Miracle L

Miracle L Dedicated to providing Speech & Language Therapy & Hearing solutions for children and adults
(1)

දරුවන්ට සෙල්ලම් කිරීම කියන්නේ විනෝදයක් විතරක් නොවෙයි. එය ඔවුන්ගේ කථන හා භාෂා හැකියාව වර්ධනය කිරීමට ඉතා වැදගත් ක්‍රමයක් ව...
23/05/2026

දරුවන්ට සෙල්ලම් කිරීම කියන්නේ විනෝදයක් විතරක් නොවෙයි. එය ඔවුන්ගේ කථන හා භාෂා හැකියාව වර්ධනය කිරීමට ඉතා වැදගත් ක්‍රමයක් වේ.

මව්පියන් සහ රැකබලා ගන්නා අය සෙල්ලම් කරන වෙලාවේ දරුවන් සමඟ කතා කරන විට, දරුවන්ට අලුත් වචන ඉගෙන ගැනීමට, තම අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, සහ අන් අය සමඟ සන්නිවේදනය කිරීමට හැකියාව වැඩි වේ.

බෝල, කාර්, බෝනික්කන්, සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කිරීමේ ක්‍රියාකාරකම් භාෂාව වර්ධනයට හොඳ අවස්ථාවක් ලබාදෙයි.

🔴 සෙල්ලම් කරන අතර කරන්න පුළුවන් සරල දේවල්:
* දරුවා කරන දේ ගැන කතා කරන්න
* කෙටි හා පැහැදිලි වාක්‍ය භාවිතා කරන්න
* දරුවා කියන වචන නැවත කියා තවත් වචන එක් කරන්න
* සරල ප්‍රශ්න අහන්න
* දරුවාට පිළිතුරු දීමට කාලය දෙන්න

උදාහරණයක්:
දරුවා: “කාර්!”
වැඩිහිටියා: “ඔව්, රතු කාර් එකක්" , "කාර් එක වේගෙන් යනවා!”

දරුවන් හොඳින් ඉගෙන ගන්නේ ඔවුන් සතුටින්, නිදහසේ සහ ආදරයෙන් සිටින විටයි. දිනකට මිනිත්තු කිහිපයක් හෝ දරුවා සමඟ අර්ථවත් ලෙස සෙල්ලම් කරමින් කතා කිරීම, ඔවුන්ගේ කථන හා සන්නිවේදන හැකියාවට විශාල උපකාරයක් වේ.

සටහන:
කථන හා භාෂා චිකිත්සක
මලින්දි දිල්හාරා
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

කථන ප්‍රතිකාරය යනු පුද්ගලයන්ගේ කථනය, භාෂා අවබෝධය, උච්චාරණය, හඬ භාවිතය සහ සමාජීය සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කිරීමට උප...
16/05/2026

කථන ප්‍රතිකාරය යනු පුද්ගලයන්ගේ කථනය, භාෂා අවබෝධය, උච්චාරණය, හඬ භාවිතය සහ සමාජීය සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කිරීමට උපකාරී වන ප්‍රතිකාර ක්‍රමයක් බව ඔබ දැනටමත් දන්නවා.

Speech-Language Therapist සමඟ කරන ප්‍රතිකාර සැසි ඉතා වැදගත් මෙන් ම එය ගෙදරදීත් අඛණ්ඩව පුහුණු කිරීම සිදු කිරීම මඟින් ප්‍රගතිය වැඩි කර ගන්න අපිට පුලුවන්.
ඒ නිසා ම Home-Based Plan එකක් තිබීම සහ එය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙනවා. ඔබ කථන හා භාෂා චිකිත්සන සැසි සඳහා සහභාගි වෙනවානම් ඔබට හෝ ඔබේ දරුවාට කථන හා භාෂා චිකිත්ස්කවරුන් නිවසේ දී අවශ්‍ය පුහුණුවීම් සිදු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරනවා. ඒ වගේ ම home based plan/ activities ලබා දීම සිදු කරනවා 🏡.

