වභාවික සෞන්දර්යය ඉදිරියේ බොඳ වී ගියේය. ඔහු තේරුම් ගත්තේ, ඔහුගේ ජීවිතයේ වැදගත්ම දේ වන්නේ රැකියාවම පමණක් කරම්න් ධනයම පමණක් සෙවීම නොව, තම අභ්‍යන්තර සන්සුන් භාවය රැක ගැනීම බවයි.

​කන්ද මුදුනේ හමා ගිය සුළඟ, ඔහුගේ සිතේ තිබූ සියලුම බාධක අතුගා දමන්නාක් මෙන් දැනුණි. ඔහු තේරුම් ගත්තේ, ඔහුට අවශ්‍ය වන්නේ තව තවත් මුදල් හෝ උසස් වීම් නොව, තම පවුලේ අය සමඟ ගත කරන කාලය, තම කැමැත්තන්ට ඉඩ දීම සහ මෙවැනි හුදකලා මොහොතක් විඳීම බවයි.

​ඔහු කල්පනා කළේ, "මම ඇත්තටම සන්තෝෂයෙන්ද?" යන්නයි. මේ මොහොතේ, ඔහුට දැනුණේ නියම සන්තෝෂයයි. කඳු මුදුනේ ඇති නිහඬතාවය සහ සොබාදහම සමඟ ඇති බැඳීම, ඔහුගේ ආත්මය නැවත පණගන්වා තිබුණි.

​අපි ගමන නිමා කර නැවත නිවස බලා යද්දී, ඔහු තුළ අලුත් ශක්තියක් ඇති වී තිබුණි. ඔහු තීරණය කළේ, ඔහුගේ ජීවිතය වඩාත් සමබරව ගත කිරීමටයි. ඔහු රැකියාවට කැප වුණත්, තම පවුල සහ තම අභ්‍යන්තර සන්සුන් භාවය වෙනුවෙන් කාලය වෙන් කිරීමට අමතක නොකිරීමට ඔහු වග බලා ගත්තේය.

​මෙම සංචාරය, රවීගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට හේතු විය. එය ඔහුට තේරුම් කර දුන්නේ, සැබෑ සන්තෝෂය ඇත්තේ රැකියාව හෝ භාණ්ඩවල නොව, අපගේ සිත තුළම බවයි. අම්බුළුවාව කුළුණේ දී, ඔහු සොබාදහමේ සෞන්දර්යය පමණක් නොව, තම ආත්මයේ සැබෑ මුහුණුවර ද හඳුනා ගත්තේය.
මේ සියලු අත්දැකීම් සහ ඔහුට දැනුනු හැගීම් ගමන් ගත් කාර් රථයේම ඉතා ප්‍රීතියෙන් අපි සමග බෙදා ගත්තේය.ඔබට රවී ලද සැනසිල්ල පෙන්වීමයට මම වෑයමක් දැරීය.ඒ පිලිබද ඔබටද මදක් සිතන ලෙස ඉල්ලමි.

(ඉහත සදහන් සියලුම පුද්ගල සහ රැකියා නාම මනකල්පිත වන අතර මනෝවිද්‍යාත්මක ව ම්නිස් මනසේ හැසිරීම ගවේෂශීලිව පෙන්වා දීම උදෙසා රචනා කරන ලද්දකි)

🌿✨ "පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න."

ජීවිතයේ විවිධ මානසික ගැටලු සහ අභියෝග හමුවේ ඔබ තනි වී නැත.

🎓 මනෝඋපදේශක ගයෝග ජයලත්
• BA in university of sri Jayewardenepura (UG)
• Dip in Psychology (University of sri Jayawardhanapura)
• Dip. in Counseling & Psychotherapy (Manasuwa IRIP)
• Member of APA
• Counsellor & Clinical Training (Manasuwa Psychotherapeutic Center)

📌 ලබාගත හැකි සේවාවන්:
• තනි පුද්ගල උපදේශනය
• පවුල් හා විවාහ උපදේශනය
• දරුවන්ගේ මානසික ගැටලු සඳහා උපදේශනය
• අධ්‍යාපනික උපදේශනය
• මානසික පීඩනය කළමනාකරණය
• පීඩාකාරී සිතුවිලි හා කාංසාව පාලනය
• කණ්ඩායම් උපදේශනය

(ඔබට මනෝඋපදේශන සේවය මනසුව මනෝප්‍රතිකාර මධ්‍යස්ථානය පැමිණ හෝ Online සේවය ඔස්සේ ලබා ගත හැක.)

