Medical Faculty Students' Union Ruhuna

Medical Faculty Students' Union Ruhuna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medical Faculty Students' Union Ruhuna, Doctor, Faculty of Medicine, University of Ruhuna, Galle.

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ... அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்... The have loved you uncondition...ශිෂ්‍ය වීර දිනය...
21/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
The have loved you uncondition...

ශිෂ්‍ය වීර දිනය 2026

විරු සිසු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

2026/06/20

ශිෂ්‍ය වීර දිනය - 2026மாணவ வீரர் தினம் - 2026Students' Heroes day - 2026උගුල්ලා ඇස් තලා දෑගිලියදම් දා බැන්දේ...මනස කෙලෙස...
20/06/2026

ශිෂ්‍ය වීර දිනය - 2026
மாணவ வீரர் தினம் - 2026
Students' Heroes day - 2026

උගුල්ලා ඇස් තලා දෑගිලි
යදම් දා බැන්දේ...
මනස කෙලෙසින් සිර කරන්නද
ගෙල පමණි සින්දේ...
එවන් ලොව දුටු විහගයන්ටය
ඔවුන් ගිනි බින්දේ...

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !!!
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர் !!!
They have loved you unconditionally !!!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

20/06/2026

අග්නිසර - 2026
සිසුවිරු දින සැමරුම

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !!!

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන්, හෙට දවසේ උපදින දරුවන් වෙනුවෙන්, තමන්ගේ තාරුණ්‍යයත්, ජීවිතයත් කැපකළ ශිෂ්‍ය වීරයන්ගේ මතකය අවදිවන සිසුවිරු දිනය අදයි.

අසාධාරණයට එරෙහිව හඬ නඟමින්, සියලු දෙනාටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ද නූපන් මතු පරපුරක හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කර ඔවුහු නියම වීරවරුන් නොවන්නේ මන්ද ?

එලෙස ලේ, දහඩිය,කඳුලු මතින් සුරැකුණු නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප සතු වගකීම නොවන්නේද?

" ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවී බිම ඇත...! "

ශිෂ්‍ය වීර දිනය - 2026 ජූනි 20

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

නගර දැනුවත් කිරීම - කරාපිටිය නගරය 🚩නිදහස් අධ්‍යාපන අවස්තා සුරක්ෂිත කරමින් වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් වහ...
19/06/2026

නගර දැනුවත් කිරීම - කරාපිටිය නගරය

🚩නිදහස් අධ්‍යාපන අවස්තා සුරක්ෂිත කරමින් වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් වහා සකසනු!

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!

මෙරට වෛද්‍ය අධ්‍යාපනය බරපතල ගැටලුවකට මුහුණ දීමට නියමිතව පවතින බවත් ඒ වෙනුවෙන් කඩිනම් විසදුම් සකස් කලයුතු බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පසුගිය කාලවකවානුව පුරාවට අවධාරණය කරන ලද්දකි.

මේ ගැටලුව වඩා තීව්‍ර මට්ටකට ඔසවා තැබිමටද, අර්බුදය දකිමින් සාක්ෂි නොමැති බව පවසා විසදුම් සෙවීම ප්‍රතික්ෂේප කල පාර්ශවයන්ට නැවත අර්බුදය දකින්නටද, පසුගිය මස එනම් ඔක්තෝම්බර් 24 වන දින නිකුත් වූ විගණකාධිපති වාර්තාව පමණක් ම ප්‍රමාණවත්ය.
උපුටා ගැනීම-:

"උක්ත 5.1.2 ඡේදය ප්‍රකාරව වර්තමානය වන විට දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කරනු ලබන සියලුම වෛද්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බදවා ගැනීම ගැටලුකාරී වී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය. දැනට අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව තවදුරටත් වැඩිකිරීම රට තුළ පවතින ආර්ථික තත්ත්වය තුළ සිදුකළ හැකිද යන්න අධ්‍යයනය කර ඒ අනුව අනාගතයේ බිහිවන වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් සියලු දෙනා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කරගත නොහැකි නම් එම තත්ත්වය මහජනතාවට දැනුම් දීමටත් සහ බිහිවන උපාධිධාරීන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් විවර කර ගැනීමටත් වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය නිරීක්ෂණය විය."