🔴Home based therapy plan වල තියෙන / ඒවා කිරීමේ වැදගත්කම් මොනවාද කියලා අපි බලමු.
1. ප්‍රතිකාර සැසිවල ඉගෙන ගත් දෑ නැවත මතක් කිරීම.
Home bases plan/ activities නිවසේ දී පුහුණුවීම් තුළින් සායනයේ දී ඉගෙන ගත් ව්‍යායාම සහ ක්‍රියාකාරකම් නැවත නැවත පුහුණු කිරීමට හැකි වේ. මෙය මතකයේ තබා ගැනීමට සහ නිවැරදි කථන රටා ගොඩනගා ගැනීමට උපකාරී වේ.

2. නිරන්තර පුහුණුව ප්‍රවර්ධනය කරයි
කථන කුසලතා වර්ධනය වීමට නිරන්තර පුහුණුව ඉතා වැදගත් වේ. Home plan එකක් තිබීමෙන් දිනපතා කෙටි කාලයක් වුවද කථන පුහුණුව කළ හැක.
උදාහරණයක් ලෙස, දිනකට මිනිත්තු 10–15ක් වුවද පුහුණුව කිරීම කථන දියුණුවට උපකාරී වේ.
3. පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වය වැඩි කරයි
Home based therapy plan තිබීමෙන් මාපියන්, සහෝදර සහෝදරියන් සහ අනෙකුත් පවුලේ සාමාජිකයන් ප්‍රතිකාර ක්‍රියාවලියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. ඔවුන් පුහුණුවට සහාය දීමෙන් සහ උත්සාහයන් ප්‍රශංසා කිරීමෙන් පුද්ගලයාට උද්යෝගය සහ විශ්වාසය වැඩි වේ.

4. දෛනික ජීවිතයේදී භාවිත කිරීමට අවස්ථාව ලබා දෙයි
කථන ප්‍රතිකාර සැසි සාමාන්‍යයෙන් clinical වටපිටාවක සිදු වේ. නමුත් සන්නිවේදනය වැඩිපුරම සිදු වන්නේ ගෙදර, පාසලේ, මිතුරන් සමඟ කතා කිරීමේදී හෝ දෛනික කටයුතු වලදී ය.
ගෙදරදී පුහුණුව කිරීමෙන් ඉගෙන ගත් කුසලතා සැබෑ ජීවිතයේ අවස්ථාවල භාවිත කිරීමට හැකි වේ.
5. වේගවත් ප්‍රගතියට උපකාරී වේ
කථන පුහුණුව ප්‍රතිකාර සැසිවලදීත් ගෙදරදීත් සිදු කළහොත් දියුණුව ඉක්මනින් සිදු වේ. නිතර පුහුණුව කිරීමෙන් කථනයට සම්බන්ධ පේශි ශක්තිමත් වන අතර, භාෂා හැකියාවන් සහ සන්නිවේදන විශ්වාසය ද වැඩි වේ.
6. විශ්වාසය සහ ස්වාධීනත්වය වර්ධනය කරයි
නිරන්තර පුහුණුව මඟින් පුද්ගලයාට තම කථන හැකියාව පිළිබඳ විශ්වාසය වැඩි වේ. Home-based plan එකක් මඟින් ඔවුන්ට ස්වාධීනව තම ප්‍රගතිය වැඩිදියුණු කර ගැනීමටද හැකි වේ.
💐කථන චිකිත්සාව සහ නිවසේ කරන පුහුණු වැඩසටහන එකට ක්‍රියාත්මක කිරීමෙන් රෝගියාගේ කථන හා භාෂා කුසලතා ඉක්මනින් හා සාර්ථකව වර්ධනය වේ.
චිකිත්සක සැසිවලදී ලබාගන්නා දැනුම නිවසේදී නිරන්තරයෙන් පුහුණු කිරීමෙන් එය ශක්තිමත් වේ. මෙය ඉගෙනගත් දේ අමතක වීම අඩු කරමින් දිගුකාලීන ප්‍රගතියක් ලබා දේ.
එසේම, පවුලේ සාමාජිකයන්ගේ සහයෝගය වැඩි වීමෙන් දරුවාට/රෝගියාට වැඩි ආත්මවිශ්වාසයක් ලැබේ. නිවසේ පරිසරය තුළ නිතර භාවිතය නිසා සන්නිවේදන හැකියාව දෛනික ජීවිතයට හොඳින් අනුගත වේ….