📞 වේලාවන් වෙන්කරවා ගැනීමට:
075 - 86 58 327 / 078 865 8327

📍 ස්ථානය: නුවර පාර, යක්කල


උපදේශන කාමරයේ පියවුනු දොරපියන් පසකින්.05 කවුද මේ "විශේෂ අවශ්‍ය තා "ඇති දරුවන් 🌺විශේෂ අවශ්‍ය තා ඇති දරුවන් කියන්නේ ලෝකය ද...
12/09/2026

උපදේශන කාමරයේ පියවුනු දොරපියන් පසකින්.05
කවුද මේ "විශේෂ අවශ්‍ය තා "ඇති දරුවන් 🌺

විශේෂ අවශ්‍ය තා ඇති දරුවන් කියන්නේ ලෝකය දෙස වෙනස්ම විදිහකට බලන අපූරු හදවත් 🫶තියෙන පිරිසක් ඔවුන්ගේ මානසික හෝ සන්නිවේදන වර්ධනය සාමාන්‍ය දරුවන්ට වඩා තරමක් වෙනස් මාවතකයි සිදුවෙන්නේ ඔවුන් අතර
*ඔටිසම් (Autism )
*ඩවුන් සින්ඩ්‍රෝම් (Down syndrome )
*කථන අපහසු තා ඇති දරුවන්
*ඉගෙනීමේ දුෂ්කරතා ඇති දරුවන්
සිටින්නට පුළුවන් වැදගත්ම දේ තමයි මේ දරුවන් කිසිසේත්ම "දුර්වල " නෑහැ 🙅‍♂️❤️ ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ නිවැරදි මගපෙන්වීම, ආදරය සහා ඔවුන්ගේ දක්ෂතා මතුකරගන්න උදව් වෙන සුවිශේෂී ක්‍රමවේදයකි සාමාන්‍ය අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගිය කලා චිකිත්සාව (Art Therapy )වැනි විශේෂ ක්‍රමවේදයන් හරහා වචන වලින් කියන්න බැරි ඔවුන්ගේ ලෝකය පාට කරන්න අපිට පුළුවන් 🎨බාධාවන් මැද වුවත් ඔවුන්ට ස්වාධීනව නැගී සිටින්නට ශක්තියක්‌ වෙමු 🤝
🎨🧚
විශේෂ ලෝකයක තනිවුනු....
ඒ අපූරු දරුවන්ගේ..
හිතේ හැංගුණු රහස් කියවන්න
වචන නැති තැනක..
පාට බුරුසුවකින් පාලමක් තනන්නට 🤝❤️
ඔවුන්ට ආදරය පමණක් නොව 💑
ජිවිතයම කියාදෙන කලාවද...
නිවැරදිව ඉගෙනගන්න
එන්න මනසුව හා එක්වන්න 🤝
🌿✨ "පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න."

ජීවිතයේ අභියෝග හමුවේ ඔබ තනි වී නැත.

🎓 මනෝඋපදේශිකා සුජානි මේනකා
• Bsc. in Psychology (Reading )
• Diploma In Child Psychology
• Diploma Psychology And Counseling
• Mindfulness Tranier/ Motivation Speaker
• Vocational Instructor In Probation And Child Care Service
• Girl Guides Leader In Western Province =02
• Clinical Training ( Manasuwa Psychotherapeutic Center)

📌 ලබාගත හැකි සේවාවන්:
• තනි පුද්ගල උපදේශනය
• පවුල් හා විවාහ උපදේශනය
• දරුවන්ගේ මානසික ගැටලු
• අධ්‍යාපනික උපදේශනය
• යොවුන්වියෙ ගැටලු
• නෛතික ගැටලු සදහා උපදේශනය
• කණ්ඩායම් උපදේශනය

📞 වේලාවන් වෙන්කරවා ගැනීමට
@: 075 - 86 58 327 / 078 865 8327

📍 ස්ථානය: නුවර පාර, යක්කල


09/09/2026

අපේ පෞරුෂය තීරණය කරන්නේ ජානද? 🧬🧠

අපි හිතන විදිය, වැඩ කරන විදිය, සහ අපේ චරිත ස්වභාවය හැඩගැහෙන්න අපේ ජාන බලපාන්නේ කොහොමද කියලා ඔයා දන්නවද?

මානව ජාන විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වුණු පුදුම හිතෙන කරුණු කිහිපයක් මෙන්න:

✨ පෞරුෂයෙන් 50%ක්ම ජානමයයි: අපි Extravert ද Introvert ද කියන එක ඇතුළු අපේ ප්‍රධාන පෞරුෂ ලක්ෂණවලින් අඩක්ම තීරණය වෙන්නේ උපතින් ගෙනෙන ජානවලින්.

