ESESS Hospital

Call Directions Website Contact the practice

ESESS Hospital ESESS Hospital 🩺🏥 Your Trusted Partner in Health. From Care to Cure, We’re Here for You 24/7! 🏪🌟

ඔබේ පුංචි දරුවාගේ අදහස්වලට හඬක් දෙන්න… ආදරයෙන් පළමු පියවර තබමු.... 💜දරුවාගේ කතාබහ, වචන උච්චාරණය හෝ භාෂා වර්ධනය පිළිබඳ ඔබ...
31/10/2026

ඔබේ පුංචි දරුවාගේ අදහස්වලට හඬක් දෙන්න… ආදරයෙන් පළමු පියවර තබමු.... 💜

දරුවාගේ කතාබහ, වචන උච්චාරණය හෝ භාෂා වර්ධනය පිළිබඳ ඔබටත් ගැටලු තිබෙනවාද?
ඒ පිළිබඳ උපදෙස් ලබාගැනීමට කඩවත එසෙස් රෝහලෙන් නොමිලේ පවත්වන ළමා කථන හා භාෂා චිකිත්සක සායනයට එක්වන්න.

ඔබේ දරුවාට පහත සඳහන් අපහසුතා තිබේ නම්, මෙම සායනය පිළිබඳ විමසන්න.

🔹 කතාබහ සහ භාෂා වර්ධනයේ ප්‍රමාදයන්
🔹 වචන උච්චාරණය හා ශබ්ද පිටකිරීමේ අපහසුතා
🔹 ගොතගැසීම හෝ කතාවේ සුමට ගලායාමේ ගැටලු
🔹 ස්නායු හා සංවර්ධනාත්මක තත්ත්වයන් සමඟ ඇති සන්නිවේදන අපහසුතා
🔹 ශ්‍රවණාබාධ සමඟ සම්බන්ධ කථන ගැටලු
🔹 මුඛයේ ව්‍යුහමය ගැටලු සමඟ ඇති කථන අපහසුතා
🔹 ආහාර ගැනීමේ හා ගිලීමේ අපහසුතා
🔹 හඬ රළු වීම හෝ හඬේ වෙනස්කම්

දරුවාගේ අවශ්‍යතා හඳුනාගෙන, සුදුසු මඟපෙන්වීමක් ලබාගැනීමට මෙය අවස්ථාවක් කරගන්න. ඔබේ ආදරණීය සහය දරුවාගේ සන්නිවේදන ගමනට ශක්තියක්.

📅 දිනය: 2026 නොවැම්බර් 08 වන ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා
📍 ස්ථානය: එසෙස් රෝහල, අංක 182, නුවර පාර, මහර, කඩවත
💜 සායනය නොමිලේ පැවැත්වේ.

📞 ලියාපදිංචි වීම සඳහා අමතන්න: 0777 58 77 77

මේ පණිවිඩය අවශ්‍ය තවත් මවකට හෝ පියෙකුට දැනගැනීමට බෙදාගන්න.

#ළමාකථනසායනය

ඔබේ ජීවිතයේ සුන්දර මොහොතක් මොහොතක් පාසා දකින්නට උපකාරී වන අමිල දෙඇස්වලට, විශේෂඥ වෛද්‍ය රැකවරණයක්... 👁️💙දෛනික කාර්යබහුලත්...
30/10/2026

ඔබේ ජීවිතයේ සුන්දර මොහොතක් මොහොතක් පාසා දකින්නට උපකාරී වන අමිල දෙඇස්වලට, විශේෂඥ වෛද්‍ය රැකවරණයක්... 👁️💙

දෛනික කාර්යබහුලත්වය අතරේ ඔබේ ඇස්වල සෞඛ්‍යය ගැනත් අවධානය යොමු කරන්න. ඔබේ පෙනීම පිළිබඳ ගැටලු සාකච්ඡා කර, අක්ෂි පරීක්ෂාවක් සහ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ESESS Eye Center වෙත පැමිණෙන්න.

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් සතිපතා පැවැත්වෙන අක්ෂි සායනයේදී, ඔබේ අක්ෂි සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව සලසා ඇත.