සටහන
කථන හා භාශා චිකිත්සක
තිසාරා මදුශානි
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

Verbal dyspraxia, also called Childhood Apraxia of Speech, is a neurological speech disorder. It affects a child’s abili...
10/05/2026

Verbal dyspraxia, also called Childhood Apraxia of Speech, is a neurological speech disorder. It affects a child’s ability to plan and coordinate the movements needed for speech.
The child usually knows what they want to say, but the brain has difficulty sending accurate signals to the lips, tongue, and jaw. As a result, speech can be unclear, inconsistent, and effortful.
Think of Verbal Dyspraxia like a faulty Wi-Fi connection. The computer (the brain) has the message ready to send, and the printer (the mouth) is working fine, but the signal in between keeps dropping or getting scrambled.

Is it a problem with Physical Weakness or Intelligence?

A common misconception is that the child has "weak" mouth muscles. This is incorrect.
The child can usually chew, swallow, and lick an ice cream cone without issue. The problem only arises during volitional (intentional) speech. The brain cannot sequence the complex movements required to turn a thought into a clear word.

Also they are not lazy, unmotivated or lack of comprehension. Most children can understand more than they express.

How it feels for the child ?

Imagine being in a foreign country where you know the language, but your mouth refuses to make the right sounds. There may be a frustration also. They might scream or cry because they can't tell you what they need.
Some kids just stop trying to talk to avoid the "work" of it.
Sometimes they use gestures because they can't use words, they might push or grab to get attention.

How It May Appear in Daily Life ?

1. Speech sounds may be inconsistent
2. Difficulty saying long or new words
3. Limited spoken words despite good understanding
4. Speech may be clear one day and unclear another
5. Child may use gestures or actions instead of words

These children are sometimes misunderstood as shy, anxious, or having behavior problems.

Connection with Other Conditions
Verbal dyspraxia can occur along with:
Autism
ADHD
Coordination or sensory processing difficulties

These overlapping challenges can make communication even harder and may lead to misunderstandings if only behavior is noticed.

How to help ?
You don't need to be a speech therapist to support a child with dyspraxia. Small changes make a huge difference.

1. Wait for them
Give them 5–10 extra seconds to get the word out. Don't finish their sentences.

2. Watch their face
Look at them when they talk. They might use their eyes or hands to help tell the story.

3. Keep it positive
Instead of saying "I can't understand you," try "Show me" or "Let's try that one again together."

4. Use alternative methods
Pictures, hand signs, or pointing are better. Using these doesn't stop them from talking. It actually gives them the confidence to keep trying.

Focus on the message, not the mistake. If they manage to tell you they want an apple, celebrate that they shared the idea with you. The proper pronunciation will come with practice and time.

Sanduni Kumarasinghe
Speech and Language Pathologist
Miracle L Speech & Hearing
☎️ 0761838484
Battaramulla| Ambalangoda| Gampaha| Kurunegala

සීමා මායිම් නැති ඒ උතුම් ආදරයට ප්‍රණාමය! 🌸ලොව දහසක් ශබ්ද අතරින් දරුවෙකුගේ පළමු වචනය අසන්නට වැඩිපුරම පෙරුම් පුරන්නේ අම්මා...
10/05/2026

සීමා මායිම් නැති ඒ උතුම් ආදරයට ප්‍රණාමය! 🌸
ලොව දහසක් ශබ්ද අතරින් දරුවෙකුගේ පළමු වචනය අසන්නට වැඩිපුරම පෙරුම් පුරන්නේ අම්මා කෙනෙකි. ඔබේ දරුවාගේ හඬට පණ දෙන, ඔවුන්ගේ ලෝකය අකුරු කරන ඒ අසිරිමත් මව් සෙනෙහසට උපහාරයක් වේවා!
සුභ මව්වරුන්ගේ දිනයක් වේවා

When someone has a communication difficulty—whether due to a stroke, a brain injury, stuttering, or a lifelong condition...
25/04/2026

When someone has a communication difficulty—whether due to a stroke, a brain injury, stuttering, or a lifelong condition like Autism—we often focus entirely on "fixing" the person who is struggling to speak.