✨ ජාන දහස් ගණනක එකතුවක්: එක ජානයක් නෙවෙයි, ජාන දහස් ගණනක් එකතු වෙලා තමයි අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හදන්නේ.

✨ ජාන යනු ස්ථිර දෛවයක් නොවේ (Epigenetics): ජානවලින් පදනම හැදුවත්, අපේ අත්දැකීම්, අධ්‍යාපනය සහ පරිසරය අනුව ඒ ජාන ක්‍රියාත්මක වෙන විදිය වෙනස් කරන්න අපිට පුළුවන්!

💡 කෙටියෙන්ම කිව්වොත්: ජානවලින් කරන්නේ අපේ පෞරුෂයේ පදනම හදන එක විතරයි. ඒ පදනම උඩ ලස්සන චරිතයක් ගොඩනගන එක තියෙන්නේ අපේම අතේ!

🌿✨ "පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න."

ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඔබ තනි වී නැත.

🎓 මනෝඋපදේශක සාලිය ජයශංක පත්මබන්දු
• ASSOCIATE MEMBER OF SLNIPC
• Diploma In Counselling Psychology (IMBS)
• P.Dip. Buddhist Ayurvedic Counselling at PGIPBS (UOK)- Reading
• Certificate in Drug Counselling – National Dangerous Drugs Control Board
• Counsellor & Clinical Training (Manasuwa Psychotherapeutic Center)

📌 ලබාගත හැකි සේවාවන්:
• තනි පුද්ගල උපදේශනය
• පවුල් හා විවාහ උපදේශනය
• දරුවන්ගේ මානසික ගැටලු
• අධ්‍යාපනික උපදේශනය
• යොවුන්වියෙ ගැටලු
• පීඩාකාරී සිතුවිලි හා කාංසාව පාලනය
• කණ්ඩායම් උපදේශනය

(ඔබට මනෝඋපදේශන සේවය ලබා ගැනීමට මනසුව මනෝප්‍රතිකාර මධ්‍යස්ථානය ට පැමිණ හෝ Online සේවය ඔස්සේ ලබා ගත හැක.)

📞 වේලාවන් වෙන්කරවා ගැනීමට:
075 - 86 58 327 / 078 865 8327

📍 ස්ථානය: නුවර පාර, යක්කල


භින්නෝන්මාදය (Schizophrenia) ගැන කතා කරමු.💎කෙනෙකු තනිවම කතා කරනවා…💎අන් අයට නොඇසෙන හඬවල් ඇසෙනවා…💎තමන් පසුපස කෙනෙකු එනවා ය...
07/09/2026

භින්නෝන්මාදය (Schizophrenia) ගැන කතා කරමු.

💎කෙනෙකු තනිවම කතා කරනවා…
💎අන් අයට නොඇසෙන හඬවල් ඇසෙනවා…
💎තමන් පසුපස කෙනෙකු එනවා යැයි දැඩි ලෙස විශ්වාස කරනවා…
💎අසාමාන්‍ය ලෙස හැසිරෙනවා…
💎පවුලේ අයගෙන් ඈත් වෙනවා…

මේවා දකින විට “මෙයාට පිස්සු” කියා කෙනෙකුට සිතිය හැකිය.

නමුත් භින්නෝන්මාදය හෙවත් Schizophrenia යනු පුද්ගලයෙකුගේ සිතීම, සංවේදනය, හැඟීම් සහ යථාර්ථය හඳුනාගැනීම යන විශේෂ ලක්ෂණයන් සහිත වූ බරපතළ මානසික රෝගයකි.

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට යම් යම් වෙනස්කම් සහිතව ඇති විය හැකිය. නිසි ප්‍රතිකාර මඟින් බොහෝ දෙනෙකුට සැලකිය යුතු ලෙස යහපත් ජීවිතයක් ගත කළ හැකිය.

🌻රෝගය ඇතිවන හේතු

💎ජානමය අවදානම,

💎මොළයේ වර්ධනය හා ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්

💎ගර්භණී සමයේ හෝ මුල් ජීවිතයේ ඇතැම් බලපෑම්

💎දැඩි ආතතිය සහ වෙනත් පාරිසරික සාධක

🌻 රෝග ලක්ෂණ

💎යථාර්ථයට නොගැළපෙන දැඩි විශ්වාස — Delusions

“කෙනෙක් මන් දිහා බලන් ඉන්නවා."

“මට පණිවිඩ එවනවා.”

