27/04/2026
“වෙඩි වැදුණු වේදනාව…
ඒ වේදනාවෙන්ම උපන් බිය හා කෝපය…” 🐘💥The pain of the bullet…
The fear and anger it gave birth to.” 🐘💥
🐘 වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වන අලියකුට සාර්ථක ප්‍රතිකාර
කහටගස්දිගිලිය කුඩා පට්ටිය - ප්‍රදේශයේ ඉදිරි දකුණු පාදයට වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්වයේ සිටි වන අලියකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.
මෙම ප්‍රතිකාර කටයුතු අනුරාධපුර වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවිය ඇතුළු වෛද්‍ය කණ්ඩායම සහ කහටගස්දිගිලිය වනජීවි නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.
ප්‍රතිකාර සඳහා යාමේදී, අලියා අනපේක්ෂිත ලෙස කණ්ඩායම පසුපස පන්නා පහර දීමට කිහිප වරක් උත්සාහ කර ඇති අතර, එහිදී වෛද්‍ය උපකරණ බහාලුමක් වෛද්‍ය උපකරණ රැසක්ද සමග වන අලියා විනාශ කර දමනු ලැබුවා.
කෙසේ වෙතත්, මහත් පරිශ්‍රමයක් දරමින් අලියා නිර්වින්දනය කර තුවාලය පිරිසිදු කරමින් අවශ්‍ය ප්‍රතිකාර සාර්ථකව සිදු කිරීමට කණ්ඩායම සමත් වී ඇත.
. මෙම සටහන , විශේෂයෙන් මෙවැනි විඩියො කරනයන් දරාගත නොහැකි අයට පමණකි... අරමුණ හා යතාර්ථය..
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
"ලේ වැගිරෙන සතෙකු අසලට යන්නටත් බය මිනිසුන් සිටින ලොවක, ඒ ලේ සහ සැරව තැවරුණු සිරුරු වැළඳගෙන ඔවුන් සුවපත් කරන දෑත් ලෝකයට පෙන්වීම මගේ වගකීමකි. එය ප්‍රදර්ශනයක් නොව, මනුෂ්‍යත්වයේ පරමාදර්ශයයි."
මගේ කැමරා කාචය මත වැටෙන සතෙකුගේ කඳුළු බිඳක් පාසා කියවෙන්නේ මානුෂීය අසාධාරණයේ කතාවයි. මා එය සමාජයට පෙන්වන්නේ, තවත් කඳුළු බිඳක් බිමට නොවැටෙන ලෝකයක් නිර්මාණය කිරීමට මිස, ඒ කඳුළින් මගේ මඩි තර කර ගැනීමට නොවන බව වටහා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය."
කාරුණික නිවේදනයයි!
මා ජීවත් වන්නේ මාගේම වෘත්තියෙන් සහ දෑතේ වීරියෙන් මිස, අසරණ සතුන්ගේ දුක විකුණා කන්නට තරම් මා පහත් මානසිකත්වයක නැත. මා කරන්නේ නිහඬව දුක් විඳින සතුන් වෙනුවෙන් හඬක් නැගීම පමණි.
විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය තුළ 'සත්ත්ව කරුණාව' ප්‍රදර්ශනය කරමින්, තවකෙකු කරන සැබෑ මෙහෙවර දිරවා ගත නොහැකිව මට මඩ ගසන 'බොරු ආදරවන්තයින්ගේ' හදවත් තුළ ඇත්තේ මනුෂ්‍යත්වය නොව පිරිසිදු කුහකකමයි.
වන සතෙකුගේ වේදනාව පටිගත කිරීම වරදක් සේ දකින ඔබට, ලෝකයම අගයන වනජීවී වාර්තා චිත්‍රපට හෝ ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණ වරදක් ලෙස නොපෙනෙන්නේ මන්ද?
සතෙකුට ප්‍රතිකාර කරන දර්ශනයක් පවා වරදක් ලෙස දකින්නේ නම්, වනයේ වෙසෙන සතුන්ගේ රූප රාමු පටිගත කිරීම පවා වරදක් විය යුතුය.
එසේ නොවන්නේ නම්, ඔබේ මේ විවේචනය පිටුපස ඇත්තේ සත්ත්ව කරුණාව නොව මගේ ගමන පිළිබඳව ඇති ඔබේම නොහැකියාව සහ ඊර්ෂ්‍යාවයි.
මේ දර්ශන රූගත කිරීමට කාලය සහ ශ්‍රමය කැප කරනවා සේම, වන සතුන්ගේ ඒ 'මරු කටට' යන්නට තරම් මගේ කශේරුකාව සවිමත් විය යුතුය. මෙම වීඩියෝ නරඹා අවසානයේ මඩ ගසන ඔබට ඒ හයිය නැති බව මා දනිමි.
මා සතුන් වෙනුවෙන් මෙන්ම, වන සතුන්ගෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් රහසේ කරන මෙහෙවර දන්නේ මා පමණි. එය සමාජගත කර ලකුණු දමා ගැනීමට තරම් මා ඔබේ මට්ටමට වැටෙන්නේ නැත.
ඔබ කොතරම් උසස් ලෙස ඇඳ පැළඳ, ආගම දහම සහ කරුණාව ගැන කතා කළත්, තවකෙකුගේ සේවය හෑල්ලු කරන ඔබේ වචන හරහා ඔබේ නිරුවත් ගතිගුණ මැනවින් දර්ශනය වේ. මගේ වීඩියෝ දෙස බලා 'පුස් විවේචන' කරනවාට වඩා, ඒවා නොබලා සිටීමට ඔබට පූර්ණ අයිතිය ඇත. ඔබේ කුහක මානසිකත්වය පිළිබඳව මා හට ඇත්තේ කණගාටුවක් පමණි!"
🇱🇰