But communication is a two-way street. It is a bridge built from both sides. If one side of the bridge is under construction, the person on the other side must reach out further to make the connection. That person is the 'Communication Partner'.

Being a great communication partner isn't about being a therapist; it’s about being a better listener, a more patient friend, and a more effective ally.

Here is how you can support anyone receiving speech therapy.
1. Respect the 'Processing Gap'
For many adults with communication challenges (such as Aphasia after a stroke), the brain knows exactly what it wants to say, but the 'file retrieval' system is slow.
Give them the time . Avoid finishing their sentences or guessing their words unless they ask for help.
The Impact of this is, When you wait, you are telling the person, "What you have to say is worth waiting for." This reduces the anxiety that often makes speech even harder.

2. Simplify the Message, Not the Person
A common mistake is speaking to adults with communication difficulties as if they were children (often called "Elderspeak" or "Baby Talk").
Keep your tone adult and respectful, but simplify your sentence structure.
* Use shorter sentences.
* Ask one question at a time.
* Use "Fixed Choice" questions (e.g., "Would you like tea or coffee?") instead of open-ended ones ("What do you want to drink?") if they are struggling.
The Impact of this is, You preserve the person's dignity while making the information easier to process.

3. Be a Multimodal Listener
Speech is only one way to talk. People in therapy often use "tools" to help them, such as gestures, writing, drawing, or high-tech speech devices (AAC).
Pay attention to the whole person. If they point to a calendar, look at the calendar. If they use a device to speak, wait for the device to finish its sentence.
The Impact of this is, You validate that all communication is valid. You show them that you care about the message, not just the method.

4. Optimize the Environment
Communication is hard work. Background noise and poor lighting are like "static" on a radio station.
Turn off the television or radio during important talks.
* Ensure your face is well-lit so they can see your expressions and lip movements.
* Sit close and maintain comfortable eye contact.
The Impact of this is, You are "cleaning the signal," making it much easier for their brain to focus on the interaction.

5. The "Supportive Feedback" Loop
If you didn't understand what they said, don't pretend you did. This can lead to frustration and a loss of trust.
Be honest but supportive.
* Try: "I understood you're talking about dinner, but I missed the last part. Can you show me or try another word?"
* Or: "I'm sorry, I'm not getting it. Should we try again later or can you write it down?"
The Impact of this is, This creates a safe space where it is okay to struggle. It turns a "failure to communicate" into a "shared problem-solving" moment.

Why Awareness Matters
A Speech-Language Therapist (SLP) provides the tools, but the 'Communication Partner' provides the practice. Whether you are a boss, a sibling, or a neighbor, your behavior determines whether a person with a communication difficulty feels 'included' or 'isolated'.

By changing how we listen, we give others the power to speak.

Top 3 "Take-Aways" for the Public:

1. Patience is a Skill: Silence isn't empty; it's a space for the other person to think.
2. Dignity First: A communication difficulty is not an intelligence difficulty.
3. Total Communication: Use every tool available—pictures, gestures, and technology.

🌸✨ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸නව ආරම්භ, නව බලාපොරොත්තු, නව ජයග්‍රහණ සමඟින්ඔබගේ ජීවිතය සතුටින්, සෞභාග්‍යයෙන් සහ...
14/04/2026

🌸✨ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

නව ආරම්භ, නව බලාපොරොත්තු, නව ජයග්‍රහණ සමඟින්
ඔබගේ ජීවිතය සතුටින්, සෞභාග්‍යයෙන් සහ සෞඛ්‍යයෙන් පිරී යාමට අපගේ හෘදයාංගම පැතුම්! ❤️🌿

#සුභඅලුත්අවුරුද්දක්

සෑම දරුවෙක්ම වෙනස් ලෙස වර්ධනය වුවත්, සමහර හැසිරීම් Autism Spectrum Disorder (ඔටිසම්) හි මුල් ලක්ෂණ විය හැක. එය සන්නිවේදන...
11/04/2026

සෑම දරුවෙක්ම වෙනස් ලෙස වර්ධනය වුවත්, සමහර හැසිරීම් Autism Spectrum Disorder (ඔටිසම්) හි මුල් ලක්ෂණ විය හැක. එය සන්නිවේදනය, සමාජ සබඳතා සහ ලෝකය අත්විඳින ආකාරයට බලපාන වර්ධනමය තත්වයකි. “ස්පෙක්ට්රම්” එකක් වන්නේ ලක්ෂණ දරුවාට දරුවාට වෙනස් වීම නිසාය.

