Sadhya Ayurvedic Medical Center

  • Home
  • Sadhya Ayurvedic Medical Center

Sadhya Ayurvedic  Medical Center Doctor

සන්ධි රෝග  සදහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර!Dr.Randima Dilrukshi BAMS (University Of Colombo)SLAMC Reg No- 16431   සාධ්‍...
07/12/2024

සන්ධි රෝග සදහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර!

Dr.Randima Dilrukshi
BAMS (University Of Colombo)
SLAMC Reg No- 16431

සාධ්‍යා ආයුර්වේද වෙද මැදුර
හම්බන්තොට
071-2705925

treatments # hambantota #

♦♦️අත එසවීමේදී වේදනාවක් ගෙන දෙන අවබාහුක රෝගය (frozen shoulder)♦️♦️

🏵️අද බොහෝ දෙනා පීඩා විදින රෝගයක් ලෙස මෙම අවබාහුක රෝගය හැදින්විය හැකිය.

🏵️බටහිර වෛද්‍ය ක්‍රමයේ දී "Adhesive capsulitis" එසේත් නැත්නම් " frozen shoulder "ලෙසින් හදුන්වන් මෙම රෝගය ආතරයිටිස් රෝගයෙන් වෙන් කර හදුනා ගත යුතුය. ආතරයිටිස් රෝගය බොහෝවිට අනෙකුත් සන්ධි වලටද බලපාන අතර අවබාහුක රෝගී තත්වය උරහිස් සන්ධියේ පමණක් ඇති වේ.

🏵️මෙහිදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ, උරහිසේ තද ගතිය සහ
අත එසවීමේදී වේදනාවයි.රාත්‍රී කාලයේදී වේදනාව අධික වේ.මෙම අපහසුතාවය කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වීමක් දක්නට ලැබේ.

🏵️මෙය වයස අවුරුදු 40-60 අතරේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන තත්වයකි. එයිනුත් කාන්තාවන් අතර මෙම රෝගය සුලභය. ඔවුන් බොහෝමයක් දෙනා පැමිණිලි කරන්නේ අත පිටුපසට කර කොණ්ඩය පීරා ගැනීමට අපහසු බවයි.

🏵️එක් උරහිසක හෝ උරහිස් දෙකෙහිම මෙම තත්වය ඇති විය හැකියි.

🏵️අවබාහුක රෝගයට හේතු වශයෙන්,

✳️උරහිස් සන්ධිය වටා පවතින මාංශපේශීන්ගේ ඇදෙන සුලු බව නැති වී තන්තු තද භාවයට පත් විම.
✳️ ගෙල ප්‍රදේශයට පහර වැදීම
✳️අක්ෂකාස්ථිය බිදී යාම. (Clavicle Bone Fracture)
✳️ උපරිකණ්ඩික පේශි කණ්ඩරාව බිදී යාම (Supra Spinatus Muscle Tendon Rupture)
✳️ චක්‍රමිංජි ස්නායුවේ ඇදීමක් (Circumplex Nerve Lesion)

🏵️අවදානම් සහිත පිරිස් ලෙස,

1️🔵වයස අවුරුදු 40 ඉක්මවූවන්
2️🔵කාන්තාවන් (70%)
3️🔵උරහිසේ ශල්‍ය කර්මයන්ට භාජනය වූවන්
4️🔵උරහිස ආශ්‍රිත අස්ථි භග්න
5️🔵මධුමේහ (දියවැඩියාව-Diabetes) රෝගීන් දැක්විය හැකිය.

🏵️ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සදහා ක්‍රමානුකූල සාර්ථක ප්‍රතිකාර බොහෝ ඇත.

🏵️අවබාහුක චිකිත්සා සූත්‍රය අනුව නස්න කිරීම සහ කෑමෙන් පසු ගිතෙල් පානය දක්වා ඇත.
කෂාය, ගුලි, කල්ක, චූර්ණ වර්ගද,තෛල වර්ග අභ්‍යංග කිරීමද, ස්නායු පෝෂක තැවිලි ද, පටක බුරුල් වන ඖෂධ, තෙල් , තැවිලි වර්ගද යොදා ගනිමින් ඉතා සාර්ථකව බාහුවේ ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කල හැකිය.

🏵️මීට අමතරව වෛද්‍ය නිර්දේශය මත සුදුසු ව්‍යායාම වර්ග වල නියැලීමද සුදුසු වේ.

හිතායු!! සුඛායු!! දීඝායු!!!
තෙරුවන් සරණයි .....

මෙවැනි වටිනා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ලිපි කියවීමට සාධ්‍යා ආයුර්වේද වෙද මැදුර facebook පිටුව වෙත පිවිසෙන්න

06/12/2024

කැඩුම් බිදුම් සදහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර!

Dr.Randima Dilrukshi
BAMS (University Of Colombo)
SLAMC Reg No- 16431

සාධ්‍යා ආයුර්වේද වෙද මැදුර
හම්බන්තොට
071-2705925

treatments # hambantota #
https://www.facebook.com/share/r/14uuzPLH57/
https://www.facebook.com/share/p/15kteA9b7j/

31/08/2023

Address

No 34,New Road,Hambantota

82000

Telephone

+94712705925

Website

Alerts

Be the first to know and let us send you an email when Sadhya Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share