මේ අනුව මෙරට තුල රාජ්‍ය වෛද්‍ය පීඨ මගින් පමණක් වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් අතිරික්තයක් නිර්මාණය වීම, නුදුරු අනාගතයේ සිදු වන බවත් ඊට අනුකූල වන විද්‍යාත්මක පදනමක් මත පිහිටවන ලද විසදුම් ප්‍රමාණයක් මේ වන තෙක් කිසිදු වගකිව යුතු පාර්ශවයක් විසින් ඉදිරිපත් කොට නොමැති බවත් මනාව පැහැදිලිය.

මැතකදී 2017 උසස්පෙළ කණ්ඩායමට අදාළ රාජ්‍ය වෛද්‍ය පීඨවල වෛද්‍ය විද්‍යා උපාධි ලැබූ විද්‍යාර්ථීන් 1199ක් සහ ERPM විභාගය සමත් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් 362ක් සමගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් 53ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සීමාවාසික පුහුණුව සඳහා කැඳවා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ලත් 1614 දෙනෙක් මේ වන විට සීමාවාසික පුහුණුව පුහුණුවේ යෙදී සිටියි.නමුත් ඔවුන්ට පවා 2027 වර්ෂයට අදාලව පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම ගැටලුකාරී වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සිදු කරන ලද සාකච්චා වලින් මෙන්ම අප විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මත පදනම්වද අවබෝධ වේ.

තවද 2019 වසර කණ්ඩායමෙන් පසුව 1000 කට ආසන්නව ශිෂ්‍ය බදවා ගැනීම් ඉහල නංවා ඇති වාතාවරණයක් තුල උක්ත අර්බුදකාරී තත්වව ප්‍රමාණය වඩා වැඩි බරකින් ආමන්ත්‍රණය කිරිමට සිදුවනු ඇත. මෙවැනි වටපිටාවක, විදේශීය වෛද්‍ය ශිෂ්‍යයන් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට අනුයුක්ත කරගැනීම වෙනුවෙන් වූ ERPM වැනි විභාගයන්හි වලංගුභාවය ප්‍රශ්න කල යුතුය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගෙන ඒමේ නිර්ලජ්ජීත උත්සහයන් අභියෝගයට ලක් කිරීම කල යුතුය.ඒ පමණක් නොව කොතලාවල වැනි මිලිටරි අධ්‍යාපනය වෙනුවෙන් පිහිටුවන ලද ආයතනක් තුල මෙරට ආණ්ඩුව සහ කොතලාවල නිලධාරි යාන්ත්‍රණය පවත්වා ගෙනයන උපාධි අලෙවි කිරීමේ වැඩපිලිවෙල නවත්වාලීම වෙනුවෙන් වූ කඩිනම් තීරණ ප්‍රමාණයට එලැබිය යුතුය.

මෙවැනි නිෂ්චිත ප්‍රශ්න ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය හරහා බිහිවන වෛද්‍ය විද්‍යා උපාධිධාරියා කෙරෙහි පවතින බැව් අවස්තා ගණනාවකදි අප විසින් ඉදිරිපත් කරනු ලැබූවද ඒ සදහා වගකිව යුතු බලධාරින්ගේ ප්‍රතිචාරය නම් මුනිවත රැකීමයි. එහෙයින් මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් නිෂ්චිත මොහොතක වෛද්‍ය අධ්‍යාපන වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරිමේ අත්‍යන්ත අවශ්‍යතාවය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව ලෙස අවධාරණ කර සිටින්නෙමු.

නිදහස් අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙල ගැසෙමු.

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,රුහුණ විශ්ව විද්‍යාලය -
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ... அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்... THEY HAVE LOVED YOU UNCONDITIONALLY ...ශිෂ්‍ය වී...
19/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
THEY HAVE LOVED YOU UNCONDITIONALLY ...