🔍 මුල් ලක්ෂණ:

සන්නිවේදනය: කථා ප්‍රමාදය, නමට ප්‍රතිචාර නොදැක්වීම, gesture (pointing/waving) අඩුවීම
සමාජ සබඳතා: ඇස් සම්බන්ධතාව අඩුවීම, තනිව සිටීමට කැමති වීම, සමාජ සංඥා නොතේරුම
නැවත නැවත හැසිරීම්: hand flapping, toys පෙළට තැබීම, routine වලට දැඩිව ඇලීම
ඉන්ද්‍රීය සංවේදීතාව: ශබ්ද, ආලෝකය, ස්පර්ශයට අධික/අඩු ප්‍රතිචාර

⚠️ සැලකිලිමත් විය යුතු අවස්ථා:

මාස 12 වන විට babbling නොකිරීම
මාස 16 වන විට වචන නොකීම
මාස 24 වන විට වාක්‍ය නොකීම
පෙර තිබූ කුසලතා අහිමි වීම

🤝 දෙමාපියන් කළ යුතු දේ:

ඔබේ සැකය විශ්වාස කරන්න
වර්ධන පරීක්ෂාවක් කරවාගන්න
ඉක්මනින් speech therapy, occupational therapy වැනි සහාය ලබාගන්න

🌱 ඉක්මන් හඳුනාගැනීම වැදගත් වන්නේ:
කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළහොත්, දරුවාගේ සන්නිවේදන, ඉගෙනීම සහ සමාජ කුසලතා වැඩිදියුණු කළ හැක.

❤️ පණිවිඩය:
ඔටිසම් බිය විය යුතු දෙයක් නොවෙයි—එය තේරුම් ගත යුතු දෙයකි.

ඔබේ ආදරය, පිළිගැනීම සහ සහාය—ඔබේ දරුවාට ලොකුම බලයයි 💙

සටහන
වරුණි මධුෂාණි
කථන හා භාෂා චිකිත්සක,
Miracle L Speech & Hearing
☎️ 0761838484
Battaramulla| Ambalangoda| Gampaha| Kurunegala

💧 “Don’t wait until you feel thirsty”By the time you feel thirsty…👉 your body is already getting dehydrated ⚠️In this ex...
07/04/2026

💧 “Don’t wait until you feel thirsty”

By the time you feel thirsty…
👉 your body is already getting dehydrated ⚠️

In this extreme heat:
✔️ Drink water regularly
✔️ Remind your kids to drink
✔️ Don’t wait for thirst

🧠 Water = better brain function
👶 Especially important for children

👉 Start this habit now!

දෙමාපියන් ලෙස, ඔබේ දරුවා පැහැදිලිව කතා නොකිරීම, වචන භාවිතා නොකිරීම හෝ භාෂාව තේරුම් ගැනීමට අපහසු වීම දැකීම ඔබට කනස්සල්ලක්...
04/04/2026

දෙමාපියන් ලෙස, ඔබේ දරුවා පැහැදිලිව කතා නොකිරීම, වචන භාවිතා නොකිරීම හෝ භාෂාව තේරුම් ගැනීමට අපහසු වීම දැකීම ඔබට කනස්සල්ලක් විය හැක.

ඔබට දක්නට ලැබිය හැකි ලක්ෂණ කිහිපයක් වන්නේ,
⛔සීමිත වචන භාවිතය
⛔කතාව පැහැදිලි නොවීම
⛔නමෙන් කතා කළ විට ප්‍රතිචාර නොදීම
⛔ උපදෙස් අනුගමනය කිරීමට අපහසු වීම
⛔ සමාජ සන්නිවේදනයේ දුර්වලතා යනාදියයි.