“අනිත් අයට මගේ සිතුවිලි දැනෙනවා.”

වැනි විශ්වාස දැඩි ලෙස ඇතිවිය හැකිය.

💎 Hallucinations — නොපවතින දේවල් අත්විඳීම

💙විශේෂයෙන් වෙනත් අයට නොඇසෙන හඬවල් ඇසීම දැකිය හැකිය

💙නොපවතින දේ දැකීම, දැනීම හෝ වෙනත් සංවේදන අත්දැකීම් ඇතිවිය හැකිය.

💙එක් අදහසකින් තවත් අදහසකට ගැලපීමක් නොමැතිව මාරුවීම

💙කතා කිරීම අපහසු වීම හෝ අදහස් නිසි ලෙස සංවිධානය කරගත නොහැකි වීම ඇතිවිය හැකිය.

💙 සමාජයෙන් ඈත්වීම

මිතුරන්, පවුලේ අය සහ සමාජ කටයුතු වලින් ඈත්වීම, පෙර කැමති වූ දේවල් පිළිබඳ උනන්දුව අඩුවීම සහ දෛනික කටයුතු කිරීමට උනන්දුව අඩුවීම ඇතිවිය හැකිය.

💙අවධානය හා මතකය පිළිබඳ ගැටලු

අවධානය පවත්වා ගැනීම, තොරතුරු සැකසීම, තීරණ ගැනීම සහ මතකය සම්බන්ධ අපහසුතා ද ඇතිවිය හැකිය

ඉහත ලක්ෂණ භින්නෝන්මාද රෝග ලක්ෂණ වුවද අධි මානසික හැකියා (අධි මනෝව්ද්‍යා ) සහ භින්නෝන්මාද රෝගය ලෙස කොටස් දෙකකි.
එබැව්න් කොටස් දෙක පිලිබද නිවැරදිව අවබෝධයයෙන් භින්නෝන්මාද රෝගියෙකු හදුනාගැනීම සුදුසුකම්ලත් මනෝ උපදේශකවරයාගේ /වරියකුගේ සහ මනෝවෙද්‍යේවරයෙකුගේ හෝ වරියකුගේ සහය මත සිදු කල යුතු වේ

මෙවැනි පුද්ගලයන් අපහසුතාවට පත් නොකර එම රෝගය ගැන නිසි අවබෝධයක් ලබා ගැනීම තුලින් හා නිසි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් එම තත්වයෙන් මුදවා ගත හැකිය.එයට මේ ක්‍රමවේද අනුගමනය කල යුතූය .

🏵️මනෝවෛද්‍යවරයෙකුගේ ඇගයීම
💙Antipsychotic ඖෂධ
💙මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර
💙පවුලේ සහාය
💙 සමාජ හා වෘත්තීය පුනරුත්ථාපනය
💙දෛනික ජීවන කුසලතා වර්ධනය

ඖෂධ තමන්ගේ කැමැත්තෙන් නැවැත්වීම හෝ මාත්‍රාව වෙනස් කිරීම නොකළ යුතුය. අතුරු ආබාධ තිබේ නම් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම කල යුතුය.

💎අවසාන වශයෙන් භින්නෝන්මාදය යනු පිස්සුවක් නොවේ.

යම් කිසි රෝගයකින් පීඩා විඳින මනුෂ්‍යයෙකි .

🌿✨ ජීවිතයේ පීඩාකාරී සිතුවිලිවලින් මිදී, සැනසිලිදායක හෙට දවසක් උදෙසා විශ්වාසනීය පියවරක් තබන්න. ✨🌿

ඔබ මුහුණ දෙන මානසික පීඩනය, කාංසාව, පවුල් ගැටලු හෝ දරුවන්ගේ ප්‍රශ්න හමුවේ තනිවී ඇතැයි හැඟෙනවාද? සිතේ නිදහස සහ සහනය සොයන ඔබට නිවැරදිම මඟ පෙන්වීම ලබා දීමට යක්කල මනසුව මනෝප්‍රතිකාරක මධ්‍යස්ථානය සූදානම්.

🎓 මනෝඋපදේශිකා චන්දිමා පාදුක්කගේ:
ඇය BSc in Psychology, Diploma in Child Psychology සහ Diploma in Psychology & Counseling ,Clinical Training (Manasuwa Psychotherapeutic center)වැනි ඉහළ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ඇති, Registered Psychological Counselor (SLNIPC) වරියකි.