👁️ පෙනීමේ වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමට
👓 අක්ෂි පරීක්ෂාවක් සිදු කරගැනීමට
🩺 ඔබේ ඇස්වල තත්ත්වය අනුව වෛද්‍ය උපදෙස් ලබාගැනීමට

ඔබත්, ඔබේ ආදරණීයයන් සමඟ පැමිණ දෙඇස් පරීක්ෂා කරගන්න.

📞 දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න - 0777 58 7777
📍 ESESS Hospital | ESESS Eye Center
අංක 182, නුවර පාර, මහර, කඩවත

පැහැදිලි දැක්මක් වෙනුවෙන්, ඔබේ දෙඇස්වල රැකවරණයට අදම කාලය වෙන් කරන්න.

රෝහල්ගත නේවාසික ප්‍රතිකාර සේවාව - ඔබට අවශ්‍ය රැකවරණය, විශ්වාසයෙන්.ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගැන...
29/10/2026

රෝහල්ගත නේවාසික ප්‍රතිකාර සේවාව - ඔබට අවශ්‍ය රැකවරණය, විශ්වාසයෙන්.

ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍යද?

පළපුරුදු වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක රැකවරණය සමඟින්, සුවපහසු පරිසරයක නේවාසික ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම දැන් කඩවත එසෙස් රෝහලෙන්.

✅ විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර
✅ රෝහල් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ පැය 24 පුරා අධීක්ෂණය
✅ පිරිසිදු, පහසුකම් සහිත වායුසමීකරණය කළ වාට්ටු සහ කාමර

ගාස්තු රු. 6,000 සිට.
අදාළ ගාස්තු සහ සේවා පිළිබඳ වැඩි විස්තර සඳහා අප අමතන්න.

ඔබේ සුවය වෙනුවෙන්, ආදරණීය රැකවරණයක් සමඟ අපි ඔබ ළඟින්.

📍 එසෙස් රෝහල, අංක 182, නුවර පාර, මහර, කඩවත
📞 0777 58 7777

#නේවාසිකප්‍රතිකාර #එසෙස්රෝහල

පුංචි දරුවාගේ අදහස් ලෝකයට කියන්න, ආදරණීය සහයක් ලබා දෙමු... 👧💬💙ඔබේ දරුවාගේ කතාබහ, වචන උච්චාරණය හෝ භාෂා වර්ධනය පිළිබඳව ඔබට...
28/10/2026

පුංචි දරුවාගේ අදහස් ලෝකයට කියන්න, ආදරණීය සහයක් ලබා දෙමු... 👧💬💙

ඔබේ දරුවාගේ කතාබහ, වචන උච්චාරණය හෝ භාෂා වර්ධනය පිළිබඳව ඔබට ගැටලු තිබෙනවාද? ඒ පිළිබඳ නිසි මඟපෙන්වීමක් ලබාගැනීමට ESESS Hospital කඩවත හි නොමිලේ පැවැත්වෙන ළමා කථන හා භාෂා චිකිත්සක සායනයට එක්වන්න.

පහත සඳහන් ගැටලු පිළිබඳව සාකච්ඡා කර මඟපෙන්වීම ලබාගත හැකියි.

🟣 කතාබහ සහ භාෂා වර්ධනයේ ප්‍රමාදයන්
🟣 වචන උච්චාරණයේ සහ ශබ්ද පිටකිරීමේ අපහසුතා
🟣 ගොතගැසීම සහ කතාවේ චතුර බව සම්බන්ධ ගැටලු
🟣 ශ්‍රවණය හා සම්බන්ධ කථන ගැටලු
🟣 ස්නායු දුර්වලතා හා සංවර්ධනාත්මක ප්‍රමාද තත්ත්වයන්
🟣 මුඛයේ ව්‍යුහමය ගැටලු
🟣 ආහාර ගැනීමේ සහ ගිලීමේ අපහසුතා
🟣 හඬ රළු වීම සහ හඬේ වෙනස්කම්

ඔබේ දරුවාගේ අවශ්‍යතා හඳුනාගෙන, ඉදිරි පියවර පිළිබඳ උපදෙස් ලබාගැනීමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න.

📅 දිනය: 2026 නොවැම්බර් 08 වන ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා
📍 ස්ථානය: ESESS Hospital, අංක 182, නුවර පාර, මහර, කඩවත

📞 ලියාපදිංචි වීමට අමතන්න: 0777 58 77 77

පුංචි හඬකට ලොකු හෙටක් වෙනුවෙන්, අදම ලියාපදිංචි වන්න...

