20/08/2026
🧑🏽🦯පාකින්සන් රෝගය (Parkinson’s Disease) පිළිබඳ භෞතචිකිත්සක මඟපෙන්වීම
🧠පාකින්සන් රෝගය යනු මොළයේ ඩෝපමීන් (Dopamine) නැමැති රසායනිකය නිපදවීම අඩුවීම නිසා ඇතිවන, සිරුරේ චලනයන් පාලනය කිරීමට බාධා පමුණුවන ස්නායු පද්ධතිය ආශ්‍රිත ක්‍රමයෙන් උත්සන්න වන (progressive) තත්ත්වයකි.
ප්‍රධාන චලන ගැටලු (Motor Symptoms)
❇️වෙව්ලීම (Tremors): විශේෂයෙන්ම විවේකීව සිටින විට (Resting tremors) අත් හෝ පාදවල ඇතිවන වෙව්ලීම.
❇️ක්‍රියාකාරකම් මන්දගාමී වීම (Bradykinesia): ඇවිදීම, ඇඳුම් ඇඳීම වැනි දෛනික ක්‍රියාකාරකම් ඉතා සෙමින් සිදුවීම.
❇️පේශී තද ගතිය (Rigidity): ඇවිදින අතරතුර පාද පොළොවට ඇලුනා මෙන් ඉදිරියට යෑමට නොහැකි වීම හෝ සන්ධි නැමීමේදී තද බවක් දැනීම.
❇️ඇවිදීමේදී එකවරම නැවතීම (Freezing of Gait): ඇවිදගෙන යන අතරතුර එකවරම පාද ඉදිරියට තැබීමට නොහැකිව අඩපණ වීම.
❇️සමබරතාවය ගිලිහීම (Postural Instability): සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමට අපහසු වීම නිසා ඇද වැටීමේ අවදානම වැඩිවීම.
භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy)
✅ඇවිදීමේ පුහුණුව සහ Cueing Strategies (Gait Training & Cueing): ශබ්ද (Metronome/Music) හෝ දෘශ්‍ය සංඥා (Visual cues) භාවිතයෙන් නිවැරදිව අඩි තබා ඇවිදීමට සහ 'Freezing' තත්ත්වයන් මඟහරවා ගැනීමට පුහුණු කිරීම.
✅සමබරතාවය හා සම්බන්ධීකරණය (Balance & Coordination): වළලුකර සහ මැණික් කටුව ආශ්‍රිත මාංශපේෂීවල නම්‍යතාවය හා සමබරතාව වැඩි කිරීමට සුදුසු ව්‍යායාම.
✅විශාල පරාසයක චලන ව්‍යායාම : පාකින්සන් නිසා අඩු වී යන චලනයන් (small amplitude movements) නැවත වැඩි කරගැනීම සඳහා සිදුකරන විශාල පරාසයක ව්‍යායාම.
✅නම්‍යශීලීතාවය හා පේශි ශක්තිය (Flexibility & Muscle Strength): පේෂිවල තද බව අඩු කිරීමට stretched exercises සහ සිරුරේ ශක්තිය පවත්වා ගැනීමට විශේෂිත ශක්තිවර්ධන ව්‍යායාම.