🎶 විශේෂයෙන්ම ඇය Music Healer (සංගීත ප්‍රතිකාරක) වරියක් සහ Motivation Speaker (අභිප්‍රේරණ කථිකාචාරියක්) වේ

🤝 ඔබට ලබාගත හැකි සේවාවන්:
✅ තනි පුද්ගල උපදේශනය
✅ පවුල් හා විවාහ උපදේශනය
✅ ළමුන් සහ යොවුන් වියේ ගැටලු සඳහා විශේෂිත උපදේශනය
✅ අධ්‍යාපනික උපදේශනය
✅ කාංසාව සහ පීඩාකාරී සිතුවිලි පාලනය
✅ කණ්ඩායම් උපදේශනය

අනවශ්‍ය ලෙස සිතමින් මානසිකව වැටෙන්න එපා. ඔබේ ගැටලුවට වෘත්තීයමය, රහස්‍යභාවය සුරකින විසඳුමක් ලබාගැනීමට අදම අප අමතා වේලාවක් වෙන්කරවා ගන්න.

📞 විමසීම්:075 - 86 58 327 078 865 8327

📍 ස්ථානය: 7/122, නුවර පාර, යක්කල.

07/09/2026

🎬 THE UNFORGETTABLE SHADOW | A Short Film on Post-Traumatic Stress ...

07/09/2026

ඔබේ ජීවිතයට අලුත් පාටක්... වර්ණ අතරින් ඔබව අලුතින් සොයාගන්න! 🎨✨

සමහර දේවල් වචනයෙන් කියාගන්න බැරි තරම් බරයි නේද?

මනස පීඩාවෙන්, හැඟීම් අවුල් වෙලා තියෙන වෙලාවක, නිහඬව ඔබේ හිත සුවපත් කරන්න වර්ණවලට පුළුවන් කියලා ඔබ දන්නවාද?

වචන නැති තැන වර්ණවලින් කතා කරන්න, මනසුව අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා...

🖌️ චිත්‍ර සහ කණ්ඩායම් ප්‍රතිකාර පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

මෙය හුදෙක් ඉගෙනීමක් පමණක් නෙමෙයි, මානසික සුවය සොයායන අපූරු චාරිකාවක්.

🌟 ඇයි ඔබ මේ පාඨමාලාවට සම්බන්ධ විය යුත්තේ?

පෙර දැනුමක් අවශ්‍ය නැත: චිත්‍ර ඇඳීමේ හැකියාවක් අවශ්‍ය නොවන අතර, කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.

මානසික නිදහස: කාර්යබහුල ජීවිතයට විවේකයක් සහ සැබෑ මානසික සුවයක්.

නොමිලේ පොත්: මැන්ඩෙලා ආර්ට් (Mandala Art) සහ වටිනා Art Therapy පොතක් ඔබට නොමිලේ හිමිවේ.

ප්‍රායෝගික අත්දැකීම්: සජීවී ප්‍රායෝගික දේශන මාලාවක් හරහා නිවැරදිව ඉගෙන ගන්න.

පිළිගත් සහතිකයක්: පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්.

⏳ කාලය: මාස 03යි.

💰 පාඨමාලා ගාස්තු (Course Fee):
මාසිකව ගෙවීමේ පහසුකම් සහිතයි! 👇

🎓 මනසුව පැරණි/වත්මන් සිසුන් සඳහා: රු. 4,000/- (මාසිකව)

👥 වෙනත් ඕනෑම අයෙකු සඳහා: රු. 5,000/- (මාසිකව)

🎁 සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවන්නේ නම්: රු. 10,000/- ක් පමණි! (විශේෂ වට්ටමක් සහිතයි)

📅 ආරම්භක දේශනය:

දිනය: සැප්තැම්බර් 12 (සෙනසුරාදා) සිට සෑම සෙනසුරාදා දිනකම

වේලාව: උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා

ස්ථානය: මනසුව ආයතනයේදී (7/122, නුවර පාර, යක්කල)
https://maps.app.goo.gl/1vW8gZcaCTcDZCas8

👩‍🏫 දේශන මෙහෙයවීම:

දුලංජලා එම්. වැලිකන්ද - මනෝවිද්‍යාඥ, මෝහනවේදී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සුජානි මේනකා - මනෝ උපදේශිකා (පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව)

එන්න, අපි එක්ව ඔබේ මනසේ සිතුවම ලස්සන කරමු!

අදම ලියාපදිංචි වෙන්න. ඉඩකඩ සීමිතයි!

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
075-865327 / 077-8658327

🌐 පිවිසෙන්න: manasuwa.lk

Address

7/122, Kandy Road
Yakkala
11870

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Manasuwa Psychotherapeutic Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category