ඔබ සැමට පින්බර වප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🙏🪷මෙත් කරුණාවෙන් හදවත් පිරී, සදහම් සිසිලෙන් සියලු සත්ත්වයන්ගේ සිත් සුව...
25/10/2026

ඔබ සැමට පින්බර වප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🙏🪷

මෙත් කරුණාවෙන් හදවත් පිරී, සදහම් සිසිලෙන් සියලු සත්ත්වයන්ගේ සිත් සුවපත් වේවා!

#වප්පොහොය #පින්බරපොහොය

Your skin has its own story. Your acne care should reflect it. Whether you’re dealing with breakouts or the scars they l...
21/10/2026

Your skin has its own story. Your acne care should reflect it.

Whether you’re dealing with breakouts or the scars they leave behind, start with care tailored to your individual skin concerns.

At ESESS Cosmetology Clinic, our consultation helps assess your skin, discuss your concerns and explore suitable options for acne and acne scar care.

Every skin journey is different. Your treatment plan should consider your skin type, treatment history and individual needs, with clear guidance on what to expect.

Take the first step towards clearer looking skin.
📅 Book your consultation today.

📞 0777 58 7777
📍 ESESS Hospital, 182 Kandy Road, Mahara, Kadawatha.
Near Mahara Sweet House and Mahamaya Girls’ School.

නොමිලේ අක්ෂි පරීක්ෂණ සායනය - 2026 ඔක්තෝබර් 25 වන ඉරිදාලෝකය ලස්සනට දකින්න… ඔබේ දෑස් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න...👁️💙කඩවත ...
19/10/2026

නොමිලේ අක්ෂි පරීක්ෂණ සායනය - 2026 ඔක්තෝබර් 25 වන ඉරිදා
ලෝකය ලස්සනට දකින්න… ඔබේ දෑස් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න...👁️💙

කඩවත එසෙස් රෝහල සහ එසෙස් අක්ෂි මධ්‍යස්ථානය එක්ව පවත්වන නොමිලේ අක්ෂි පරීක්ෂණ සායනයට ඔබත් සහභාගී වන්න.

මෙහිදී ඔබට,
🔹 ඇසේ සුද සඳහා පරීක්ෂාව
🔹 ග්ලුකෝමා / ඇසේ පීඩනය සඳහා පරීක්ෂාව
🔹 දෘෂ්ටි පරීක්ෂාව
🔹 ඇසේ වෙනත් රෝග සඳහා පරීක්ෂාව
සිදු කරගත හැකිය.

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා ලියාපදිංචිය ද මෙහිදී සිදු කරනු ලැබේ.

නවීන තාක්ෂණික පරීක්ෂණ උපකරණ ආධාරයෙන්, කිරිබත්ගොඩ මූලික රෝහලේ අක්ෂි අංශයේ හිටපු ප්‍රධාන හෙද නිලධාරී කිත්සිරි බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මෙම සායනය පැවැත්වේ.

📅 2026 ඔක්තෝබර් 25 වන ඉරිදා
🕙 පෙ.ව. 10.00ට
📍 එසෙස් රෝහල, 182, නුවර පාර, මහර, කඩවත
(මහර ස්විට් හවුස් සහ මහාමායා බාලිකා පාසල අසල)

ඔබේ ආදරණීයයන්ටත් මේ පණිවිඩය බෙදාගන්න. දෑස්වල සුවය වෙනුවෙන් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

📞 වැඩි විස්තර සඳහා - 0777 58 7777

#අක්ෂිසායනය #නොමිලේඅක්ෂිපරීක්ෂාව

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම ගැන බියක් දැනෙනවාද? ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගෙන, පැහැදිලි දැක්මක් වෙනුවෙන් ඉදිරි පියවර තබන...
17/10/2026

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම ගැන බියක් දැනෙනවාද? ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගෙන, පැහැදිලි දැක්මක් වෙනුවෙන් ඉදිරි පියවර තබන්න. 👁️

ඇසේ සුද සඳහා සැත්කමක් ගැන සලකා බලන ඔබට, කඩවත ESESS රෝහලේ ESESS Eye Center වෙතින් අවශ්‍ය තොරතුරු සහ වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

ඔබට ගැළපෙන විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට ශල්‍යකර්ම පැකේජ දෙකක තොරතුරු විමසන්න.