ශිෂ්‍ය වීර දිනය
மாணவ வீரர் தினம்
STUDENTS' HEROES DAY

2026 ජුනි 20

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!🚩සෞඛ්‍ය සේවක ප්‍රම...
18/06/2026

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!

නගර දැනුවත් කිරීමේ වැඩසටහන

කරාපිටිය නගරය
2026 - 06 - 17

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්ව විද්‍යාලය

නගර දැනුවත් කිරීම - රත්නපුර නගරය 🚩නිදහස් අධ්‍යාපන අවස්තා සුරක්ෂිත කරමින් වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් වහා...
16/06/2026

නගර දැනුවත් කිරීම - රත්නපුර නගරය

🚩නිදහස් අධ්‍යාපන අවස්තා සුරක්ෂිත කරමින් වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් වහා සකසනු!

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!

මෙරට වෛද්‍ය අධ්‍යාපනය බරපතල ගැටලුවකට මුහුණ දීමට නියමිතව පවතින බවත් ඒ වෙනුවෙන් කඩිනම් විසදුම් සකස් කලයුතු බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පසුගිය කාලවකවානුව පුරාවට අවධාරණය කරන ලද්දකි.

මේ ගැටලුව වඩා තීව්‍ර මට්ටකට ඔසවා තැබිමටද, අර්බුදය දකිමින් සාක්ෂි නොමැති බව පවසා විසදුම් සෙවීම ප්‍රතික්ෂේප කල පාර්ශවයන්ට නැවත අර්බුදය දකින්නටද, පසුගිය මස එනම් ඔක්තෝම්බර් 24 වන දින නිකුත් වූ විගණකාධිපති වාර්තාව පමණක් ම ප්‍රමාණවත්ය.
උපුටා ගැනීම-:

"උක්ත 5.1.2 ඡේදය ප්‍රකාරව වර්තමානය වන විට දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කරනු ලබන සියලුම වෛද්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බදවා ගැනීම ගැටලුකාරී වී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය. දැනට අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව තවදුරටත් වැඩිකිරීම රට තුළ පවතින ආර්ථික තත්ත්වය තුළ සිදුකළ හැකිද යන්න අධ්‍යයනය කර ඒ අනුව අනාගතයේ බිහිවන වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් සියලු දෙනා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කරගත නොහැකි නම් එම තත්ත්වය මහජනතාවට දැනුම් දීමටත් සහ බිහිවන උපාධිධාරීන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් විවර කර ගැනීමටත් වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය නිරීක්ෂණය විය."

මේ අනුව මෙරට තුල රාජ්‍ය වෛද්‍ය පීඨ මගින් පමණක් වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් අතිරික්තයක් නිර්මාණය වීම, නුදුරු අනාගතයේ සිදු වන බවත් ඊට අනුකූල වන විද්‍යාත්මක පදනමක් මත පිහිටවන ලද විසදුම් ප්‍රමාණයක් මේ වන තෙක් කිසිදු වගකිව යුතු පාර්ශවයක් විසින් ඉදිරිපත් කොට නොමැති බවත් මනාව පැහැදිලිය.

මැතකදී 2017 උසස්පෙළ කණ්ඩායමට අදාළ රාජ්‍ය වෛද්‍ය පීඨවල වෛද්‍ය විද්‍යා උපාධි ලැබූ විද්‍යාර්ථීන් 1199ක් සහ ERPM විභාගය සමත් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් 362ක් සමගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් 53ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සීමාවාසික පුහුණුව සඳහා කැඳවා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ලත් 1614 දෙනෙක් මේ වන විට සීමාවාසික පුහුණුව පුහුණුවේ යෙදී සිටියි.නමුත් ඔවුන්ට පවා 2027 වර්ෂයට අදාලව පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම ගැටලුකාරී වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සිදු කරන ලද සාකච්චා වලින් මෙන්ම අප විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මත පදනම්වද අවබෝධ වේ.