මේවා කථන සහ භාෂා ප්‍රමාදයන්ගේ ලක්ෂණ විය හැකි අතර, ඇතැම් විට Autism Spectrum Disorder (ASD) සමඟ සම්බන්ධ විය හැක.

✨ මුල් අවධියේ හඳුනාගැනීම සහ ප්‍රතිකාර ආරම්භ කිරීම දරුවාගේ වර්ධනයට විශාල වෙනසක් ඇති කරයි. නිසි සහාය සමඟ, දරුවන්ට තම සන්නිවේදන හැකියාවන්, විශ්වාසය, සහ අනෙකුත් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව වැඩිදියුණු කරගත හැක.

මව්පියන් ලෙස ඔබට කළ හැකි දේවල්:
✔ දරුවා සමඟ නිතර කතා කිරීම හා ක්‍රියාකාරීව සම්බන්ධ වීම
✔ පොත් කියවීම සහ දෛනික ජීවිතයේ වස්තු නම් කිරීම
✔ Eye contact සහ turn-taking පවත්වා ගැනීම
✔ දරුවාට පිළිතුරු දීමට කාලය ලබාදීම
✔ අවශ්‍ය නම් වෘත්තීය සහාය ලබා ගැනීම

💬 කථන හා භාෂා ප්‍රතිකාරය දරුවන්ට පහත හැකියාවන් වර්ධනය කිරීමට වැදගත් වේ:

- පැහැදිලිව කතා කිරීම
- භාෂාව තේරුම් ගැනීම
- සමාජ සන්නිවේදන හැකියාවන්
- තම අවශ්‍යතා සහ හැඟීම් ප්‍රකාශ කිරීමේ විශ්වාසය

💙 Autism Awareness මාසය තුළ, සෑම දරුවෙකුගේම විශේෂ සන්නිවේදන ආකාරය පිළිබඳ අවබෝධය, පිළිගැනීම සහ සහයෝගය වර්ධනය කරමු.

ඔබේ දරුවාගේ කථන, භාෂා හෝ සන්නිවේදන හැකියාවන් පිළිබඳ සැකයක් තිබේ නම්, ප්‍රමාද නොවන්න.මුල් අවධියේ ලබාදෙන සහාය ඔවුන්ගේ අනාගතය වෙනස් කළ හැක.

සටහන
කථන හා භාෂා චිකිත්සක,
සුරංගි කැප්පෙටිපොල
Miracle L Speech & Hearing
☎️ 0761838484
Battaramulla| Ambalangoda| Gampaha| Kurunegala

💙 Every child communicates… just in different ways.On this World Autism Awareness Day, let’s move beyond awareness let’s...
02/04/2026

💙 Every child communicates… just in different ways.

On this World Autism Awareness Day, let’s move beyond awareness
let’s choose understanding, patience, and acceptance.

Autism is not a limitation.
It’s a different way of seeing, feeling, and experiencing the world.

✨ Listen differently
✨ Support consistently
✨ Celebrate every small progress

Because when we understand them…
they begin to express themselves.

අපේ පුංචි ළමයෙක්ට “මට ඕන දේ”, “මට අමාරුයි”, “මට ඕනේ”  "මට බැහැ" කියලා හරියට කියන්න බැරි වුණාම ඒ නිසා  ඔහු/ඇය තුළ frustra...
29/03/2026

අපේ පුංචි ළමයෙක්ට “මට ඕන දේ”, “මට අමාරුයි”, “මට ඕනේ” "මට බැහැ" කියලා හරියට කියන්න බැරි වුණාම
ඒ නිසා ඔහු/ඇය තුළ frustration එකක් එකතු වෙලා, ඒක කෝපය (anger) ලෙස පිට වෙන්න පුළුවන්.