💰 ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම පැකේජ රු. 65,000 සිට.

බිය නිසා ඔබේ ඇස්වල රැකවරණය මඟහරින්න එපා. අදම අප අමතා වෛද්‍ය හමුවක් වෙන්කරගන්න.

📞 0777 58 7777
📍 ESESS රෝහල, අංක 182, නුවර පාර, මහර, කඩවත.

#අක්ෂිසත්කාර

පිළිකාවක් පිළිබඳ සැකයක් ඇත්නම්… ඒ කනස්සල්ල සමඟ තනිවෙන්න එපා. ඔබේ සෞඛ්‍යය ගැන ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාගැනීමට, ...
15/10/2026

පිළිකාවක් පිළිබඳ සැකයක් ඇත්නම්… ඒ කනස්සල්ල සමඟ තනිවෙන්න එපා.

ඔබේ සෞඛ්‍යය ගැන ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාගැනීමට, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.

සැකයක් ඇති වූ පමණින් ඔබම නිගමනවලට එළඹීම වෙනුවට, ඔබේ ගැටලු වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ඇගයීම් හා ඉදිරි පියවර පිළිබඳ දැනුවත් වන්න.

කඩවත ESESS රෝහලේදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකියි.

ඔබ වෙනුවෙන්, ඔබට ආදරය කරන අය වෙනුවෙන්… ඔබේ සෞඛ්‍යයට කාලය වෙන්කරන්න.

📞 වෛද්‍ය හමුවීම් සහ වැඩි විස්තර සඳහා: 0777 58 7777
📍 ESESS රෝහල, අංක 182, නුවර පාර, මහර, කඩවත.
මහර සිවිලි හන්දිය සහ මහාමායා බාලිකා පාසල අසල.

#ඔබේසෞඛ්‍යය

ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය රැකවරණය… ඔවුන්ට හුරුපුරුදු නිවසේදීම.වයෝවෘද්ධ මව්පියන්ට, සුවය ලබමින් සිටින පවුලේ සාමාජිකයෙකුට හෝ නි...
14/10/2026

ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය රැකවරණය… ඔවුන්ට හුරුපුරුදු නිවසේදීම.

වයෝවෘද්ධ මව්පියන්ට, සුවය ලබමින් සිටින පවුලේ සාමාජිකයෙකුට හෝ නිවසේ සිට ප්‍රතිකාර අවශ්‍ය ආදරණීයයෙකුට රැකවරණය සලසා දීම ඔබටත් වැදගත් වගකීමක් නේද?

ගමන් බිමන් අපහසු අවස්ථාවලදී, අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් නිවසේදීම ලබාගැනීමට හැකි වීම රෝගියාට මෙන්ම ඔවුන් රැකබලා ගන්නා පවුලේ අයටත් පහසුවකි.

කඩවත ESESS Hospital වෙතින්, ඔබේ නිවසටම පැමිණ ලබාදෙන ප්‍රතිකාර සේවා දැන් ලබාගත හැකියි.

🔹 තුවාල සඳහා ප්‍රතිකාර කිරීම
🔹 සේලයින් ලබාදීම
🔹 එන්නත් ලබාදීම
🔹 මුත්‍රා බට (කැතීටර්) මාරු කිරීම
🔹 රුධිර හා මුත්‍රා සාම්පල එකතු කිරීම
🔹 ආහාර ලබාදීමේ බට (NG Tube) ඇතුළු කිරීම

ඔබේ ආදරණීයයාගේ අවශ්‍යතාව අප සමඟ සාකච්ඡා කර, අදාළ සේවාව ලබාගත හැකි ආකාරය පිළිබඳ විස්තර දැනගන්න.

📞 වැඩි විස්තර සහ සේවාව වෙන්කරවා ගැනීමට: 0777 58 7777
📍 ESESS Hospital – කඩවත

ආදරයෙන් රැකබලා ගන්නා ඔබට… අවශ්‍ය රැකවරණය සලසා දෙන්න අපෙන් සහාය.

#රෝගීසත්කාර #නිවසටමප්‍රතිකාර

Address

182 Kandy Road
Kadawata
1185

Alerts

Be the first to know and let us send you an email when ESESS Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ESESS Hospital:

Shortcuts

Share

Category