තවද 2019 වසර කණ්ඩායමෙන් පසුව 1000 කට ආසන්නව ශිෂ්‍ය බදවා ගැනීම් ඉහල නංවා ඇති වාතාවරණයක් තුල උක්ත අර්බුදකාරී තත්වව ප්‍රමාණය වඩා වැඩි බරකින් ආමන්ත්‍රණය කිරිමට සිදුවනු ඇත. මෙවැනි වටපිටාවක, විදේශීය වෛද්‍ය ශිෂ්‍යයන් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට අනුයුක්ත කරගැනීම වෙනුවෙන් වූ ERPM වැනි විභාගයන්හි වලංගුභාවය ප්‍රශ්න කල යුතුය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගෙන ඒමේ නිර්ලජ්ජීත උත්සහයන් අභියෝගයට ලක් කිරීම කල යුතුය.ඒ පමණක් නොව කොතලාවල වැනි මිලිටරි අධ්‍යාපනය වෙනුවෙන් පිහිටුවන ලද ආයතනක් තුල මෙරට ආණ්ඩුව සහ කොතලාවල නිලධාරි යාන්ත්‍රණය පවත්වා ගෙනයන උපාධි අලෙවි කිරීමේ වැඩපිලිවෙල නවත්වාලීම වෙනුවෙන් වූ කඩිනම් තීරණ ප්‍රමාණයට එලැබිය යුතුය.

මෙවැනි නිෂ්චිත ප්‍රශ්න ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය හරහා බිහිවන වෛද්‍ය විද්‍යා උපාධිධාරියා කෙරෙහි පවතින බැව් අවස්තා ගණනාවකදි අප විසින් ඉදිරිපත් කරනු ලැබූවද ඒ සදහා වගකිව යුතු බලධාරින්ගේ ප්‍රතිචාරය නම් මුනිවත රැකීමයි. එහෙයින් මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් නිෂ්චිත මොහොතක වෛද්‍ය අධ්‍යාපන වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරිමේ අත්‍යන්ත අවශ්‍යතාවය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව ලෙස අවධාරණ කර සිටින්නෙමු.

නිදහස් අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙල ගැසෙමු.

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,සබරගමුව විශ්ව විද්‍යාලය -
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-

16/06/2026

අග්නිසර - 2026
සිසුවිරු දින සැමරුම

1964 දී අම්බලන්ගොඩ කහවේ උපන් පද්මසිරි ත්‍රිමාවිතාරණ සහෝදරයා දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක් පමණක් නොව, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය පූජා කළ වීරයෙකි.

කොළඹ වෛද්‍ය පීඨයට තේරුනු ඔහු මුදලට අධ්‍යාපනය විකිණූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නිර්භීතව සටන් කළහ.
1988 ඔක්තෝම්බර් 22 වන දා ඔහුව පැහැරගෙන ගොස් දින 9ක් වද හිංසා පමුණුවා අවසානයේ වැල්ලවායේදී ඝාතනයට ලක් විය.
නමුත් ත්‍රීමාගේ හඩ නිහඩ වූයේ නැත.
දස දහස් ගණන් ජනතාව ඉටිපන්දම් එලියෙන් ඔහුගේ අවසන් ගමනට එක් විය.
අවසානයේ ඔහුගේ ලේ වලින් රාගම වෛද්‍ය විද්‍යාලය ජනසතු විය.

අද අපි භුක්ති විදින නිදහස් අධ්‍යාපනය ත්‍රිමා වැනි වීරයන් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් අයිතියකි.

අපි යන්නේ කොයි පාරේ - ත්‍රිමා වෙනුර ගිය පාරේ !!!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

13/06/2026

ආයතනයේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳව මහා ශිෂ්‍ය සංගමය මගින් පසුගිය 10 වෙනි දින පැවැත් වූ මාධ්‍ය හමුව

මහා ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.They have loved you uncondition அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"ශිෂ්‍ය...
13/06/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.
They have loved you uncondition
அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"

ශිෂ්‍ය වීර දිනය 2026

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

Address

Faculty Of Medicine, University Of Ruhuna
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Medical Faculty Students' Union Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medical Faculty Students' Union Ruhuna:

Share

Category