02/11/2026
ටෙක් ෆුඩ් ලංකා කාර්මික ආහාර තාක්ෂණ ආයතනය මගින් 2019 සිට මේ දක්වා වසර හතකටත් වැඩි දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයක් සදහා ආහාර විද්‍යාව සහ තාක්ෂණය පිළිබද නිවැරදි තාක්ෂණික දැනුම ලබාදෙමින් ව්‍යාපාර දියුණු කරගැනීම සදහා සහය වී ඇත්තෙමු.
එමෙන්ම ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට එන නව ව්‍යවසායකයින් සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා මසකට එක වැඩමුළුව බැගින් අප විසින් පවත්වනු ලබයි.
මෙලෙස අප විසින් පවත්වන වැඩමුළු තවත් එක්තරා වැඩමුළුවක් මෙන් නොව, ඔබට ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සිට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම පිළිබද නීති රෙගුලාසි වලට අනුකූලව නිෂ්පාදන සකස් කිරීම, නිෂ්පාදනාගාරයක් සකස් කිරීම, උපකරණ සහ අමුද්‍රව්‍ය ලබාගැනීම, පරීක්ෂණ සිදුකිරීම, අවශ්‍ය සහතික ලබාගැනීම වැනි සියළුම ක්‍රියාවලින් සදහා උපදේශණය සපයන්නෙමු.
මෙම වැඩමුළු ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකිවන පරිදි සරලව සහ පැහැදිලිව පවත්වනු ලබන අතර, සුහදශීලි සේවාවක් ලබාදෙන්නෙමු.
✅ආහාර තාක්ෂණික වැඩමුළු වලට සහභාගී වන ඔබට ඒ සදහා අදාල ප්‍රායෝගික දැනුම ද ලබාගැනීමට අවස්ථාව ඇත.
✅ප්‍රායෝගික වැඩසටහන් සදහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ද අප විසින් සපයනු ලබයි.
✅වැඩසටහන් සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, පහසුවෙන් තේරුම් ගත හැකි අන්තර්ගතයන් සහ වැඩමුළුවට සහභාගී වීම වෙනුවෙන් සහතික පත්‍රයක් ලබා දෙනු ඇත.
✅වැඩමුළු වලට සහබාගී වන ඔබට Refreshments, දිවා ආහාර ඇතුළු සියලු පහසුකම් සපයනු ලබයි.
✅වැඩමුළුවෙන් පසුවද ඔබට ඒ හා සම්බන්ධව ඇති ගැටළු අප සමග සාකච්චා කල හැක.
✅සැමවිටම ඉහල ගුණාත්මයෙන් යුතු සේවාවක් ඔබට ලබාදීම අපගේ ප්‍රධානම අරමුණ වේ. එම නිසා වැඩසටහන් වල ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා එක කණ්ඩායම් වැඩමුළුවක් සදහා පුද්ගලයින් 6 දෙනෙකු වැනි සීමිත පිරිසක් සදහා ආසන වෙන්කරනු ලබයි.
🟢 මෙම එක් එක් වැඩසටහන් එක් දින වැඩසටහන් ලෙස පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා කඩවත ටෙක් ෆුඩ් ලංකා කාර්මික ආහාර තාක්ෂණ ආයතනයේදී පැවැත්වේ.
🟢 ඔබට කණ්ඩායම් වැඩමුළු පැවැත්වෙන දිනයන් සදහා සහභාගී වීමට නොහැකි නම්, ඔබගේ ආයතනයේ පිරිසකට වෙනම දින වෙන්කරවා ගැනීමට, සහ අවශ්‍ය නම් තනි පුද්ගලයෙකු ලෙසද ඔබට පහසු දිනයක් වෙන්කරවා ගැනීමට ද හැකියාව ඇත. ඒ සදහා අපව අමතා හෝ WhatsApp මගින් තොරතුරු ලබාගන්න.
🟢 ආහාර තාක්ෂණය පිළිබද ජාතික වෘතීය සුදුකම් ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන සහ අපනයන ආයතන වල අත්දැකීම් සහ පලපුරුද්ද ඇති උපදේශකයන් විසින් වැඩමුළු මෙහෙයවනු ලබයි.
🟢 පහත දක්වා ඇති ආහාර තාක්ෂණික වැඩසටහන් පිලිබදව වැඩිදුර තොරතුරු සියල්ල අපගේ වෙබ් අඩවියේ සදහන් කර ඇති අතර, ඒ සදහා සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
🟢 ඒ වගේම WhatsApp හරහාද ඔබට තොරතුරු දැනගැනීමට හැකියාව ඇත. ඔබගේ නම සහ සහභාගී වීමට අවශ්‍ය වැඩසටහන පහත අංකයට යොමුකරන්න.