ඇත්තටම මේක වෙන්නේ කොහොමද?
* දරුවාට අදහසක් තියෙනවා →
* ඒක වචන වලට පෙරලගන්න බැහැ →
* වැඩිහිටියෝ තේරුම් ගන්නෙ නැහැ →
* නැවත නැවත උත්සාහ කරලා අසාර්ථක වෙනවා →

අවසානයේ ඇඩීම / කෑ ගැසීම / දේවල් විසි කිරීම, කැඩීම, ඔලුව ගසා ගැනීම වගේ හැසිරීම් පෙන්වනවා

මෙය බොහෝවිට දරුවා හිතාමතා කරන දෙයක් නෙවෙයි!
ඔවුන් “නරක” නැහැ
ඔවුන් යම්කිසි අපහසුතාවක් පසුවන නිසා කරන දෙයක්,

🌟 එසේ නම් අපි බුද්ධිමත් මව්පියන් ලෙස යුතු දේ වන්නේ,

✔️ දරුවා අධ්‍යයනය කරන්න – කෝපය එන වෙලාව හදුනා ගන්න
✔️ සරල භාශාවක් භාවිතා කරන්න – “ඔයාට වතුර ඕනද?”, “ help” වගේ (දරුවා භාවිතා කරන භාශාව අනුව) දරුවාට වචන කියා දෙන්න
✔️ තෝරා ගැනීම් ලබා දෙන්න – “බීමද ? / වතුරද ?”
✔️ සංඥා භාශාව භාවිත කරන්න – පෙන්වීම, හස්ත සංඥා භාවිතා කිරීම
✔️ අවස්තාව අනුව දරුවා සැහැල්ලු කරන්න- එකක් හදන්න – වැලද ගැනීම, හොදින් හුස්ම ගැනීමට කියා දීම

හොඳ හැසිරීම් අගය කරන්න නරක හැසිරීම් කොපමන කලත් ඒවාට අවදානය නොදී හොද හැසිරීම් පමනක් අගය කරන්න.

දරුවා වචනෙන් හෝ සංඥාවකින් සන්නිවේදනය කළාම
ඒ අවස්තාවේදීම අගය කරන්න: “Good job!” / “හරිම ලස්සනට කිව්වා”

මෙවැනි දරුවන් සදහා Speech Therapy අවශ්‍යද ?

Speech Therapist කෙනෙක්:
* දරුවාගේ සන්නිවේදන මට්ටම තක්සේරු කරනවා
* දරුවාගේ වයසට අනුව තිබිය යුතු සන්නිවේදන කුසලතා දියුනු කරනවා
* කතා කිරීම සහ තෙරුම් ගැනීම දියුනු කරනවා
* Alternative communication methods (gestures, pictures) හදුන්වා දෙනවා.
* දෙමව්පියන්ට උපදෙස් ලබාදෙනවා
ඉතින් තම අදහස් නිවැරදි ලෙස සන්නිවේදනය කිරීමට අපහසු දරුවෙක්ට අනිවර්‍යයෙන් කථන චිකිත්සනය සහ නිවැරදි මග පෙන්වීම අවශ්‍ය වනවා.

Therapy එකෙන් වෙන වෙනස්කම්
✔️ දරුවාට නිවැරදි ලෙස කතා කිරීම හා සන්නිවේදන කිරීමට පුළුවන් වෙනවා
✔️ කලකිරීම (frustration) අඩු වෙනවා
✔️ කෝපය සහ හැසිරීම් ක්‍රමයෙන් අඩු වෙනවා
✔️ ආත්ම විශ්වාසය වැඩි වෙනවා

මතක තියාගන්න:
“කෝපය” කියන්නේ දරුවාගේ පනිවිඩයක්,
ඔබ ඒ පනිවිඩය නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ වගේම ඔවුන්ගේ කෝපයට වැරදි හැසිරීමට අනුබල නොදිය යුතුයි.
නිවැරදි ලෙස එය පාලනය කිරීමට දරුවාට සහය ලබා දීම ඔබගේ වගකීමයි

සටහන
කථන හා භාශා චිකිත්සක
දුලංගි පණ්ඩිතසේකර
Miracle L Speech & Hearing
☎️ 0761 838484
Battaramulla | Ambalangoda | Gampaha | Kurunegala

Address

472/1, Kaduwela Road, Ganahena
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94761838484

Alerts

Be the first to know and let us send you an email when Miracle L posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Miracle L:

Share